අමල් ආර් මහගෙදර නම් අපේ මුහුණුපොතේ පින්වත් යහලුව පෙබරවාරි 09 වැනි දිනට ( අද දින ට) යෙදෙන උපන්දිනය වෙනුවෙන් මේ ඉපැරණි විහාරස්ථානයේ වහලය අලුත්වැඩියා කරන්න තීරණය කලා. අමල් මහතා අපිට මේ පින්කම වෙනුවෙන් රු 26200/= ක මුදලක් එවා තිබුනා. පහත දැක්වෙන්නේ ඒ වියදම් පිලිබද විස්තරය.
ලද මුදල රු. 26200.00
උලු සදහා වැයවූ මුදල – රු. 18480.00
රීප්ප සදහා ( අඩි 500) – රු. 4000/=
ඇණ සදහා සහ අනිකුත් සුලු ද්‍රව්‍ය -රු. 380/=
ප්‍රවාහන වියදම් – රු. 300/=
————————
එතතුව – රු. 23,160.00
ඉතිරි මුදල රු. 3040/= වන අතර ඒ මුදලට තවත් මුදලක් එකතු කර මේ සතිය තුල අභිනවයෙන් ඉදිවන චෛත්‍යරාජයන් වහන්සේ නමක් කපරාරු කිරීම වෙනුවෙන් පරිත්‍යාග කරනව.
Read More
අප විසින් සංවිධානය කල පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් 2014/06/20 දින පැවැත් උනා. මේ සදහා රු. 50,000/= කට ආසන්න මුදල් වැය උනා. මේ වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගය සිදුකලේ බහරේන් වල ඉන්න මංජු අක්ක. ඊට අමතරව නිශාන් සහ දර්ශන කියන අපේ සොහොයුරන්ගෙත් ඉහල දායකත්වයක් ලැබුන.
පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.
සබ්බ දානං ධම්ම දානං ජිනාති
ධර්ම දානය හා සමකල හැකි කිසිද දානයක් නෑ.
ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.
1. බොහෝ දෙනාට ප්‍රිය වීම (බහුනො ජනස්ස පියො හොති)
2. සත්පුරුෂ ආශ්‍රය ලැබීම (සප්පුරිසො භජන්ති)
3. කීර්තිය පැතිරීම (කල්යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)
4. ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)
5. දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)
ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න. Read More
ඉතින් යාලුවන් අපි මාර්ගයක් කොන්ක්රීට්කරන්න මුදල් පරිත්‍යාගයක් අද සිදු කලා. රු104,500/=ක්. මෙහෙණනි් වහන්සේලා වැඩ ඉන්න ආරාමය තියෙන්නෙ පොල්ගහවෙල පනලිය ප්‍රදේශයේ. මේ විශාල මුදල් කන්දරාව අපිට ලබාදුන්නෙ මුහුණුපොතේයහලුවන්. මේ තියෙන්නෙ ආධාර ඉල්ලපු පොස්ට්එක.
මේ පින්කම වෙනුවෙන් පින්වත් යාලුවො බොහෝදෙනෙක්මුදල් පරිත්‍යාගයන් කලා.:
අභිනවයෙන් ඉදිකල සමාධි බුදුපිළිම වහන්සේ ට විශාල මල් පෝච්චි දෙකක් පූජා කිරීම සිදු කලා. පින්කම වෙනුවෙන් දායක උනේ නිම්ම නදී අක්කා.
මේ පින්කම මහා අනුහස් ඇති පින්කමක්.
මල් පූජාවේ අනුසස්
සුගති භවයන්ගේ උත්පත්තියට හේතු වීම
බොහෝ දෙනාට ප්‍රිය අයෙකු වීම
දුටුවන් වශීවන රූප සොභාවෙන් යුක්ත වීම
සිත එකග කරගැනීමට හැකිවිම
ප්‍රාර්ථනා පරිදි නිවනට හේතු විම
ලෙඩ රෝගවලින් වැලකිම
අන්‍යන්ට වඩා බලගතු විදසුන් ප්‍රඥාවක් ලැබීම
වචනය බොහෝ දෙනා ප්‍රිය භාවයෙන් පිලිගැනීම