පින්වත් නැගනියකගේ දායකත්වයෙන් සිදුකල එකොලොස්වන රෝද පුටු පරිත්‍යාගය …

Posted by | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් කේෂරා නංගිගේ මූල්‍ය දායකත්වයෙන් සිදුකල එකොලොස්වන රෝද පුටු පරිත්‍යාගය පසුගිය දා සිදු කලා.  නංගිගේ පුංචි පුතුට ඇති රෝග පීඩාවන් දුරුවී නිදුක් නිරෝගී වේවා යන පැතුම පෙරදැදි කරගෙන මහව ප්‍රදේශයේ අංශභාගය වැලදුන අහිංසක මවක් වෙනුවෙන් රෝද පුටුව ලබා දුන්නෙ.

ලබා දුන් මුදල රු 14,000.00
Read More

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල ජල ටැංකි පූජාව …

Posted by | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

මහා වස්සාන සමයේ අපි තවත් පින්කමක් සිදු කලා. ඒ ලීටර 2000  ජල ටැංකි පරිත්‍යාගයක් සිදු කලා.  ඒ අනුරාධපුර විද්‍යාරන්‍ය ධර්ම දූත මධ්‍යස්ථානයට ( කුටියෙ පන්සලට )  යි.

මුදල් ලැබීම

පින්වත් දුල්ශාන් ශශික රාජපක්ෂ මහතා රු 30,000.00

වියදම
ලීටර 2000 ටැංකිය සදහා රු 25,500.00

මේ පින්කම සිදුකලේ පින්වත් චමින්ද ලංකා මහතාගේ මැදිහත් වීමෙන්. එතුමාට මම මේ වෙනුවෙන් ලබාදුන්නේ රු 25,000/= වන අතර රු 500/- ක  හිග මුදල මේ ටැංකිය විහාරස්ථානයට චමින්ද ලංකා මහතා විසින් දරනු ලැබුවා.

ඉතිරි මුදල රු 5000.00ක් වන අතර එය ඊලග පින්කමක් වෙනුවෙන් යොමු කලා.

Read More

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල මහා වැසිකිලි කැසිකිලි පූජාව …

Posted by | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

ඉතින් පින්වත් යාලුවනේ අටමහා කුසල් වලින් එකක් සිදු කරන්න අවස්ථාවක් මටත් ලැබුන. මේ මහා පින්කම සිදුකලේ පින්වත් කළණ මිතුරෙකුගේ දායකත්වයෙන්.

. මීට කලින් අවස්ථාවලත් පින්කම් වලට දායක වූ මේ මිත්‍රය  අපි ලුතින් හදපු ආවාසයකට අංගසම්පූර්ණ නවීන පන්නයේ  වැසිකිලියක් සාදවා පූජා කරන්න දායක උනා.

මුදල් ලැබීම් –

සංජය මහතා රු 100,000.00

Read More

පින්වත් මිතුරු මිතුරියන් සමගින් කල  දෙවන මහා සෙනෙසුන් පූජාව …

Posted by | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසුගිය දිනෙක අපි පින්වත් මිතුරු මිතුරියන්ගේ පූර්ණ දායකත්වයෙන් මහා පින්කමක් සිදු කලා. ඒ මහා සෙනෙසුන් පූජාවක් සිදු කිරීමයි … මේ වෙනුවෙන් පහත සදහන් පිරිස් දායකත්වය ලබා දුන්නා …

නෙව්ශිකා අක්කා  රු 206,500.00
ලහිරු මල්ලිකාරච්චි මහතා රු 173,420.00
යමුනා බටුවන්ගල මහත්මිය රු 20,000.00
කුමෝෂා අබේවීර මහත්මිය රු 25,000.00
සවනි චන්ද්‍රතිලකා මහත්මිය 20,000.00
මදුර ජයසිංහ මහතා රු 20,000.00
ගයාෂි අබේවීර මහත්මිය රු 15,000.00
සංජය ඉරේෂ් මහතා 12,000.00
ජිවේන්ද්‍රා චන්ද්‍රාණි මහත්මිය රු 10,000.00
සුමිත් මහතා රු 10,000.00
ලලින්ද්‍ර පෙරේරා මහතා රු 5000.00
ඉශාන් වික්‍රම මහතා රු 4,000.00
නදුන් විශ්වනාත් මහතා රු 3,000.00
අසංක මනෝජ් මහතා රු 2200.00
හිරන්ත මදුසංඛ මල්ලි රු 500.00

——————————————–

මුලු ලැබීම් —————-රු 526,620.00

මුලු මුදල් වියදම්

 

කුටිය නිර්මාණය සදහා ලබා දුන් මුදල රු 495,000.00
මේසය සහ පුටුව සදහා රු 18,000.00
බුද්ධ පූජාව සදහා ගෑස් ලිපට රු 6,000.00
ප්‍රවාහන වියදම රු 8,000.00
————————————————-

මුලු වියදම රු 527,000.00

526,620.00 – 527,000 =  හිග මුදල රු 380.00. පදනමින් පියෙව්වා …

ඒ බව සහතික කල ලිපිය පහත දක්නට ලැබෙන අතර එහි සියලු වැඩ කටයුතු කරන ලද්දේ ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් යුතු නිර්වාණ පටිපදා පදනම විසිනි. වැය විස්තරය ඔවුන් විසින් සාදා නොබෝ දිනකින් මා වෙත එවනු ඇති.

කුටි පූජාවේ ආනිසංස

කුටි සෙනසුන් පිදීම හා කඨිනානිසංස –

අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම මහ නාහිමි (2005) විසින් සිදුකල කුඩා ධර්ම දේශනයක් මෙලෙස පල කරමි.

 

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සීතං උණ්හං පටිහංතේ තතෝ වාලමිගානි ච
සිරිංසපේ ච මකසේ සිසිරේ චාපි චුට්ඨියෝ
තතෝ වාතාතපෝ ඝෝරෝ සඥ්ජාතෝ පටිහඥ්ඥතී
ලේනත්ථඥ්ච සුඛත්ථඥ්ච ඣායිතුංච විපස්සිතුං

විහාරදානං සංඝස්ස අග්ගං බුද්ධේන වණ්ණිතං
තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්ථමත්තනෝ
විහාරේ කාරයේ රම්මේ වාසයෙත්ථ බහුස්සුතේ
තේසං අන්නඥ්ච පානඥ්ච වත්ථසේනාසනානිච

දදෙය්‍ය උජුභූතේසු විප්පසන්නේන චේතසා
තේ තස්ස ධම්මං දේසෙන්තී සබ්බදුක්ඛාපනූදනං
යං සෝ ධම්මං ඉධඤ්ඤාය පරිනිබ්බාති අනාසවෝ ති

ශ්‍රද්ධාවන්ත පිංවතුනි,

තුන්ලෝකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරිහත් වූ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සේනාසන පූජා වාර කීපයකදී දේශනා කළ, සේනාසන දානානිසංස ගාථා පෙළක් මේ ප්‍රකාශ වුණේ. මේ ගාථා පෙළ, විනය පිටකයේ චුල්ල වග්ග පාලියේ, සේනාසනක්ඛන්දකයේ පහසුවෙන් දැකගන්න පුළුවන්. ඒ දේශනා කළේ ජේතවනාරාම පූජාව පිණිසයි. එදා ජේතවනාරම විහාර පූජාවේදී අසූහාරදහසක් තරම් පිරිස ඒ පින අනුමෝදම් වෙමින් සෝවාන් ආදී මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. මුලින් ම විහාර පූජාවක් කෙරුණේ රජගහ නුවර බිම්බිසාර මහ රජ්ජුරුවන් විසින් කරන ලද වේළුවන මහා විහාර පූජාවයි. ඒ දවසේ මහා පොළොව ද කම්පා වුණා. ඒ විහාර පූජාවට අනතුරුව, මාස දෙකක් ඇතුළත විසි දහසකට වඩා රහතන් වහන්සේලා බුදු සසුණේ පහළ වූ නිසා, මහා විහාරස්ථාන දහ අටක් රජගහ නුවර අවට බොහෝ දෙනෙක් ඉදි කරලා සඟ සතු කොට පූජාකරන්නට යෙදුනා. ඒවගේම සැවැත් නුවර පූර්වාරාමය නමින් දෙමහල් ප්‍රාසාදයක් කාමර දාහක් ඇති විහාරය, විසිහත් කෝටියක ධනය වැය කිරීමෙන් විශාකා මාතාව විසින් ද පූජා කරන්නට යෙදුනා. ඒ පූජාවසානයේ එතුමිය තමන්ගේ දරු මුනුපුරු පිරිස පිරිවරාගෙන එම ගොඩනැඟිල්ල වටේ ප්‍රදක්ෂිණා කරමින් පුදුම විදිහේ ප්‍රීති වාක්‍ය කිය කියා පිං අනුමෝදම් වුණා.

පිංවතුනි, අපේ බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුද්ධශාසන කාලයේදී දෙවෙනි වරට ප්‍රදේශයක සිටුවරයෙක් වෙලා ඉපිද සිටිද්දී තමංගේ මාලිගාව අළුත්වැඩියා කරගන්න වටිනා දැව සොයාගෙන වනාන්තරයකට ගියා. ඒ යනකොට දැක්කා, ඒ ආරණ්‍ය සේනාසනයේ වෙසෙන සිල්වතුන් වහන්සේ නමක් පිඬු සිඟා වඩිනවා. උන්වහන්සේ ගේ දර්ශනයෙන් හිත පහදවාගත් මේ බෝසතාණන් වහන්සේ, බෝසත් සිටුවරයා, ඒ අඩිපාර දිගේ ආරණ්‍යට ගියා කොතනද මේ ස්වාමීන් වහන්සේ වාසය කරන්නෙ බලන්ඩ. බැලුවාම කුටියක් සෙනසුණක් නෑ, ගල් ගෙයක්-බිංගෙයක් නෑ, ගහක් මුළ ඉඳලා තියෙන්නෙ. මෙතුමා කල්පණා කළා, මේ ස්වාමීන් වහන්සේ අපට වාගෙ හොඳ මාලිගාවක් ඇතුව ජීවත් වෙන්න පුළුවන්කම තිබෙද්දී නමුත්, කසාවතක් හැඳපෙරවගෙන මේ සීතල, උණුසුම, බඩගින්න, පිපාස, මැසි-මදුරු පීඩා, අවු-වැසි-සුළං පීඩා විඳගෙන, මේ වනාන්තරයට වෙලා සිදු කරන්නේ කෙළෙසුන් දමනය කරමින් සසර දුකින් මිදී නිවන් සුව ලබන්න උත්සාහයක් නේද, මෙවැනි උතුමන් ට කරන උපකාරය අපට නිවන පිණිස හේතු වෙනවා නේද කියලා, තමන්ගේ ගමන නවත්තලා, ඒ ස්වාමීන් වහන්සේ ආපසු එන්න මත්තෙන්, එතැන තමංගේම දෑතින් දැව සපයලා කුඩා කුටියක් හැදුවා. මේ කුටිය හදලා ආසනයක් සඳහා ලී දඬු වලින් ම ඇඳක් හැටියට හදලා, පුටුවක් හැටියට හදලා, පැත්තකට වෙලා බලාන හිටියා. ස්වාමීන් වහන්සේ බොහෝම දුර බැහැර ඉඳලා පිණ්ඩපාතෙ යන්න තියෙන්නෙ, එනකොට හවස් වෙනවා, දානෙ වලඳලා ඉර අවර උණාට පස්සේ එතෙන්ට වැඩලා, මේ කුටියට ඇතුල් වෙලා වාඩි උණා. මේ බෝසතාණන් වහන්සේ වැඳනමස්කාර කරලා කිවුවා, “ස්වාමීනි, මේ වාගෙ කුටි සෙනසුන් ඔබවහන්සේලාට කැප ද?” “එසේය පිංවත, මේක මට බොහෝම උපකාරකයි. මීට ඉස්සර මං මේ ගහ මුල හිටියා, වැස්සට තෙමුනා, පිනි බෑවා, මැසි මදුරු පීඩා අනන්තයි, සතුන් සර්පයන් පවා එනවා, අනේ මට මේ කුටිය හදාපු ඔබගේ දෑත සිතූ පැතූ සම්පත් ලැබෙන පිං අතක්, සුරතුරක් වාගේ වේවා!” කියලා පිං දුන්නා. ඒ වෙලාවේ මේ බෝසතාණන් වහන්සේ කිවුවා “ස්වාමීන් වහන්ස, මේක තාවකාලික කුටියක්, කොළ අතු වලිං හෙවිලි කරලා තියෙන්නෙ, ස්වාමීනි මට අවසරයි, මම මේ සමීපයේ ඔබ වහන්සේට සුව විහරණයෙන් මහණදම් පුරන්නට කුටියක් හදනවා. එච්චරත් නෙමෙයි ස්වාමීනි, මම ඉන්න මගේ ගේ අහවල් තැන තියෙන්නෙ, මගේ අඹුදරුවන් සහිතව ඔබවහන්සේ ගේ කැපකරු දායකයන් බවට පත් වෙනවා. ඒ වගේම ස්වාමීනි, ඔබවහන්සේ ගමේ පිඬු සිඟා වැඩියාම දානෙ ලැබුණා හෝ නොලැබුණා හෝ, මගේ නිවසට වඩින සේක්වා! මම හැම දවසේම ඔබවහන්සේ ට කැපසුරුප් බන්දනයෙන් උපස්ථාන කරන්ඩ ඇප වෙනවා” කියලා පොරොන්දු වුණා. ඊලඟට මෙතුමා, ඒ සමීපයෙහි බිම සුද්ධ කරලා, ස්ථාවර කුටියක් හැදුවා. කුටියට අවශ්‍ය වන ඇඳ-පුටු-ඇතිරිලි, කොට්ට-මෙට්ට සහිත සියළුම ශ්‍රමණ පරිෂ්කාරත් සම්පූර්ණ කළා. ඒ වගේම පැන් පහසුවට පොකුණකුත් හැදුවා. ජලය පානයට ලිඳකුත් හැදුවා. මිදුලක් හදලා, වටේට ඉණි වැට හදලා, සතුන්ගෙන් කරදර නොවෙන්ඩ ආරක්ෂාව ද සැළසුවා. සියල්ල කරලා, ස්වාමීන්වහන්සේ ට පූජා කරල, වඩාහිඳෙවුවා. දිනපතා තමංගේ ගෙදර දානය පිරිනැමුවා. දිනපතා සුව දුක් සොයා බැලුවා. උන්වහන්සේ ද ඒ සෙනසුණ පරිහරණය කරමින්, සීල සමාධි ප්‍රඥා පුරලා, නොබෝ දිනකින් සවුකෙළෙස් නසා මහා රහත් භාවයට පත් වී වදාළා. රහතන් වහන්සේනමක් හැටියට බොහෝ කළක් වැඩ ඉඳලා, ඒ කාලෙ අවුරුදු විසිදහසක් ආයුෂ නෙ, එච්චර කළක් වැඩ ඉඳලා පිරිණිවන් පෑවා, ඒ ආදාහන කටයුතු පවා මෙතුමා ගේ අතින් සියල්ල සිද්ධ කළා.

මේ පුදුම පිංකමක් නේද, එක ස්වාමීන්වහන්සේනමක් වුනත්, එතුමානන් ගේ හිතේ පහළ වුණේ “මගේ මේ කුටිය, මගේ මේ උපට්ඨානය, අනන්ත ගුණ ඇති අශ්ටාර්යපුද්ගල මහාසංඝරත්නයට වේවා!” කියන මේ ප්‍රාර්ථනාවයි. එපමණක් නෙවෙයි, එතුමාණන් ගේ ප්‍රාර්ථනාව වූයේ “මේ සෑම කුසළයක් මට අනාගතයේදී ලොවුතුරා බුදුබව පිණිස වේවා!” කියන පැතුමයි. ඒ වගේම ඒ කුසළ බලයෙන් එතුමාණන් ඉන් පසු මනුශ්‍යයන්ට පරමායුශ අවුරුදු අසංඛ්‍යයක කාලයේදී හත් වාරයක් චක්‍රවර්ති රාජ්‍යයට පත් වුණා. එයින් හත් වැනි වාරයේදී මහා සුදස්සන කුමාරයා හැටියට පහළ වුණේ. අවුරුදු අසූහාරදහසක් මවුපියන් ගේ හෙවනේ සැපෙන් කුමාර ජීවිතයක් ගෙවුවා. තවත් අවුරුදු අසූහාරදහසක් උප රජකෙනෙක් හැටියට පියාණන් ට සහයෝගෙන් රාජ්‍යයට සහාය වුණා. ඊලඟට තමන් ම සක්විති රජ වුණා.

සක්විති රජ වෙලා බොහෝ කාලයක් ගත වෙන අතරත එතුමාණන් ට හිතුනා දානයක් දෙන්ඩ මේ රටවැසියන්ට. “මෙන්න මෙතනයි මං දානයක් දෙන්නේ” කියලා, දංසැලක් හදන්ඩ තැනක් හිතුවා, පහුවදා ගිහින් බලනකොට අංග සම්පූර්ණ දංසැලක් පහල වුණා. “මෙතන මං උයනක් හදන්න ඕනෙ, මෙතන මං පොකුණක් හදන්න ඕනේ” හිතන හිතන සියල්ල උන්වහන්සේට පහල වුණා. මොකද, අර එක ස්වාමීන්වහන්සේ නමකට රහත් වන තුරු අර කුටි සෙනසුන් කරවලා, පැන් පොකුණු කරවලා, පහසුකම් සැළසූ මේ කුසළයේ බලයෙන් සිතූ පැතූ සියල්ල පහල වුණා. ඒ ස්ථානයෙහි කල්පවෘක්ෂත් පහල වුණා. අන්තිමේදී රට වැසියන්ට දැනුම් දීලා අවුරුදු අසූහාරදහසක් තිස්සේ දිව්‍යමය ආහාඅර පාන වැනි මේ දේවල් වලින් දන් දෙමින් පුදුම විදිහේ දාන පාරමිතාවක් පිරුවා.

ඔය අතර රටවැසියෝ කල්පණා කළා රජ්ජුරුවන්ට කෝටි ගාණක මුදලක් එකතු කරගෙන ගෙනැත් දෙන්ඩ හැදුවා. රජ්ජුරුවෝ ප්‍රතික්ෂේප කළා, “මේ එකක්වත් මට එපා, මට මේ තියෙන දේවල් දීලා ඉවර වෙන්නේ නෑ, ඒ නිසා ඔබලා කැමති දෙයක් කරන්නැ’යි” කිවුවා. රටවැසියෝ එකතු වෙලා කථා කළා “අපි එහෙනම් මහ රජ්ජුරුවන්ට අළුත් ම අළුත් මාලිගාවක් හදමු” කියලා තැනක් කථා කළා “මෙන්න මෙතැනයි හදන්නේ” කියලා. රජ්ජුරුවන් ගේ පිනේ මහිමය කොහොමද, අර එක කුටියක් කරවා පූජා කළ පිනේ මහිමයෙන් කූටාගාර අසූහාරදහසක් ඇති, විශාල ප්‍රාසාදයක් පහල වුණා. පුදුම ආශ්චර්‍යයක් නේද? පස්සේ රජ්ජුරුවන්ට මේ ප්‍රාසාදය පිරිනැමුවා.

රජ්ජුරුවෝ කල්පණා කළා, “මං මේකෙන් හොඳ වැඩක් ගන්න ඕනේ” කියලා, තමං ගේ වැඩිමල් පුතාට ඔටුනු පළන්දවලා, මේ මාලිගාවට ගොඩ වුණා. නිවේදනය කළා “මට දානය ගේන එක උපස්ථායකයෙක් ඇර, කිසි කෙනෙක් නොපැමිණිය යුතුයි” කියලා. මාලිගාවට ඇතුල් වෙන පියගැටපෙළ රියන් දාහතරක් උසයි, එතන ගොඩවෙලා, හිතේ අධිශ්ටානයක් කළා, කාම විතර්කය මෙතැන නවතිනු, මින් ඉදිරියට නොයනු! ව්‍යාපාද විතර්කය මෙතැන නවතිනු, මින් ඉදිරියට නොයනු!, විහිංසා විතර්කය මෙතැන නවතිනු, මින් ඉදිරියට නොයනු!” කියලා තමං ගේ හිතට අණක් දෙනකොට ම අර පූජනීය ස්වාමීන් ව්හන්සේට මඟඵල නිවන දක්වා උපකාර කළ පිනේ මහිමයෙන් ඒ පියගැටපෙළේ මුඳුනේදීම මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා ධ්‍යාන පහල වුණා. ධ්‍යාන ලාභියෙක් හැටියටයි මේ මාලිගාවට ඇතුල් වෙලා, දවසක්-දෙකක්, අවුරුද්දක්-දෙකක් නෙමෙයි, අවුරුදු අසූහාරදසක් තිස්සේ ධ්‍යාන භාවනා වැඩුවා. අවසාන දවසේදී එතුමාණන් ට හිතක් පහල වුණා මගේ නෑදෑයෝ දකින්ඩ ඕනෙ කියලා. නෑදෑයන්ටත් හිතක් පහල වුණා අපේ මහරජ්ජුරුවෝ දකින්ඩ ඕනේ කියලා. තමං ගේ උපස්ථායකයට කිවුවා මැද මිදුලේ පටු ඇඳක් පණවන්ඩ කියලා. මේ පටු ඇඳේ ඇල වුණා දකුණු ඇලයෙන්,

අග්‍ර මහේෂිකාව භද්‍රා දේවිය ඇතුළු අසූහාරදහසක් බිසෝ වරුත්, දරුවොත්, මැති-ඇමතිවරුත්, නෑදෑයොත්, විශාල සංඛ්‍යාවක් මේ මාලිගාවෙ මැද මිදුලට ආවා. ඒ වේලාවේ දී, මේ භද්‍රා කියන අග මෙහෙසිය රජ්ජුරුවන් ගේ පැවැත්ම ගැන හිතුණා “රජ්ජුරුවෝ අද අපවත් වේදෝ” කියලා. කිසිම ලෙඩක් පේන්ට නෑ, හිතක් පහල වුණා. ඒ වෙලාවේ ආරාධනා කළා, “ස්වාමීනි, ඔබ වහන්සේට මාලිගා ම අසූහාරදහසක් මේ ජම්බුද්වීපයේම තියෙනවා. ඒ කාලේ නගරවල් අසූහාරදහසේ අසූහාරදහසක් රාජ මාලිගා, අසූහාරදහසක් මාලිගා වගේම සියළු දේවල්, මංගල ඇතුන් අසූහාරදහසයි, මංගල අශ්වයන්, මංගල රථ, මඟුල් කඩු, මඟුල් ඔටුණු, ඔක්කෝම අසූහාරදහස බැඟින් තියෙනවා. ඒ වගේම එක එක නගරයක රාජකීය පැන් පොකුණු අසූහාරදහස බැගින්, මේ විදියට එකක් නෙමෙයි, සියල්ල ම අසූහාරදහස බැඟින් තියෙනවා, ඒ සියල්ලට හිමිකම් ඇතුව නැවතත් අපේ රජ පවුලේ ම පහල වෙන්ඩ ප්‍රාර්ථනා කෙරෙත්වා!” කියලා ආරාධනා කළා. ඒ වෙලාවේ බෝසතාණන්වහන්සේ කිවුවා භද්‍රා දේවීන්ට, “දේවීන් වහන්ස. එහෙම කියන්ඩෙපා, මෙහෙම කියන්ඩ, දෙවයන්වහන්ස, ඔබ වහන්සේට මේසා විසාල සම්පත් අසූහාරදහස බැඟින් තියෙනවා, අලපතක දියත්තක් රැඳෙන් නැතුවා වගේ, නෙළුම් මලක, නෙළුම් කොලේක දිය රැඳෙන් නැතුවා වගේ මේ කිසිවක් ගැන ආශාව තබා නොගන්නා සේක්වා!” කියලා ආරාධනා කරන්ඩ කිවුවා. ඒ  විදිහට ආරාධනා කළා – කඳුළු වගුරවමින්. ඒ වෙලාවේ බෝසත් මහා සුදස්සන රජ්ජුරුවෝ සෑම දෙනාට කථා කරලා කිවුවා, “මං කුඩා කාලයේ පටන් නිති පංසිල් රැක්කා. පොහොය අටසිල් රැක්කා. මවුපියන් ජීවත් ව ඉන්න කාලෙ මන් මැනෙවින් උපස්ථාන කළා. මං උප රජ කම අවුරුදු අසූහාරදහසක් කළා. අවුරුදු අසූහාරදහසක් තිස්සේ මහා දානයක් මං පිරිනැමුවා. අවුරුදු අසූහාරදහසක් තිස්සේ මා මේ සීල, සමාධි, ප්‍රඥා, ධ්‍යාන, භාවනා වඩමින් මේ මාලිගාවේ සුවසේ විවේක වත් පිරුවා. නෙක්ඛම්මය පිරුවා. මඟේ ජීවිතය පුරා මා රැස්පත් කරගත්ත සෑම කුසලයක් මඟේ මේ නෑදෑයෝ, මගේ මේ රට වැසියෝ අනුමෝදං වෙත්වා! ඒ වගේම මා අතින් මගේ ජීවිත කාලය තුළ යම් ප්‍රමාද දෝශයක් මේ අයට ඇතොත්, ඒ සියල්ලට සමා වෙත්වා! මම අනාගතයේදී බඹ ලොව ඉපිද, ඉන් නොනැවතී මතු අනාගතයේ ලොවුතුරා බුදු පදවිය ලබනවා, ඔබ සෑම දෙනාටත් ඒ බුදු සසුණේ දී නිවන් සුව අත් වේවා!” කියලා නෙත් දෙක පියා ගත්තා. පුදුම ආශ්චර්‍යයක් නේද? සතෝ-සම්පජානකාරී ව, නිරෝගී කෙනෙක් සුව ආහාරයක් ගෙන සුව නින්දට වැටුනා වගේ එහෙම්මම නිරුද්ධ වෙලා බඹ ලොව උපන්නා.

 

නැවත නැවත නැවත මනුලොව ඉපදෙමින්, පහල වෙමින්, බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලා අන්තිම ආත්මභාවයේ සිද්ධාර්ථ ගෞතම නමින් පහලව, ලොවුතුරා සම්මා සම්බුදු වුණා. ඒ මේ සර්වඥයන් වහන්සේ ගේ ශාසනයේ තමයි මේ කුටි සේනාසන පූජාව සිද්ධ වුණේ. දන් මෙතන සඳහන් වුණා, ඒ මහා බෝසතාණන් වහන්සේ කුටියපූජා කළේ “මේ කුටි සේනාසනය, මේ ස්වාමීන්වහන්සේ ඉදිරිපිට අනන්ත ගුණ ඇති අශ්ටාර්යපුද්ගල මහා සංඝරත්නයට, සීල, සමාධි, ප්‍රඥා ගුණ පූරණය කරමින්, සත් තිස් බෝධිපාක්ෂික ධර්මයන් වඩමින්, ධ්‍යාන, අභිඥා, මාර්ගඵල නිර්වානාවබෝධය කරගැනීමට උපකාර වේවා!” කියන මේ ප්‍රාර්ථනාවයි. ඒ වාගේ අද මේ කුටි සෙනසුන් පූජා කළ සෑම දෙනාගේම චිත්ත සංතානෙ අධිශ්ඨානය වන්නේ, “මේ නාඋයන ආරණ්‍යය සේනාසන වාසී සිල්වත්, ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අපේ මේ ධනය වැය කිරීමෙන් ගොඩනැඟූ කුටි-සේනාසන සීල, සමාධි, ප්‍රඥා ගුණ පූරණය කරගනිමින්, සතර සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්ම සියල්ල මුදුන් පමුණුවාගනිමින්, ආයු, වර්ණ සැප, බල ප්‍රඥා ඇතිව, ධ්‍යාන, සමාධි, සමාපත්ති, අභිඥා, විපස්සනා ඥාණ වඩමින්, තම තමන් වහන්සේලාගේ ප්‍රාර්ථනා පරිද්දෙන් සතර මඟ ඵල පිළිවෙලින් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න උපකාර වේවා!” කියන මේ ප්‍රාර්ථනාවයි. ඒ විදිහේ ප්‍රාර්ථනාවෙන් කරන කුටි සේනාසන පූජාවේ ආනිසංස පෙළක් මේ ගාථාවේ සඳහන් වෙනව, දැන් සළකා බලමු…

සීතං උණ්හං පටිහංතේ තතෝ වාලමිගානි ච
සිරිංසපේ ච මකසේ සිසිරේ චාපි චුට්ඨියෝ
තතෝ වාතාතපෝ ඝෝරෝ සඥ්ජාතෝ පටිහඥ්ඥතී
ලේනත්ථඥ්ච සුඛත්ථඥ්ච ඣායිතුංච විපස්සිතුං

මේ සේනාසනය පරිහරණය කිරීමේදී එම සිල්වතුන් වහන්සේලාට ලැබෙන පහසු විහරණ දහතුනක් මේ ගාථා දෙකෙන් කියවෙනවා. ඒ පහසු විහරණ තමයි,

සීතං උණ්හං පටිහංතේ – සීතලෙන් වෙන පීඩා වළකිනවා, උණුසුමෙන් වෙන පීඩා වළකිනවා.

තතෝ වාලමිගානි ච – නපුරු සතුන්ගෙන් වෙන පීඩා වළකිනවා.

සිරිංසපේ ච මකසේ – බඩ ගානා සර්පයන් ගෙන් වෙන පීඩා වළකිනවා, මකසේ – මදුරුවන් ගෙන් වෙන පීඩා වළකිනවා

සිසිරේ චාපි චුට්ඨියෝ – පිනි බෑමෙන් සිදු වන විපත්ති වළකිනවා, වර්ෂාවෙන් වෙන පීඩා වළකිනවා,

තතෝ වාතාතපෝ ඝෝරෝ සඥ්ජාතෝ පටිහඥ්ඥතී – නපුරු දැඩි සුළඟින් වෙන පීඩා වළකිනවා, දැඩි අවු රශ්මියෙන් වෙන පීඩා වළකිනවා

ලේනත්ථඥ්ච – ඒ කුටි සේනාසනය තමංට කාල විවේකයෙන් යුතුව සීල-සමාධි-ප්‍රඥා පූරණය කරගැනීමට ආරක්ෂා ස්ථානයක් වෙනවා

සුඛත්ථඥ්ච – එම සේනාසනය සිවු ඉරියවුවේම සමථ, විපස්සනා භාවනා සැපය උපදවාගන්න හේතු වෙනවා

ඣායිතුංච විපස්සිතුං – ධ්‍යාන-අභ්ඥා උපදවා ගන්න උපකාර වෙනවා, විදර්ශනා ඥාණ දියුණු කරගෙන මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න උපකාර වෙනවා

මේ ආනිශංස දහතුනක් මේ ගාථා දෙකේ සිද්ධ වුණා, සඳහන් වුණා. ඊලඟට සඳහන් කළේ ගාථාවෙන්,

විහාරදානං සංඝස්ස අග්ගං බුද්ධේන වණ්ණිතං
තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්ථමත්තනෝ
විහාරේ කාරයේ රම්මේ වාසයෙත්ථ බහුස්සුතේ
තේසං අන්නඥ්ච පානඥ්ච වත්ථසේනාසනානිච

විහාරදානං සංඝස්ස අග්ගං බුද්ධේන වණ්ණිතං – මේ සංඝයාට විහාරයක්, කුටියක්, සෙනසුණක්, සක්මනක්, රාත්‍රි ස්ථානයක්, දිවා ස්ථානයක්, ඒ වගේම ගිණිහල් ගෙයක්, යම්කිසි සේනාසනාංගයක් කරවා පූජා කිරීමේ ආනිශංස වසයෙන් මහත්ඵල ගෙනදෙන බව සර්වඥයන් වහන්සේ වර්ණනාත්මකව දේශණා කරනවා.

තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්ථමත්තනෝ

විහාරේ කාරයේ රම්මේ වාසයෙත්ථ බහුස්සුතේ – එනිසා නැනවත් බෞද්ධයන් විසින් සිත්කළු වූ, නත්නම් ප්‍රසාදනීය වූ කුටි-සෙනසුන් විහාර කරවා බහුශෘත, ආගම බහුශෘත, අධිගම බහුශෘත උතුමන් වහ්නසේලා වඩා හිඳුවා ගනිත්වා!

තේසං අන්නඥ්ච පානඥ්ච වත්ථසේනාසනානිච – ඒ වගේම එම සිල්වතුන් වහන්සේලාට චීවරයද, සේනාසනයද, පිණ්ඩපාතයද, ගිලන්පසයද කියන මේ සිවු පසයෙන් උපස්ථාන කෙරේවා!

තේ තස්ස ධම්මං දේසෙන්තී සබ්බදුක්ඛාපනූදනං – ඒ සිල්වතුන් වහන්සේලා, තමං මේ සිවුපසය පිළිඅරගෙන, පරිහරණය කරමින් ඒ ප්‍රසාදනීය කුටි සෙණසුන් පූජා කළ පිංවතුන්ට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරනවා, මෙලොව දියුණුවට, පරලොව සුගතියට, ශාන්ත නිවනට ධර්මය දේශනා කරනවා.

යං සෝ ධම්මං ඉධඤ්ඤාය පරිනිබ්බාති අනාසවෝ ති – ඒ ධර්මය අහන්නා වූ සැදැහැවත් බෞද්ධයා, තමාද නිති පංසිල්, පොහොය අටසිල් රකිමින්, සිවු බඹ විහරණ වඩමින්, සමත-විපස්සනා භාවනා වඩමින්, ශාන-සීල-භාවනා කුසල් රැස් කරගනිමින්, මෙළොව, පරලොව ජයගෙන, ආශ්‍රවයන් ක්ෂය කරගෙන, සතර මඟ ඵල පිළිවෙලින් අමා මහ නිවන් සුව සාදා ගන්නවා.

මේකයි ගාථා පෙළේ කෙටි තේරුම. එනිසා අද මේ කුටි සෙණසුන් පූජා කළ පිංවතුන්ගේ සිතේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනේ, දැන් මෙම ස්ථනයෙහි බොහෝ භික්ෂූන් වහන්සේලා නොයෙක් දිශාවෙන් පැමිණිලා භාවනානුයෝගීව වැඩ ඉන්නවා. පසුගිය කාලෙ කුටි සෙනසුන් ඉඩ මදිකම නිසා කීප නමක් ම භාර නොගෙන ඇරියා.  දැන් මේ කුටි සෙනසුන් හයක් ම අද අළුතින් ඉදි වුණා, පූජා වුණා. දැන් තවත් හය නමකට මේ ස්ථානයේ සීල-සමාධි-ප්‍රඥා ගුණ පූරණය කරගන්න අවකාශ ලැබුණා කියලා සතුටු වෙන්නට පුළුවන්.

ඒ වගේම කිසීම ආරාධනාවක් නැතුව සිය කැමැත්තෙන් ඇවිල්ලා භාවනානුයෝගීව වැඩ ඉන්න ස්වාමීන්වහන්සේලා තමයි මේ වාරෙත් අසූ දෙනමක් පමණ වස් එළැඹී හිටියේ. තවත් ඉදිරියට තව වැඩි වෙනවා, උන්වහන්සේලාට මේ සේනාසනය ඒකාන්තයෙන් ම තබන තබන පියවරක් ගානේ සති සමාධි ඥාණ වැඩෙන, ධ්‍යාන-සමාපත්ති ලැබෙන, විපස්සනා ඥාණ වැඩෙන ජය භූමියක්, ක්ෂේම භූමියක්, පුන්‍ය භූමියක් බවට පත්වේවා කියලා අපි මෛත්‍රී කරන්න ඕනේ.

කඨින චීවර පූජාවෙන් භික්ෂූන් වහන්සේට හා දායකයන්ට ලැබෙන ආනිසංස

අද වෙන දවස් වල කරන කුටි සෙනසුන් පූජාවක් වගේ නෙමෙයි, මේ අශ්ට පරිශ්කාර හා මේ සෙසු පරිශ්කාර සහිත මේ කුටි සෙනසුන් පූජාවේ පරමාර්ථය වන්නේ කඨින චීවර පූජාවට සම්බන්ධ කරගැනීමයි. කඨිනානිශංස වසයෙන් වර්ෂයක් පාසා පිංවතුන් බොහෝ සෙයින් ධර්මශ්‍රවණය කරනවා. කඨිනානිශංස වශයෙන් ද කෙටි හැඳින්වීමක් මෙතෙන්දී ඉදිරිපත් කරනවා. කඨිනෙ කඨිනෙ කියලා කියන්නේ වර්ෂයකට වරක් සිදු කරනු ලබන ආශ්චර්‍යය වූ චීවර පූජාවක්. ඒ චීවර පූජාව සර්වඥයන් වහන්සේ අනුමත කොට වදාළේ පාවෙ‍ය්‍යක භික්ෂු සංඝයා වහන්සේලා ගේ දුෂ්කර චාරිකා ගමනක් නිමිති කරගෙනයි.

පාවෙ‍ය්‍යක භික්ෂූන් වහන්සේලා තිස් නමක් හිටියා. ඒ තිස් නම අපේ සර්වඥයන් වහන්සේ බරණැස ඉසිපතනාරාම මිගදායේ සිට උරුවෙල් දනවුව බලා වඩිද්දී කප්පාසික උයනේදී සම්මුඛ වූ කොසොල් රජ්ජුරුවන් ගේ සොහොවුරු පිරිසක් වන භද්‍ර වර්ගීය රාජ කුමාරවරු තිස් දෙනයි. ඒ තිස් දෙනා එදා බුදු බණ අහලා, සෝවාන් වුණා කෙනෙක්, සමහර කෙනෙක් සකදාගාමි වුණා, සමහර කෙනෙක් අනාගාමි වුණා, සියළුදෙනා වහන්සේ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වෙලා දේශ දේශාන්තර වල ධර්මප්‍රචාරයේ වැඩම කරලා, ඊට පස්සේ කොසොල් දනවුවට අයිති, පාවා කියන මේ ප්‍රදේශයෙහි ආරණ්‍ය සේනාසනයක අවුරුදු විස්සක් තරම් කලක් විවේකවස් පිරුවා. උන්වහන්සේලා තාම ඉදිරි මාර්ග ඵල ලැබුවේ නැති නිසා, බුදුරජාණන් වහන්සේ දකින්ඩ යන්න පිටත් වුණේ ඇසළ පෝයට සමීප දවසකයි. නමුත් සැවැත් නුවර ජේතවනාරාමයට එන්ඩ ලැබුණේ නෑ, සාකේත නගරෙ වෙනකොට වස් එළැඹෙන දවස එළැඹී තිබුණා. එනිසා සාකේත නගරයේ තැනක වස් එළැඹුණා. වස් අවසානයේදී, පවාරණයෙන් පසුව ජේතවනාරාමය බලා පිටත් වුණා, යොදුන් හතක් යන්නට තියෙනවා. වර්ශාවෙන් මඩ ගොහොරු වෙලා, හරකුන් ගේ ගමන් බිමන් නිසා මේ පාරවල් ඔක්කෝම දනක් පමණ එරෙන තරම් මඩ වලවල්, මඩ ගොහොරු වෙලා තිබුණු බැවින්, පාංශුකූල සිවුරු තෙමි තෙමී බොහෝම දුකසේ තමයි ජේතවනාරාමයට පැමිණියේ. පාත්‍ර සිවුරු සුවසේ තැන්පත් කොට සර්වඥයන් වහන්සේ වැඳ නමස්කාර කරලා, එකත්පසක වාඩිවූ වේලාවේ සර්වඥයන් වහන්සේ තොරතුරු විමසුවා. “මහණෙනි වස්සාන කාලය සමඟියෙන් හිටියාද, පිණ්ඩපාතාදියෙන් ක්ලාන්තයක් නැද්ද, එන ගමන සුවසේ ආවද?” “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අපි සමඟියෙන් හිටියා, අපට පිණ්ඩපාතාදියෙන් ක්ලාන්තයක් නෑ, නමුත් ස්වාමීනි එන ගමන බොහොම දුකසේ ආවා. මේ අපේ පාංශුකූල දෙපට සිවුරු මඩ පෙවිලා, මඩ වතුර පෙවිලා, බොහෝම දුකසේ අපි මඩේ එරෙමින් ආවා, නමුත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ හෙවනට එනකොට අපේ සියළුම දුක්-කරදර අමතක වෙලා පුදුමාකාර සැනසිල්ලක් ඇතිවුණා අපට, සුදුසු දහම් පදයක් අවසර ලැබේවා!” කියලා බණ අහන්ඩ සූදානම් වුණා.

ඒ වෙලාවේදී සර්වඥයන් වහන්සේ අනවතග්ග සංයුක්තයට අයිති පාවෙය්‍යක කියන සූත්‍ර දේශනාවෙන් ධර්ම දේශනාවක් කළා. එහි සඳහන් වෙන්නේ, සංසාර ගමනේදී විඳින්නාලද අනන්ත දුක් කරදර පිළිබඳ විස්තර විවරණයක්. ඒක බොහෝම සංවේගජනක දේශණාවක්. ඒ කියන්නේ, “මහණෙනි, අද මේ පැමිණි ගමන දුකක් කියලා හිතන්ඩ එපා, අද මේ පැමිණි ගමන තබන පියවරක් ගානේ ආවේ අමාමහ නිවන් දකින ගමනක්. නමුත් මේ දික් සසරෙදි අවිද්‍යාවෙන් බැඳීගෙන, තණ්හාවෙන් බැඳීගෙන, අඳුරු වීගෙන මේ සංසාරෙ එන ගමනේදී ඔබ අප සෑම දෙනාම එළුවන් වෙලා බෙලි කැපුම් ලැබූ වාර වල ගැලූ ලේ මහ සයුරේ ජලයට වැඩියි. බැටළුවන් වෙල, හරකුන් වෙලා, ඌරන් වෙලා, කුකුළන් වෙලා බෙලි කැපුම් ලැබූ වාර වල ගැලූ ලේ සිවු මහා සාගරයේ ජලයට වැඩියි. ඒ වගේම නපුරු දාමරිකයන් වෙලා, පරදාරිකයන් වෙලා, රාජාපරාධකාරයන් වෙලා බෙලි කැපුම් ලැබූ වාර වල ගැලූ ලේ මේ සිවු මහා සාගරයේ ජලයට වැඩියි. මහණෙනි මේතරම් දීර්ඝ සංසාරයක ඔබ අපි හැම දෙනා ආවා. ඒ එන ගමනේදී විංද අනන්තයි. මේ පොළව සරු කළා, සොහොන් බිම් වැඩි කළා. ඒ වගේම අපමණ තීව්‍ර වූ දුක්ඛ සම්භාරයක් අපි වින්දා. නමුත් අද මේ සසුන්ගත වෙලා, සීල-සමාධි-ප්‍රඥා ගුණ පූරණය කරමින්, මේ අවිද්‍යා, තෘශ්ණා, උපාදානාදියෙන් වට වී තියෙන සංසාර ගමන අවසන් කරලා, කෙළෙසුන් නසා මඟ පල නිවන් ලබන ගමනක් මේ ආවේ” කියලා පහදා දෙමින් චතුරාර්‍ය සත්‍ය දේශනය පැවැත්වුවා. දෙසුම් කෙළවරදී සියළුදෙනා වහන්සේ තිවිද්‍යා, ශඨ් අභිඥා, සිවු පිළිසිඹියා ඥාණ සහිතව මහා රහත් භාවයට පත් වී වදාළා. ඒ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදය දෝතින් පිරිමඳිමින් වෙන වෙනම වැඳලා, පිරුණු පාත්‍ර මෙන් පරිපූර්ණ සංකල්පණා ඇතුව උන්වහන්සේලා පාත්‍ර-සිවුරු ධරව අහසින් වැඩියා. අනඳ මාහිමියන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ උපදෙස් දුන්නා, “ආනන්දය, අද මේ සඟ පිරිස මේ ස්ථානයට ආවෙ බොහොම දුකසේ, නමුත් හංස පෙළක් වාගෙ, පියාපතින් පියාසර කරන හංස පෙළක් වාගේ අභිඥා බලයෙන් අහසින් ගියා. මගේ ශාසනයේ වස් වසන භික්ෂූන් වහන්සේලාට කඨිනාස්ථාර විනය කර්මයක් පැණවිය යුතුයි, එනිසා ආනන්දය, මේ සැවැත්නුවර හාත්පස සිටින සියළුම සේනාසන වල භික්ෂූන් වහන්සේලා රැස් කරන්නැ’යි ජේතවනාරාමයට” කිවුවා. එදා හැන්දෑවේ විශාල සඟ පිරිසක් ජේතවනාරාමයට රැස් වුණා. ඒ වෙලාවේ සර්වඥයන් වහන්සේ කඨිනාස්ථාර විනයකර්මය පැනෙවුවා.

“අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛූනං කඨිනං අත්තරිතුං – මහණෙනි, වස් වස පවාරණය කළ භික්ෂූන්ට කඨිනාස්ථාර විනය කර්මය අනුදැන වදාරමි.”

“අත්තථ කඨිනානං වෝ භික්ඛවේ පංච කප්පිස්සං ති – කඨිනයේ අතුළ භික්ෂූන්ට ශික්ෂා පද පහක් කැප වෙති.”

“අනාමංතචාරෝ, අසමාදානචාරෝ, ඝනභෝජනං, යාවදත්ත චීවරං, යෝච තත්‍ර චීවරෝප්පාදෝ සෝචනේතං භවිස්සති” කියලා ශික්ෂා පද පහකින් ඇවැත් නොවීමේ වරප්‍රසාදයක් අනුමත කොට වදාළා. ඒක ඉතාම වැදගත් දෙයක්. මේ අනිත් සිවුරු කොයි තරම් පූජා කළත් නොලැබෙන ආනිසංසයක් භික්ෂූන්වහන්සෙට ලැබෙනවා. ඒ ලැබෙන්න හේතුව මේක විනය කර්මයක් නිසයි. එතකොට විනය කර්මයක් වන මේ කඨිනය පූජා කිරීම නිසා ඒ සංඝයාට මේ සා විශාල ආනිසංසයක් මාස පහක් තුළ විඳින්ට ලැබෙන බැවින්, කඨිනය පූජා කරන පිංවතුන්ට ඒ සා විශාල ආනිසංසයක් නිවන් දකිනා තුරු භවයක් පාසා ලැබෙනවා කියන එකයි සර්වඥයන් වහන්සේ දේශනා කළේ. ඒ මොනවද ආනිසංස,

පළවෙනි ආනිසංසෙ “අනාමංතචාරෝ” – භික්ෂූන් වහන්සේට විනය නීතියක් තියෙනවා ස්ථානයෙන් බැහැර ගමනක් යනවා නම්, නේවාසික භික්ෂූන් වහන්සේලාට කියලා අවසර අරගෙන යන්ට ඕනෑ. නැත්තං ආපත්ති වෙනවා. නමුත් මේ කඨිනානිසංස මාස පහේදී ඒ ආපත්තිය වන්නේ නෑ. මෙන්න මේක පළවෙනි ආනිසංසයයි. මාස පහක් තුළ ඒ ආනිසංසය විඳිනවා.

දෙවෙනි කාරණේ, උපසම්පන්න භික්ෂූන්වහන්සේ ට තියෙනවා තුන් සිවුරක්, අධිෂ්ටාන කරගෙන, මේ අධිෂ්ටාන තුන් සිවුරෙන් එකකින් වත් වෙන්වෙලා හිටියොත් ඒක නිස්සග්ගිය ඇවැතට පත් වෙනවා. නමුත් මේ කඨිනානිසංස මාස පහේදී ඒ තුන් සෙවුරෙන් එකක් වෙන් ව්ලා තිබුණා කියලා ආපත්තිය වන්නේ නෑ. ඒකත් උන්වහන්සේට පහසු විහරණයක්.

තුංවෙනි කාරණය ඝන භෝජනය. උපසම්පන්න භික්ෂූන් වහන්සේලා හතර නමකට හෝ වැඩි දෙනෙකුට අකැප දානාරාදනයක් එනවා. ඒ කියන්නෙ, මේ චාරිකා ගමන් වලදී බෞද්ධ අබෞද්ධ නොයේක් දෙනා දන් දෙනවනෙ, සමහර කෙනෙක් ආරාධනා කරන්න දන්නේ නෑ. දාන වස්තුවේ නම කියලා ආරාධනා කරනවා. “ස්වාමීනි, අද මගේ බත් දානෙට වඩින්න, මගේ පිට්ටු දානෙට වඩින්න, මගෙ නූඩ්ල්ස් දානෙට වඩින්න” ආදී වශයෙන් නම කියලා ආරාධනා කළොත්, හතර නමක් හෝ වැඩි දෙනෙක් පිළිගත්තොත්, පිළිගැනීමදි දුස්කත, වැළදීමේදී පිඬක් පාසා පාචිත්තිය කියන ඇවත. නමුත් මේ මාස පහ ඇතුළතදී කඨිනානිසංසයෙන් ඒ වාගෙ අකැප ආරාධනය පවා කැප වෙනවා. ඒක තුංවෙනි ආනිසංසයයි.

හතරවෙනි එක, උපසම්පන්න භික්ෂූන්වහන්සේට තියෙනවා විනය නීතියක්, අධිෂ්ටාන නොකළ සිවුරු දවස් දහයට වඩා තබාගත්තොත් නිස්සග්ගිය වෙනවා. නමුත් කඨිනානිසංස මාස පහේදී ඒ ඇව්ත වෙන්නෙ නෑ. මේක හතරවෙනි එක.

පස්වෙනි එක, යෝචතත්‍ර චීවරොප්පාදෝ, යම් සෙනසුණක කඨිනානිසංස කාලයේදී සඟ සතු කොට සිවුරු පූජා කෙරෙනු ලබනවා නම්, ඒ සියල්ල කඨිනය හිමි භික්ෂූන්වහන්සේ සන්තක වෙනවා. ඒක, සංඝික දේ පෞද්ගලික වීමේ පුදුම් වරප්‍රසාදයක් මේ කඨිනයේ තියෙනවා. ඒකට කියනවා යෝච තත්‍ර චීවරෝප්පාදය කියලා.

මේ ආනිසංස පහ සවිස්තර ව කියයුතු කාරණා පහක් නමුත් කාලවේලා මඳි නිසයි මේ කෙටි කරන්නෙ, මෙතන තියෙනවා වැදගත් කාරණාවක්. ඒ කියන්නේ භික්ෂූන් වහන්සේට ස්ථානයෙන් බහැර වඩින්න තියෙන්නේ ධර්ම ගමනක්. උන්වහන්සේ සීලයක් දරාගෙන, සමාධියක්, ඥාණයක් දරාගෙන ගමින් ගම වඩින්නේ ධර්ම චාරිකාවක්. උන්වහන්සේ ගමින් ගම වඩිමින්, පිඬු සිඟා වළඳමින් සැදැහැවතුන්ට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරනවා. බොහෝ දෙනෙක් සරණ සීලයේ පිහිටුවනවා, සමහර කෙනෙක් පැවිදි වෙනවා. සමහර කෙනෙක් මාර්ග ඵල ලබනවා, ඔය වාගෙ අර්ථානිශන්සයක් බලාගෙනයි භික්ෂූන් වහන්සේ ගමනක් යන්නේ. ඒ වගේම මේ භික්ෂූන් වහන්සේට අවසර නැතුව ගියොත් වෙන ඇවත වෙන්නේ නෑ මේ විදිහට කඨිනානිශංස තියෙන කාලය තුළදී. ඒක හරියට සක්විති රජ කෙනෙකුගේ ගමනක් වාගෙ. සක්විති රජ කෙනෙකුට ගමනක් යන්න කාගෙවත් වරමක් අවශ්‍ය නෑ. සක් රුවනේ අනුහසින්, ඇත් රුවනේ අනුහසින්, අශ්ව රත්නයේ අනුහසින් අහසින් යනවා, ගිය ගිය තැන උන්වහන්සේ පිලිගන්නවා. හැම රටක අය ම පිලිගන්නවා. ඒ වගේ තමයි මේ පළවෙනි කඨිනානිශංසය. එයින් ආනිශංස වශයෙන් සැදැහැවතුන්ට ලැබෙන්නේ සසර ගමනේ දී ස්වෛරී භාවය. ඒ කියන්නේ මනුෂ්‍යයෙක් වුනත් උසස් ම පංතියේ මනුෂ්‍යයෙක්, රජ කෙනෙක් වුණත් සක්විති රජ කෙනෙක් වාගෙ උසස් ම තත්ත්වයට වැටෙනවා. ඒ වගේම තමන් කැමති කැමති දේ කරගන්නට- ඒ කියන්නේ ධාර්මික දේ කරගන්නට තමන්ට ස්වෛරී භාවයක් ලැබෙනවා. නමුත් බලාපොරොත්තු වෙන්නේ බෞද්ධයන් වශයෙන්, ඒ විදිහේ ලෞකික සම්පත් අපමණ වින්දා, ඒවා රෑ දුටු සිහිනයක් තරම්වත් ඉතුරු නෑ, මතු ලැබුණත් එහෙමමයි. ඒක නිසා මේ විදිහේ බලගතු කඨිනානිසංස හේතුවෙන් භවයක් පාසා නිවන දක්වාම ස්වෛරී ව දාන පාරමිතා පුරාගන්න ජාති ජාතිත් ලැබේවා! ස්වෛරී ව සීල පාරමිතා පුරාගන්න ලෑබේවා! ස්වෛරී ව නෙක්ඛම්ම පාරමිතා පුරාගන්න ලැබේවා! මේ වාගේ දස පාරමිතාවන් ම පුරාගන්නට ජාති ජාතිත් ස්වෛරී ව ලැබෙමින්, එමඟින් ධ්‍යාන-අභිඥා-මාර්ගඵල ධර්මය සුවසේම සාක්ෂාත් කරගන්න පලවෙනි කඨිනානිසංසයෙන් හේතු වේවා!

දෙවෙනි එක තමයි අසමාදානචාරි, ඒ කියන්නේ තුන් සිවුරෙන් යමක් වෙන් වෙලා තිබුණට ආපත්ති වෙන්නේ නෑ. ඒක ඉතා වැදගත් දෙයක් වෙන්නේ යන යන තැන සිවුරු බර අඩුවෙන් යන්නට පුළුවන්. ඒකත් සක්විති රජ කෙනෙකුගේ තත්ත්වයට වැටෙනවා. සක්විති රජතුමා යනකොට ගමං වියදම් ගෙනියන්නේ නෑ. ආහාරපාන බත්මුල් බැඳගෙන ගෙනියන්නේ නෑ. ගිය ගිය තැන අවශ්‍ය දේ පහල වෙනවා. ඒවාගේ වාසනාවක් මේ දෙවෙනි කඨිනානිසංසයෙන් ලැබෙන්නේ. ලෞකික වශයෙන් සක්විති රජ කෙනෙකුගේ සැපත හා සමාන සම්පත් ලැබෙනවා. නමුත් බෞද්ධයන් වශයෙන් අපේ පැතුම වන්නේ මේ විදිහේ දෙවෙනි කඨිනානිශංස බලයෙන් භවයක් භවයක් පාසා ගිය ගිය තැන අවශ්‍ය අවශ්‍ය විදිහට සීල සමාධි ප්‍රඥා ගුණ, දාන සීල නෛශ්කර්මාදී පාරමී ගුණ දියුණු කරගන්නටත්, ගිය ගිය තැන – උපනුපන් තැන ධ්‍යාන-අභිඥා සුවසේ උපදවා ගන්නටත්, එයින් නොනැවතී තමාගේ පැතුම් පරිද්දෙන් උතුම් බෝධිඥාණයකින් සුවසේම නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගැනීමටත් දෙවෙනි කඨිනානිසංසයෙන් ද හේතු වේවා! කියා ප්‍රාර්ථනා කළයුතු වෙනවා.

තුංවෙනි කාරණය තමයි ඝන භෝජනය. ඝන භෝජනය කියන්නේ අකැප භෝජනයක්. ඒක හරියට හලාහල විසක් හා සමානයි, අකැප ආහාර පාන. නමුත් කඨිනානිසංස වශයෙන් අකැප ආහාර පාන කැප වෙනවා. ඒක හරියට වස-විස අමෘතයක් වීම වාගෙ දෙයක්. එනිසා ඒ විදිහේ තුන්වෙනි කඨිනානිසංසය හේතුවෙන් දායක පිංවතුන්ට සසර ගමනේදී කවදාකවත් වස-විස ශරීරගත වන්නේ නෑ. සර්පයන් දශ්ට කරන්නේ නෑ. මැසි-මදුරු පීඩාවක් වන්නේ නෑ. යම්කිසි වස විසක් වුණත්, ඒක අමෘතයක් වන තත්ත්වයට පුන්‍යවන්ත වෙනවා. එපමණක් නෙවෙයි, අපි බලාපොරොත්තු වෙන්නේ, මේ ධීර්ඝ සංසාරයේ අප විසින් පානය කරලා තියෙනවා එක්දහස් පන්සීයක් පමණ වස-විස. ඒවා අපි ක්යනවා කෙළෙස් වස-විස. එනිසා මේ තුංවෙනි කඨිනානිසංස හේතුවෙන් අපට සසර ගමනේදී දස පාරමී පුරමින්, බෝධිපාක්ෂික ධර්මයන් වඩමින්, මේ කෙළෙස් වස-විස වමාරා දමා, සතර මඟ ඵල නිර්වාණය කියන අමෘතය පානය කරන්නට තුන්වෙනි කඨිනානිසංසයෙන් හේතුවේවා! කියලා අපි ප්‍රාර්ථනා කළ යුතු වෙනවා.

හතරවෙනි කාරණය තමයි යාවදත්ත චීවරය. ඒ කියන්නේ, දවස් දහයට වඩා ඕනතරම් සිවුරු තබාගන්න පුළුවන් පරිහරණය කරන්න. සිවුරු ඕනවට නෙමෙයි, වස්සාන කාලෙදි ඒවා තෙමෙනවා, වේලගන්න වෙලාවක් නෑ. එනිසා වෙන සිවුරක් පොරවගන්න පුළුවන්කම තියෙනවා. ඒවාගෙ පහසු විහරණයකුයි මේ අතිරේක සිවුරු වැඩිපුර තබාහැනීමේ අවශ්‍යතාව. එතකොට ඒකෙන් පෙනෙන්නේ, සසර ගමනේදී තමන්ට ලැබෙන සම්පත් කවදාවත් කෙනෙකුගේ ඊර්ශ්‍යාවට ලක්වන්නෙ නෑ, කෙනෙකුගේ බාධාවක් නෑ, තමන්ට එකක් ලැබෙන තැන දහසක් ලැබෙන තරම් පුන්‍යවන්ත වෙනවා ලෞකික වශයෙන්. නමුත් අපේ පැතුම වන්නට ඕනෑ මේ සසර දුකෙන් එතෙර වීමට යන නිවන් ගමනේදී භවයක් පාසා අපි හිතනවාට වඩා වැඩි වැඩියෙන්, දහ නමකට දානෙ දෙන්න හිතුවා නම් දහස් නමකට දානෙ දෙන්ඩ, ඒ වගේම එක දවසක් සිල් රකින්න හිටියා නම් වර්ෂ ගාණක් සිල් රකින්න, එක ධ්‍යානයක් උපදවන්න ගියා නම්, අෂ්ට සමාපත්ති ම එකම ආසනයේ උපදවන්න, ඒ වාගේම එක මාර්ග ඵලයක් සඳහා නම් ලෑස්ති වෙන්නේ, සතර මඟ ඵලයම එකම ආසනේ ලබන්න, මේ වාගේ නිර්වාණ ගාමිණී උසස් ගුණධර්මයන් තමයි ප්‍රාර්ථනා කළ යුතු වන්නෙ. එනිසා සතරවෙනි කඨිනානිසංස බලයෙන් ද හිතූ-පැතූ සේ මේ බෝධිකාරක ධර්මයන් සම්පූර්ණ කරගෙන මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා! කියන අධිෂ්ඨානය ඇති කරගන්නට ඕනේ.

පස්වෙනි කඨිනානිසංසය තමයි, යෝචතත්‍ර චීවරෝප්පාදය. සංඝ සන්තක කරන සිවුරු පෞද්ගලික වීමේ ආනිසංසය. ඒ ආනිසංස බලයෙන් සසර ගමනේදී සැදැහැවතුනට කවදාකවත් තමන්ට ලැබෙන සම්පත් රජුන්ගෙන්, සොරුන්ගෙන්, සතුරන්ගෙන්, ගින්නෙන්, ජලයෙන්, අප්‍රිය-අමනාප පුද්ගලයන් ගෙන් විනාශ වන්නේ නෑ. ඒවා හරියට ආලකමන්දා රාජධානියේ වෛශ්‍රවණ දිව්‍ය රාජයාගේ සම්පත් මෙන් ආරක්ෂා වෙනවා. නමුත් ඒ ලෞකික සම්පත්. ප්‍රාර්ථනා කළ යුතු වන්නේ මේ කඨිනානිසංස බලයෙන් අපි නිවන් දකිනා තුරු උපනූපන් භවයක් පාසා අපට කවදාකවත් කෙළෙස් හොරු ඇතුල් නොවේවා, සිල් හොරු ඇතුල් නොවේවා, අපේ සංතානගත බෝධිපාක්ෂික ධර්මයන් කිසිදාක කෙළෙස් සතුරෙකුට පැහැරගත නොහැකි වේවා, ඒ වගේම සතුරු උපද්‍රවයක් නැතුව, ක්ලේෂ උපද්‍රවයක් නැතුව, ධ්‍යාන-අභිඥා-මාර්ගඵල නිර්වාණ ධාතුව ප්‍රතිලාභ කරගන්නට පස්වෙනි කඨිනානිසංසයෙන් ද හේතුවේවා! කියලා අපි අධිෂ්ඨාන තබා ගනිමු.

දැන් මේ විදිහේ ආනිසංස ලැබෙන කඨිනානිසංස ඇති චීවරයක් පූජා කරගැනීමේදී ඊට සම්බන්ධ කරන මේ අනික් සියළුම පූජා වස්තු, ඒ ඔක්කෝම කඨිනානිසංස ලැබෙන පූජා වස්තු බවට පත් වෙනවා. දැන් මේ කුටි සේනාසන පූජාව, ඒ වගේම අශ්ට පරිශ්කාර – සෙසු පරිශ්කාර පූජා, මේ ඔක්කෝම එකක් එකක් ගානේ අර සක්විති රජ කෙනෙකුගේ අහසේ යන ගමනේදී සිවුරඟ සෙනඟක්, අජපාල-ගෝපාලාදීනුත් අහසිං යන්න සමර්ථ වෙනවා වගේ, කඨිනානිසංස සඳහා මේ කඨින චීවර පූජා පූජා කරනකොට, ඊට සම්බන්ධ කරන සෑම පූජා භාණ්ඩයක් ම කඨිනානිසංස හා සමාන අනුසස් දෙනවා කියන එක සඳහන් වෙන බැවින් ඒ පූජාවන් සියල්ල ගැන ම අපේ හිතේ සොම්නස ඇතිකරගන්නට ඕනෑ.

ආවාස පූජාවේ අනුසස්‌

කිවුල්දෙණියේ විජිතනන්ද හිමි,
නිග්‍රෝධාරාම සේනාසනය, පොල්පිටිය උතුර, මැටිකුඹුර, පොල්ගහවෙල.

පොදු මානුසික අවශ්‍යතා අතර ඇඳුම් පැළඳුම්, කෑම-බීම, ගෙවල්-දොරවල් සහ සෞඛ්‍ය පහසුකම් මූලික වේ. රටක්‌ පාලනය කරන රජයකින් ජනතාවට ඉටුවිය යුතු මූලික යුතුකම් වශයෙන් සැලකෙන මේ අවශ්‍යතා හතර, සසර දුක අවබොධ කරගෙන නිවන් දකින්න පැවිදි දිවියට ඇතුල්වෙච්ච භික්‌ෂුවටත් පොදුයි. ප්‍රත්‍යවේක්‌ෂා වශයෙන් සැලකෙන චීවර, පිණ්‌ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසය ගිහි පරිභෝගයට වඩා පැවිදි පරිභෝගයේ විශාල වෙනසක්‌ තිබේ. භිකෂුන් වහන්සේ ආරාම පරිභෝග කරන්නේ, රැස්‌ කරන ධනයක්‌ ආරක්‌ෂා කිරීමට හෝ සොර සතුරු උවදුරකින් වැලකීමට හෝ නොවේ. සීත පීඩා, උෂ්ණ පීඩා වළක්‌වා ගන්න, ලේ බොන මැස්‌සන්, මදුරුවන්ගෙන් ආරක්‌ෂා වෙන්න, සුළඟ, අව්ව, වැස්‌ස සර්පාදීන්ගෙන් එන පීඩාවන් දුරුකරගන්න, විවිධ සෘතු උපද්‍රවවලින් ආරක්‌ෂා වෙන්න සහ සිත එකඟ කර ගැනීමේ පහසුව පිණිසත් කියන මේ කාරණාවලට.

ඉහත සඳහන් පරමාර්ථයන්ටත් වඩා පුළුල්වූ පරමාර්ථයන් මත විහාරාරාම ගෙඩනැගුණු බව ඒ සඳහා වැය කරන ලද විශාල ධන පරිත්‍යාගයන්ගෙන් පැහැදිලි වේ. පනස්‌ හතර කෝටියක්‌ ධනය ඡේතවනාරාමය සඳහාත්, විසිහත් කෝටියක්‌ ධනය පූර්වාරාමය සඳහාත් වැය කර තියෙන බව පොතපතේ සඳහන් වේ. ලංකා සාසන ඉතිහාසය අනුව අතීත රජදරුවන් මහා විහාරය, අභයගිරිය, ඡේතවනය වගේ සුවිසල් ආරාමත්, සත්මහල් ලෝවාමහා ප්‍රාසාදයත් භික්‌ෂුන් වහන්සේලාගේම ප්‍රයෝජනය උදෙසා ගොඩනැගුවා.

සක්‌විති රජ සැප අත්හැර, තුන් සෘතුවට ගැළපෙන රම්‍ය, සුරම්‍ය, සුබ වගේ දැකුම්කළු මහා ප්‍රාසාද අත්හැර මහන වුණු මහ බෝසතාණන් වහන්සේට ශාක්‍යයන් විසින් නිග්‍රෝධාරාමය, බිම්බිසාර රජතුමා විසින් වේළුවනාරාමයත්, අනේපිඬු සිටුතුමා විසින් ඡේතවනාරාමයත්, විශාඛා උපාසිකාව විසින් පූර්වාරාමයත්, මහා ධන පරිත්‍යාගයන් සිදුකරමින් සකස්‌ කර පූජා කළා. පාවාරික සිටුවරයා කළ පාවාරිකාරාමය, කොසබෑ නුවර ඝෝෂිතාරාමය තවත් ඒ වගේ විහාර අතර වෙනවා. සුනාපරත්ත ජනපදයේ රත් සඳුන්වලින් විහාරයක්‌ බුදුරදුන් සඳහා ගොඩනැගූ බව පුණ්‌ණෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා. මුලදී ගහක්‌ යට, ලෙනක්‌ තුළ වැඩ වාසය කරමින් බුදුන්වහන්සේගේ දහම් පණිවිඩය බෙදාහැරීමේ නිරතවෙලා හිටපු ශ්‍රාවක සංඝයා සඳහාත් බුදුන් දවස ආරාම ගොඩනැගූ බව අට්‌ඨක නාගර සූත්‍ර වර්ණනාවේ සඳහන් වේ. අට්‌ඨක නගර වැසි දසම කියන ගෘහපතියා ආනන්ද හිමියන් සඳහා පංචසතික විහාරයක්‌ කළ බවත්, චිත්ත ශෘහපති විසින් මහානාම හිමියන් සඳහා ආරාමයක්‌ කළ බවත් සඳහන් වෙනවා.

බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සංඝරත්නය පහළ වෙච්ච මුල් කාලයේ භික්‌ෂු සංඝයා ගල් ගුහා, වනාන්තර, ගස්‌ යට ආදී තැන්වල වැඩ වාසය කළා. ශාසනය ආරම්භක අවධියේ භික්‌ෂුන්ට අවශ්‍ය ආවාස ආදිය සකසා දීමක්‌ සිදුවෙලා නෑ. ඊට හේතුව තමයි බුදුන්වහන්සේ ලෝකයට පහළ වෙච්ච අලුත, සාසනයේ වටිනාකම තේරුම් ගෙන ඒ වගේ කටයුතු කරල දෙන්න දැනුවත් වෙච්ච පිරිසක්‌ නොසිටීම. මිනිසුන්ට බුද්ධ ශාසනයේ වටිනාකම වැටහුණේ සද්ධර්මය අහලා දැනුවත්භාවය ඇතිවුණාට පස්‌සේ. ඒ සඳහා සෑහෙන කාලයක්‌ ගත වුණා. ඊට පස්‌සේ බුදුන් වහන්සේ මුල්කරගෙන සංඝ රත්නය උදෙසා ගරු සැලකිලි, සිව්පස පූජාවන් ලැබෙන්න පටන්ගත්තා.

එක්‌ අවස්‌ථාවක දායක පිංවතෙක්‌ භික්‌ෂුන් වහන්සේ නමකට කුටියක්‌ හදා දෙන්න ඇහුවම, බුදුරජාණන් වහන්සේ ආවාස පිළිගැනීමට අනුදැන වදාරා නැති නිසා භාරගැනීමට නොහැකි බවත්, බුදුන්වහන්සේගෙන් ඒ සඳහා අවසර අරගෙන දැනුම්දිය හැකි බවත් පැහැදිලි කළා. මේ කාරණය තථාගතයන් වහන්සේට දැනුම් දුන්නම ආවාස පිළිගැනීමට අනුදැන වදාළා. එතැන් පටන් ආවාස සකස්‌ කරල බුදුපාමොක්‌ මහ සඟරුවනට පූජාකරන්න සැදැහැවතුන් උනන්දු වුණා.

වළගම්බා රජතුමා දෙමළ ජනයා සමග සටන් කර පැරදිලා කැලෑවේ ඉන්නකොට, මහා විහාරවාසී තිස්‌ නම් භික්‌ෂුවක්‌ පිඬුසිඟා ආහාර අරගෙන ගිහින් රජ පවුලට සංග්‍රහ කළා. කැලේ හිටපු රජතුමා ඇතුළු පිරිසට ආහාරය විශාල උපකාරයක්‌ වුණා. ඒ නිසා පසුව වළගම්බා රජතුමා, රජ වුණාම තමන්ට කළ උපකාරයට කළගුණ සැලකීමක්‌ වශයෙන් අභයගිරි විහාරය හදා තිස්‌ස හාමුදුරුවන්ට පෞද්ගලිකව පූජා කළා. පුද්ගලික ආරාමයක්‌ බාර ගැනීමේ වරදට මහා විහාරික භික්‌ෂුන් ‘උක්‌ෙ€පනීය’ කියන විනයකර්මයකින් aතිස්‌ස භික්‌ෂුව මහා විහාරයෙන් නෙරපා හැරියා. ඊට පස්‌සේ අභයගිරි නමින් නිකායක්‌ ඇතිවුණා. අභයගිරියෙන් කැඩී ගිය තවත් භික්‌ෂු පිරිසක්‌ ඡේතවන නමිනුත්. එයින් කැඩී ගිය තවත් පිරිසක්‌ සාගලිය නමිනුත් නිකායන් විදිහට බිහිවුණා. පෞද්ගලිකව ආරාමයක්‌ බාර ගැනිමේ ප්‍රථිපල වශයෙන් නිකාය භේදයන් ඇතිවෙලා නොයෙක්‌ ශාසනික අර්බුදත් පහළ වුණා. ඒ නිසා සතර දිගින් වඩිනා සංඝයා උදෙසා සඟසතු කර පූජා කිරීම තමයි ශාසනානුලෝමික වෙන්නේ.

ආවාසයක්‌ හදා පූජා කිරීමේ ප්‍රයෝජනය එදා ඡේතවනාරාම පූජාවේදී මේ විදියට eහැදිලි කර තියෙනවා.

සීතං උණ්‌හං පටිහන්ති – තතෝ වාග මිගාපිච
සිරිං සපේච මකසේ – සිසිරේ චාපි වුට්‌ඨියෝ

වාසස්‌ථානය නිසා සීත, උෂ්ණයෙන් ආරක්‌ෂා විය හැක. වග වළසුන් ආදී නපුරු සතුන්ගෙන් මිදිය හැක. වර්ෂාවෙන්, සෘතු වෙනස්‌වීම් ආදියෙන aමිදිය හැකිය.

තථෝ වාතාතපේ ඝෝරේ – සඤ්ඤතේ පටිහඤ්ඤති
ලේණථඤ්ච සුඛථංච – ධාපිතුංච විපස්‌සිතුං

සැඩ සුළඟින්, නියඟයෙන් මුහුණපෑමට සිදුවන උවදුරුවලින් බේරීමට, ආරක්ෂා සහිතව සුවසේ වාසය කිරීමට, ධ්‍යාන විදර්ශනා භාවනාදිය වැඩීමට ආරාමය ඉතා සුදුසු ස්‌ථානයක්‌ වන්නේය.

එදා බුද්ධ කාලයේ වගේම ඊට පසු කාලවලදීත් රජ, සිටු, ඇමැතිවරු ඉතා රමණීය විදිහට කලාත්මක විදිහට ආරාම කරවීමට සැලකිලිමත් වී ඇත. අද පුරාවිද්‍යාත්මක වටිනාකමක්‌ තියෙන පැරැණි ගොඩනැඟිලි නෂ්ඨාවශේෂ අතර වැඩි වශයෙන් දකින්න ලැබෙන්නේ පෞරාණික විහාර ආරාමවල නටඹුන්, රජ මාලිගා හැරුණාම සෙසු බෞද්ධයන් වාසය කළ මන්දිරවල නටඹුන් අද දකින්න නෑ. එයින් පැහැදිලි වෙන්නෙ, සාමාන්‍ය ජනතාව ඉතා සරල චාම් ජීවිත ගත කළ බවත්, විහාර ආරාමවලට අයිති ගොඩනැඟිලි කලාත්මක ලෙසත් දර්ශනීය ලෙසත් දිගු කල් පවතින ආකාරයෙන් කරවූ බවත්ය.

සංයුත්ත නිකායේ එන කිංදද සූත්‍රයේ කුමක්‌ දීමෙන් සියල්ල දෙන්නේ වේද යනුවෙන් (යෝච සබ්බදාදොa හෝතු තං මේ අක්‌ඛාහි පූජිතෝ) දේවතාවෙක්‌ බුදුන්වහන්සේගෙන් අපහු ප්‍රශ්aනයට පිළිතුරු වශයෙන් වදාළේ ‘යමෙක්‌ ආවාස හදා පූජා කරයි නම් හෙතෙම සියල්ල දෙන්නේ වෙයි’ කියල (යෝච සබ්බදදොa හෝති යෝ දදාති උපස්‌සයං). ස්‌වකීය ආධ්‍යාත්මික බාහිර සියලු වස්‌තූන් සහ පුද්ගලයන්ගේ ජීවිතාරක්‌ෂාවට ආධාරය ලැබෙන්නෙ වාසස්‌ථාන නිසා. සියල්ල දුන්නා වෙන්නෙ ඒ නිසා.

එදා අනාථපිණ්‌ඩිත මහ සිටුතුමා පනස්‌ හතර කෝටියක්‌ ධනයක්‌ වියදම් කරල ඡේතවනාරාමය හදා බුදුන්වහන්සේ ප්‍රධාන මහ සඟරුවනට පූජාකළා. මේ සිටුතුමාට ඡේතවනාරාමය පූජාකරන කොටම, ජීවත්ව සිටිද්දී හා සමානව රිදී විමානයක්‌ දෙව් ලොව පහළ වුණා. ආරාම පූජාවට කිසිම මිල මුදලක්‌ වැය නොකර, ශ්‍රම දායකත්වයක්‌ ලබානොදී, ආරාම පූජාවෙදි චිත්තප්‍රසාද සිතින් පිං අනුමෝදන් වෙච්ච සැදැහැවතෙකුට අනේපිඬු සිටුතුමාගෙ දෙව් විමනට උඩින් රන් විමනක්‌ පහළ වුණා. තව කෙනෙක්‌ කරපු පිනක්‌ අනුමෝදන් වීමෙන් පමණක්‌ සිටුතුමාටත් වඩා මහ පිනක්‌ ඔහු ලබාගත්තා. අනුන්කරන පිනක්‌ දැක බලාගෙන ප්‍රසාද සිත් පහළ කර ගෙන පිං අනුමෝදන්වීම කොච්චර වටිනවද කියන කාරණය මෙයින් පැහැදිලි වෙනවා.

අනේපිඬුසිටුතුමා මරණින් පසු දේවත්වයට පත්වෙලා, බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් තමන්ගෙ සතුට මේ විදිහට ප්‍රකාශ කරනවා.

ඉදං හිතං ඡේතවනං – ඉසි සංඝං නිසේවිතං
අවුථං ධම්ම රාඡේන – පීති සඤ්ජනකං මම
(සංයුත්ත නිකාය – ඡේතවන සූත්‍රය)

නිතර භික්‌ෂු සංඝයා ගැවසී ගත් ධර්ම රාජයන් වහන්සේ වැඩ වසන මේ ඡේතවනාරාමය දකින මට මහත් ප්‍රීතියක්‌ උපදී.

තමන් කරගත් යහපත් දේ දකින කොට, සිහිවෙනකොට, ඒ කෙරෙහි චිත්ත ප්‍රබෝධය ඇතිවන වාරයක්‌ පාසා සිදුවෙන්නෙ පිං සිතිවිලි යහපත කරන්නා මෙලොවත්, පරලොවත් සතුටුවන බවත්, සුගතියේ ඉපිද වඩාත් ප්‍රමෝද වන බවත් ධම්ම පදයේ මේ විදිහට සඳහන් වෙනවා.

ඉධ මෝදති පෙච්ච මෝදති – කත පුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්‌වා කම්ම විසුද්ධිමන්තනෝ

බුදුරජාණන් වහන්සේගේ සුළු මව වන මහා ප්‍රජාපතී ගෝතමී දේවිය හා තම පුත් නන්ද කුමරු පෙර අත් භවයක සිදුකළ ආවාස දාන පිංකමක්‌ පිළිබඳ විස්‌තරයක්‌ අංගුත්තර නිකායේ අටුවාවක මේ විදියට සඳහන් වේ.

‘නන්ද කුමරු එකල කම්කරු පිරිසක නායකයෙක්‌ විය. ප්‍රජාපතී දේවිය ඒ කම්කරු පිරිසගේ කාන්තාවන් අතර නායිකාව විය. එකල පසේ බුදුරජාණන් වහන්සේලා පස්‌ නමක්‌ වස්‌ කාලය නිසා සෙනසුන් සොයා ගනු කැමැතිව බරණැස්‌ සිටාණන්ගේ සිටු මැදුරට වැඩම කර සිටුතුමා නොසිටි නිසා සිටු දේවියට ඒ බව සැල කළහ. කාර්යබහුල නිසා අපට ඒ ගැන ඉඩක්‌ නොමැති බැවින් වෙනත් කෙනකු හමුවී ඊට පිළිවෙළක්‌ යොදාගන්නැයි සිටුදේවීය කීය. මෙය ඇසූ පසේබුදුරජාණන් වහන්සේලා ආපසු වැඩියහ. මෙදුටු කම්කරු නායිකාව ආපසු වඩින්නේ ඇයි දැයි ඇසුවාය. වස්‌ එළඹීමට සුදුසු සේනාසන පහසුකම් සලස්‌වා ගැනීම සඳහා සිටු මැදුරට ගිය මුත් ඊට ඉඩක්‌ නැති බව සිටුදේවිය කී නිසා ආපසු යන බව පසේබුදුවරු පැවැසූහ.’

‘කිං පන භන්තේ සා කුටී ඉස්‌සරහේව කාතබ්බා දුග්තේහිපි සක්‌කා කාතුං’ යනුවෙන් ඒ සෙනසුන් පොහොසතුන් විසින්ම ක යුතුද, ඒවා දුප්පතුන් විසින් කළ නොහැකි දැයි ඇය විමසූ විට එබඳු නියමයක්‌ නැතැයිද, පිං කැමැති සැදැහැවත් කාට වුවත් කළ හැකි යෑයිද, පසේ බුදුවරු පිළිතුරු දුන්හ. එසේ නම් ඔබවහන්සේලා ආපසු නොගොස්‌ මෙහිම වැඩ සිටිනු මැනවි. අපි සේනාසන පහසුකම් සපයා දෙන්නෙමු. අද පටන් අපගේ දානයද පිළිගනු මැනවැයි ආරාධනා කළහ.

තම කම්කරුවන්ට මේ බව දන්වා පසුදා දානය පිළියෙල කර පිරිනමා, වනයට ගොස්‌ අවශ්‍ය ලී දඬු ආදිය සපයා ආවාස කුටි පහක්‌ සාදවා ඒ ඒ ආවාසයට අවශ්‍ය ළිං, පොකුණු, සක්‌මන් මළු, ඇඳ, පුටු, භාජනාදිය සියල්ල සූදානම් කර එම ආරාම පසේ බුදුවරුන්ට පූජා කළහ. උන්වහන්සේලා එහි වස්‌ වසවා සිව් පසයෙන් ඇප උපස්‌ථාන කරමින් පිං රැස්‌ කරගත්හ. ඒ අය ඒ පිං බලෙන් දෙව් ලොව ඉපිද ලෞකික සැප සම්පත් භුක්‌ති විඳ ගෞතම බුදුහිමි කල ශාක්‍ය රටේ මහා ප්‍රජාපතී හා නන්ද කුමරු ලෙස ඉපදුණේය.’

ආරාම පූජාවේ ආනිසංස දැක්‌වෙන කථා රාශියක්‌ විමාන වස්‌තුවෙත් දැක්‌වේ. ආවාස පූජාවේ ආනිසංසය පිළිබඳ දැනගත් එක්‌ කාන්තාවක්‌ තථාගතයන් වහන්සේගේ අනුමැතිය ඇතිව භික්‌ෂුන් වහන්සේලා ලවා ස්‌ථානයක්‌ නියම කරගෙන, ආරාමයක්‌ ගොඩනගා ආරාම භූමියේ අඹ පැළ රෝපණය කර නොයෙක්‌ අයුරින් ආරාමය සරසා පූජා කළ බව අම්බවිමාන වස්‌තුවේ දැක්‌වේ. ඒ සිදුකරගත් පුණ්‍ය ශක්‌තියෙන් දෙව්ලොව ඉපදී අලංකාර දිව්‍ය ප්‍රාසාදයකුත්, අඹ උයනකුත් ලැබුණු බව ඉහත කථාවෙන් කියෑවේ.

උපස්‌සයදායක විමාන වස්‌තුවේ එක්‌ දිනකට භික්‌ෂුවකට සේනාසන පහසුකම් ලබාදීමෙන් ලැබුණු පුණ්‍ය විපාකයේ ස්‌වභාවය විස්‌තර වේ. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ වාසය කරද්දී එක්‌තරා භික්‌ෂුන් වහන්සේ නමක්‌ ගමක වස්‌ වසා වස්‌ පවාරණයකර බුදුන්වහන්සේ හමුවෙන්න රජගහ නුවරට එන අතරමගදී හවස්‌වූ නිසා එක්‌තරා ගමකට ඇවිත් රාත්‍රී භාගයේ වාසයට තැනක්‌ සොයමින් එක උපාසකයෙක්‌ දැක, පිංවත මේ ගමේ පැවිද්දන්ට වාසය කිරීමට සුදුසු තැනක්‌ තියෙනවද කියා ඇසුවේය.

එය ඇසූ උපාසකයා ස්‌වාමීනිs, මඳක්‌ නවතින්න යෑයි පවසා ප්‍රසන්න සිතින් තමන්ගේ ගෙදරට ගිහින් භාර්යාව සමග මේ ප්‍රවෘත්තිය කියල, තෙරුන්ට වාසය කරන්න සුදුසු තැනක්‌ පරීක්‌ෂා කර ආසනයක්‌ පනවා, පා සෝදන්න පැන් ආදිය තියා තෙරුන් වහන්සේ වෙතට ඇවිත් වැඳ, ආරාධනා කර වැඩමවා පා දොවා, පහන් දල්වා, ඇඳට ඇතිරිලි අතුරා තෙරුන්ට පිළිගැන්වීය. ඊට පසුව දෙවැනි දවසටත් දානයට ආරාධනා කර දානය පිළිගන්වා, ගිලන්පස සඳහා උක්‌ හකුරු පිඬකුත් පිළිගන්වා, උන්වහන්සේ වඩින විට පසුපසින් ගමන් කර නැවතිණි.

මේ උපාසකතුමා පසු කලෙක භාර්යාව සමග කාලක්‍රියා කර තව්තිසා දෙව්ලොව මහ සම්පත්තියක්‌ හා සිය දහස්‌ ගණන් දිව්‍ය පිරිස සමග පිරිවරා දොළොස්‌ යොදුන් රන් විමානයක ඉපදිණි. මුගලන් මහ රහතන් වහන්සේ දේව චාරිකාවේ වඩින විට ඒ දිව්‍ය විමානයට වැඩ, මේ වගේ දිව ඉසුරු ලබන්න පෙර කළ පින මොකක්‌ද යෑයි ඇසූ විට, තමන් විසින් මිනිස්‌ව සිටිද්දී කළ ආවාස දාන පිංකම මුගලන් හිමියන්ට පැහැදිලි කළේය.

විශාකා උපාසිකාව විසින් විසිහත් කෝටියක්‌ ධනය වියදම් කර පූර්වාරාමය හදා බුදුන් ප්‍රධාන මහා සංඝයාට පූජා කළාය. මේ ආරාමයේ භූමිය මිලදී ගන්නා කෝටි නවයක්‌ සහ විහාර කර්මාන්තයට කෝටි නවයක්‌, විහාර පූජාකරන දාන පිංකමකට කෝටි නවයකුත් වශයෙන් කෝටි විසිහතක්‌ වියදම් කළ බව සඳහන් වේ. විශාකාවගේ යෙහෙළියක්‌ මමත් මේ ආරාම පූජාවට සම්මාදන් වෙන්න ඕන කියල දහසක්‌ අගනා පලසක්‌ සකස්‌ කරගෙන ඇවිත්, මේ ආරාමයේ මගේ පලස බුමුතුරුණක්‌ විදිහට අතුරන්න කැමති බව විශාකාවට කියා සිටියාය. විශාකාව මේ පලස බලා, ඒක වටින්නේ නෑ කියල කිව්වොත් ඇය කළකිරෙයි සිතා ඒ ස්‌ථානයේ තිබෙන අනෙක්‌ පලස්‌වලට වඩා නොවටිනා බව ඇයටම තේරුම් ගන්න මේ විදියට පැවසුවාය.

‘ඔබට මේ ආරාමයේ දහසක්‌ ගබඩාවන් බලා මේ පලසට වඩා අඩු වටිනාකමක්‌ ඇති පලසක්‌ දැක්‌කොත් ඒ පලස ඉවත් කොට ඔබගේ පලස අතුරා පිං සිද්ධ කරගන්න යෑයි පැවැසුවාය.

මේ තැනැත්තිය දහසක්‌ ගබඩාවල ඇවිද වටිනා බුමුතුරුණු බලා තමන්ගේ පලස වටිනාකමින් අඩු බව දැන නැවත ඇවිත් මේ වටිනා පින්කමට මට දායක වෙන්න හැකියාවක්‌ නෑ කියා හඬ හඬා මළුවේ සිටියාය.

ඇගේ හැŽම දුටු ආනන්ද හිමියෝ, මේ මහා පූජාවක්‌ කරන අවස්‌ථාවේ මොකට හඬනවාද කියා අසා, ඔබේ පලස අතුරන්න තැනක්‌ මම දන්නවා කියා විශාකාවත් නොසලකපු තැනක්‌ දැක, ආරාමයට ඇතුල්වන දොරටුවේ සඳකඩ පහන ළඟ පාපිස්‌සක්‌ විදියට අතුරන්න යෑයි දැනුම් දුන්නේය. මේ විදියට පූර්වාරාම පූජාව හාර මාසයක්‌ තිස්‌සේ සිදුකළ බව සඳහන් වේ.

අනේපිඬු සිටුතුමා අමතා, බුදුන්වහන්සේ මෙලෙසින් දේශනා කළහ. ‘ගෘහපතිය, පෙර සිදුවූ දෙයක්‌ කියමි. පෙර වේලාම නම් බ්‍රාහ්මණයෙක්‌ විය. ඔහු මෙබඳු දානයක්‌ දුන්නේය. රිදී පිරවූ රත්‍රං පාත්‍ර අසූහාර දහසක්‌, රත්‍රං පිරවූ රිදී පාත්‍ර අසූහාරදහසක්‌, අමු රන්පිරවූ රන් පත්‍ර අසූහාරදහසක්‌, රනින් සැරසූ රන් දද, රන් රසු දැලින් ගැවසුණු ඇත්තු අසූ හාරදහසක්‌, සිංහ, ව්‍යාඝ්‍ර, දිවි සම් පඬුවන්කම්බිලිවලින් අතුරන ලද රන් දද, රන්රසු දැල්ඇති රථ අසූහාරදහසක්‌, මාණික්‍යමය කුණ්‌ඩලාභරණ පැළඳගත් කන්‍යාවෝ දන් දුන්නේය.

කොඳු පලස්‌ සුදු ඇතිරිලි, ඝන පුප් එළුලොම් ඇතිරිලි අතුරන ලද කෙලෙස්‌ මුවන්ගේ සමින් කළ උතුම් පසතුරුණු ඇති, උඩුවියන් සහිත දෙපස තබන ලද රතු කොට්‌ට ඇති, සූඅසූ දහසක්‌ සිඳිනා ආසන දන්දෙන ලදී. සියුම් කොමු පිළි, සියුම් කෝසෙයන් පිළි, කපු පිළි, සූඅසූ දහසක්‌ දන් දුන්නේය. ආහාර පාන, කැවිලි පෙවිලි ගැන කවර කතාද? ඒවා මහා ගංගා මෙන් ගලා ගියේය.

ගෘහපතිය එසමයෙහි වේලාම බමුණා අනේකෙක්‌මය. මහාදානය දෙන ලද්දේ ඔහු විසින්ය යනුවෙන් ඔබට සිතෙන්නට පුළුවන. එසේ නොසිතිය යුතුය. එකල වේලාම බ්‍රාහ්මණ මමයි. ඒ මහා දානය දෙන ලද්දේ මා විසින්මය.

ගෘහපතිය ඒ මහා දානයෙහි දක්‍ෂිණාර්හකිසිවෙක්‌ නොවීය. කිසිවෙක්‌ ඒ දානය පිරිසිදු නොකළේය. ගෘහපතියා වේලාම බමුණා සත් අවුරුදු සත්මසක්‌ යම් මහා දානයක්‌ දුන්නේද, යමෙක්‌ එක සෝවාන් පුද්ගලයකු වළඳවන්නේද, එය ඒ මහාදානයට වඩා මහත්ඵල වන්නේය.

සෝවාන් පුද්ගලයන් 100 දෙනකුට දෙන දානයට වඩා එක සකදාගාමී පුද්ගයකුට දෙන දානය, සකදාගාමී 100 දෙනකුට දෙන දානයට වඩා එක අනාගාමී කෙනකුට දෙන දානය, අනාගාමී 100 දෙනකුට දෙන දානයට වඩා එක අරිහතුන් වහන්සේ නමකට දෙන දානය, අරිහතුන් වහන්සේලා 100 දෙනකුට දෙන දානයට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානය, පසේ බුදුවරු 100 නමකට දෙන දානයට වඩා ලොව්තුරා බුදුවරයකුට දෙන දානය, ලොව්තුරා බුදුවරයකුට දෙන දානයට වඩා බුද්ධ ප්‍රමුඛ සඟසතු දානය මහත් අනුසස්‌ය.

මේ සියලු දානයට වඩා සතර දිගින් වඩින සංඝයාට ආවාසයක්‌ කර පූජා කිරීම හත් ආනිසංස දායකය. ආවාස දානානිසංසයටත් වඩා යමෙක්‌ ධර්මය ශ්‍රවණය කර චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් තෙරුවන් සරණ යයිද එය ඊටත් වඩා ආනිසංසදායකය. යමෙක්‌ තිසරණ සහිත පංචශීලය ආරක්‌ෂා කරනවා නම් එය ඊටත් වඩා අනුසස්‌ය.

‘යෝච අන්තමසෝ ගJධුහන මන්තම්පි මෙත්තං චිත්තං භාවේති තතෝ මහඵලතරං’ යමෙක්‌ සුවඳ දෙයක්‌ සිඹින තරම් වේලාවක ආර්ය මෙත් සිතක්‌ වඩයිද එය ඊඩත් වඩා ඇත්තමය. ‘යෝච අච්ඡරාසංඝාත මත්තම්පි අනිච්ච සඤ්ඤං භාවෙයH ඉදං තතෝ මහප්ඵලතරං’ (අංගුත්තර නිකාය වේලාම සූත්‍රය). ගෘහපතිය, මෙත් සිතක්‌ වැඩීමට වඩා අසුරු සැණක්‌ ගහන තරම් වේලාවක්‌ ලෝකයේ නිස්‌සාරාත්වය වටහාගෙන අනිච්ච සංඥව වඩයිද, මෙතෙක්‌ කියූ සියලු පිංකම්වලට වඩා මහත්ඵලතරය. මීට වඩා අනුසස්‌ සහිත තවත් දෙයක්‌ කිරීමට, මේ බුද්ධ ශාසනයේ පෙන්වා වදාළ යහපත් දෙයක්‌ නෑ. මේ පිංකම වට්‌ටෝරුව අතර සියලු ආහාර දානය පරදා ආවාස දානය ඉදිරියෙන් තිබේ.

පසුකාලීන ආචාර්යවරු විසින් පෙන්වා තියෙන මහා පිංකම් අට අතරටත් ආවාස පූජාව සඳහන්ව ඇත. ‘රුක්‌ඛමූල සේනාසනං නිස්‌සාය පබ්බඡ්ජා තFථ තේ යාවජීවං උස්‌සාහෝ කරණීයෝ’ භික්‌ෂුවගේ පැවිද්ද යනු රුක්‌ඛ මූල සේනාසනයයි. අනිකුත් ලැබෙන පහසුකම් සෙනසුන් අතිරේක ලාභයක්‌ පමණි. ඒ නිසා දිවි ඇති තෙක්‌ රුක්‌මුල් සේනාසනය පැවිද්දේ ප්‍රධාන නිශ්‍රය හතරට අයිති අංගයක්‌ ලෙස සලකා කටයුතු කිරීම ප්‍රසංසනීයයි.

භික්‌ෂුන්ගේ සේනාසන විදියට ඈත අතීතයේ සිටම ගල්ලෙන් භාවිත කර ඇත. සිතුල්පව්ව, අරන්කැලේ වගේ වන සෙනසුන්වල දොලොස්‌ දහස බැගින් භික්‌ෂුන් වහන්සේලා මහරතන් උතුමන් වැඩ වාසයකර ඇත. අතීත රජදරුවන්, මැති ඇමැතිවරුන් විසින් කටාරම් කොටා සෙල්ලිපි පිහිටුවා සංඝයා පූජා කළ ලෙන් ලක්‌දිව පුරා දකින්න ලැබේ.

අදටත් ලංකාවේ බොහෝ ආරණ්‍ය සේනාසනවල කටාරම්, සෙල්ලිපි සහිත ගල්ලෙන් දක්‌නට ලැබේ. ඒ අතර වාසය කිරීමට සුදුසු ආකාරයෙන් සකස්‌ කළ ඒවායේ අදටත් භික්‌ෂුන් වහන්සේලා වැඩ වාසය කරති.
තෛකාලික මහා සංඝරත්නය කෙරෙහි පූජා කිරීම

——————————————————–

උතුම් වූ ඒ ධම්ම සේනාධිපති / මහා සාරිපුත්ත අග්‍රශ්‍රාවකයන් වහන්සේගේ නායකත්වයෙන් යුත්,/ උතුම් වූ / අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ / උතුම් වූ / මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ද, උතුම් වූ ඒ මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ ද, උතුම් වූ ඒ මහා කච්චායන මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / මහා කොයිත මහරහතන් වහන්සේ ද, උතුම් වූ/ මහා කප්පින මහරහතන් වහන්සේ ද./ උතුම් වූ / ආනන්ද මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / උපාලි මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / මහා චුන්ද මහරහතන් වහන්සේ ද./ උතුම් වූ / මන්තානිපුත්තපුණ මහරහතන් වහන්සේ ද ඇතුළු/ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා / ප්‍රධාන කොට ඇති මහා සඝරත්නය / පරම්පරා අනුපිළිවෙලින් / උපාලි මහරහතන් වහන්සේ ද./ උපාලි මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / දාසක මහරහතන් වහන්සේ ද./ දාසක මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / සෝණක මහරහතන් වහන්සේ ද,/ සෝණක මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / සිගව සහ බඩවජිරි මහරහතන් වහන්සේලා ද,/ සිග්ගව සහ චණ්ඩවර්ජි / මහරහතන් වහන්සේලාගේ සද්ධි විහාරික/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ද,/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / දීපඅප්‍රසාදක වූ / මිහිඳු මහරහතන් වහන්සේ ද සහිත වූ සඝ පීතෘ පරම්පරාව නිසා / ලක්දිව ප්‍රථමයෙන් / අරිටිය මහරහතන් වහන්සේගේ පහළ වීම සිදුවිය./ අරිට්ඨ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ/ ලක්දිව මහා සඝ පරපුර / තිස්සදත්ත මහරහතන් වහන්සේ ද / කාළසුමත මහරහතන් වහන්සේ ද / දිඝනාමක මහරහතන් වහන්සේ ද දිසසුමන මහරහතන් වහන්සේ ද වශයෙන් / පරම්පරානුගතව / අද දක්වාම පැවත එන සේක./

 

අපගේ මෙම දානයට වැඩම කලා වූ / ස්වාමින් වහන්සේලා ද / එම මහා සඩිස පරපුරෙන් පැවත එන සේක. ඒ එම නිසා ඒ අප ඉදිරියෙහි වැඩ වසන්නා වූ ස්වාමින් වහන්සේලා අතීත සඝ පරපුර / නියෝජනය කරන සේක් ම ය. / වර්තමානයෙහි වැඩවසන්නා වූ / ස්වාමින් වහන්සේලා නිසා / අනාගත සඝ පරපුර ද ? බිහිවන්නාහු ම ය. / එම නිසා ම පවත්නාහු ම ය. / එහෙයින් / අප ඉදිරියෙහි වැඩවසන්නා වූ ස්වාමින් වහන්සේලා / අනාගත සස පරපුර ද / නියෝජනය කරන සේක් ම ය. ඒ අප ඉදිරියේ වැඩවසන්නා වු ස්වාමින් වහන්සේලා / කර්ම වාක්‍ය ප්‍රකාශ කරන්නේ සියලු සඝරත්නයෙහි / නියෝජිත භාවය ලබා ඇත්තාහු ම ය./ එම කාරණය විශේෂයෙන් සිහිපත් කරමින් / එම නියෝජිත භාවය සහිත ස්වාමින් වහන්සේලා සාක්ෂකොට / අතීතයෙහි වැඩ විසුවා වූ ද / අනාගතයෙහි පහළ වන්නා වූ ද වමානයෙහි වැඩ වසන්නා වූ ද ඒ සියලු දිසාවන්ගෙන් පැමිණි

නොපැමිණි / උතුම් වූ ඒ භාග්‍යවත් වූ / අරහත් වූ / සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි / උතුම් වූ සංඝරත්නය කෙරෙහි / අප විසින් ශ්‍රද්ධා ගෞරව පෙරදැරිව / පිළියෙල කරන ලද / මෙම සියලු පූජාවෝ / වන්දන මානන සහිත ව / පූජා කරන්නෙමු./

අප කෙරෙහි අනුකම්පාවෙන් ම / අපගේ නිවන පිණිස ම / අප නිවන් දන්නා තුරු 7 නිරවද්‍ය වූ ත් / පහසු වූත් / සැප සහිත වූත් / වාසය කිරිම පිණිස ම / අප නිසා නිවන් දක්නා වූ / සියලු සත්වයන් හට / අනුකම්පා පිණිස ම / ඔවුන්ගේ ම නිවන පිණිස ම / මෙත්‍රි පෙරදැරිව පිළිගන්නා සේක්වා! කරුණා පෙරදැරිව පිළිගන්නා සේක්වා! අනුකම්පා කරමින් ම පිළිගන්නා සේක්වා!

ඉතින් මේ පින්කම පින්වත් ඔබට ආශිර්වාදක්ම වේවා. ඔබට සසර පුරාම යම් දුකක්  වේනම් ඒ සියල්ල මේ පින් බලෙන් නියත විද්වංසනය වේවා. සියලු දුක් කම් කටොලු මග ඇරේවා.

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ පින්වත් ඔබ සියලු දෙනා අතුලු පවුලේ සියලු දෙනාගේම නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා. මේ පින්කම සිදුකල  සියලු දෙනාට මෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඒ අය ජීවත් වන්නේනම් නිදුක් නිරෝගී සුවබර, මෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට  සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවා. මිය පරලොව ගොස් ඇත්නම්  වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්, යහපත් තැනක ඉපදී ඇත්නම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.

ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. ධර්මයෙන් ඇති කරන්නේ ප්‍රඥාවයි. මෙපින් බලෙන් ප්‍රඥාව මෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රට, ජාතිය, ආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන් වන්නට මෙපින් හේතු වාසනා වේවා.

එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්‍රමාණයද අප්‍රමාණයි. නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්, වැටෙන  වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙන ඔබේ ඇසුර පවා මහා සතුටක්. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්‍රයට ලැබේවා. විශේෂයෙන් මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්‍යයක්..

එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්, විශේෂයෙන්ම ප්‍රවාහන වියදම් අඩුවෙන් ලබාගනිමින් ඒ සියලු කටයුතු සාර්ථකව සිදුකල රියදුරු මහතුන් ඇතුලු  ස්වාමීන් වහන්සේලා, දායකකාරකාදීන්  ආදී සියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවා. අපිට ආහාර පාන නවාතැන් ලබාදුන් සියලු පින්වතුන්ටත් මේ පින් හිමිවේවා.

ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත් පහලවීම ම ඔබ ලද මහා භාග්‍යයක්. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිත නිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කටයුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්.  සිදුකල සියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටවත් නොලැබේවා. කෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්‍රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිත නොවේවා.  ජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්, ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.

පින්වත් යාලුවනේ. පංච ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේ. ඒ ලෙසින්ම  දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා. ව්‍යාපාර, අධ්‍යාපන, කටයුතු සියල්ල සාර්ථක වේවා. වැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සතර දිගින් සතර මහා වස්තු පහල වේවා. සිව් දිගින් කප්රුක් පහලවේවා. අහසින් රුවන් වැසි වැටේවා. පොළවෙන් මුතු මැණික් මතුවේවා. සසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම ‍ වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා විසිනි.

මහා සංඝරත්නයට උපැස් ලබා දීමේ මහ පින්කම … 02

Posted by | Uncategorized | No Comments

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

අපි පසුගිය දිනක මහ පින්කමක් කලා.  ඒ පින්වත් ප්‍රදීප් හේමන්ත මහතා ආර්ථික අපහසුකම් ඇති පින්වත් ස්වාමීන් වහන්සේ නමකට  උපැස් යුවලක් පරිත්‍යාග කිරීමයි.

ලද මුදල රු 15,000.00

වියදම
කණ්නාඩි සදහා මුදල රු 4,300.00
ස්වාමීන් වහන්සේගේ විදම් සදහා රු 5,700.00
—————————————————————
වියදම් වූ මුලු මුදල                             රු 10,000.00

ඉතිරි මුදල් රු 5000.00 19 වැනි සූර්ය බල ආලෝක පූජාවට යොමු කලා …

Read More

IFBC Home Page