Skip to main content
Category

පන්සිය පණස් ජාතක පොත් වහන්සේ නමක් ගෞතම බුදු සසුනට පූජාකල වගයි

පන්සිය පණස් ජාතක පොත් වහන්සේ නමක් ගෞතම බුදු සසුනට පූජාකල වගයි

පන්සිය පණස් ජාතක පොත් වහන්සේ නමක් ගෞතම බුදු සසුනට පූජාකල වගයි …

By All Posts, පන්සිය පණස් ජාතක පොත් වහන්සේ නමක් ගෞතම බුදු සසුනට පූජාකල වගයි

මේ කියන්න යන්නෙ තවත් අපි සිදුකල පින්කමක් පිලිබදවයි

චෛත්යරාජයන් වහන්සේ සසුනට පිද්න දා පන්සිය පණස් ජාතකපොත් වහන්සේ නමක් අපි සසුනට පූජා කලා. මේ මහා පින්කමටදායක උනේ රෝෂිණී පෙරේරා මහත්මියයි. පින්කමට අදාල සියලුපින්තූර මෙහි පහල දැක්වෙනව.

හරි. එතකොට මේ මහ පින්කම ධර්ම දානයක් බව දන්නවනෙ. හොදයිමොනවද ධර්මදානයේ ආනිසංස.
පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේඵල විපාක මෙච්චරය කියන්න බැහැ.

සබ්බ දානං ධම්ම දානං ජිනාති
ධර්ම දානය හා සමකල හැකි කිසිද දානයක් නෑ.
ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහිසඳහන්ව තියෙනව.

1. බොහෝ දෙනාට ප්‍රිය වීම (බහුනො ජනස්ස පියො හොති)
2. සත්පුරුෂ ආශ්රය ලැබීම (සප්පුරිසො භජන්ති)
3. කීර්තිය පැතිරීම (කල්යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)
4. ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)
5. දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)
ධර්ම දානය කරන ක්රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.

1. ධර්ම දේශනා කිරීම
2. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
3. දහම් පොත් පත් සඟරා මුද්රණය කර බෙදා හැරීම
4. ධර්මය ඉගැන්වීම
5. පිරිස් වලට බණපොත් කියවීම
6. අන්යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම
7. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම
8. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්,වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම
9. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන්කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම
10. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙනගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත්දීම
11. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්ය වියදම් දීම,
12. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම
13. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු,පාවාඩ පූජා කිරීම
14. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන්ඇල්ලීම, පාවාඩ දැමීම
15. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්ධායනාදි විවිධ පින්කම් වලයෙදවීම

මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීමධර්ම දානමය කුසල් ලැබීමට හේතුවන බව සැලකිය යුතුයි. ධර්මදේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේඅත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහරශ්රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිති.ධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම ද වැඳීම ද සාදුකාර දීම ද කුසල්බව සිතට ගත යුතුය. සද්ධර්මාලංකාරයෙහි මෛත්රී බුදුන්දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. ‘බණ කියන ගෙයි පහන්දැල්වූවෝ දකිනි’.

‘බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණපැවැත්වූවෝ දකිති. විජිනිපත් දුන්නෝ ද දකිති. බණ පොත ලියවූවෝදකිති. තමන් ලියවූ පොත අකුරු ගණනින් චක්රවර්තී සම්පත් ආදි වූසැපත් ලදින් සුවපත් වූවෝ මෙතේ්බුදුන් දකින්නාහුමය. තවදආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය.

පින්වත් යහලුවනේ ධර්ම දානය අට මහ කුසල්වලට අයිතියි. අට මහකුසල් කියන්නෙ දැනට කරන්න පුලුවන් බලගතුම පින්කම් අටක්.මෙන්න ඒ අට.

1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්ම දානය සිදුකිරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. මේ පින්කම් වල ආනිසංසකියල නිම කරන්න බැහැ. කල්ප කෝටි ගණන් විපාක දෙන පින්කම් මේව.ඒ විතරක් නෙවෙයි. පංච ආනන්තරයි පාපකර්ම හැර ( මව මැරීම, පියාමැරීම, රහතුන් මැරිම, බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම, සංඝභේදය )අනිත්සියලු පව් යටපත් කරන්න තරම් මේ පින්කම් බලවත්.

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ රෝෂිණී අක්කගෙනමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිතතැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා.. සැපවත් තැනක ඇත්නම්වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා හම නිවන අත්වේවා.විශේෂයෙන් ඔබවන් පින්වත් දරුවෙක් හදා වඩා පෝෂණයකල ඔබේපින්වත් දෙමාලියන්ට මේ කුසලය මහා පාරමිතාවක්ම වේවා. ඔබගේ දූදරුවන්ට යහපත් අනාගතයක් අතිවේවා. නිදුක් නිරෝගී සුවබරජිවිතයක් ලැබේවා. විශේෂයෙන් දූ දරුවන්ගේ ඉගෙනීම් සාර්ථක වේවා.සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. කෙලවර පතන බෝදියෙන් නිවන්දැක්මට හේතාවේවා වාසනා වේවා …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම  එරන්ද ලක්මාල්ද සිල්වා …

පන්සිය පණස් ජාතක පොත් වහන්සේ - ටැංබාන විහාරස්ථානය

පන්සිය පණස් ජාතක පොත් වහන්සේ – ටැංබාන විහාරස්ථානය