Skip to main content
Monthly Archives

August 2016

දෙවන අභය දාන පින්කමද නිකිණි පොහොය දිනය වෙනුවෙන් සිදුකල වගයි …

By Uncategorized

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පින්වත් ශොබිත අයියා සමග පවුලේ සියලු දෙනා  මූල්‍ය පරිත්‍යාගයෙන් නිදහස් කරගත් කිරි අම්මා සහ සුදු පුතා බාරකරුවන්ට ලබාදෙන්නට පසුගිය නිකිණි පොහොය දින පරිත්‍යාග කලා. මේ සදහා ඉහලම මූල්‍ය දායකත්වය දරන ලද්දෙ පින්වත් ශෝබිත අයියා විසින්.

ශෝබිත වීරක්කොඩි මහතා රු 48,000.00
පදනමේ අරමුදලින්        රු   5000.00
—————————————
එකතුව                        රු 53,000.00

Read More

පස්වන සූර්ය බල ආලෝක පූජාවද සිදුකල වගයි …

By Uncategorized

පින්වත් යාලුවනේ අපි පස්වන සූර්ය බල ආලෝක පූජාවත් සිදුකලා.
මීට කලින් කලින් කල පූජාවන් මේ ලින්ක් වලින් බලන්න පුලුවන්

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

කුරුණෑගලට කිලෝමීටර 200කට වැඩි දුරකින් පිහිටි ගලෙන්බිදුනු වැවට කිට්ටු මහා ඝණ වනාන්තරයක් තුලයි මේ ආලෝක පූජාව සිදුකලේ. මේ වෙනුවෙන් දායකත්වය දුන්න පිරිස පහත දැක්වෙනව.

අමිල හෙට්ටිආරච්චි මහතා රු 11,000.00
තනුජය විජේසිංහ මහතා රු 5000.00
ශමීන් විජයතිලක මහතා රු 3000.00
පුලනි විජේසිරිවර්ධන මිය රු 2000.00
හිරන්ත මදුසංක මහතා රු 1700.00
දීපානි කුසුමාලි මිය  රු 1000.00
——————————————
ලද මුලු මුදල    රු 23,700.00

දරණ ලද වියදම්
බැටරිය සදහා වියදම රු 9500.00
කටවුට් එක, ඉන්වේටරය හා බල්බ් සදහා රු 8030.00
වයර් ස්විච ආදිය සදහා රු 2830.00
කිලෝමීටර 205කට ආසන්න දුරක් ප්‍රවාහන පහසුකම් සදහා ඉන්ධන ලබාගත්තා රු 3340.00
—————————————————————
වියදම් වූ මුදල රු 23700.00

දින තුනක් පුරාවට මිතුරෙකුගේ කැබ් රතයක් මේ පින්කම් වෙනුවෙන් යොදවල තිබ්බ නිසා ඔහුගේ කැබ් රථයට අනෙක් ව්‍යාපෘතිවල මුදල් ද යොදවා ඉන්ධන ලබාගත්තා. රු 3340/-ක් වැය උනේ ඒ වෙනුවෙන්.

ඉතින් මේ සිදුකලෙ පින්කම මහා ආලෝක පූජාවයි. එහි අනුසස් මෙතැකැයි කියා නිම කරන්න නොහැකියි.

Read More

පින්වත් කළණ මිතුරු දායකත්වයෙන් සිව්වැනි වරටත් ත්‍රිපිටක පොත් පූජාව සිදුකල වගයි …

By Uncategorized

පින්වත් මිතුරනි, අපි 2016/08/20 වැනි සිකුරාද සිව්වැනි වරටත් ත්‍රිපිටක පොත් වහන්සේලා පූජා කලා. මීට කලින් කල පූජාවන් පිලිබද සියලු විස්තර මෙන්න මේ ලින්ක් වලින් බලාගන්න පුලුවන්.

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

මේ සිව්වැනි ත්‍රිපිටක පූජාව සිදු කලේ කටාර් රාජ්‍යෙය් සේවයේ නියුතු පින්වත් රොෂාන් මහතා සහ මදුභාෂිනී මහත්මිය යන දෙපලගේ පූර්ණ දායකත්වයෙන්. ඒ අය විසින් ත්‍රිපිටක පොත් වහන්සේ මගෙ නිවසටම ගෙනත් දුන්න නිසා ඒ වෙනුවෙන් මුදල් වැය කිරීමක් අවශ්‍ය උනේ නැහැ.

මේ වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් නොමිලේම ලබාදෙමින් කුරුණෑගල සිට දුටුවැව දක්වා කිලෝමීටර150කට ආසන්න දුරක් ප්‍රවාහනය කර දෙන්නට පින්වත් ලංකා කළණ මිතුරා සහය ලබාදුන්නා. ඒ සියලු දෙනාට අපමණ පින් හිමිවේවි.

පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.

සබ්බ දානං ධම්ම දානං ජිනාති
ධර්ම දානය හා සමකල හැකි කිසිද්‍දු දානයක් නෑ.

ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.

  1. බොහෝ දෙනාට ප්‍රිය වීම (බහුනො ජනස්ස පියො හොති)
  1. සත්පුරුෂ ආශ්‍රය ලැබීම (සප්පුරිසො භජන්ති)
  1. කීර්තිය පැතිරීම (කල්‍යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)
  1. ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)
  1. දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)

ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.

  1. ධර්ම දේශනා කිරීම
  1. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
  1. දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම
  1. ධර්මය ඉගැන්වීම
  1. පිරිස් වලට බණපොත් කියවීම
  1. අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම
  1. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම
  1. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම
  1. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම
  1. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම
  1. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම,
  1. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම
  1. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම
  1. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම
  1. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්‍ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීම ධර්ම දානමය කුසල් ලැබීමට හේතුවන බව සැලකිය යුතුයි. ධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේ අත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහර ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිති. ධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම ද වැඳීම ද සාදුකාර දීම ද කුසල් බව සිතට ගත යුතුය. සද්ධර්මාලංකාරයෙහි මෛත්‍රී බුදුන් දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. ‘බණ කියන ගෙයි පහන් දැල්වූවෝ ද මෛත්‍රි බුදුන් දකිති’.

‘බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණ පැවැත්වූවෝ දකිති. විජිනිපත් දුන්නෝ ද දකිති. බණ පොත ලියවූවෝ දකිති. තමන් ලියවූ පොත අකුරු ගණනින් චක්‍රවර්තී සම්පත් ආදි වූ සැපත් ලදින් සුවපත් වූවෝ මෙතේ්බුදුන් දකින්නාහුමය. තවද ආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය.

පින්වත් යහලුවනේ ධර්ම දානය අට මහ කුසල්වලට අයිතියි. අට මහ කුසල් කියන්නෙ දැනට කරන්න පුලුවන් බලගතුම පින්කම් අටක්. මෙන්න ඒ අට.

1.කඨින සිවුරක් පූජා කිරීම

2.අටපිරිකර පූජාකිරීම

3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම

4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.

5.බුද්ධ ධර්ම දානය සිදුකිරීම.

6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම

7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම

8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. මේ පින්කම් වල ආනිසංස කියල නිම කරන්න බැහැ. කල්ප කෝටි ගණන් විපාක දෙන පින්කම් මේව. ඒ විතරක් නෙවෙයි. පංච ආනන්තරයි පාපකර්ම හැර ( මව මැරීම, පියා මැරීම, රහතුන් මැරිම, බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම, සංඝභේදය )අනිත් සියලු පව් යටපත් කරන්න තරම් මේ පින්කම් බලවත්.

ඊට අමතරව මේ  විහාරස්ථානයට පැමිණ මේ පොත්වහන්සේලා කියවා ධර්මය ඉගෙන ගන්නට සෑම අයෙකුටම අවස්ථාව ලබාදේවි. ඉන් ජනිත වන්නේ අපමණ කුසලයක්. ස්වාමීන් වහන්සේටත් ධර්මය ඉගෙනගැනීමට මෙම පූජාව මහා රුකුලක් වේවා.

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ඔබ සියලු දෙනාගේම පවුලේ  සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා. මේ පින්කම සිදුකල  සියලු දෙනාට මෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඒ අය ජීවත් වන්නේනම් නිදුක් නිරෝගී සුවබර, මෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට  සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවා. මිය පරලොව ගොස් ඇත්නම්  වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්, යහපත් තැනක ඉපදී ඇත්නම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.

ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. ධර්මයෙන් ඇති කරන්නේ ප්‍රඥාවයි. මෙපින් බලෙන් ප්‍රඥාව මෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රට, ජාතිය, ආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන් වන්නට මෙපින් හේතු වාසනා වේවා.

එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්‍රමාණයද අප්‍රමාණයි. නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්, වැටෙන  වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙන ඔබේ ඇසුර පවා මහා සතුටක්. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්‍රයට ලැබේවා. විශේෂයෙන් මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්‍යයක්..

එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්, විශේෂයෙන්ම ප්‍රවාහන වියදම් අඩුවෙන් ලබාගනිමින් ඒ සියලු කටයුතු සාර්ථකව සිදුකල රියදුරු මහතුන් ඇතුලු විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා, දායකකාරකාදීන්  ආදී සියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවා.

ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත් පහලවීම ම ඔබ ලද මහා භාග්‍යයක්. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිත නිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්.  සිදුකල සියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටවත් නොලැබේවා. කෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්‍රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිත නොවේවා.  ජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්, ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.

පින්වත් යාලුවනේ. පංච ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේ. ඒ ලෙසින්ම  දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා. ව්‍යාපාර, අධ්‍යාපන, කටයුතු සියල්ල සාර්ථක වේවා. වැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සතර දිගින් සතර මහා වස්තු පහල වේවා. සිව් දිගින් කප්රුක් පහලවේවා. අහසින් රුවන් වැසි වැටේවා. පොළවෙන් මුතු මැණික් මතුවේවා. සසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

සියලු චායාරූප නරඹන්න

සිව්වැනි ත්‍රිපිටක පූජාව ...

සිව්වැනි ත්‍රිපිටක පූජාව ගලෙන් බිදුනු වැව දුටුවැව ප්‍රෙද්ශයේදී සිදුකල වගයි …

වීඩියෝ නරඹන්න

වනවාසී භික්ෂූන් වහන්සේට ජලය සහ වැසිකිලි පහසුකම් ලබාදුන් වගයි …

By Uncategorized

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

හම්බන්තොට ප්‍රෙද්ශයේ යාල මහ ඝන කැලයේ අඩි 400න් පමණ උස ගල් පියස්සක බවුන් බඩනා පූජණීය මහා සංඝරත්නය විෂයයෙහි පැන් පහසුකම සහ වැසිකිලි පහසුකම ලබාදෙන්නට අපිට පුලුවන් උනා. ඒ මහා පින්වත් ස්වාමීන් වහන්සේ දිනකට එක්වේලක් පමණක් වලදමින් අධි සිල් ප්‍රතිපදා රකිමින් මේ මහා ඝොර සසරින් මිදෙන්නට වෑයම් කරමින් සිටී.

එවන් ගුණවෘද්ද, තපෝවෘද්ධ, සීලවෘද්ද මහා සංඝරත්නය විෂයයෙහි පින්වත් මිතුරු මිතුරියන්ගේ රු ලක්ෂ තුනකට ආසන්න මුදල් පරිත්‍යාගය මත මේ මහා පින්කම කරන්නට හැකි උනා.

මුලින් ස්වාමීන් වහන්සේලා දෙනමකට මේ පින්කම සිදුකරන්නට බලාපොරොත්තු උනා. ස්වාමීන වහන්සේලා දෙනමගේම අවශ්‍යතා සදහා වියදම් තමයි පහත දක්වල තියෙන්නෙ. ඒත් හදිසියේම අපි රැගෙන ගිය ජෙනරේටරයක් අක්‍රිය වීම නිසා ත්, ඒ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කලන ලද ලිදේ ජලය නොමැති වීම නිසාත් තණමල්විල ස්වාමීන් වහන්සේ ගේ වැඩ කටයුතු නිම කරන්නට බැරි උනා. ස්වාමීන් වහන්සේලා දෙනම වෙනුවෙන්ම දැරූ වියදම් මෙහි සටහන් කර ඇති අතර තණමල්විල ස්වාමීන් වහන්සේ වෙනුවෙන් නලලිදක් සකස් කිරීමේදී නැවත ඒ වියදම් දරන්නට අවශ්‍ය වෙන්නෙ නැහැ.

පින්කම පිණිස මේ පිනවත් මිතුරු මිතුරියන් මුදල් ලබා දුන්නා …

සංජය ආරච්චිගේ මහතා                       රු 80,000.00
සේපාලිකා සොයුරිය                             රු 50,000.00
ජනක මහතා                                         රු 25,000.00
සජී ආරච්චිගේ සොයුරිය                        රු 20,000.00
ප්‍රියදර්ශනී ප්‍රනාන්දු සොයුරිය             රු 10,350.00
අරුණා කෝන්ගහේ සොයුරිය                රු 10,000.00
තාරක විතානගේ මහතා                          රු 10,000.00
තරුමිණි පෙරේරා දියණිය                     රු 10,000.00
නිමල් අමරසිංහ මහතා                         රු 10,000.00
රීටා දැකුම්පිටිය මාතාව                         රු 10,000.00
පුබුදුනි අක්කා                                       රු 10,000.00
කපිල විමලරත්න මහතා                          රු 7,431.00
පර්සි ජයතිලක මහතාමහතා                   රු 5,450.00
එන්.අමරසිංහ සොයුරිය                        රු 5,000.00
ශාමික සදරුවන් මහතා                          රු 5,000.00
සුමිත් සෙනෙවිරත්න මහතා                   රු 5,000.00
පුෂ්පා ජයසිංහ මහත්මිය                        රු 5,000.00
චාමික සදරුවන් මහතා                         රු 5,000.00
ඉෂාර ප්‍රනාන්දු මහතා                          රු 4,000.00
පුලනි වෑවලගේ සොයුරිය                      රු 3,000.00
ශෙහානි බොතේජු සොයුරිය                  රු 3,000.00
අමිල ගමගේ මහතා                               රු 3,000.00
කැලූම් සම්පත් මහතා                             රු 2500.00
ගයාන් ගුණතිලක මහතා                        රු 2,000.00
හිරන්ත මදුසංක මහතා                           රු 2,000.00
වත්සලා ජීවපානී මෙනෙවිය                   රු 1000.00
ඉෂාන් උදය මහතා                                රු 1,000.00
විජිතා වීරසිංහ මාතාව                            රු 1,000.00
තිළිණ විජේවර්ධන මහතා                     රු 1,000.00

—————————————————-
ලද මුලු මුදල                                         රු 306731.00

දරන ලද වියදම

ප්‍රවාහන වියදම රු 30,500.00
ලිද කැපීම සදහා වියදම රු 9,000.00
ආහාර වියදම රු 7500.00
වතුර මෝටර් 02 සදහා රු 28,000.00
ජෙනරේටර් 02 සදහා රු 72,000.00
යකඩ බට, අමානෝ තහඩු, ඇණ තීන්ත ආදී සියලු වියදම රු 80,120.00
දින පහක් නොමිලේ වැඩකල සියලු දෙනාට සිය අවශ්‍යතා මිලදී ගන්නට දුන් මුදල රු 5,000.00

——————————————————————-

මුලු එකතුව රු 232,120.00

ඉතිරි මුදල 74,611.00

තණමල්විල ස්වාමීන් වහන්සේගේ  වෙනුවේද දැරූ අමුද්‍රව්‍ය වියදම්ද ඉහත වියදමට ඇතුලත් අතර ඒ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් නළ ලිදක් ඉදිරියේදී ඉදිවනු ඇති. නමුත් අපි ලබාගත් අමුද්‍රව්‍ය වියදම් නැවත දරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතිරි සියලු මුදල් වනවාසී ස්වාමීන් වහන්සේ වෙනුවෙන් නල ලිදක් ලබාදීමට යොදවනවා …

ඔබ සියලු දෙනා දායක වී සිදුකලේ මහා පින්කමක්.

මේ මහා වස්කාලයේ ඉතාම පුංචි දෙයක් ලබා දීමත් මහත් ඵල මහා ආනිසංස ලබාදෙනව. වස්කාලය යනු මහා පින් රැස්වන කාලයක්. ඒවන් වකවානුවක ඉතාම සිල්වත්, ගුනවෘද්ද, තපෝවෘද්ද, සීලවෘද්ද මහා සංඝරත්නයට අත්‍යවශ්‍ය පැන් සහ වැසිකිලි පහසුකම් ලබාදීම කියල නිමකරන්න බැරි කුසලයක්.

බුදු දහම තුල මහා කුසල් වර්ග අටක් සදහන් වෙනවා. මේ කාලයේ කරගත හැකි විශාලතම තුසල් අට එයයි. ආනන්තරිය පාපකර්මයකට හැර එවන් අට මහා කුසලයක් යටපත් කරන්නට බැහැ. ඒ අටමහා කුසල්නම්

කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ” මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.

 

1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

යන මේවා වේ.

මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ.

( එහෙත් අකුසලවිපාක සම්පූර්ණයෙන්ම අහෝසිවුවායි නොසිතිය යුතුවේ. නමුත් තාවකාගිකව හෝ යටපත් වේ ) මේ හේතුව නිසා අටමහා කුසලයන් සිදු කරගැනීමට බොහෝදෙනා උනන්දුවෙති. එසේම මෙම පිංකම් සිදුකිරීම තුළින් පරියාප්ති, ප්‍රතිපත්ති, හා ප්‍රතිවේද යන ත්‍රිවිධ ශාසනයේ චිරස්ථිතියටද විශේෂයෙන් මේ කාරණය හේතුවන බවද කිවයුතු වේ. මේ පිංකම් අනාගත ශාසනයේ උන්නතිය බලාම හඳුන්වා දී ඇති බව සිතිය හැකිය.

බොදු ජනතාවගේ ලෞකික හා ලෝකෝත්තර අභිවෘද්ධිය සළසා ගැනීමටත් මෙම අටමහා කුසලයන් හේතුවන බව ත්‍රිපිටකයේ සඳහන් විවිධ පිංකම්වල අනුසස් ප්‍රකාශකරන තැන්වල දක්නට ඇත. එහෙයින් අටමහා කුසලයන් සිදුකර ගැනීමට හොඳම කාල පරිච්ඡේදය වන්නේ මේ චීවර මාසය බව සඳහන් කළ හැකිවේ.

මෙහිදී අපි සිදුකල වැසිකිලි පූජාව මොහොතක් බලමු

වැසිකිළි කරවීම

අටමහා කුසල් අතර අටවන මහා කුසලය වශයෙන් සඳහන් වෙන්නේ වැසිකිළි සාදවා මහ සඟනට සඟසතු කොට පූජා කිරීම හෝ පොදු ජනතාවගේ ප්‍රයෝජනයට අවස්ථාව උදාකිරීම මෙම පිංකමට දායක විය හැකිය.

ශිෂ්ට සම්පන්න ජන සමාජයක් තුළ වැසිකිළි භාවිතා කිරීම අවශ්‍යම කාරණයකි. එවිට බාහිර පරිසරය දූෂණය නොවේ. ලෙඩරෝග බෝවීම වැළකේ. නීරෝගී ජන සමාජයක් බිහි කිරීමට මෙම කරුණුද විශේෂ හේතුවකි. බුද්ධ දේශනයේදී විශේෂ අවධානය යොමුවූ කාරණයකි වත් පිළිවෙත් අනුගමනය කිරීම. ඒ වෙනුවෙන් චුල්ලවග්ග හා මහා වග්ග පාලි යේ වත්තකඛන්ධකය යනුවෙන් වෙනම කොටසක් වෙන්කර ඇත. ඒ වත් අතර වැසිකිළිවත කෙසිකිළිවත එකකි.

එම වැසිකිළි කෙසිකිළි භාවිතා කරණ ආකාරය ද දහමේ වත් මගින් පැහැදිළිකර ඇත. විනය ග්‍රන්ථයේ මනා විවරණයක් ඒ සඳහා වේ. නිතරම වැඩිමහළු පිළිවෙළට හෙවත් වෘද්ධ පටිපාටිය අනුගමනය කරන සංඝ සමාජය මෙම වැසිකිළි වතෙහිදි ආගත පටිපාටිය හෙවත් වැසිකිළියට යන්න ආපිළිවෙළට යාමට අවස්ථාව විනයෙන් හිමිකර දී ඇත. එය පාවිච්චි කිරීමෙන් පසු සෝදා පිරිසිදු කරණ ආකාරය පවා මෙහි දක්වා ඇත.

එසේම ස්වාමීන් වහන්සේට පැන් පහසුව සලසා දීම සදා පින් වැජෙන පින්කමක් බව වනරෝපණ සූත්‍රෙය් සදහන් වේ.

තවද දිවා රාත්‍රී පින් වැඩෙන පිංකම් පහක් පිළිබඳව වන රෝප සූත්‍රයෙහි සඳහන් වේ.

 

ආරාම රෝපා වනරෝපා
යේ ජනා සෙතු කාරකා
පපඤ්ච උදපානං ච
යෙ දදන්ති උපස්සයං
තේසං දිවා ච රත්තෝච
සදා පුඤ්ඤං පවඩ්ඪති

ඒවා නම් මෙසේය.
1ආරාම රෝපණය :- මෙහි ආරාම රෝපනය යනු මල් වතු පළතුරුවතු වැවීම අදහස් කෙරේ.2.වන රෝපනය :- වන සංරක්ෂණය කිරීම හා වතු වගා කිරීම මින් අදහස් කෙරේ.
3.ඒ.ඒදඬු පාළම් කරවීම (සේකුකාරක)
4.පැන්හල් ළිං පොකුණු සෑදවීම (පපංච උදපානංච)
5.වාසස්ථාන කරවාදීම (උපස්සය දානය)

මේ අනුව ස්වාමීන් වහන්සේට පැන් ලබාදීම සදා පින් වැඩෙන පින්කමක් බව ධර්මයේ සදහන් වේ.

මේ ආනිසංස පිලිබද වැඩි දුරටත් දැනගැනීමට ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනය ශ්‍රවණය කරන්න.

ඉතින් පින්වත් යාලුවනේ. ඔබ හැදූ වැඩූ දෙමාපියන්ටත්, දුවා දරුවන්ටත්, ඤති හිතමිතුරන්ටත් මේ පින් හිමිවේවා. මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්මකායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සතර දිගින් සතර මහා වස්තු පහල වේවා. සිව් දිගින් ගප්රුක් පහලවේවා. අහසින් රුවන් වැසි වැටේවා. පොළවෙන් මුතු මැණික් මතුවේවා. සසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා. පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

සියලු චායාරූප නරඹන්න …

වනවාසී ස්වාමීන් වහන්සේට ජල පහසුකම් ලබාදීම ...

යාල මහ වනමැද බවුන් වඩනා වනවාසී ස්වාමීන් වහන්සේට ජල පහසුකම් ලබාදීම …

වීඩියෝව නරඹන්න

 

2016 වර්ෂයේ වෙසක් පුන් පොහොය වෙනුවෙන් චෛත්‍ය රාජයන් වහන්සේලා හය නමක් සුදු පිරියම් කල වගයි …

By Uncategorized

2016 වසරේ වෙසක් පොහොය නිමිත් කරගෙන මෙවර චෛත්‍යරාජයන් වහන්නේලා සය නමක් සුදු පිරියම් කෙරුනා.  වෙසක් පොහොයට සුදු පිරියම් කිරීමට නියමිතව තිබූ මේ චෛත්‍යරාජයන් වහන්සේලා අධික වර්ෂාව නිසා සුදු පිරියම් කරන්නට පමා උනා. ඒත් ඇසල පොහොය වන විට නොයෙක් කරදර මැද, වර්ෂාවේ බාධක මත සුදු පිරියම් කර අවසන් කලා. පොල්ගහවෙල දෙනගමුව බෝධිගුප්ත පිරිවෙන් චෛත්‍යරාජයන් වහන්සේ, පොල්ගහවෙල පනලිය රන්සිරි විජයාරාම චෛත්‍යරාජයන් වහන්සේ, පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාම විහාරස්ථ චෛ්‍යෛරාජයන් වහන්සේ, පොල්ගහවෙල වෑවල විහාරස්ථ චෛත්‍යරාජයන් වහන්සේ, කුරුණෑගල කොන්පොල සුමනාරාම විහාරස්ථ චෛත්‍යරාජයන් වහන්සේ මහව ඇඹෝගම චෛත්‍යරාජයන් වහන්සේ යන චෛත්‍යරාජයන් වහන්සේලා සය නමම මේ අයුරින් සුදු පිරියම් කෙරුනා. පහත දැක්වෙන්නේ ඒ සදහා මුදලින් දායක වූ පින්වත් පිරිසයි.

මලින්ද රුක්මාල්ද සිල්වා මහතා රු 22,000.00
සේපාලිකා ගමගේ සොයුරිය රු 10,000.00
රුක්ශාන් ප්‍රනාන්දු මහතා රු 8300.00
කපිල විමලරත්න මහතා රු 7586.00
පුබුදුනි රූපසිංහ සොයුරිය රු 5000.00
ලයනල් ගුණතිලක මහතා රු 5000.00
ජගත් නිශාන්ත පෙරේරා මහතා රු 5000.00
එච්. පත්මන්ත මහතා රු 5000.00
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 5000.00
ක්‍රිශාක්ත සමරවීර මහතා රු 3000.00
නෙව්ශිකා හේරත් සොයුරිය රු 2500.00
ශොහානි බොතේජු සොයුරිය රු 2000.00
රුවන් ධනුෂ්ක මහතා රු 2000.00
තරිදු චමල් මහතා රු 2000.00
චන්දන මදුරංග මහතා රු 1500.00
හිරන්ත මදුසංක මහතා රු 1000.00
චමිල රත්නායක මහතා ඇතුලු මිතුරු කැල රු 1000.00
හර්ෂණී ගුණතිලක සොයුරි රු 1000.00
චාමික සදරුවන් මහතා රු 1000.00
හිරන්ත මදුසංක මහතා රු 500.00
රංග වේරගොඩ මහතා රු 300.00
චතුරි විසුම්පෙරුම සොයුරිය රු 200.00
—————————————
එකතුව රු 91086.00

වියදම්

තින්ත සදහා රු 33050.00
ශ්‍රම වියදම ( රු 23,000.00 + 1500 ) = රු 24500.00
ප්‍රවාහන වියදම් රු 1900.00
——————————
වියදම රු 59,450.00

වියදම අඩුවීමට හේතුව විහාරස්ථාන තුනක සුදු පිරියම් සිදුකිරීම දායකයන් විසින්ම සිදු කෙරුන නිසා අපිට ශ්‍රම වියදම වැය වූයේ චෙචත්‍යරාජයන් වහන්සේලා තුන් නමකට පමණයි.

ඒ අනුව ඉතිරි මුදල් රු 91086.00 –  රු 59,450.00  = රු 31636.00   පමණ වේ.

ඉදිරි ප්න්කම් සදහා යෙදවීමට අරමුදලට බැරකල අතර මේ සියල්ල විගණන වාර්ථා මගින් අනාවරණය වනු  ඇත.

පලුමුවෙන් මෙහෙම පටන්ගනිමුකො. අපි හැමෝම බලාපොරොත්තු වෙනනෙ මෛත්‍රී බුදුන් දකින්නනෙ. එහෙනම් අනාගත වංශ දේශනාවෙ මෙන්න මෙහෙම සදහන් වෙනව.

මෛත්‍රී බුදුන් දකින්නෝ කවරහුද යත් … … තවද ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකින්නෝ කවරහුද යත්? පන්සිල් රැක්කාහුද දස කුසල්වල යෙදුනෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය දාගැබ් කරවූවෝද දාතු කරඩු පිදුවෝද දාන ශාලා තැනුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය.

දැක්ක නේද? මෛත්‍රී බුදුන් දකින්නෙ කවුද කියල.

මේ බලන්න …

මෙයින් සිවු අනූවන කපෙහි සිද්ධාර්ථ තථාගතයන් වහන්සේ ගේ චෛත්‍යයෙහි පැලී තිබූ තැන් බදාම ලා සංස්කරණය කළ සැදැහැවතෙක් ඒ පිනෙන් සිවු අනූ කපක් දෙවු මිනිස් සැප විඳ අප බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සියලු කෙලෙසුන් නසා, රහත්ව සංසාරය කෙළවර කළේය. බදාම පිඬක් ලෑමේ පිනෙන් සම්පත් ලද බැවින් උන්වහන්සේ “සුධා පිණ්ඩිය” යන නමින් ද හඳුන්වන ලදහ.

තවද මෙයින් දෙ අනූවන කපෙහි බුදුවූ ඵුස්ස බුදුරදුන්ගේ චෛත්‍යය මහ වනයෙහි ඇතුන් විසින් පලුදු කරනු ලදුව ගස් වැවී ජරාපත් වී තිබිණ. එක් සැදැහැවතෙක් ඒ චෛත්‍යයෙහි කැඩුම් බිඳුම් වලට බදාම හා ප්‍රතිසංස්කරණය කළේය. ඒ පිනෙන් ඒ සැදැහැවතා ද දෙඅනු කපක් මුළුල්ලෙහි අපමණ දෙවු මිනිස් සැප විඳ අප බුද්ධ ශාසනයේ පැවිදිව රහත්ව දුක් කෙළවර කළේය. ඒ රහතන් වහන්සේ “චණ්ඩ ඵුල්ලයන්ථෙර” යන නමින් හඳුන්වන ලදහ.

ඉතින් පින්වත් යහලුවනේ චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම කියා නිමකල කල නොහැකි කුසල කර්මයක්. මෙපමණයි කියල කියන්න බැහැ එහි ආනිසංශය. වැලිවලින් කුඩා චෛත්‍යයක් හදල දොඹමල් පූජ කරල අප්‍රමාන දිව්‍ය සම්පත් ලද කථාව ඔබ අහල ඇති.

සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ චෛත්‍යට එක් රැයක් එක් පහනක් පුදා පහත සදහන් ආනිසංශ ලැබූ බව ථේරී අපදානයේ දැක්වේ,

1.ශරීරයේ විවිධ රෝග හට නොගනී.

  1. ශරීරයේ කිසිම කැළලක් හටනොගනී

3.දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි උත්පත්තිය ලබයි

4.රන්වන් බැබළෙන ශරීරයක් සියලු භවයන්හි ලබයි

5.අපි‍්‍රයයන් එක්වීමක් සිදු නොවේ. පි‍්‍රයයන් හා එක්වේ

6.මිනිස් ලොව රජ, මැති, ඇමැති පදවි ලැබේ

7.සක්විති රජ පදවිය හිමි වේ

8.සක්දෙව් පදවිය ලබන්නට සුදුසු වේ

9.ප්‍රඥාවන්ත වේ. ගුණයෙන් ධනයෙන් පොහොසත් වේ

10.අර්හත් පදවියට අපහසුවෙන් තොරව ළං වේ

11.නිර්වාණය අවබෝධ වේ

12.එතෙක් කිසිදු දුගතියක නූපදී

එසේම මේ ලංකා ද්වීපය පාලනය කල එක්තරා සත්පුරුෂ රජ කෙනෙක් හිටිය ඉස්සර.එතුමා තමයි භාතිකාභය රජතුමා.දුටු ගැමුණු මහා රජතුමාගේ මුනුපුරෙක් වන රජ කෙනෙක් තමයි මෙතුමා.දවසක් එක්තරා ශ්‍රාස්ත්‍රයක් දන්නා මනුෂ්‍යයෙක් මේ රජතුමාට මාරක අපලයක් තිබෙන බව දැන ගෙන එය රජතුමාට සැල කර සිටිනවා.වර්තමානයේ කේන්දර බැලීම ආදී දේ මිත්‍යාවක් යයි කට්ටිය ප්‍රතික්ෂේප කලත් එම ශ්‍රස්ත්ර්ය හරියට ඉගෙන මිනිසුන්ගේ ජිවිත සුරැකීමට නිසි අයුරින් භාවිතා කරනවා නම් එය ගොඩක් වටිනා දෙයක්.ඉතින් අර මනුෂ්‍යය අරවිදියට රජතුමාට කිව්වහම මේ රජතුමා එකල වැඩසිටිය රහතන් වහන්සේලා සම්මුඛ වෙලා උන්වහන්සේලාගෙන් අහනව ඒ අපලයෙන් මිදීමට පිලියමක්.මාරක අපලයක් පැමිණ අකාලයේ මියයාමට හේතුව කලින් භවයන් වල සිදු කල ප්‍රාණ ඝාත අකුසල කර්මය බවත් ඉන් මිදීමට නම් කලයුතු හොඳම දෙය නම් රටේ තිබෙන දිරාගිය අබලන්වී ගිය වෙහෙර විහාර චෛත්‍ය ආදී තුණුරුවනට අයත් දේ මුදල් ශ්‍රමය යොදවා පිළිසකර කර ඒවා ප්‍රතිසංස්කරණය කරදීමෙන් බවත් රහතන් වහන්සේලා රජතුමාට දන්වා සිටිනවා.එමගින් වෙහෙර විහාර පිළිසකර වනවා වගේම තමන්ගේ බොහෝ අකුසල කර්ම යටපත් වෙලා ආයුෂ ආදිය පිරිහී තිබෙනවා නම් විහාර පිළිසකර කලාවගේම තමන්ගේ ආයුෂත් පිලිසකරවෙලා මාරක අපල ආදිය දුරු වෙලා ආයුෂ වැඩි වෙනවා. මෙය දැනගත් රජතුමා එවකට ලංකා ද්වීපයේ තිබුණ සියලුම වෙහෙර විහාර ආදිය හොඳින් පිළිසකර කරනවා.අර මනුෂ්‍යයා සඳහන් කල මාරක අපල කාලය ගෙවිගියත් රජතුමාට කිසිඳු අන්තරාවක් නොවී රජතුමාගේ ජීවිතය බේරෙනවා.

මේ තරම් මහ පින්කමක් කල මගෙ මිතුරු මිතුරියන් මෙවන් පින්කමකට අපවත් සම්බන්ධ කරගැනීමෙන්ද අපමණ පින් රැස්කරගත්ත.

මේ සියල්ල චෛත්‍යයන් සම්බන්ද ආනිසංශයි.

ඉතින් පින්වත් යාලුවනේ. මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්මකායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා. පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

මම එරන්ද ලක්මාල්

චායා රූප නරඹන්න …

චෛත්‍ය සුදු පිරියම් කිරීම - 2016

2016 වසරේ වෙසක් පොහොය නිමිත් කරගෙන මෙවර චෛත්‍යරාජයන් වහන්නේලා සය නමක් සුදු පිරියම් කෙරුනා.

වීඩියෝ නරඹන්න …