
මේ පින්කම දොළොස් මහේ පහන් පූජාවක්.
ඔයාලට මතක ඇති කාලෙකට ඉස්සර පින්කම් ගොඩක් සිදුකලා. මෙන්න මෙතනින් බලන්න පුලුවන් ඒ පින්කම් පිලිබදව.
ඉතින් ඒ පින්වත් අයිය තමයි මේ පහන පරිත්‍යාග කලේ. ඒ පන්සල තමයි පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරය. පන්සලේ දොලොස් මහේ පහණක් තිබුන. ඒක හොරු අරන් ගියා. හොරා අල්ලන් බැරි උනා. ඉතින් පහන් ගේ විතරක් තිබුන. මේ පිලිබදව දැනුම් දුන්නම මේ පින්වත් අයිය ඒ පහණත් පරිත්‍යාග කරන්න භාර ගත්ත. අපිට පසුගිය පොසොන් පොහොය දවසෙ ඒ පහණ පරිත්‍යාග කරන්න පුලුවන් උනා. ඔයාලට පින්තූෙරන් පෙන්වන්නෙ ඒ පහණ තමයි. මේකෙ වටිනාකම රුපියල් 40,000ක්. නමුත් මේ පහණ හදපු කෙනා පන්සලේ දායකයෙක්. ඒ නිසා එයාගෙ මහන්සිය අඩුකරල පහණ රුපියල් 30,000කට ලබාදෙන්න එයා කාරුණික උනා. ඒ මුදල ලබාදුන්නෙ මම කියපු අයිය.