
හම්බන්තොට තණමල්විල ප්‍රදේශයේ උඩවලව රක්ෂිතයේ මහ ගණ කැලෑවේ අපි සේනාසන (කුටි) පූජාවක් සිදුකලේ පසුගිය ( 2016 ෙපබ.) 19 වෙනිදයි. මහ ගණ කැලෑවේ අලි තොටි වළසුන්, සතා සර්පයන්, වගේම මංමුලාවැල්, අන්දර වැනි ශාකයන් ගහනව තියෙනව. ඊට අමතරව ගංජා හේන් වවන්නන්ගේ තර්ජන, විශේෂ කාර්ය බලකායත් නිතර සැරිසරනව. වෙඩි පහරවල් බියකුත් නොතිබ්බ නොවෙයි. ඊට අමතරව ඉපැරණි රජවරු අටවපු ගල් උගුල්, වගේම වැසි සහිත කාළතුණය. පාරවල් මහ ගල් පතුරු උඩින් වැටිල තිබුන නිසා ට්‍රැක්ටරය දෙපාරක්ම අනතුරට ලක් උනා. ප්‍රධාන මාර්ගයේ ඉදන් කිලෝමීටර 2.5තක් විතර යන්න තියෙනව. කිලෝ මීටරයක් විතර මහ ඝන කැලෑව.ට්‍රැක්ටරය ගියෙත් මගට. මීටර පන්සියයක් විතර කිලෝ විස්සක් විතර බර සිමෙන්ති ගල්, වතුර, වැලි, ශීට්, සිමෙන්ති කරෙන් අදින්න උනා. මේ වෙනුවෙන් ගමේ කිහිප දෙනෙක්ම වෙහෙසුනා. ප්‍රදේශයේ ඝන දෙවි කොවිලක් කරන වෛද්‍යතුමා ඇතුලු තරුණ පිරිස මහගු සේවයක් ලබාදුන්නා. විශේෂයෙන්ම සුපිරි රියදුරෙක් උන ට්‍රැක්ටරය ධාවනය කල මිත්‍රයා අපිට මහගු සහයක් ලබාදෙමින් මහ ඝන කැලෑවේ ටැක්ටරය රැගෙන ගිය නිසා අපිට කටයුතු කරගන්න වඩා පහසු උනා.
කොහොම නමුත් අපේ නඩේ ඇත්තන්ටනම් අබමල් රේණුවක හානියක්වත් සිදු උනේ නැහැ
ස්වාමීන් වහන්‍සේට කුටියක් සමග නිදන ඇදන් කොට්ට මෙට්ටා අදියද, ජල පෙරණයක් ( Water Filter ) වානේ කබඩ් එකක් වගේම,රු 10,000/- ක මුදල් පරිත්‍යාගයක්ද සිදු කලා.
මේ මහ පින්කමට පහත පින්වතුන් හා පින්වතියන් දායකත්වය ලබා දුන්න.