තවත් ඉතාම වදගත් පින්කමකට මැදිහත් වෙන්න පුලුවන් උනා. ඒ අනතුරකින් අතක් අහිමි වෙච්ච තරුණයෙකුට මුදල් පරිත්‍යාගයක් කිරීම. මේ මුදල් පරිත්‍යාගය සිදුකලේ විදෙස් රටක සේවය කරන දිල්ෂාන් ප්‍රබෝධ පින්වත් සොහොයුරායි. තමන් දහදිය මහන්සියෙන් උපයන මුදල් මේවගේ පින්වැඩ වලට යොදවන අය හරිම අඩුයි. ඒත් පින්වත් දිල්ශාන් අයිය ඒ යුතුකම ඉටුකලා තමන්ගෙ රට වෙනුවෙන්. මේ පින්කමට සම්බන්ධ වීමට අපටත් අවස්ථාව ලැබුන. මේ රූපයේ දැක්වෙන්නේ මුදල් පරිත්‍යාග කරන්නේ හොදැල්ල ජයසුන්දරාරාම විහාරාදිපති පූජ්‍ය දලුපතේ ගෙදර මේධංකර හිමියන්. ඒ වගේම දිල්ශාන් අයිය නියෝජනය කරමින් පැමිනියේ ( වමේ සිට ) පල්ලේගම දම්මරතන හිමි, උරියාවේ සිරිනන්ද හිමි යන හිමිවරුන් දෙදෙනායි. Read More
2014 මැයි මාසෙ වෙසක් පුන් පෝදා මේ පින්කමට දායකත්වය ලබා දුන්නේ විදෙස් රටක සේවය කරන මිතුරු මිතුරියව් තිදෙනෙක් විසින්. ඒ පහත නම් සදහන් අයයි.
රන්ජිත් විජේසිංහ මහතා – රු. 10,000/=
පද්මිණි දේවේන්ද්‍ර හහත්මිය රු. 4500/=
අපි වෙසක් පොහොය දිනම රු. 32,000/= වටිනා නාම පුවරුවක් පරිත්‍යාග කලා. ඒ සදහා දායකත්වය දුන්නෙ දුලිප් දෙනවක මහතායි. රු. 32,000/=න් වියදම් උනේ රු. 31,440/= ක් පමණයි. ඉතිරි රු. 520/= මේ චෛත්‍යය වෙනුවෙන් යෙදෙව්ව.
එතකොට චෛත්‍ය වෙනුවෙන් ලද මුලු මුදල රු. 15,020/=ක්. ඒ මුදල් වියදම් උන විස්තර බිල්පත් සමගෙ මෙහි පහල සටහන් වෙනව.
Read More
අද වෙසක් පුන් පෝදා මේ පින්කමට දායකත්වය ලබා දුන්නේ විදෙස් රටක සේවය කරන දුලිප් දෙනවක මහතායි. බොහොම ඕනෑකමෙන් අපිට දායකත්වය ලබාදෙන්නට එතුමා කාරැණික උනා. මාකෙරේ විශ්වාසය තබමින් එතුමා විසින් රු 32,000/- ක මුදලක් මාවෙත ලබා දුන්න. ඉන් අදාල නාම පුවරැව සදහා රු. 31,430/- ක මුදලක් වැය උනා. විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිතුමා විසින් අදාල නාම පුවරුව සදහා බට දෙකක් පරිත්‍යාග කලා. මේ නාම පුවරැවේ දිග අඩි හතරක් වන අතර පලල අඩි තුනක්.
නාම පුවරැව සදහා වියදම් පහත පරිසි වෙනව.
නාම පුවරැව නිර්මාණයට – රු. 27,000/-
වැඩ කුලී රු. 1850/-
වැසි ආවරණ තහඩුවට රු. 825/-
එල් පට්ටම් තුනට ( වහලය සදහා ) රු. 1125/-
Read More
මේ පරිත්‍යාගය සිදුකලේ කෝන්පොල සුමනාරාම විහාරස්ථානයටයි. විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකල දේවලාලයට අවශ්‍ය උලු ලබාදීම සදහා මේ මුදල් පරිත්‍යාග කෙරුනා …
මේ පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන්නේ
රුවන් එස්. ජයසිංහ මහතා (රු. 10,000/=)
ශානිකා කල්පනී මහක්මිය (රු. 25,000/=)
කණිෂ්ක දයාරත්න මහතා (රු. 2300/=)
පේෂලීද සිල්වා මෙනෙවිය (රු. 1000/=)
මෙහි එකතුව රු. 38,300/-ක් වෙනවා. ඉතිරි රු. 36,700/- නම සදහන් කිරීමට අකමැති වූ පින්වත් සොයුරු සොයුරියන් විසින් ස්වාමීන් වහන්සේගේ ගිනුමට බැරකර තිබුන. සමහර පින්වතුන් මුදල් ඇණවුම් මගින්ද මුදල් එවා තිබුන.
මේ චෛත්‍යරාජයන් වහන්සේ ඉදිවන්නේ බුලුගොල්ල තියඩෝර්වත්ත විහාරස්ථානයේයි. ඉතික් චෛත්‍යරාජයන් වහන්සේ වෙනුවෙන් අපි රු 10,000/- ක මුදලක් පරිත්‍යාග කලා.
මේ පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන්නේ
පද්මිණි දේවේනද්‍ර මහත්මිය (රු. 5000/=)
අමල් ආර්. මහගෙදර මහතා (රු. 3000/=)
නිම්මි නදී මහත්මිය (රු. 2000/=)
යන පින්වත් සොයුරු සොයුරියන් විසින්.
චෛත්‍යරායන් වහන්සේ නමක් ඉදිකරන්නට දායක වෙන එක මහා පින්කමක්. ඒක අටමහ කුසල් වලින් එකක්. ආනන්තරිය පාපකර්ම හැර අන් සියලු අකුසල් යටපත් කරන්න පුලුවන් තරම් මහ පිනක්. ඒ විතරක් නෙවෙයි සදා පින්වැඩෙන පින්කමක්. අපි මියගියත් හැමදාම පින් ජනිතවෙනව. මොකද මේ චෛත්‍යයට හැමදාම මල් පූජ කෙරෙන නිසා. ඊලගට අනාගත වංශ දේශනාවෙ මෙන්න මෙහෙම සදහන් වෙනව. Read More