
පහුගිය කාලය පුරාවට ලක්ෂ 30කට ආසන්නව කරපු පින්කම් සියල්ලත්, සම්බුදු දහම ඉගෙනීමටත් එන්න අපේ වෙබ්අඩවියට
පින්වත් අමල් ආර් මහගෙදර මහතා විසින් ආරාමයක පිගන්, කෝප්ප, ආදී දාන උපකරණ පිලිවෙලට අසුරා ගැනීම සදහා රු 12,250/- ක් වටිනා වානේ අල්මාරියක් ගෞතම බුදු සසුනට පූජා කලා. පූජාව සිදු කලේ කුරුණෑගල, නැලව, විවේක වන සෙනෙසුන වෙතටයි.
අමල් මහතා විසින් රු 31,000/- ක් අප වෙත අවල තිබුන. ඉන් රු. 16 000/- ක් 18 රියන් බුදුපිළිම වහන්සේ වෙනුවෙන්ද රු 15,000/- ක් මේ වානේ අල්මාරිය වෙනුවෙන්ද පූජා කරන්නට මට කියල තිබුන. ඉතින් අල්මාරිය ගැන කිහිප තැනකින්ම බලල වෙහෙස මහන්සියෙන් හරි හොද තත්වයේ අඩු පිරිවැයක් ඇති වානේ කබඩ් එකක් තෝරගත්ත. ලංකාවෙ ප්‍රසිද්ධ ආයතන වල රු 16,000/-යි කියපු එකම කබඩ් එක සමහර තැන්වල ඊට ගොඩක් අඩුයි. ගණන් වැඩි ආයතන වලින් කියන්නෙ කොලිටිය හොද නිසා ගණන් වැඩි බව. ඒත් වර්ග දෙකම එක බව හොදට තේරෙනව. ඒ නිසා අල්මාරිය රු 12,250/- කට ලබාගත් අතර කි.මී. 8ක් 10ක් දුර සදහා රු 300/-ක් ප්‍රවාහනවයට අය කලා. Read More