Skip to main content
Monthly Archives

September 2014

පින්වත් කළණ මිතුරෙකුගේ දායකත්වයෙන් ගෞතම බුදුසසුන තුල ආලෝක පූජාවක් සිදුකල වගයි.

By All Posts

2014 සැප්තැම්බර් 08 බිනර පුන් පෝ දින අපි තවත් පින්කමක් සිදුකර ගත්ත. ඒ විදුලි පහන් ආලෝක කණුවක් සම්බුදු සසුන වෙත පූජා කිරීමයි මේ වෙනුවෙන් අපිට පූර්ණ දායකත්වය ලබාදුන්නේ උදමින ජයතිලක නම් පින්වත් අපේ මිතුරෙක්. මේ වෙනුවෙන් රු 23,000/= කට ආසන්න මුදලක් වැය උනා. ස්ථානය හරියටම කියනවනම් මීවලතැන්නේ සෝමාලංකාර පිරිවෙක් විහාරස්ථානය, බෝගමුව, බෝයගනේ, කුරුණෑගල. ඉතින් පින්වත් උදමින සහෝදරය විසින් ඉතාම ශ්‍රද්ධාවෙන් මේ කටයුත්තට දායක උනා. මේ පින්කම හදුන්වන්නේ ආලෝක පූජාවක් විදිහටයි. ඒනිසා පහන් ආලෝක පූජාව උනත්, විදුලි ආලෝක පූජාව උනත් මහත්ඵල මහානිසංස ‍ලබාදෙන පූජාවක්.

මේ සදහා ගිය වියදම් හා මීට අදාල බිල්පත් ඇතුලු සියලු ඡායාරූප පහත දක්වල තියෙනව.

පහන් පූජාවේ අනුසස්,
“දීපදෝ හෝති චක්ඛුදෝ” යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින් කමකි. සෑම පිනකින්ම දෙවිමිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම් වලින් විශේෂයෙන් ලැබෙන අනුසස්ද

ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමකි.

පහන් ( ආලෝක) පූජාවේ අනුසස් –
ප්‍රඥාව ලැබීමට හේතු වීම
හො‍ද ඇස් ලැබීමට හේතු වීම
දිවැස් ලැබීමට හේතු වීම
පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම
ඍධිමය හැකියා පහළ වීම
ධ්‍යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම
ඇස් රෝග නොවැලදීම
දිබ්බ චක්කු,දිබ්බ සෝත,පරචිත්ත විජානන,පුබ්බේ නිවාසානුස්සති ඥානයන් ලැබීමට හේතු වීම

ශිල්ප ශාස්ත්‍ර වහා අවබෝධ වීම අප බුදු සස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන්පත් වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේ දී ධනවත් මනුෂයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහාසංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍රද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහාසංඝයා වහන්සේ වෙත එළඹ දිවැස් ලැබීමට කළයුත්තේ කිමදැයි ඇසීය. “උපාසකය! එය සදහා ප්‍රදීපදානය දෙන්නට වටනේය”යි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැයි ගිවිස පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ධතු පිහිටවා කළ සත්යොදුන් ස්වර්ණ චෛතයය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන්ගස් දහසක් කරවීය. ඒවා ළගට කුඩා වූ ද ඒවා ළගට තවත් කුඩා වූද දහස් ගනන් පහන්ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කෙලේය.

ඉන් කල්ප ලක්ෂයකට පසු නැවතද හෙතෙමේ කාශයප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපිද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින්ද තබා දල්වා හිසමත තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශයප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛතයය වටා තබා විශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛතය වටා සර්වරාත්‍රීයෙහිම ඇවිදිමින් මහා පහන් පූජාවක් කලේය.
එම පින්කම් වල ප්‍රතිඵලය ලෙස අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ අප බුදු සස්නෙහි දිවැස් ලාභීන් අතර අගතැන්පත් තනතුර ලදහ.

(උපුටාගැනීම :- පුණෙයෝපදේශය පුස්තකය / රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන් වහන්සෙගේ)

ඉතින් ඒ හා සමාන මහ පින්කමක් අද ජනක මහත්මයා විසින් සිදු කරගත්තෙ. ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව එතුමා විසින් මේ කටයුත්තට දායක උනේ. මේ පින්කමේ බලය මෙතකැයි කියන්න බැරි තරම්. බොහෝමයක් පින්කම්වල පලවිපාත ලැබෙන්නෙ පහුවෙලා. ඒක හරියටම කියනවනම් දෙවූ මී පැණි මිදෙන්න වෙලාව ගතවෙනව වගේ පසුව පල විපාක ලැබෙන පින්කම්. උදාමරණයක් කිව්වොත් අපි චෛත්‍යයක් හුණු ආලේප කලොත් ඒ චෛත්‍යය දිහා බලල බොහේ අය සිත පහදගන්නව. ඒ අයට සිත පහදවා ගැනීමේ පිනට ප්‍රතිවිපාක ලැබෙන්නෙ පසුව.හැබැයි උදමිණ අපේ පිංවත් සොහොයුරා අද සිදුකලේ එවලෙම විපාක ලැබෙන පින්කමක්. මොකද මේ විහාරස්ථානය පිහිටල තියෙන්නෙ කැලයක් අසල. ඒ ප්‍රදේශය ගොඩක් අදුරු වෙලයි තිබුනෙ. ඉතින් පහන් කණුව සවිකල නිසා දැන් ඒ ප්‍රදේශයම ඉතාම ආලෝකමත් වෙලා. බලන්න ලස්සනයි. හරියටම කියනවනම් පුන්සද පෑව්ව වගේ.

ඉතින් පින්වත් යාලුවේ, ඔබ සිදුකල මේ මහානර්ඝ පින්කමේ බලයෙන් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවා. එබ සිදුකලේ පුංචි පින්කමක් නෙවෙයි. අතීත, වර්තමාන, අනාගත සංඝයා විෂයෙහි සිදුකල මහා බලසම්පන්න ආලෝක පූජාවක්. පහනකින් ආලෝකය ලැබෙන්නෙ කුඩා පුදේශයකට. ඔබ කල පරිත්‍යාගයෙන් විහාරස්ථාන භූමියේ අතිවිශාල වපසරියක් ආලෝකමත් වෙලා. හරිම ප්‍රිය ජනක ආලෝකයක්. ඉතින් එක් පහනකින් කල්ප සිය ගණනක් ආනිසංස ලැබෙනවනම් මෙවන් මහ පින්කමක ආනිසංස නොපමණ වේවිද? කෙසේනමුත් මෙවන් පින්කමක් සිදුකල ඔබවන් පුතෙකු බිහිකල රත්තරන් දෙමාපියන්ට මේ පින් හිමිවේවා. ඔවුන්ගේ ජීවිත සැපවත් වේවා. නිදුක් නිරෝගී ජීවිත හිමිවේවා. ජරා, ව්‍යාදි, මරණ යන දේවල් කාටත් පොදු උවත් ඉන් ලැබෙන අපහසුව දුරුවී සුවදායක ජීවිතයක් උදාවේවා. …
ඔබේ සමීපතමයන්ටද මේ පින් හිමිවී දිවිගමන යහපත් වේවා …
දෙවි බඹුන් පවා සාදුනාද දෙන මෙවන් මහ පින්කම් සිදුකල ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. සියලු රැකියා කටයුතු අතිශයින් සාර්ථක වේවා. සියලු අනතුරු, කරදර, දුක් කම්කටොලු අරුණ දුටු ගනදුර මෙන්, හිරු දුටු පිණිමෙන් විද්වංසනය වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් මල් මෙන් සුපිපේවා. නිවන් දක්නා ජාති දක්වා අසවල් දේ අඩුයැයි කිව නොහැකි තරමින් ඔබේ ජීවිතය පරිපූර්ණ වේවා. චෛත්‍යරාජයාණන් වහන්සේ ආරක්ෂා කනිරීමේ පිනෙන් සතරවරම් දෙවියන්ගේ ආරක්ෂාව නිවන්දක්නා ජාති දක්වාම ඔබට හිමිවේවා. සිදුකල ආලෝක පූජාවේ බලයෙන් උපන් උපක් ආත්මභායන්හිදී හිරුමෙන් මහා රශ්මියක් විහිදුවන අභිමානවත් බව ලැබේවා. තරු අඅතරට වන් සූර්ය රාජයෙක් සේ ඔබ අන් අය අතර බැබලේවා. ඒ විතරක් නෙවෙයි. ඔබ ලබාදුන් ආලෝකයෙන් අන් අයට අදුරෙහිදී ඇති බාධා දුරු උනා වගේ ඔබගේද සියලු බාධාවෝ දුරු වේවා. සර්ප ආදී සතුන්ගෙන් අන් අයට ලබාදුන් ආරක්ෂාව තුලින් ඔබටත් සතරවරම් දෙවි රැකවරණය නිවන් දක්නා ජාති දක්වාම ලැබේවා. අවසනදී පතන බෝධියෙන් අජරාමර සංඛ්‍යාත අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතු වාසනා වේවා …

‍අනන්ත බුදුගුණ බෙලෙන් තුන් ලොවම සැනසේවා …

ආලෝක පූජාව

ආලෝක පූජාව

 

බිනර පුන් පෝදා චෛත්‍යරාජයන් වහන්සේ නමක් වෙත රු. 40,000/- වියදමින සුදුයකඩ ආරක්ෂිත ගේට්ටු දෙකක් ගෞතම බුදු සසුන වෙනුවෙන් පූජාකල වගයි …

By All Posts

මේ චෛත්‍යරා‍යන් වහන්සේට පිවිසුම් දොරටු දෙකයි තියෙන්නෙ. මේ මලුව සුනක ආදී සතුන් නිසා නිතර අපවිත්‍ර වෙනව. ඒ නිසා මේ දොරටයු දෙකට සුදුයකඩෙන් ගේට්ටු දෙකක් දාන්න අවශ්‍යය වෙලා තිබුන. දොරටු දෙකටම අවහ්‍ය ගේටු පලු හතර සදහා වියදම රු. 40,000/= ට ආසන්න වනබව අපිට පෙනී ගියා. ඉතින් මේ වෙනුවෙන් දායකත්වය ලබාදෙන්න පින්වත් යාලුවෙක් ඉදිරිපත් උනා. ඒ පනාගොඩ ජනක මහතායි. එතුමා විසින් ඉමහත් ශ්‍රද්ධා සිතින් යුතුව මේ ගේට්ටු දෙක නිර්මාණය කරන්න බාරගත්ත. අද බිනර පුන් පෝදා මේ ගේට්ටු දෙ ගෞතම බුදු සසුනට පූජා කෙරුන.

මේ සදහා ගිය සියලු වියදම් වාර්ථාව ථ බිල් හා අනිකුත් ඡායාරූප පහත දක්වා තියෙනව.

චෛත්‍යරාජයන් වහන්සේ නමක් ප්‍රතිසංස්කරණයට දායක වීම මහා පුණ්‍යකර්මයක්.
සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ චෛත්‍යට එක් රැයක් එක් පහනක් පුදා පහත සදහන් ආනිසංශ ලැබූ බව ථේරී අපදානයේ දැක්වෙනව., Read More