Skip to main content
Monthly Archives

July 2015

දුෂ්කර ආරණ්‍යයක ස්වාමීන් වහන්සේ නමක් සදහා ඉදිවන කුටියක් වෙනුවෙන් රු 79,000/- ක් ගෞතම බුදුසසුන වෙනුවෙන් පූජාකල වගයි …

By All Posts

කතරගම තම්මැණ්නාව  ප්‍රදේශයේ දුෂ්කර ආරණයයක ගල්ගුහාවක වැඩවෙසෙන භාවනායෝගී ස්වාමීන් වහන්සේට කුටියක් සෑදීම වෙනුවෙන් අපි රු 79,000/- ක් මුදලක් පරිත්‍යාග කලා.

සජී ආරච්චිගේ මිය 29000/-
ජනක පී ලියනගේ මහතා 20 000/-
සේපාලිකා මෙනෙවිය 9000/-
චතුරංග ලක්ශානි මිය  5000/-
ඩී. චාමර අසේල මහතා 5,000/-
රවින්ද්‍ර පුෂ්පකුමාර මහතා 4000/-
හරේන්දු දේශප්‍රිය විතාණගේ මහතා  2500/-
යතින්ද්‍ර ගුණවර්ධන මහතා  1500/-
ශෙහානි බොතේජු මහත්මිය  1000/-
තිළිණ විජේවර්ධන මහතා 1000/-
දීප්තිකා ධර්මපාල මෙනෙවිය 1000/-

එකතුව රු 79,000/-

Read More

බුද්ධ පූජාවට අෂ්ඨ පානයන් සෑදීමට අවශ්‍ය බ්ලෙන්ඩරයක් සහ ප්ලාස්ටික් පුටු දහයක් ගෞතම බුදු සසුනට පූජා කල වගයි …

By All Posts

ආරණ්‍යයක ස්වාමීන් වහන්සේලාට වැඩ සිටීමට ප්ලාස්ටික් පුටු 10ක් සහ බුද්ධ පූජාව සදහා අෂ්ඨ පානයන් සාදන්නටත්, ස්වාමීන් වහන්සේගේ ප්‍රයෝජනයටත් බ්ලෙන්ඩරයක්ුත් ලබාදෙන්න අපිට පුලුවන් උනා. මේ පින්කම වෙනුවෙන් පූර්ණ අනුග්‍රහය ලබාදුන්නේ රජිත තෙන්නකෝන් මහතායි.

බ්ලෙන්ඩරය සදහා ගිය වියදම රු 4200.00

පුටු සදහා වියදම  රු 8750.00

ප්‍රවාහන වියදම රු 350.00

———————————————

මුලු වියදම රු 13300.00

ඉතින් මෙවන් මහ පින්කමක් සිදුකල ඔබ සියල්ලන්ගේ  නමින් පරලොව ගිය වරිග පරම්පරාවේ සියලු ඥාති හිතමිත්‍රාදීන් මේ මහ පින්කමේ අනුහසින් දුකින් මිදී සැපවත් ජීවිතම ලබත්වා. ඔබවන් දරුවන් බිහිකල පින්වත් මවු පිය දෙපලටත් මේ පින ඒකාකාරවම ලැබේවා. ඒ අයත් නිවන් දක්නා ජාති දක්වාම සැපවත් පින්බර මෙන්ම කිසිදු අපහසුවකින් තොරව තමන් පතන බෝධියෙන් පාරමී ධර්ම සපුරාගන්නට මේ පින් හේතුවාසනා වේවා.

අඹු දරු, සොයුරු සොයුරියන්ටත් මේ පින් හිමිවේවා. විශේෂයෙන්ම පුංචි දූ පුතුන්ට දිවිමගේ සිදුවන දුක් කම්කටොලු බාධා දුරුකරගන්නත්, නොයෙක් ග්‍රහ අපල කරම් බලවේගයන් බිද දමමින් ජවයෙන් ශක්තියෙන් ඉදිරිය‍ට යන්නත්, සසර පුරා යම් අකුසලයක් සිදුකොට ඇතිනම් ඒ සියල්ල යටපත් කරගන්නත් සසරේ සිදුකොට ඇති කුසල් ඉල්ලම් මතුවන්නටත් සියලු දෙවි යන්ගේ ආරක්ෂාව ලක්වන්නටත් මේ පින් හේතුවාසනාවේවා.

මේ පින්කම සිදුකල සිදුකල ඔබ සියලු දෙනාගේ පවුලේ සියලු දෙනාටමත් මේ පින් බලයෙන් ගින්නෙන්, ජලයෙන්, සුලගින් නිරන්තර ආරක්ෂාව ලැබේවා. කිසිදු කලෙක සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක්වත් අසන්නට නොලැබේවා. තව තවත් කුසල සිත්පහලවේවා. උපදින හැම භවයකදීම සද්ධර්මයෙන් පිරිපුන් පරිසරයකම උත්පත්තිය සිදුවේවා. පංචශීලයටම, දස කුසලයකටම සිත නැඹුරුවේව‍ා. කිසි කලක මිත්‍යාදෘෂ්ටික පාප මිතුරන් අසුරටවත් නොලැබේවා. සසර පුරාවටම කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. මේ භවයේ පටන් සසර පුරාම ජීවිතයේ සියලු අභියෝග හමුවේ නොසැලී සිටීමටත්, ඒ අභියෝගයන් ජයගැනීමටත් හැකියාව ලැබේවා.  මෙවන් පින්දහම් වැඩිවැඩියෙන් කරගැනීමට පින්සිත් පහලවේවා. පින් උල්පත්, ධන උල්පත් පහලවේවා.  සතර වරම් දෙවියන් සතර වටින් ඔබට ආරක්ෂාව සලසත්වා. කිසිදු හතුරෙකුට මැඩිය නොහැකි මහා පුණ්‍ය ආරක්ෂාවන් ඔබ වටා ජනිත වේවා. කෙලවර ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති පරම ශාන්ත නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා …

මෙවන් මහ පින්කම් බලයෙන් අප පතන බෝධියෙන් නිවන් දකින්නටත් සසර කතරේ නිතර දුකින් පෙලෙන අසරණ සතුන්ට අමා නිවන්දොරටුව විවර කරදෙන්නටත්, මේ පින් බලය පාරමිතාවක්ම වේවා….

 

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා.

බ්ලෙන්ඩරය හා පුටු 10

බ්ලෙන්ඩරය හා පුටු 10 නැලව ආරණ්‍යය

අප අතරින් වියෝ වූ පින්වත් මිතුරෙකුට පින් පතා ආර්ථික අපහසුකම් ඇති නිවසකට විදුලි ආලෝකය ලබාදුන් වගයි …

By All Posts

 

2015 ජූලි මස 16 වැනිදා අපි තවත් විදුලි ආලෝක පින්කමක් සිදු කලා. ඒ පින්වත් මිතුරෙක් වෙනුවෙන් පින් අනුමෝදන් කරවීමටයි. ඒ විස්තර පහත දැක්වෙනව.

අපට මේ වෙනුවෙන් ලැබුන මුදල රු 28,000/-ක්.

උපකරණ මිලට ගැනීමේ වියදම රු 5985.00

විදුලිය ලබාදෙන යකඩය සදහා රු 550.00

විදුලිබල මණ්ඩලයට ‍ගෙවීම් රු 20,650.00

ගමන් වියදම රු 700.00

( පින්වත් ස්වාමීන් වහන්සේ දෙවරක් විදුලි බල මණ්ඩලයට වැඩමකිරීම සදහා ත්‍රිවීල් වියදම සදහා මෙම ගමන් වියදම යෙදුනි.)

මුලු වියදම රු 27885.00

ඉතිරි මුදලින් රු 100ක් විහාරස්ථානයේ විදුලි ආලෝක පූජාවවෙනුවෙන් පූජා කල අතර රු 15 වෙනත් පින්කමක් වෙනුවෙන් යෙදවෙනු ඇති.

මීට අමතරව වයරින් කිරීමේ වියදම මෙන්ම අමතරව අවශ්‍ය වූ යම් යම් උපකරණ විහාරස්ථානයෙන් ලබාදුන් බවට ස්වාමීන් වහන්සේ දන්වා සිටිය.

පින්කම පිලිබද සියලු චායාරූප පහලින් බලන්න පුලුවන්.

විදුලි ආලෝක පූජාවත් වැටෙන්නේ ආලෝක පූජාවක් ලෙසටයි. පහන් පූජාවේ අනුසස් විදුලි ආලෝක පූජාවේ අනුසස් වලට සමානයි. මේ බලන්න පහන් ආලෝක පූජාවේ අනුසස් ‍මොනවද කියල. Read More

රු 114,899.00 වියදමින් මහරගම පිළිකා රෝහලේ විකිරණ ප්‍රතිකාර ඒකකයට වායු සමීකරණ යන්ත්‍රයක් ලබාදුන් වගයි …

By All Posts

අද ( 2015/07/17 )දින රු 114,899.00 වියදමින් මහරගම පිළිකා රෝහලේ විකිරණ ප්‍රතිකාර ඒකකයට වායු සමීකරණ යන්ත්‍රයක් ලබාදෙන්න අපිට පුලුවන් උනා. මහරගම පිළිකා රෝහලෙන් සිදු කරන ලද කාරුණික ඉල්ලීමක් මත අප මේ පරිත්‍යාගය සිදුකලා. පින්වත් ඔබට මතක ඇති ජූනි මාසයේ 25 වැනි දින අපි පිළිකා රෝහලට තැඹිලි, රෝගීන්ට තෑගි සහ අත්‍යාවශ්‍ය උපකරණ දානයක් ලබාදුන්නා. ඒ විස්තර මෙන්න මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.

ඒ අනුව කලින් මේ වෙනුවෙන් දායක වූ අය රූපසිංහ මිය , රූපසිංහ අක්කා, ජනක පී ලියනගේ මහතා, රොෂාන් ප්‍රගීත් මහතා, උදාරා ධර්මසේන මෙනෙවිය, සේපාලිකා සොයුරිය, අරවින්ද බණ්ඩාර මහතා, එරංග සෙනෙවිරත්න මහතා,  සුනිල් පතිරණ මහතා, අසංක බස්නායක මහතා, සෙනුදි දම්සර පුංචි දුව,

කැලූම් සම්පත් මහතා, දිලාන් ලක්මාල් මහතා, ආන්යා එන්.පෙරේරා මහත්මිය, හිරාන් මදුසංඛ මහතා, අජේ මහතා, සමීර මධුරංග මහතා, බියන්කා මිය, වත්සලා ජීවපානී මෙනෛවිය, නෙව්ශිකා හේරත් මිය, ඩබ්.එම්.කේ.මදුසංක මහතා,  සත්සර ගාමිනී මහතා,  ඩී. චාමර අසේල මහතා, එම්.ජී. රොහාන් මහතා, රසික එරංග සෙනෙවිරත්න මහතා , කේෂව පීරිස් මහතා, පී.එච්.සිරිමල් මහතා, චාමර චමින්ද මහතා, ඩිලානි පෙරේරා මිය,එම් ඒ කරුණාරත්න මහතා, ‍ෙක්.එල්.සිරිල් පෙරේරා මහතා, කේ.එල්.අසංක මහතා, රාජ් චන්ද්‍රා මිය, නම් සදහන් නොකල ලැබීම්

Read More

දෙවන වරටත් නා‍ගොල්ලාගම ප්‍රදේශයේ ආර්ථික අපහසුකම් ඇති පාසැලක් වෙනුවෙන් රු 55,000 කට ආසන්න වියදමක් දරමින් පුස්තකාල පොත් සහ වානේ අල්මාරියක් ලබාදුන් වගයි ..

By All Posts

 

පින්වත් මිතුරනි ඔබට මතක ඇති මීට දින ගණනකට පෙර නිකවැරටිය දිගන්නෑව  ප්‍රදේශයේ පාසැලකට  පුස්තකාලයක් සහ පොත් අල්මාරියක් පරිත්‍යාග කලා. එහිදී අප අත ඉතිරි වූ මුදලක් තිබුන. රු රු 56,110.00 පහත ලින්ක් වලින් ඒ සියලු විස්තර බලන්න පුලුවන්.

http://sasuna.blogspot.com/2015/07/blog-post.html

http://wp.me/p4XCOM-ij

https://www.facebook.com/buddhist.foundation/posts/383699391836566:0

ඉතින් ඒ ඉතිරි මුදල් තමයි මේ අයුනිර්න පුස්තකාලයක් ලබාදෙන්න වැය කලේ.

පොත්මිලදී ගැනීමට රු 40,600.00

වානේ අල්මාරිය සදහා රු 12250.00

ප්‍රවාහන වියදම රු 1300.00
______________________
මුලු වියදම  රු 54150.00

 

මේ සදහා මැදිහත් උනේ තිඹිරියාගෙදර උපදුම්රිය ස්ථානාධිපති චන්දන මැතිතුමායි. එකම පින්කම දෙකක් නිසා කලින් පන්කමේ ආකාරයටම ආශිර්වාද කරන්නම්.

 

පින්වත් යහලුවනේ මේ සිදුකලේ බුද්ධ පූජාවක්. බුදුහාමුදුරුවො තමයි දානයේ ආනිසංශ අපිට කියල දුන්නෙ. ඉතින් ඒ බුද්ධ වචනයට ගරැකරමින් තමයි අපි මේ පූජාව සිදුකලේ. මේ පුස්ථකාගය නිසා අසරණ අහිංසක දරුවන් මොනතරම් සතුටු වෙයිද?  මේ විදුහලේ සමහර සිසු දරු දැරියන් ජීවිතය පවා නැතිකරගන්න උත්සාහ කල අවස්ථා තියෙනව. ඒ ඉගෙනීමට නිසි අවශ්‍යතාවයන් නොලැබීම නිසායි. එවන් සිසු දරු දැරියන්ට මේ  පුස්තකාලය මහගු පිටුවහලක් වේවිඉතින් මේ පින්කම සිදුකරන්නට මූල්‍ය දායකත්වය ලබාදුන් ඔබවන් පින්වත් දරුවන් බිහිකල ඒ උතුම් දෙමාපියන්ට මේ පින් ලැබී දීර්ඝායුස ලැබේවා. ඔවුන් මිය පරලොව ගිහින් ඇත්නම් මේ පින් බලෙන් සැපතින් සැපතටම පත්වේවා. අත්වැරදීමකින් වත් යම් කිසි අභව්‍ය ස්ථානයක සිටීනම් ඉන් මිදී සුගතාගාමි වේව‍ා. ඔබේ දරුවන්ටද සොයුරු සොයුරියන්ටද ඥාතීන්ටත් ඉතා හොදින් අධපාන කටයුතු කරගෙන යාමට මේ පින් හේතුවාසනා වේවා. මේ පින්කමට දායක වූ ඔබටත් මතක ශක්තිය, ධාරණ ශක්තිය, වර්ධනය වී ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. උපන් හැම භවයකම ඉහලම බුද්ධි මට්ටම්වල වැජඹෙමින් සියලු ඉගෙනීම් කටයතු ඉහලින්ම සාර්ථක කරගන්නට හැකියාව ලැබේවා…  සරස්වතී වරමින් ඉහල බුද්ධිමට්ටම්  රැකියා කටයුතු ආදියෙන් ඉහලටම යන්නට මේ පින හේතුවාසනා වේවා.  සම්බුද්ධ ශාසනයේ චතුරාර් සත්‍යය අවබෝධ කරගන්නට මහා හැකි ප්‍රඥාව පහල වේවා. කෙළවර මෙපින් බෙලෙන් චතරාර්ය සත්‍යය අවබෝධය තුලින් පතන බෝධියෙන් උතුම් නිවන් මග අවබෝධයට හේතුවාසනා වේවා …

 

මේ පින්කම සදහා ආධාර උපකාර කල බෞද්ධ නොවන පින්වත් අපේ මිතුරු මිතුරුියන්ටත් තම තමන්ගේ ආගම දහම අනුව බලාපොරොත්තු වන්නා වූ උතුම් පදවිය හිමිවේවා …

 

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා …

යාපව් මහා විද්‍යාලයට පුස්ථකාල පොත් පරිත්‍යාගය

යාපව් මහා විද්‍යාලයට පුස්ථකාල පොත් පරිත්‍යාගය – නාගොල්ලාගම