
අප විසින් සංවිධානය කල පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් 2014/06/20 දින පැවැත් උනා. මේ සදහා රු. 50,000/= කට ආසන්න මුදල් වැය උනා. මේ වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගය සිදුකලේ බහරේන් වල ඉන්න මංජු අක්ක. ඊට අමතරව නිශාන් සහ දර්ශන කියන අපේ සොහොයුරන්ගෙත් ඉහල දායකත්වයක් ලැබුන.
පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.
සබ්බ දානං ධම්ම දානං ජිනාති
ධර්ම දානය හා සමකල හැකි කිසිද දානයක් නෑ.
ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.
1. බොහෝ දෙනාට ප්‍රිය වීම (බහුනො ජනස්ස පියො හොති)
2. සත්පුරුෂ ආශ්‍රය ලැබීම (සප්පුරිසො භජන්ති)
3. කීර්තිය පැතිරීම (කල්යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)
4. ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)
5. දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)
ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න. Read More