Skip to main content
Monthly Archives

October 2013

පින්වත් මිතුරියකගේ අනුග්‍රහය මත 2013 වසරේ වනදා වප් පුන් පෝ දින පිරිකර පූජාවක් සිදුකල වගයි …

By All Posts, පින්වත් මිතුරියකගේ අනුග්‍රහය මත 2013 වසරේ වනදා වප් පුන් පෝ දින පිරිකර පූජාවක් සිදුකල වගයි

 

ඊශ්‍රාඉල් වල සේවය කරන පින්වත් නංගියෙක් ගේ දන පරිත්‍යාගය මත 2013 ඔක්තෝබර් 18 වැනි දින මේ පින්කම බෝයගනේ නයිලිය ශ්‍රී නාගංගනාරාමයේදී සිදු කෙරුනා.

මේ පින්වත් නංගිය සිදුකල පින්කමට මම උදාහරණයක් දෙන්නම්. මේ කථාව උපුටාගත්තෙ පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ ‘ඉතා පැරැණි සිංහල බණ කතා’ පොතෙන්.

සුමන බාලිකාවගේ කථාව

********************

තාම්‍රපර්ණි දිවයින වනාහි තුන්සියයක් යොදුන් දිගැත්තේ ය. හැම පැත්තෙන් සාගර ජලයෙන් වටවිය. සඳමඬලේ හැඩහුරුකම් ඇතිවිය. ඒ ද්වීපයෙහි වූ අනුරාධපුර නමැති නගරය ශක්‍ර දේවේන්ද්‍රයාගේ පුරය මෙන් බබළයි. ඒ නගරයෙහි තිස්ස නම් උපාසකයෙක් ඔහුගේ දූ වූ සුමනා නම් බාලිකාවක් සමග වෙසේ’ ඕ තොමෝ එක් දිනක් පියා සමග දබරකොට කෝපයෙන් යුතුව ගෙයින් පිටවී කඩරොද නම් තැනට පැමිණ වනයට වැද සත්දිනක් ආහාරපාන නැතිව සාපිපාසාවෙන් මැඩී ගසක් මුල හුණි. පියා පසුව ගොස් වනයෙහි ඇය සොයා නොදැක ශෝකයෙන් මඩනාලදුව හැරී ගියේ ය. අන්කිසි මිනිසෙක් බත්මුලක් අතේ ඇතිව ගමනක් යන්නේ එහි හුන් ඇය දැක කරුණාභරිත වූයේ ධීතෘසෙනෙහය උපදවාගෙන මෙසේ කීය:
Read More

ආර්ථික අපහසුකම් ඇති පාසැලකට තූර්ය වාදන භාණ්ඩ පරිත්‍යාග කල වගයි …

By All Posts, ආර්ථික අපහසුකම් ඇති පාසැලකට තූර්ය වාදන භාණ්ඩ පරිත්‍යාග කල වගයි

හොදයි යහලුවනේ අපි අඩු ආදායම් ලාභී දරුවන් ඉගෙනගන්නා පාසැලකට අපි සංගීත භාණ්ඩ වගයක් පරිත්‍යාග කලා.  මේ පළමු අදියර විදිහටයි පරිත්‍යාගය සිදු කලේ. ඉතින් මේ පාසැලේ දිනපතා බුද්ධ පූජාව තියන බව විදුහල්පති තුමා සදහන් කලා. අපි තම්මැට්ටම් දෙකක්, දවුල් දෙකක් හා හොරණැවක් පරිත්‍යාග කලා. ඒ පා‍සැල තමයි කුරැණැගල මල්පිටිය බෝයගනේ මහා විද්‍යාලය.  අවශය ඕනිම කෙනෙකුට මේ සියලු පින්කම් සිදුකල ස්ථාන බලන්න පුලුවන්.

ඉන් අපිට රුපියල් 11,000/= ක්මේ පරිත්‍යාගය වෙනුවෙන් වියදම් උනා. තියෙනව. ඒක වෙන පින්කමක් වෙනුවෙන් යොදවන්න බලාපොරොත්තු වෙනව.
Read More

දෙවන අදියර ලෙසින් දිලිදු දරුවන්ට පාසැල් නිල ඇදුම් ලබාදුන් වගයි …

By All Posts, දෙවන අදියර ලෙසින් දිලිදු දරුවන්ට පාසැල් නිල ඇදුම් ලබාදුන් වගයි

අපි තවත් අඩු ආදායම් ලාභී දරුවන් කිහිප දෙනෙකුට නිල ඇදුම් පරිත්‍යාග කලා. මේ ක්‍රියාත්මක උනේ දෙවන අදියර විදිහටයි. පළමු අදියර පිලිබද මෙන්න මේ ලින්ක් එකෙන් බලාගන්න පුලුවන්.

ඉතින් මේ පින්කම සිදු උනෙත් ඔය කලින් උදව් කල අයගේම මූල්‍ය ආධාරය යටතේම තමයි. මා ගැන විශ්වාසය තබමින් මේ මුදල් ලබාදුන් ඒ පින්වත් සොයුරු සොයුරියන්ට උපහාරයක් විදිහට මම නැවත ඒ අයගේ නම් මෙතන පල කරනව.
Read More

මුහුණුපොතේ පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් රු. 5000/-ක් ගෞතම බුදුසසුනට පූජාකල වගයි …

By All Posts, මුහුණුපොතේ පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් රු. 5000/-ක් ගෞතම බුදුසසුනට පූජාකල වගයි

අභිනවයෙන් ඉදිවන චෛත්‍යරාජයන් වහන්සේ කමක් වෙනුවෙන් මුදල් පරිත්‍යාග කලා. ඒ පන්සල තියෙන්නෙ පොල්ගහවෙල කොළඹලාමුල්ල ප්‍රදේශයේ. ඉපැරණි විහාරස්ථානයක්.  ඒ චෛත්‍යරාජයන් වහන්සේට මගෙ පියතුමා සමගින් ගිහින් චෛත්‍යරාජයන් වහන්සේ සංවර්ධන අරමුදලට මුදල් පරිත්‍යාග කලා.

ඉතින් යාලුවනේ මේ පින්කමට මුදල් පරිත්‍යාග කලේ මුහුණුපොතේ අක්ක කෙනෙක්. එයා මුහුණු පොතේ මංජුලා කියල අක්ක කෙනෙක්.
හොදයි මේ පින්කම සිදු කිරීමේ ආනිසංශ මොනවාද?

ඉතින් පින්වත් යහලුවනේ චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිකිරීම,ප්‍රතිසංස්කරණය කිරීම ‍ප්‍රමාණය කල නොහැකි කුසල කර්මයක්. මෙපමණයි කියල කියන්න බැහැ එහි ආනිසංශය. වැලිවලින් කුඩා චෛත්‍යයක් හදල දොඹමල් පූජ කරල අප්‍රමාන දිව්‍ය සම්පත් ලද කථාව ඔබ අහල ඇති.

සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ චෛත්‍යට එක් රැයක් එක් පහනක් පුදා පහත සදහන් ආනිසංශ ලැබූ බව ථේරී අපදානයේ දැක්වේ,

1.හැම තැනම ප්‍රදීප දැල්වේ.
2.දිවැස් ලැබේ,(දිව්‍යමය ඇස්)
3.තීක්ෂණ නුවණ ලැබේ.
4.යසසින් දිලිසෙත්
5.ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටත්
6.උසස් කුල සම්පත් ඇත්තෙකු වේ.

එසේම මේ ලංකා ද්වීපය පාලනය කල එක්තරා සත්පුරුෂ රජ කෙනෙක් හිටිය ඉස්සර.එතුමා තමයි භාතිකාභය රජතුමා.දුටු ගැමුණු මහා රජතුමාගේ මුනුපුරෙක් වන රජ කෙනෙක් තමයි මෙතුමා.දවසක් එක්තරා ශ්‍රාස්ත්‍රයක් දන්නා මනුෂ්‍යයෙක් මේ රජතුමාට මාරක අපලයක් තිබෙන බව දැන ගෙන එය රජතුමාට සැල කර සිටිනවා.වර්තමානයේ කේන්දර බැලීම ආදී දේ මිත්‍යාවක් යයි කට්ටිය ප්‍රතික්ෂේප කලත් එම ශ්‍රස්ත්ර්ය හරියට ඉගෙන මිනිසුන්ගේ ජිවිත සුරැකීමට නිසි අයුරින් භාවිතා කරනවා නම් එය ගොඩක් වටිනා දෙයක්.ඉතින් අර මනුෂ්‍යය අරවිදියට රජතුමාට කිව්වහම මේ රජතුමා එකල වැඩසිටිය රහතන් වහන්සේලා සම්මුඛ වෙලා උන්වහන්සේලාගෙන් අහනව ඒ අපලයෙන් මිදීමට පිලියමක්.මාරක අපලයක් පැමිණ අකාලයේ මියයාමට හේතුව කලින් භවයන් වල සිදු කල ප්‍රාණ ඝාත අකුසල කර්මය බවත් ඉන් මිදීමට නම් කලයුතු හොඳම දෙය නම් රටේ තිබෙන දිරාගිය අබලන්වී ගිය වෙහෙර විහාර චෛත්‍ය ආදී තුණුරුවනට අයත් දේ මුදල් ශ්‍රමය යොදවා පිළිසකර කර ඒවා ප්‍රතිසංස්කරණය කරදීමෙන් බවත් රහතන් වහන්සේලා රජතුමාට දන්වා සිටිනවා.එමගින් වෙහෙර විහාර පිළිසකර වනවා වගේම තමන්ගේ බොහෝ අකුසල කර්ම යටපත් වෙලා ආයුෂ ආදිය පිරිහී තිබෙනවා නම් විහාර පිළිසකර කලාවගේම තමන්ගේ ආයුෂත් පිලිසකරවෙලා මාරක අපල ආදිය දුරු වෙලා ආයුෂ වැඩි වෙනවා. මෙය දැනගත් රජතුමා එවකට ලංකා ද්වීපයේ තිබුණ සියලුම වෙහෙර විහාර ආදිය හොඳින් පිළිසකර කරනවා.අර මනුෂ්‍යයා සඳහන් කල මාරක අපල කාලය ගෙවිගියත් රජතුමාට කිසිඳු අන්තරාවක් නොවී රජතුමාගේ ජීවිතය බේරෙනවා.

ඉතින් පින්වත් යහලුවනේ මෙවන් මහා පින්කමකටයි අද මේ අක්ක දායක උනේ.  ඉතින් මේ පින්කමට සම්බන්ධ වූ ඔබ‍ටත් පවුලේ සැමටත් නිරෝගී සුවයම ලැබේවා. ජීවත්වන ඇත්තන්‍ට  ස්වභාවිකව ඇතිවන පංචස්කන්ධ‍යේ දුර්වලකම් පවා අවම මට්ටමකට පත්වේවා. ඇස් පෙනීම අඩුවීමෙන් කණ් ඇසීම අඩුවීමෙන් ඇතිවන පීඩාවන් පවා අවම වේවා. මියගිය ඥාතීන්ට  ඔවුන් දුක්ඛිත ස්ථානවල සිටීම සුවදායී ස්ථානයන්ට පැමිණේවා, සුවදායි ස්ථාන වල සිටීනම් තව තවත් ඒ සැප සම්පත් වර්ධනය වේවා. මගේ දෙමාපියන්ටත් මේ පින් හේතු වාසනා වී දීර්ඝායුෂම ලැබේවා …

මෙපින් බලෙන් ඔබ සියලු දෙනාගේම ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥාව යන සියලු කාරණාවෝ වර්ධනය වේවා. ඔබට ඇති දුක් හිරිහැර බාධා සියල්ල දුරුවේවා. සසරේ සිදුකල ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන්න පුලුවන් තරම් පින් ඇති මේ කුසලයෙන් ඔබේ සියලු නරක කර්ම විපාක යටපත් වේවා. සැගවී ඇති පුණ්‍යස්කන්ධයෝ මතුවේවා. හොද නරක හොදින් හදුනාගෙන හොද මගේ යාමට ඔබට වාසනාව ලැබේවා. සම්බුද්ධ ධර්මය හොදින් හදුනාගෙන අවබේධ කරගෙන ඒ මහගේ ගමන් කිරීමටත් කෙළවර පතන බෝධියෙන් අමා මහ නිවනින් සැනසීමටත් ඔබට මේ පින්කම් හේතුවාසනා වේවා.

අනන්ත බුදුගුණ බෙලෙන් තුන්ලොවම සැනසේවා …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා …