All Posts By

Eranda

මිනිස්සුන්ට රෝග වැලදුනේ සත්ව ඝාතනය නිසයි. අද ලොව දුටු බුදුනෙත ….. බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය …

By | Uncategorized | No Comments

තෙරුවන් සරනයි පින්වත් ඔබ සියලු දෙනාටම. මේ වන විට ලෝකයම දැඩි භීතියකට පත්වෙලා. හේතුව තමයි “ කොරෝනා” වෛරසය ලෝකය ගිලගන්න මාන බලන් ඉන්න එක. මිනිසුන්ගේ අධම පාප ක්‍රියා නිසා මිනිසාටම පාපයන් පාරාවලල්ලක් වී ඇති හැටි පේනවා නේද? මිනිස්සු ලෝකය පාලනය කරන්න හදද්දි ඇහැට නොපෙනන පුංචි වෛරසයක් මිනිසා පාලනය කරන හදන හැටි පුදුමයි නේද?

කොරෝනා රෛසය නිසා මේ වනවිට 50 කට කිට්ටු පිරිසක් මිය ගිහින් කියල දැනගන්න ලැබෙනව. මේ වෛරසය මුලින්ම මිනිස් සිරුරට ඇතුලු වෙලා තියෙන්නෙ “ චෛනීස් කොබ්‍රා” නැමිති නාගයා ආහාරයට ගැනීමෙන් බවයි දැනට සොයාගෙන තියෙන්නෙ.

මාංශ ආහාරය පිලිබද බෞද්ධ විග්‍රහයෙදි බොහෝ දෙනෙක් කරන තර්කය තමයි බුදුරජාණන් වහන්සේ මාංශ භක්ෂනය ප්‍රතික්ෂේප කලේ නැහැයි කියන කාරනය. ඒක කොහොමත් සත්‍යයක්.  දෙව්දතුන්ගේ වර පහෙන් එකක් ලෙස “ භික්ෂූන් මස් මාංශ භක්ෂනයෙන් වැලකිය යුතුය” යන ප්‍රකාශයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කලේ කැමති කෙනෙක් වලදන්න අකමැති කෙනෙක් නොවළදන්න ලෙසයි.

මෙයින් උත්තේජනය වන බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේ මාංශ වලදන්නට අනුබල දුන් නිසා මාංශ භක්ෂනය කිරීම සුදුසු බවයි.

එය සම්පූර්ණ වැරදි ප්‍රකාශයක් …

Read More

රත්නපුරයේදී සිදුකල තුන්වන ටීකා පූජාව …..

By | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

අප විසින්පසුගිය දින අටුවා ටීකා පූජාවක් සිදුකලා. ඒ  රත්නපුර ලෙල්ලොපිටියේ රුවන්පුර භාවනා මධ්‍යස්ථානයටයි.

මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්ය ලබාදුන්නේ තුමෝෂා අබේවීර නංගි විසින් ….

 

කුමෝෂා අබේවීර නංගී ——–රු  36,500.00
අල්මාරිය සදහා වියදම ——- රු  13750.00
රත්නපුරයට ගමන් ගාස්තු— රු 10,816.00
————————————————-
මුලු වියදම— ————————රු 61066.00

Read More

පින්වත් නැගනියක් මගින් අසරන මවක් හා දරුවෙකු වෙනුවෙන් ලබා දුන් පරිතයාගය …

By | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සිය පියා විසින් අත්හැර දමන ලද දරුවෙක් හා මවක්  වෙනුවෙන් රු 25,000/-ක පරිත්‍යාගයක් කරන්නට පින්වත් ගයාෂි අබේවීර නංගි විසින් සිදුකලා. මේ අම්මයි පුතයි බොහොම අසරණ වෙලයි හිටියෙ.  ඉන්න හිටින්න තැනක් නැතිව, කන්න බොන්න විදිහක් නැතිව හිටපු මේ දෙන්නට ඒ මුදල් ලොකු හයියක් උනා.  කුලියට දැනට ඉන්න නිසා ගෙවල් කුලී ගෙවා ගන්නත්, උයා පිහා ගන්න ගෑස් කුකර් ආදිය ලබා ගන්නත්, උයන පිහන උපකරන ලබාගන්නත්, දරුවාගේ පාසැල් උපකරන ලබාගන්නත් මේ දෙන්නට හැකියාව ලැබුන. නගර බද පරිසරයක් නිසාත්, මව වැඩට යන නිසාත් ඒ ගෑස් කුකර් එක ලබාගත්තෙ.

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ඔබේ පවුලේ

සියලු දෙනාගේ නමින් මිය පරලොවගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනකඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා. මේ පින්කම සිදුකල  සියලු දෙනාටමෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඒ අය ජීවත් වන්නේනම් නිදුක්නිරෝගී සුවබර, මෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට  සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවා. මියපරලොව ගොස් ඇත්නම්  වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්,යහපත් තැනක ඉපදී ඇත්නම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.

ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. ධර්මයෙන් ඇති කරන්නේ ප්‍රඥාවයි. මෙපින් බලෙන් ප්‍රඥාවමෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රට, ජාතිය, ආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන්වන්නට මෙපින් හේතු වාසනා වේවා.

එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්‍රමාණයද අප්‍රමාණයි.නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්, වැටෙන  වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙනඔබේ ඇසුර පවා මහා සතුටක්. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්‍රයට ලැබේවා. විශේෂයෙන්මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්‍යයක්..

එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්, විශේෂයෙන්ම මෙම කරඩුව නිර්මාණය කල ශාන්තඅයියාටත් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා, දායකකාරකාදීන්  ආදී සියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවා.

ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත්පහලවීම ම ඔබ ලද මහා භාග්‍යයක්. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිතනිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්.  සිදුකලසියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත්අසන්නටවත් නොලැබේවා. කෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්‍රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිතනොවේවා.  ජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්, ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.

පින්වත් යාලුවනේ. පංච ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේ. ඒලෙසින්ම  දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා. ව්‍යාපාර, අධ්‍යාපන,කටයුතු සියල්ල සාර්ථක වේවා. වැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ පින්බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරවසැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නානුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකටඑල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පිනහේතුවාසනා වේවා. සතර දිගින් සතර මහා වස්තු පහල වේවා. සිව් දිගින් කප්රුක් පහලවේවා. අහසින් රුවන් වැසිවැටේවා. පොළවෙන් මුතු මැණික් මතුවේවා. සසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා.නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවා. මෙපින් බලෙන් ගැඹුරුධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකමඋපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා.නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත්නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණසෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන්වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන්වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ,සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු,මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත,සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස,ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේබුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතුඅනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම්දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘදිව්‍යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයටඅපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්සමහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදීසතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූගණදෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ,ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලුදෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන්මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නටමේ පින් හේතුවාසනා වේවා.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම ‍ වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා විසිනි.

චායාරූප නරඹන්න

poor Family help

poor Family help – Veyangoda

දහතුන්වන, දාහතරවන හා පහලොස්වන ධාතු කරඩු පූජාව සිදුකල වගයි …

By | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

අපි දොලොස්වන ධාතු කරඩු පූජාව සිදුකලා. ඒ මාවනැල්ල වේරගල සිරිවර්ධනාරාම පුරාණ විහාරස්ථානයටයි….

අඩි 05ක කරඩුව සහ අඩි 03ක කරඩුව පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින් පරිත්‍යාග කල අතර කෘතිම ඇත් දල දෙකක්ද ඇය පරිත්‍යාග කලා. වියදම රු 251,000.00

තනුෂාන් අබේවීර මල්ලි අඩි 03ක කරඩුවක් පරිත්‍යාග කල අතර එහි වටිනාකම රු 50,000.00

චාමර සියඹලාපිටිය මහතා විසින් ධාතු මන්දිරයේ කලාලය පූජා කලා …

මහ පින්කමේ ආනිසංස දැකගනිමු …

Read More

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදුකල මහා ධර්ම දානය …

By | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පින්වත් මිතුරියකගේ මහියංගණ ගුරුලුපොත මේ වෙනුවෙන් සියලු වියදම් දරන ලද්දේ පහත පින්වත් අය විසින් …

 

පූජාපිටියේ සන්තුසිත ස්වාමීන් වහන්සේ— රු 10,000.00
කුමෝෂා අබේවීර නංගි———————– රු 27,500.00
ඉසුරු ලියනගේ මහතා————————-රු 20,000.00
අමිල හෙට්ටිආරච්චි මහතා——————-රු  18,000.00
කේ.එන්.ශ්‍රියාණි සොයුරිය———————–රු 5,000.00
හිරන්ත මදුසංඛ මල්ලි————————— රු 2000.00
තරිදු පෙරේරා මහතා—————————- රු 2000.00
තිළිණ විජේයර්ධන මහතා———————–රු 1000.00
————————————————————–

මුලු ලැබීම්——————————————–රු 85,500.00

වියදම්
අල්මාරි  සදහා වියදම———————–රු 82,500.00
ප්‍රවාහන වියදම ———————————-රු 9,500.00
—————————————————————–
මුලු වියදම—————————————— රු 92,000.00

හිග මුදල රු (85,500.00 – 92,000.00 ) = රු 6500.00 පදනම් අරමුදලින් පියෙව්වා.

පින්වත් යාලුවනේ මේ පරිත්‍යාගයත් අයිති වෙන්නෙ ධර්ම දානයටයි.  බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.

සබ්බ දානං ධම්ම දානං ජිනාති

ධර්ම දානය හා සමකල හැකි කිසිද්‍දු දානයක් නෑ.

ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව. Read More