
චෛත්‍යරාජයන් වහන්සේ නමක් උදෙසා සදකඩ පහන් කොරවග්ගල් නිර්මාණය කරන්න අපිට හැකි අනා. කුරුණෑගල නයිලියි ශ්‍රී නාගංගනාරාම විහාරස්ථානයටයි මේ පරිත්‍යාගය සිදු උනේ.
මේ පින්කමට දායක උනේ
දිල්ශාන් ප්‍රබෝධ මහතා
සම්පත් ජයසුන්දර මහතා
මංජුල සිල්වා මහතා
ඉතින් පින්වත් යහලුවනේ චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම ප්‍රමාණය කල නොහැකි කුසල කර්මයක්. මෙපමණයි කියල කියන්න බැහැ එහි ආනිසංශය. වැලිවලින් කුඩා චෛත්‍යයක් හදල දොඹමල් පූජ කරල අප්‍රමාන දිව්‍ය සම්පත් ලද කථාව ඔබ අහල ඇති.
සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ චෛත්‍යට එක් රැයක් එක් පහනක් පුදා පහත සදහන් ආනිසංශ ලැබූ බව ථේරී අපදානයේ දැක්වේ,
Read More