
2013/07/22 අපි තවත් පින්කමක් කලා. ඒ තමයි විහාරස්ථානයකට පහන් කණු දහයක් පූජා කිරීම. කුරුණෑගල බෝයගනේ නයිලිය ශ්‍රී නාගංගනාරාම විහාරස්ථානයටයි මේ පූජාවන් කලේ.
මේ පින්කමට සියලු දායකත්වයන් මගෙ මිතුරු මිතුරියන් තුන්දෙනෙක් ලබා දුන්න. විශේෂයෙන්ම කොන්ක්‍රීට් කණු දහයම සහ සිමෙන්ති කොට්ට දෙකක් ලබා දුන්නෙ ඔස්ට්‍රේලියාවෙ ඉන්න නංගි කෙනෙක්. එයා පැහැදිලිවම කිව්ව නම් ගම් හෙලි කරන්න එපයි කියල. ඒ නිසා ඒ පිලිබද කිසිම සටහනක් මම දාන්නෙ නෑ. ඊලගට මේ විදුලි ආවරණ, බල්බ්, වයර්, වයරින් බට, ආදිය සියල්ල ලබාදුන්නෙ මේ ගමේ මගෙ යාලුවො දෙන්නෙක්. නිශාන්ත සහ චාමර කියල දෙන්නෙක්. නිශාන්ත අයියගෙ මියගිය අප්පච්චිට පින් පිණිසත් චාමර මල්ලි චතුරාර්ය සත්‍යය අවබෝධය වෙනුවෙනුත් මේ පින්කම් වලට දායක උනා.