Skip to main content
Monthly Archives

October 2015

මහ වැසි පරදවමන් මියුගුණ මහා සෑයට මහා කප්රුක් පූජාව සිදුකල වගයි …

By All Posts

2015 ඔක්‍තෝබර් 27  වැනි දින අපි මියුගුණ  මහ සෑයට මහා පූජාවත් සිදු කලා. ඒ මියුගුණ මහා සෑයට, අටපිරිකර පූජාවත්  සමග මහ සෑයට කප්රුක් පූජාවක් සිදු කිරීමයි. මේ වෙනුවෙන් පහත පින්වත් කළණ මතුරු මිතුරියන් දායකත්වය ලබා දුන්නා.

එන් හේරත් මිය රු 10,000.00
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 10,000.00
මහේෂ් ශ්‍රී ලාල් මහතා රු 8,000.00
පුබුදුනි අක්කා රු 7500.00
ඉන්දික දැකුම්පිටිය මහතා රු 5110.00
රොෂාන් ප්‍රගීත් මහතා රු 5000.00
තනුජ විජේසිංහ මහතා  රු 5000.00
සමීර අබේවික්‍රම මල්ලි රු 3500.00
නම් සදහන් නොල අයෙක් රු 3000.00
සචිත් දිසානායක මහතා රු 2000.00
හිරන්ත මදුසංක මහතා රු 1000.00
දුමින්ද ජයසේන මහතා රු 1000.00
තිළිණි ගමගේ නංගී රු 500.00

———————————————

ලද මුදල                       61610.00

වියදම්

කප්රුක සදහා රු 10800.00

අටපිරිකර සදහා රු 25,000.00

බස්රථය සදහා රු 25,000.00

උදෑසන ආහාරවේල රු 2510.00

විහාරස්ථානයට පරිත්‍යාගය රු 5500.00

————————————————-

මුලු වියදම රු 68810.00

වෙනස

ලැබීම් 61610.00

වියදම් 68810.00

———————–

හිග මුදල රු 7200.00

හිගමුදල බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම විසින් ප්‍රතිපූර්ණය කලා.

හොදයි. මේ පින්කමේ අනුසස් මොනවාද ?

 සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඉදිකර ඇති චෛත්‍යයන් වන්දනා කිරීමේ දී, සැදැහැවත් බෞද්ධ ජනකාය අතීත යුගයේ සිට ම නොයෙක් පුද පූජා පිළිවෙත් අනුගමනය කරමින් බුදුරජාණන් වහන්සේට තම අපමණ සැදැහැ බැති පෙම පළ කළ අයුරු වර්තමානයේ සිදුකරනු ලබන පුද පූජාවලින් ද වටහාගත හැකි ය. සෑ මළුවේ සිවු කොණේ පිහිටුවා ඇති වාහල්කඩ හා බුදු කුටිවල ද පුදසුන් මත ද මල් පහන් හා සුවඳ දුමින් පුද පූජා පවත්වන අයුරු දිනපතා දැක්ක හැකි ය. සෑ මළුවේ සිදුකරනු ලබන මෙම පුද පූජාවලට අමතරව ස්තූපයේ පේසාවළලූ වටා මෙන් ම ස්තූප ගර්භය වටා ද, විවිධ පුෂ්පමාලා දාම, විදුලි බුබුළු, සැරසිලි මෙන් ම කාෂාය වස්ත‍්‍ර හා ෂඞ්වර්ණ රෙදි පිළි (බෞද්ධ කොඩි) පලඳවා, වන්දනාමාන කිරීම වර්තමානයේ බෙහෙවින් දක්නට ලැබේ. චෛත්‍යයේ ගර්භය වටා කාෂාය සිවුරක් හෝ ෂඞ් වර්ණ කොඩි ඇතුළත් පලඳනාවක් හෝ යොදා වන්දනාමාන කිරීම නූතන යුගයේ ඇතැම් දෙනා හඳුන්වන්නේ ‘කප්රුක් පූජාව’ වශයෙනි. අනුරාධපුරයේ මහා ථූපය කරවූ ගැමුණු රජතුමාට තම ජීවිතයේ අවසාන කාලය ළංවන විට එය නිම කළ හැකිවූයේ සතරැස් කොටුව දක්වා පමණි. මිය යෑමට පළමු මහා සෑය නිමවා සම්පූර්ණ වූ විට පෙනෙන ආකාරය දැක ගැනීමේ බලවත් ආශාවක් රජතුමා තුළ ඇති විය. රජුගේ මල් සද්ධාතිස්ස කුමරු රජුගේ අභිලාෂය මුදුන්පත් කරනු සඳහා කටයුතු යෙදූ අයුරු මහාවංශය සඳහන් කරන්නේ මෙසේ ය; ‘මෙකුමරු සන්නාලින් ලවා සුදු පිළියෙන් සැට්ටයක් (කඤ්චුකයක්) කරවා එයින් සෑය වැස්වී ය. සිත්තරුන් ලවා ඊ මත වේදිකාවක් (ගරාදිවැට) ද පුන්කලස් පන්තීන් හා පංචාංගුලික පන්තීන් ද සිත්තම් කරවී ය. වඩුවන් ලවා හුණු දඬුමුවා ඡත‍්‍රය ද මුද්ධ වේදිකාවෙහි කරපත්මුවා හිර සඳ ද කරවී ය. මෙසේ කළ සෑය ලාකඩින් හා කංකුට්ඨක නම් දැයින් සිත්තම් කරවා සෑයෙහි කටයුතු කිස නිමියේ ය යි රජුට දැන්වී ය.’ (ශ්‍රී ලංකාවේ ස්තූපය, පරණවිතාන – 26 පිටුව) එය වූ කලී චෛත්‍යයක් වටා කඤ්චුකයක් ( නොහොත් කප්රුකක්) යෙදූ පළමුවැනි අවස්ථාව වෙයි. පසු කලෙක භාතිය රජු විසින් ද මහා ථූපය වටා කඤ්චුකයක් පලඳවා පුද පූජා පෙරහැර පැවැත්වූ බවට වංශ කතා ඇතුළු බෞද්ධ සාහිත්‍ය ග‍්‍රන්ථ සාක්ෂි දරයි. කණ්ඨක සෑයේ පේසා වළලූ වටා ගඩොලින් කඤ්චුකයක් ඉදි කොට ස්තූපය ශක්තිමත් කළ බවත්, අනතුරුව තවත් රජෙකු විසින් ශෛලමය කඤ්චුකයක් යොදා එය විශාල කොට තහවුරු කළ ආකාරය ද පුරාවිද්‍යා ගවේෂණයන්ගෙන් හෙළි කරගෙන ඇත. මහා දාඨික මහානාග රජතුමා මහා ථූපයේ වෘත්තාකාර මාලකය වටා ශෛලමය පුෂ්ප දානයක් කළ බව වංසත්තප්පකාසිනියෙහි දැක්වෙයි. එය පද්මයක් විකසිත වන්නාක් මෙන් නිර්මිත වූ බව ‘පදුම විකසිත කිඤ්චික්ඛ පාසාණෙ’ යන යෙදුමෙන් හෙළි වෙයි. අතීත යුගයේ සිට ම රාජකීය ප‍්‍රභූන් ඇතැම් සැදැහැවත් ජනතාව විසින් මහ පෙරහැර පවත්වා චෛත්‍යයන් පැදකුණු කොට දාගැබ වටා පලඳවන ලද කඤ්චුකයන්, දේවතා රූප, පද්ම – හංස – හස්ති හා මල්කම් මෝස්තරවලින් යුතුව පැවති බව ඒ පිළිබඳව දැක්වෙන වර්ණනාවලින් හෙළි වෙයි. ස්තූපයේ පේසාවළලූ දිගේ ද ගර්භය වටා ද පුණ්‍ය සංකේත ඇතුළත් කඤ්චුකයන් පැලඳවීමේ සිරිත නූතන යුගය දක්වා ම විකාශනය වෙමින් පවතී. චෛත්‍ය වන්දනාව සඳහා යොදා ගනු ලැබූ එකී පලඳනාව විවිධ නම්වලින් කලින් කල හඳුන්වා තිබිණ. ‘ආයාග පට’ නම් කඤ්චුක පලඳනාවක් කළ චෛත්‍ය පූජාවක් ගැන අපදානපාළි ධර්ම ග‍්‍රන්ථ පාඨයකින් අනාවරණය වෙයි. ‘භට්ඨො භට්ඨෙන චිත්තෙන අවන්දිං ථූපමුත්තමං වඞ්ඪකෙහි කථා පෙත්වා මූලං දන්වාන’හං තදා භට්ඨො භට්ඨෙන චිත්තෙන ආයාගං කාරපෙය්යහං දුග්ගතිං නාභි ජානාමි ආයාගස්සං ඉදං ඵලං’ ‘තුටු පහටු සිතින් යුතුව බුදුරජාණන් වහන්සේගේ උත්තම ස්තූපය වන්දනා කළෙමි. නිර්මාණ ශිල්පීන්ගෙන් (වඞ්ඪකෙන) උපදෙස් ගෙන වියදම් පිරිමසා ආයාගයක් කරවා ලීමි. එම ආයාගය හේතු කොට ගෙන මම අගතියක ඉපදීමක් ගැන නො දනිමි. මේ වූ කලී එම ආයාගය පැලඳවීමේ ප‍්‍රතිඵලයයි’ එකී උදානය පහළ කරන ලද්දේ මේ මහා භද්‍ර කල්පයෙහි ආයාගයක් (කඤ්චුකයක්) දානය කිරීමෙන් රහත් ඵල ලැබීමට හේතු වාසනා ලද එක්තරා තෙරනමක විසිනි. ලංකාවේ පැරණි සෙල්ලිපිවල ‘අයක’ නමින් හැඳින්වුණ මෙම චෛත්‍ය සැරසිල්ල පැරණි ඉන්දියාවේ ඇතැම් ස්තූපයන්හි ද යොදා තිබුණේ යයි, පුරාවිද්‍යා සාක්ෂි පරීක්ෂා කිරීමෙන් පසුව මහාචාර්ය පරණවිතානයෝ පෙන්වා දුන්හ. ( උපුටාගන්නා ලදි.)

 කප්රැක සහ කංචුකය යන වචනය පිලිබද නොයෙක් ගැටලු පැවතින බවද සිහිපත් ක යුතුය.

ඉතින් මියුගුණ සෑය‍පෙලදන ලද කප්රුක සත් දිනක් තිස්සේ පිරිත් කලා. ධරග්ග සූත්‍රය, මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීය සමත්ත සූත්‍රය ආදියෙන් කප්රුක දිල හතක් පිරිත් කරලයි පැලදුවෙ.

 ඉතින් මේ පින්කම වෙනුවෙන් වෙහෙස මහන්සි වූ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි වන්ත වෙනව.

එන්. හේරත් අක්ක තමයි කප්රුක් පූජවේ කප්රුක වෙනුවෙන් මුදලින් කොටසක් වෙන් කලේ.

අක්ක නිරන්තරයෙන්ම අපිට බොහෝ පින්කම්වලට දායක වෙනව. මම හිතන්නෙ මා එක්ක කථා කරල තියෙන්නෙත් කිහිප දවසක් පමණයි. ඒත් වැඩි ශබ්දබද්ද නැතිව හැම පින්කමකටම දායක වෙනව. විශේෂත්වය වන්නේ අක්කගෙ නම පවා සදහන් කරන්නට අකමැති වීමයි. බොහොම නිහඩව තමයි අක්ක පින්කම් කරන්නෙ.

ක්‍රිශාන්ත මහතා බොහොම මෑතකදි අපි එක්ක සම්බන්ධ උනත් එතුමා බොහෝම සතුටින් උනන්දුවෙන් මේ පින්කම් වලට සම්බන්ධ උනා. එතුමා අපි දකින්ව තියා දුරකථනයෙන්වත් කථා කරන්නෙ නැතිව තමයි අපිට මේ පින්කම් සදහා මුදල් ලබාදෙන්නෙ. බොහොම ශ්‍රද්ධාවෙන්.

මහේෂ් ශ්‍රීලාල් මහතාත් මේ ඉමෑතකදි අපි එක්ක සම්බන්ධ උනත් එතුමාත් බොහොම උනන්දුවෙන් මේ පින්කම්වලට අපි හා සම්බන්ධ උනා. එතුමා විශේෂයෙන්ම ස්වාමීන්වහන්සේගේ පිරිකර වෙනුවෙන් පූජාකරන්නයි මේ පරිත්‍යාගයන් සිදුකලේ. එතුමා විසින් දන්වා සිටියේ සමගිගම,මිල්ලත්තෑවෙ පදිංචි…… ප්‍රේමදාස ස්ටෝර්ස් වෙළෙඳසල් අධ්පති… පියා M.R ප්‍රේමදාස මහතා … මව R.M ජයරානී රත්නායක යන අයගේ සංසාර දුක නිවා ගැනීම පිණිස මේ පින්කම සිදුකරන බවයි.

 පුබුදුනි අක්කත් තමන්ගෙ නම සදහන් කරන්න අකමැති උනත් සෑම පින්කමකටම නොඅඩුවම දායක වෙන තැනැත්තියක්. මගෙ මතකය නිවැරදිනම් අක්ක මා එක්ක ලක්ෂ 10කට වැඩි පින්කම් ප්‍රමාණයක් කරල තියෙනව. නිරන්තරයෙ අක්ක මේ සියලු පින්කම් වලට මහා ශක්තියක් ලබාදෙනව.

ඉන්දික මහතාත් මෑතකදි හදුනාගත් බොහොම හොද කල්යාණ මිත්‍රයෙක්. අපි සමග නිරන්ත‍රයෙන් කථාබහ කරල පින්කම් වෙනුවෙන් නොමද සහයක් ලබාදෙනව. හොද කළළණ මිතුරන් නිරන්තරෙයෙන්ම අපිට ලැබීම භාග්‍යයක්.

 රොෂාන් මහත්තය සමග පවුලේ සියලුදෙනාගෙ නම සදහන් නොවන පින්කමක් නැති තරම්. හැම පින්කමක් වෙනුවෙන්ම අඛණ්ඩ සහයක් ලබාදෙනව වගේම නිරන්තරයෙන් පිනටම නැඹුරුවුන අතක් තියෙන බව අපි හොදින්ම දන්නව. පින්කම් වෙනුවෙන් පමණක් නෙවෙයි. පුද්ගලිකව පවා අපි ගැන හොයල බලන හොද කළණ මිතුරෙක්.

 සමීර මල්ලිත් හැම පින්කමකටම පුලුවන් විදිහට දායක වෙන මල්ලියෙක්. නිරන්තරයෙන්ම අපි කථා කරන බොහොම හොදින් තමන්ගෙ තරුණ කාලය දනට පිනට යොමු කරන පිවත් මල්ලියෙක්.

 සචිත් මල්ලිත් අපිට කථා කරන බොහොම හොද යාලුවෙක් මල්ලිත් අපිට පින්කමට ලොකු දායකත්වයක් ලබාදුන්නා.

 හිරන්ත මල්ලිත් නිතර අපිට මුදල් තැන්පත් කරන මල්ලියෙක්. මල්ලි මුදල් එවන්නෙ “ මොකක් හරි පින්කමකට ගන්න” කියලයි. ඔබ අපි ගැන තැබූ විශ්වාසයට අනේක වාරයක් පින්සිදු වෙනව.

 දුමින්ද මල්ලිත් මේ වතාවෙ අපි එක්ක සම්බන්ධ වෙලා මේ වැඩ වනලට ලොකු දායකත්වයක් ලබාදුන්න. මල්ලිත් අපිට නිරන්තරයෙන් කථා කරන හොද කළණ මිතුරෙක්.

 තිළිණි නංගියත් මහා පින්කමක් කරගත්ත නේද? තම තමන්ට පුලුවන් විදිහට නංගිත් හැම වරකම කීයක්හෝ එවනව. මම හිතන්නෙ ලක්ෂ ගාණක් දුන්නටත් වඩා හොද ශ්‍රද්ධාවකින් නංගි මුදල් එවන්නෙ. දෙන මුදලට වඩා වැදගත්වෙන්නෙ හිතේ ශ්‍රද්ධාවෙන් ඒක කරන එකයි.

 මෙයට අමතරව මේ පින්කම වටා සුවිශාල පිරිසක් ඒකරාශී වී සිටියා

 මෙවන් මහ පින්කමක් සිදුකල ඔබ සියල්ලන්ගේ  නමින් පරලොව ගිය වරිග පරම්පරාවේ සියලු ඥාති හිතමිත්‍රාදීන් මේ මහ පින්කමේ අනුහසින් දුකින් මිදී සැපවත් ජීවිතම ලබත්වා. ඔබවන් දරුවන් බිහිකල පින්වත් මවු පිය දෙපලටත් මේ පින ඒකාකාරවම ලැබේවා. ඒ අයත් නිවන් දක්නා ජාති දක්වාම සැපවත් පින්බර මෙන්ම කිසිදු අපහසුවකින් තොරව තමන් පතන බෝධියෙන් පාරමී ධර්ම සපුරාගන්නට මේ පින් හේතුවාසනා වේවා.

 අඹු දරු, සොයුරු සොයුරියන්ටත් මේ පින් හිමිවේවා. විශේෂයෙන්ම පුංචි දූ පුතුන්ට දිවිමගේ සිදුවන දුක් කම්කටොලු බාධා දුරුකරගන්නත්, නොයෙක් ග්‍රහ අපල කරම් බලවේගයන් බිද දමමින් ජවයෙන් ශක්තියෙන් ඉදිරිය‍ට යන්නත්, සසර පුරා යම් අකුසලයක් සිදුකොට ඇතිනම් ඒ සියල්ල යටපත් කරගන්නත් සසරේ සිදුකොට ඇති කුසල් ඉල්ලම් මතුවන්නටත් සියලු දෙවි යන්ගේ ආරක්ෂාව ලක්වන්නටත් මේ පින් හේතුවාසනාවේවා.

 මේ පින්කම සිදුකල සිදුකල ඔබ සියලු දෙනාගේ පවුලේ සියලු දෙනාටමත් මේ පින් බලයෙන් සසර පුරාවටම නිදුක් නිරෝගී ජීවිතයක්ම උදාවේවා. පින්කමේ අනුහසින් නිවන් දක්නා ජාති දක්වාම ඔබ ලබාදෙන වතුර වීදුරුව පවා තව කෙනෙකුට ඖෂධයක් වේවා නිවන් දක්නා ජාති දක්වා ඔබට පඨයි, ආපෝ,තේජෝ,වායෝ ධාතූන්ගෙන් ( උණුසුම හෝ දිරුරේ උෂ්ණය ) කිසිදු පීඩාවක් නොවේවා. ගින්නෙන්, ජලයෙන්, සුලගින් නිරන්තර ආරක්සාව ලැබේවා. කිසිදු කලෙක සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක්වත් අසන්නට නොලැබේවා. තව තවත් කුසල සිත්පහලවේවා. උපදින හැම භවයකදීම සද්ධර්මයෙන් පිරිපුන් පරිසරයකම උත්පත්තිය සිදුවේවා. පංචශීලයටම, දස කුසලයකටම සිත නැඹුරුවේව‍ා. කිසි කලක මිත්‍යාදෘෂ්ටික පාප මිතුරන් අසුරටවත් නොලැබේවා. සසර පුරාවටම කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. මේ භවයේ පටන් සසර පුරාම ජීවිතයේ සියලු අභියෝග හමුවේ නොසැලී සිටීමටත්, ඒ අභියෝගයන් ජයගැනීමටත් හැකියාව ලැබේවා.  මෙවන් පින්දහම් වැඩිවැඩියෙන් කරගැනීමට පින්සිත් පහලවේවා. පින් උල්පත්, ධන උල්පත් පහලවේවා.

ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ බලයෙන්, ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාදස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද පුතාගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

මෙවන් මහ පින්කම් බලයෙන් අප පතන බෝධියෙන් නිවන් දකින්නටත් සසර කතරේ නිතර දුකින් පෙලෙන අසරණ සතුන්ට අමා නිවන්දොරටුව විවර කරදෙන්නටත්, මේ පින් බලය පාරමිතාවක්ම වේවා….

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා.

 වීඩියෝව නරඹන්න

කප්රුක සත් දිනක් පිරිත්කල තැන් සිට පලදන අවස්ථාව දක්වා සියලු චායාරූප පහලින් දැක්වේ …

මහියංගණ කප්රුක් පූජාව 2015

මහියංගණ කප්රුක් පූජාව 2015

පින්වත් තළණ මිතුරන්ගේ පූර්ණ දායකත්වයෙන් පොල්ගහවෙල බෝධිගුප්ත පිරිවෙනට විදුලි පහන් කණු පරිත්‍යාග කල වගයි …

By All Posts, ආර්ථික අපහසුකම් ඇති පාසැලකට තූර්ය වාදන භාණ්ඩ පරිත්‍යාග කල වගයි

පින්වත් යාලුවනේ, අද දින පොල්ගහවෙල බෝධි ගුප්ත පිරිවෙනට විදුලි පහන් කණු පහක් පරිත්‍යාග කලා. පින්කම සදහා මුදල් ලබාදුන්න මිතුරන්ගේ නම් පහත දැක්වෙනව.

Nelosendi Sendi  රු 17500.00

රොෂාන් ප්‍රගීත් මහතා රු 17500.00

ජනක ලියනගේ මහතා රු 11300.00

චන්දිමාල් ගුණවර්ධන මහතා රු 4000.00

රවින්දු පුෂ්පකුමාර මහතා රු රු 3500.00

හිරන්ත මදුසංන මහතා සහ මිතුරන් රු 900.00

—————————————————–

ලැබීම්                     රු 54700.00

 

මේ සමග තවත් විහාරස්ථානයකි විදුලි පහන් කණු පහක් නිර්මාණය වූ අතර වියදම් සිදුකරන ලද්දේ එකටය. ඒ නිසා ඒවා සමග වියදම් එකටම

හොදයි දැන් අපි බලමු පහන් පූජාවේ ( ආලෝක පූජාවේ ) අනුසස් මොනවද කියල.

පහන් පූජාවේ අනුසස්,

“දීපදෝ හෝති චක්ඛුදෝ” යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයිතථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේදආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණකි.එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින් කමකි. සෑමපිනකින්ම දෙවිමිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම් වලින් විශේෂයෙන් ලැබෙන අනුසස්ද

ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමකි.

පහන් ( ආලෝක) පූජාවේ අනුසස් –

ප්‍රඥාව ලැබීමට හේතු වීම

හො‍ද ඇස් ලැබීමට හේතු වීම

දිවැස් ලැබීමට හේතු වීම

පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම

ඍධිමය හැකියා පහළ වීම

ධ්‍යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම

ඇස් රෝග නොවැලදීම

දිබ්බ චක්කු,දිබ්බ සෝත,පරචිත්ත විජානන,පුබ්බේ නිවාසානුස්සති ඥානයන් ලැබීමට හේතු වීම

ශිල්ප ශාස්ත්‍ර වහා අවබෝධ වීම අප බුදු සස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන්පත් වූවෝඅනුරුද්ධ තෙරුන් වහන්සේය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේ දී ධනවත්මනුෂයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහාසංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවරසහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍රද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ.පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහාසංඝයා වහන්සේ වෙත එළඹ දිවැස් ලැබීමටකළයුත්තේ කිමදැයි ඇසීය. “උපාසකය! එය සදහා ප්‍රදීපදානය දෙන්නට වටනේය”යි සංඝයා වහන්සේවදාළහ. ඔහු යහපතැයි ගිවිස පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ධතු පිහිටවා කළසත්යොදුන් ස්වර්ණ චෛතයය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන්ගස් දහසක් කරවීය. ඒවාළගට කුඩා වූ ද ඒවා ළගට තවත් කුඩා වූද දහස් ගනන් පහන්ගස් කරවීය. එසේ කොට මහා පහන්පූජාවක් කෙලේය.

ඉන් කල්ප ලක්ෂයකට පසු නැවතද හෙතෙමේ කාශයප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත්පවුලක ඉපිද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින්ද තබා දල්වාහිසමත තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශයප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛතයය වටාතබා විශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛතය වටාසර්වරාත්‍රීයෙහිම ඇවිදිමින් මහා පහන් පූජාවක් කලේය.

එම පින්කම් වල ප්‍රතිඵලය ලෙස අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ අප බුදු සස්නෙහි දිවැස්ලාභීන් අතර අගතැන්පත් තනතුර ලදහ.

(උපුටාගැනීම :- පුණෙයෝපදේශය පුස්තකය / රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන්වහන්සේ)

ඉතින් ඒ හා සමාන මහ පින්කමක් අපේ මිතුරු මිතුරියන්  විසින් සිදු කරගත්තෙ. ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව ඔවුන් විසින් මේ කටයුත්තට දායක උනේ. මේ පින්කමේ  බලය මෙතකැයි කියන්න බැරි තරම්. බොහෝමයක් පින්කම්වල පලවිපාත ලැබෙන්නෙ පහුවෙලා. ඒක හරියටම කියනවනම් දෙවූ මී පැණි  මිදෙන්න වෙලාව ගතවෙනව වගේ පසුව පල විපාක ලැබෙන පින්කම්. උදාහරණයක් කිව්වොත් අපි චෛත්‍යයක් හුණු ආලේප කලොත් ඒ චෛත්‍යය දිහා බලල බොහේ අය සිත පහදගන්නව. ඒ අයට සිත පහදවා ගැනීමේ පිනට ප්‍රතිවිපාක  ලැබෙන්නෙ පසුව.

හැබැයි අපේ මිතුරු මිතුරියන් සිදුකලේ එවලෙම විපාක ලැබෙන පින්කමක්.  මොකද මේ විහාරස්ථානය පිහිටල තියෙන්නෙ පාරවල් දෙකකින් එන්න පුලුවන් විදිහට. දෙවන පාරටයි අපි පහන් කණු සවිකලේ. ඒ ප්‍රදේශය ගොඩක් අදුරු වෙලයි තිබුනෙ. ඉතින් පහන් කණු සවිකල නිසා දැන් ඒ ප්‍රදේශයම ඉතාම ආලෝකමත් වෙලා. බලන්න ලස්සනයි. හරියටම කියනවනම් පුන්සද පෑව්ව වගේ. ඇත්තටම

සර්ප ආදී සතුන්ගෙන් ආරක්ෂා වෙන්නට මේ විදිලු පහන්කණු හරිම ප්‍රයෝජනවත් වෙනව.

ඉතින් පින්වත් යාලුවනේ, යෙහෙලියනේ  ඔබ සිදුකල මේ මහානර්ඝ පින්කමේ බලයෙන් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවා.  ඔබ සිදුකලේ පුංචි පින්කමක් නෙවෙයි. අතීත, වර්තමාන, අනාගත සංඝයා විෂයෙහි සිදුකල මහා බලසම්පන්න ආලෝක පූජාවක්. පහනකින් ආලෝකය ලැබෙන්නෙ කුඩා පුදේශයකට. ඔබ කල පරිත්‍යාගයෙන් විහාරස්ථාන භූමියේ අතිවිශාල වපසරියක් ආලෝකමත් වෙලා. හරිම ප්‍රිය ජනක ආලෝකයක්. ඉතින් එක් පහනකින් කල්ප සිය ගණනක් ආනිසංස ලැබෙනවනම් මෙවන් මහ පින්කමක ආනිසංස නොපමණ වේවිද? කෙසේනමුත් මෙවන් පින්කමක් සිදුකල ඔබවන් පුතුන් දූවරුන් බිහිකල රත්තරන් දෙමාපියන්ට මේ පින් හිමිවේවා. ඔවුන්ගේ ජීවිත සැපවත් වේවා. නිදුක් නිරෝගී ජීවිත හිමිවේවා. ජරා, ව්‍යාදි, මරණ යන දේවල් කාටත් පොදු උවත් ඉන් ලැබෙන අපහසුව දුරුවී සුවදායක ජීවිතයක් උදාවේවා. …

ඔබේ සමීපතමයන්ටද මේ පින් හිමිවී දිවිගමන යහපත් වේවා …

දෙවි බඹුන් පවා සාදුනාද දෙන මෙවන් මහ පින්කම් සිදුකල ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. සියලු රැකියා කටයුතු අතිශයින් සාර්ථක වේවා. සියලු අනතුරු, කරදර, දුක් කම්කටොලු අරුණ දුටු ගනදුර මෙන්,  හිරු දුටු පිණිමෙන් විද්වංසනය වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් මල් මෙන් සුපිපේවා. නිවන් දක්නා ජාති දක්වා අසවල් දේ අඩුයැයි කිව නොහැකි තරමින් ඔබේ ජීවිතය පරිපූර්ණ වේවා. විහාරස්ථාන භූමිය ආලෝකවත් කිැීමෙන් මෙන්ම සර්පාදීන්ගෙන් ස්වාමීන් වහන්සේලාගේ ජීවිත ආරක්ෂා කිරීමේ පිනෙන්  සතරවරම් දෙවියන්ගේ ආරක්ෂාව නිවන්දක්නා ජාති දක්වාම ඔබට හිමිවේවා. සිදුකල ආලෝක පූජාවේ බලයෙන් උපන් උපක් ආත්මභායන්හිදී හිරුමෙන් මහා රශ්මියක් විහිදුවන අභිමානවත් බව ලැබේවා. තරු අඅතරට වන් සූර්ය රාජයෙක් සේ ඔබ අන් අය අතර බැබලේවා. ඒ විතරක් නෙවෙයි. ඔබ ලබාදුන් ආලෝකයෙන් අන් අයට අදුරෙහිදී ඇති බාධා දුරු උනා වගේ ඔබගේද සියලු බාධාවෝ දුරු වේවා. සර්ප ආදී සතුන්ගෙන් අන් අයට ලබාදුන් ආරක්ෂාව තුලින් ඔබටත් සතරවරම් දෙවි රැකවරණය නිවන් දක්නා ජාති දක්වාම ලැබේවා. අවසනදී පතන බෝධියෙන් අජරාමර සංඛ්‍යාත අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතු වාසනා වේවා …

මෙව්න් මහ පින්කම සිදුකරන්නට අපටත් දහදිය මුගුරු හෙලන්න වාසනාව ලැබුන. ඒ මහා පින් බෙලෙන් මෙවන් මහා පින්කම් වැඩි වැඩියෙන් කරන්නට ශක්තිය වාසනාව ලැබේවා. සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් වැඩි වැඩියෙන් මහ පින්කම් කරන්න වාසනාව ලැබේවා. කෙලවර පතන බෝධියෙන් නිර්වාණ අවබෝධයටත් ලෝක සත්වයාට නිවන් මග පෙන්වමින්, අපමණ සත්ව වර්ගයාට නිවන් මග පෙන්වීමටත් මේ පින්කම් හේතුවාසනා වේවා.

මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා.

විදුලි පහන්කණු

විදුලි පහන්කණු පූජාවේ මතක සටහන්.

තෙනුක දිවග්‍යද අල්විස් පුංචි පුතාගේ දෙවර්ෂ පූර්ණ උපන්දිනය දා අසරණ දරුවන් දසදෙනෙකු වෙනුවෙන් රු 28,300/- ක වියදමක් දරා ශිෂාදාර ලබාදුන් වගයි …

By All Posts

අද (2015/10/18) දින කටාර් හි සේවයේ නියුතු රොෂාන් ප්‍රගීත් මහතාගේ සහ  සුමේදා මනතුංග බණ්ඩාර මහත්මිය යන දෙපලගේ තෙනුක දිවග්‍යද අල්විස් පුංචි පුතුගේ දෙවර්ෂ පූර්ණ උපන්දිනය දා ආර්ථික අපහසුකම් ඇති අසරණ දූ දරුවන් දස දෙනෙක් වෙනුවෙන් ශිෂාධාර ලබාදුන්නා.

ලද මුදල රු 28300.00

වියදම්

පාවහන් සදහා වියදම රු 8999.00

පාසැල් පොත් සදහා වියදම රු13662.80

පාසැල් නිල ඇදුම් රෙදි සදහා රු 4985.00

ප්‍රවාහන වියදම රු 650.00

———————————————-

මුලු වියදම රු 28296.80

Read More

රු 32,000/-ක් වටිනා පන්සිය පනස්ජාතකපොත් වහන්සේ ශ්‍රවණාරූඪ කල විශ්වබල චෛත්‍යරාජයාණන් වහන්සේ ‍ෙගෟතම බුදු සසුනට පූජාකල වගයි

By All Posts

රු 235,000/- ක වියදමින් දියත් කල අසරණ සරණ සදහම් යාත්‍රා වැඩසටහන 2015 සැප්. 23 වැනි දින ‍ හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත් වූවා.

පින්කමවෙනුවෙන් පහත නම් සදහන් පින්වත් කළණ මිතුරැ මිතුරියන් දායකත්වය ලබාදුන්නා.

රොශාන් ප්‍රගීත් මහතා රු 62,000/-
කල්පන අතුරුගිරිය මහතා රු 40,000/-
මදුභාශිනි මිය හා රොෂාන් මහතා රු25,000/-
කැලූම් සම්පත් මහතා රු 25,000/-
දීපිකා මෙනෙවිය හා මිතුරියන් රු 20,700/-
දුලිප් දෙකනවක මහතා රු 16080/-
සේපාලිකා නංගි රු 16,000/-
පුබුදුනි අක්කා රු15,000/-
සුජී ආරච්චිගේ මිය රු 11,000/-
අසංකා ජයමාලි මිය රු 10,000/-
රජිත තෙන්නකෝන් මහතා රු 8,000/-
වසිත පේරේරා රු 4,000/-
එරංග සෙනෙවිරත්න මහතා රු 3,500/-
නුවන් මලින්ත මහතා 3,000/-
ඉෂාන් උදය මහතා රු 2,000/-
සුපුන් චතුරංග මහතා රු 2,000/-
තිළිණ විෙජ්වර්ධන මහතා රු 1,000/-
හිරන්ත මදුසංක මහතා රු 500/-
චෛත්‍ය ශ්‍රමදානයේ ඉතිරි රු 5,530/-

————————————————————

සම්පූර්ණ වැඩසටහනට යොමුකල මුදල රු 270,310.00

Read More

රු ලක්ෂ දෙදකට ආසන්න වියදමක් දරා රුවන්වැලි මහා සෑයට කිරි ආහාර පූජාවක්, අටපිරිකර පූජාවත් සහ පරිවාර චෛත්‍යයන්ද සමග මහ සෑයට කප්රුක් පූජාවක් සිදුකල වගයි …

By මුහුණු පොතේ මිතුරු දයාබර මෑණියකගේ දායකත්වයෙන් එළිමහන් බුද්ධ ප්‍රතිමාවක් ඉදිවන වගයි

2015 සැප්තැම්බර් මස 23 වැනි දින අපි රුවන් වැලි මහ සෑයට මහා පූජාවත් සිදු කලා. ඒ රුවන්වැලි මහා සෑයට කිරි ආහාර පූජාවක්, අටපිරිකර පූජාවත් සහ පරිවාර චෛත්‍යයන්ද සමග මහ සෑයට කප්රුක් පූජාවක් සිදු කිරීමයි. මේ වෙනුවෙන් පහත පින්වත් කළණ මතුරු මිතුරියන් දායකත්වය ලබා දුන්නා.

 රොෂාන් මහතා සහ පවුලේ සියලූ දෙනා   රු 35000/-

 අසංකා ජයමාලි මිය රු 31,000/–

දිසානායක පවුලේ සියලූ දෙනා රු  21,000/-

දීප්තිකා ධර්මපාල සොයුරිය සහ පිරිස   රු 17500/-

හිමාලි ලියනගේ මිය රු 12,000/-

 මහේෂ් ශ‍්‍රී ලාල් මහතා   රු 10,000/–

 පුබුදුනි රූපසිංහ අක්කා රු 10,000/-

සේපාලිකා නංගියා රු 10,000/-

 ඉෂාර ප‍්‍රනාන්දු අයියා  රු 9000.00

චූලාන් ලසන්න මහතා  රු  6,880/–

සමීර මදුංග මල්ලි   රු  6,000/–

වසිත පෙරේරා මහතා   රු  5,400/-

නිශාන් සුරංග මහතා  රු 5,000/–

රුවන් එස්. ජයසිංහ මහතා රු 3,500/–

ලයනල් ගුණතිලක මහතා රු 3500/-

යතින්ද්‍ර ගුණවර්ධන මහතා රු 1500/-

රුවන් ජයසිංහ මහතා රු 1000/-

තිළිණි ගමගේ නංගියා රු 1000/-

හර්ෂණී ෆනෑන්ඩෝ මිය රු 1000/-

ශෙහානි බොතේජු සොහොයුරිය  රු  1,000/–

හිරන්ත මදුසංක මහතා රු    650/-

———————————————————-

මේ පින්කම සදහා රැස් වූ මුලු මුදල රු 185,930.00

 මෙයට අමතරව

දිසානායක පවුලේ සියලු දෙනා අටපිරිකර අටක් සමග සිව්රැ දෙකක් පූජා කලා ( රු 23,600.00)

 අසංකා ජයමාලි අක්කා අටපිරිකර 10 සහ සිවුරු 02ක් එදින පූජා කලා (රු 43,000)

Read More