Skip to main content
Monthly Archives

September 2017

වකුගඩු ආබාදයෙන් පෙලෙන දරුවකුට ශිෂ්‍යත්වයක් හා පාසැල් උපකරක ප්‍රදානය …

By Uncategorized

වකුගඩුවක් නරක් වීම නිසා රෝගාතුර වී සිටින දියනියක වෙනුවෙන් ශිෂ්‍යත්වයක් හා පාසැල් උපකරන, පාවහන්, පාසැල් රෙදි ආදී අත්‍යාවශ්‍ය දේවල් පරිත්‍යාග කලා. මේ අප විසන් ලබාදෙන දෙවන ශිෂත්වයයි. මේ පින්කමට අවැසි මුදල් හා ශිෂ්‍යත්වය කලාදුන්නේ පහත පින්වත් මිතුරන් විසින්.

ලද මුදල

ඉෂන්ක යහන්පත් මහතා , සුරේන්ද්‍ර ප්‍රභාත් මහතා  = රු 6055.00

වියදම්

පාසැල් නිල ඇදුම් ආදිය සදහා රු 1990.00
පාවහන් සදහා රු 1380.00
ලිපි ද්‍රව්‍ය රු 2597.00
——————————
වැය වූ මුදල රු 5967.00

ඉතිරි මුදල රු 88.00 පදනම ගිනුමට බැර කලා

චාලික විශ්වද අල්විස් මහතා දුවනියට ඉගෙනීම සදහා ශිෂ්‍යත්වයක් ලබාදුන් අතර සෑම මසකම ර රු 4000.00 ක මුදලක් ඇගේ මවගේ පොතට බැර වේ.

Read More

නිවසක් ගිණිගත් පවුලකට පිහිට වූයෙමු …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

පිය නොමැති නිවසක් ගිනිගත් පාසැල් යන වයසේ දියනියක් සිටිනා පවුලකට පසුගියදා අපිට පිහිට වන්නට අවස්ථාව ලැබුනා. ඒ උපේකා මදුභාශීණී නංගිගෙන් ලද තොරතුරක් මතයි.

මේ පින්කම වෙනුවෙන් දායකත්වය ලබා දුන්නේ
ඉෂන්ක යහන්පත් මහතා රු 10,000.00
සුරේන්ද්‍ර ප්‍රභාත් මහතා රු 5000.00
—————————————
ලද මුදල                රු 15,000.00

දැරූ වියදම

වියලි ආහාර ද්‍රව්‍ය වියදම රු 4,000.00
ඇදුම් ලබාදුන්නා රු 3685.00
සපත්තු මේස් ආදිය සදහා රු 1260.00
————————————
මුලු වියදම රු 8945.00

ඉතිරි මුදල රු 6055.00  වකුගඩු රෝගයෙන් පෙලෙන අහිසංක ශිෂාවක් වෙනුවෙන්  අවශ්‍ය පාසැල් උපකරන හා  විදෙස් මිතුරෙකුගේ ශිෂ්‍යත්වයක් ලෙසින් ප්‍රදානය කෙරේ.

Read More

අසරණ මා පියන් දෙදෙනෙකුට වගා ලිදක් ලබා දුන් වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

අපේ පින්වත් යාලුවො එක්ක අපි එකතු වෙලා තිස්සමහාරාමයේ අසරණ මාපියන් දෙදෙනෙකුට වගා ලිදක් ලබාදෙන්න කටයුතු කලා. ඉතා වයස්ගතව ඉන්න මේ දෙපල ජීවත් උනේ ගොවිතැන් කරලයි. ඒ දැඩි නියගය නිසා ඒ අයට වගා කටයුතු කරගන්න විදිහක් නැතිවයි හිටියෙ. ඉතින් ඒ අය වෙනුවෙන් අපි මේ මහ පින්කම සිදුකලා.

ලහිරු මල්ලිකාරච්චි මහතා රු 25000.00
නෙව්ශිකා අක්ක රු 15,000.00
චමිලානි ජයවික්‍රම සොයුරිය රු 12,000.00
ඉන්දික දැකුම්පිටිය මහතා රු 10,000.00
ශෙහානි බොතේජු සොයුරිය රු 5000.00
ඉසුරු කරුණාරත්න මහතා රු 5000.00
—————————————
එකතුව රු 72,000.00

වියදම්
ලිං කැට සදහා වියදම රු 3200.00 X 9 = රු 28,800.00
බැකෝ යන්ත්‍රයට වියදම………………….=රු 28,250.00
————————————————–
මුලු වියදම ……………………………………=රු57050.00

ඉතිරි මුදල රු 72,000.00 – රු 57050.00 = රු 14950.00

එම මුදල රුවන්වැලි මහ සෑ හෙල විරු අභිවන්දනාවට යොමුකලා.

Read More

සිව්වන මහා දියවර පූජාව සිදුකල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

අඩි දහසකට ආසන්න කුදු මුදුනක වැඩවසනා භාවනා යෝගී හිමිනමක් වෙත කදු පාමුල අඩි 125ක නල ලිදක් කරවා පැන් ලබාදෙන්නට අපිට හැකි උනා …

චින්තක රත්නායක මහතා රු 125,000.00
ප්‍රශාන්ත මහතා රු 58,000.00
සෑම් වැලිවත්ත මහතා රු 50,000.00
නෙව්ශිකා අක්කා රු 22000.00
රවින්ද්‍ර ලක්මාල් මහතා රු 20,000.00
ලලින්ද්‍ර පෙරේරා මහතා රු 10,000.00
කැලුම් සම්පත් මහතා රු 10,000.00
ප්‍රියන්ත ලියනගේ මහතා රු 10,000.00
හිරන්ත මදුසංක මහතා රු 8000.00
සුභාෂිණී ගුණසේකර මහත්මිය රු 8000.00
ධනුෂ්ක වර්ණකුලගේ මහතා රු 4000.00
ඉෂාන් වික්‍රම මහතා රු 3000.00
සුමිත් නන්දන මහතා රු 2500.00
ශෙහානි බොතේජු රු 2000.00
ගයාන් ගුණසේකර මහතා රු 2000.00
තිළින විජේවර්ධන මහතා රු 1000.00
ශෙහානි බොතේජු මහත්මිය රු 1000.00
විජිතා වීරසිංහ මාතාව රු 1000.00
සුරේෂ් මදුරංග මහතා රු 300.00
————————————
මුලු ලැබීම 337,800.00

මුලු වියදම
නලලිද රු 125,000.00
අසාර්ථක නල ලිද රු 50,000.00
මෝටරය රු 56500.00
වතුර පරීක්ෂාව 22500.00
ජල නලවලට රු 39890.00
පුවාහන වියදම රු 26,500.00
වෙනත් වියදම් 5500.00
——————————–
රු 324990.00

ඉතිරි මුදල රු 337,800.00 – 324990.00 = 12810.00

එය රුවන් වැලි මහ මහ සෑ පින්කමට යොමු කලා.

ඔබ සියලු දෙනා දායක වී සිදුකලේ මහා පින්කමක්.

නල ලිද සකස් කිරීමේදී පලමු නල ලිදේ ජලය තිබුනේ නැහැ. එය පොරොන්දු උනේ අඩි සියය රු 100,000.00 ටයි. එහෙත් ජලය නොතිබුන නිසා රු 50,000/=ක් දෙන්න සිදු උනා. ඉන්පසු ජලය ඇති කැනක් හොයාගන්න ගාල්ලේ සිට නිලධාරියෙක් ගෙන් වූ අතර ඒ වෙනුවෙන් රු 22,500.00ක් වැය කලා. දෙවන වර නලලිදට අඩි 125ක් සදහා රු 125,000/=ක් ලබාගත්තා.

යාල වන මැද මහා තකුදු මුදුනක වැඩ සිටින මේ හිමියන් ජලය නොමැතිව වින්සේ අපමන දුකක්. කිලෝමීටර ගනනක් පයින් යන්න වෙනව වතුර හොයන්න. මේ මහ කැලඍවේ අසරන සතුන් පවා කොපමණ දුක් විදිනවද දිය බිදක් නැතිව. මේ නල ලිද ගහන අවස්ථාවේ පවා කෙතරම් සතුන් පිටව යන ජලයෙන් සැලහෙන්න ඇතිද?

Read More

පින්වත් මිතුරියකුගේ දායකත්වයෙන් සිදුකල සෙවිලි තහඩු ලබාදීම …

By ආර්ථික අපහසුකම් ඇති පාසැලකට තූර්ය වාදන භාණ්ඩ පරිත්‍යාග කල වගයි

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet
පින්වත් වත්සලා ජීවපානී කරුණානායක සොහොයුරියගේ පූර්ණ දායකත්වයෙන් රඹුක්කන ප්‍රදේශයේ අසරණ පවුලකට ඇස්බැස්ටස් සෙවිලි තහඩු ප්‍රදානය කලා.  මේ පවුලේ  ස්වාමිපුරුෂයා හදිසි අනතුරකින් මියගොස් ති‍බෙන අතර ඉතා දුකසේ  ජීවන කටයුතු කරගෙන යනවා.

 

මේ අයගේ නිවසේ  ටකරන් තහඩු ඇති අතර ඒවා දිරාපත්ව තිබෙනව. එය  දැනුම් දීමෙන් පසු පින්වත් වත්සලා අක්කා විසින් සෙවිලි තහඩු ලබාදෙන්නට කටයුතු කලා. මේ වෙනුවෙන් මුදල් වශයෙන් රු 20,000/-ක් ඇය ලබා දුන් අතර  ප්‍රදේශයේ පින්වත් මහත්මයෙක් සිය රථයෙන් ප්‍රවාහනය සිදු කර දුන්න.

ඉතින් මේ මහ පින්කම සිදුකල දයාබර වත්සලා අක්කාට  නිදුක් නිරෝගී සුවබර ජීවිතයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා. මේ ත්‍යාගයන් ලබාගන්නා ඒ නිවසේ පුංචි දුව පුතා ලබන්නා වූ සතුට බලන්න.. ඒ සතුට සියදහස් වාරයක් වැඩිවී ඔබට ලැබේවා.. තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන් ඔබට ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වානිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාදස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා. පින්කම සිදුකල දයාබර පියාටත් මවටත් මෙපින් බලෙන් ඒ අයුරින්ම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් දෙවියන්ගේ ආකරෂණයත්ලැබේවා. කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා. පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

ඇස්බැස්ටස් සෙවිලි කහඩු ලබා දීම ...

ඇස්බැස්ටස් සෙවිලි කහඩු ලබා දීම … රඹුක්කන