Skip to main content

අසරණ මා පියන් දෙදෙනෙකුට වගා ලිදක් ලබා දුන් වගයි …

By September 26, 2017Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

අපේ පින්වත් යාලුවො එක්ක අපි එකතු වෙලා තිස්සමහාරාමයේ අසරණ මාපියන් දෙදෙනෙකුට වගා ලිදක් ලබාදෙන්න කටයුතු කලා. ඉතා වයස්ගතව ඉන්න මේ දෙපල ජීවත් උනේ ගොවිතැන් කරලයි. ඒ දැඩි නියගය නිසා ඒ අයට වගා කටයුතු කරගන්න විදිහක් නැතිවයි හිටියෙ. ඉතින් ඒ අය වෙනුවෙන් අපි මේ මහ පින්කම සිදුකලා.

ලහිරු මල්ලිකාරච්චි මහතා රු 25000.00
නෙව්ශිකා අක්ක රු 15,000.00
චමිලානි ජයවික්‍රම සොයුරිය රු 12,000.00
ඉන්දික දැකුම්පිටිය මහතා රු 10,000.00
ශෙහානි බොතේජු සොයුරිය රු 5000.00
ඉසුරු කරුණාරත්න මහතා රු 5000.00
—————————————
එකතුව රු 72,000.00

වියදම්
ලිං කැට සදහා වියදම රු 3200.00 X 9 = රු 28,800.00
බැකෝ යන්ත්‍රයට වියදම………………….=රු 28,250.00
————————————————–
මුලු වියදම ……………………………………=රු57050.00

ඉතිරි මුදල රු 72,000.00 – රු 57050.00 = රු 14950.00

එම මුදල රුවන්වැලි මහ සෑ හෙල විරු අභිවන්දනාවට යොමුකලා.

ඉතින් මේ මහ පින්කම සිදුකල ඔබ සියලු දෙනාටම   නිදුක් නිරෝගී සුවබර ජීවිතයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා. මේ වගා ලිද නිසා ඒ දෙමාපියන් ලබන සතුට බලන්න. ඒ ගමේ හැමදෙනාට ඒ ලිද පරිහරනය කරනවා.  ඒ විතරක් නෙවෙයි අසරන වන සතුන් ගවයන් සියලු දෙනාම පැන් සනහා ගන්නවා.  දිය බිදක් නොමැතිව කර්කශව ඇති මහ පොලව ඒ පැන් බිදු නිසා අද ඉතාම සරුසාරවත් බවට පත්වෙලා ඇති. ඒ දෙමාපියන්ගේ වගාබිම් සරුසාර වනු ඇති. කරටි කැඩී කොල හැකිලී ඇති කෙසෙල් වගාවන් නැවත පන ගසා නැගිටීවි.  අසරන මී ගවයන්ට මඩ ටිකක් නැතිව විදපු දුක් නිමාවේවි.

ඒ සතුට සියදහස් වාරයක් වැඩිවී ඔබට ලැබේවා..

තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන් ඔබට ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වානිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාදස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා. පින්කම සිදුකල දයාබර පියාටත් මවටත් මෙපින් බලෙන් ඒ අයුරින්ම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් දෙවියන්ගේ ආකරෂණයත්ලැබේවා. කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

චායාරූප නරඹන්න

අසරණ දෙමාපියන් වෙනුවෙන් කල වගා ලිද ...

අසරණ දෙමාපියන් වෙනුවෙන් කල වගා ලිද … තිස්සමහාරාමය

සියලු වීඩියෝ නරඹන්න