Skip to main content
Monthly Archives

September 2017

තුන්වන වරටත් පැවැත් වූ ස්වර්ණමාලී මහා කප්රුක් පූජාව හා මහා දුටුගැමුණු පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

පින්වත් යාලුවනේ දෙවන වරටත් අපි ස්වර්ණමාලී මහසෑ කප්රුක් පූජාව පවත්වනු ලැබුවා. මේ පින්කමට පූර්ණ දායකත්වය ලබාදුනනෙ පහත සදහන් පින්වත් මිතුරු මිතුරියන් විසින්.

අමිල ප්‍රභාෂ්වර මහතා රු 210,000.00
පුලනි වෑවලගේ මහත්මිය රු 23500.00
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 21,000.00
රසික සම්පත් මහතා රු 10,560.00
ඉෂාර ප්‍රනාන්දු මහතා රු 10,000.00
ඉන්දික දැකුම්පිටිය මහතා රු 10,000.00
රුවන් ජයසිංහ මහතා රු 5000.00
හිරන්ත මදුසංක මහතා රු 5000.00
දිනූෂා හදපාන්ගොඩ මහත්මිය රු 3500.00
ලලින්ද්‍ර පෙරේරා මහතා රු 2000.00
මහේෂා ගුණසේකර සොයුරිය රු 1000.00
ජයන්ග රත්ගමගේ මහතා රු 1000.00
—————————————
302,560.00

මුලු වියදම.

අට පිරිකර කප්රුක්  87600.00
බස් එකට රු 18500.00
උදේ ආහාරය රු 3000.00
හාමුදුරුවන්ට පිරිකර සමග රු 2000.00
පුවාහන වියදම් රු 750.00
————————————–
මුලු වියදම් රු 111,850.00

ඉතිරි මුදල රු 190710.00

ඒ ඉතිරි මුදල් ශබ්ද පූජාවට යොමු කලා

පින්කමේදී අසිරිමත් සිදුවීම් සිදු උනා. රුවන් වැලි  මහ සෑ අහස අසාමාන්‍ය සුන්දරත්වයක් ප්‍රදර්ශනය කලා … හරියට දෙවියන් සතුටු වෙනවා වගේ …

සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඉදිකර ඇති චෛත්‍යයන් වන්දනා කිරීමේ දී, සැදැහැවත් බෞද්ධ ජනකාය අතීත යුගයේ සිට ම නොයෙක් පුද පූජා පිළිවෙත් අනුගමනය කරමින් බුදුරජාණන් වහන්සේට තම අපමණ සැදැහැ බැති පෙම පළ කළ අයුරු වර්තමානයේ සිදුකරනු ලබන පුද පූජාවලින් ද වටහාගත හැකි ය. සෑ මළුවේ සිවු කොණේ පිහිටුවා ඇති වාහල්කඩ හා බුදු කුටිවල ද පුදසුන් මත ද මල් පහන් හා සුවඳ දුමින් පුද පූජා පවත්වන අයුරු දිනපතා දැක්ක හැකි ය. සෑ මළුවේ සිදුකරනු ලබන මෙම පුද පූජාවලට අමතරව ස්තූපයේ පේසාවළලූ වටා මෙන් ම ස්තූප ගර්භය වටා ද, විවිධ පුෂ්පමාලා දාම, විදුලි බුබුළු, සැරසිලි මෙන් ම කාෂාය වස්ත‍්‍ර හා ෂඞ්වර්ණ රෙදි පිළි (බෞද්ධ කොඩි) පලඳවා, වන්දනාමාන කිරීම වර්තමානයේ බෙහෙවින් දක්නට ලැබේ. චෛත්‍යයේ ගර්භය වටා කාෂාය සිවුරක් හෝ ෂඞ් වර්ණ කොඩි ඇතුළත් පලඳනාවක් හෝ යොදා වන්දනාමාන කිරීම නූතන යුගයේ ඇතැම් දෙනා හඳුන්වන්නේ ‘කප්රුක් පූජාව’ වශයෙනි. අනුරාධපුරයේ මහා ථූපය කරවූ ගැමුණු රජතුමාට තම ජීවිතයේ අවසාන කාලය ළංවන විට එය නිම කළ හැකිවූයේ සතරැස් කොටුව දක්වා පමණි. මිය යෑමට පළමු මහා සෑය නිමවා සම්පූර්ණ වූ විට පෙනෙන ආකාරය දැක ගැනීමේ බලවත් ආශාවක් රජතුමා තුළ ඇති විය. රජුගේ මල් සද්ධාතිස්ස කුමරු රජුගේ අභිලාෂය මුදුන්පත් කරනු සඳහා කටයුතු යෙදූ අයුරු මහාවංශය සඳහන් කරන්නේ මෙසේ ය; ‘මෙකුමරු සන්නාලින් ලවා සුදු පිළියෙන් සැට්ටයක් (කඤ්චුකයක්) කරවා එයින් සෑය වැස්වී ය. සිත්තරුන් ලවා ඊ මත වේදිකාවක් (ගරාදිවැට) ද පුන්කලස් පන්තීන් හා පංචාංගුලික පන්තීන් ද සිත්තම් කරවී ය. වඩුවන් ලවා හුණු දඬුමුවා ඡත‍්‍රය ද මුද්ධ වේදිකාවෙහි කරපත්මුවා හිර සඳ ද කරවී ය. මෙසේ කළ සෑය ලාකඩින් හා කංකුට්ඨක නම් දැයින් සිත්තම් කරවා සෑයෙහි කටයුතු කිස නිමියේ ය යි රජුට දැන්වී ය.’ (ශ්‍රී ලංකාවේ ස්තූපය, පරණවිතාන – 26 පිටුව) එය වූ කලී චෛත්‍යයක් වටා කඤ්චුකයක් ( නොහොත් කප්රුකක්) යෙදූ පළමුවැනි අවස්ථාව වෙයි. පසු කලෙක භාතිය රජු විසින් ද මහා ථූපය වටා කඤ්චුකයක් පලඳවා පුද පූජා පෙරහැර පැවැත්වූ බවට වංශ කතා ඇතුළු බෞද්ධ සාහිත්‍ය ග‍්‍රන්ථ සාක්ෂි දරයි. කණ්ඨක සෑයේ පේසා වළලූ වටා ගඩොලින් කඤ්චුකයක් ඉදි කොට ස්තූපය ශක්තිමත් කළ බවත්, අනතුරුව තවත් රජෙකු විසින් ශෛලමය කඤ්චුකයක් යොදා එය විශාල කොට තහවුරු කළ ආකාරය ද පුරාවිද්‍යා ගවේෂණයන්ගෙන් හෙළි කරගෙන ඇත. මහා දාඨික මහානාග රජතුමා මහා ථූපයේ වෘත්තාකාර මාලකය වටා ශෛලමය පුෂ්ප දානයක් කළ බව වංසත්තප්පකාසිනියෙහි දැක්වෙයි. එය පද්මයක් විකසිත වන්නාක් මෙන් නිර්මිත වූ බව ‘පදුම විකසිත කිඤ්චික්ඛ පාසාණෙ’ යන යෙදුමෙන් හෙළි වෙයි. අතීත යුගයේ සිට ම රාජකීය ප‍්‍රභූන් ඇතැම් සැදැහැවත් ජනතාව විසින් මහ පෙරහැර පවත්වා චෛත්‍යයන් පැදකුණු කොට දාගැබ වටා පලඳවන ලද කඤ්චුකයන්, දේවතා රූප, පද්ම – හංස – හස්ති හා මල්කම් මෝස්තරවලින් යුතුව පැවති බව ඒ පිළිබඳව දැක්වෙන වර්ණනාවලින් හෙළි වෙයි. ස්තූපයේ පේසාවළලූ දිගේ ද ගර්භය වටා ද පුණ්‍ය සංකේත ඇතුළත් කඤ්චුකයන් පැලඳවීමේ සිරිත නූතන යුගය දක්වා ම විකාශනය වෙමින් පවතී. චෛත්‍ය වන්දනාව සඳහා යොදා ගනු ලැබූ එකී පලඳනාව විවිධ නම්වලින් කලින් කල හඳුන්වා තිබිණ. ‘ආයාග පට’ නම් කඤ්චුක පලඳනාවක් කළ චෛත්‍ය පූජාවක් ගැන අපදානපාළි ධර්ම ග‍්‍රන්ථ පාඨයකින් අනාවරණය වෙයි. ‘භට්ඨො භට්ඨෙන චිත්තෙන අවන්දිං ථූපමුත්තමං වඞ්ඪකෙහි කථා පෙත්වා මූලං දන්වාන’හං තදා භට්ඨො භට්ඨෙන චිත්තෙන ආයාගං කාරපෙය්යහං දුග්ගතිං නාභි ජානාමි ආයාගස්සං ඉදං ඵලං’ ‘තුටු පහටු සිතින් යුතුව බුදුරජාණන් වහන්සේගේ උත්තම ස්තූපය වන්දනා කළෙමි. නිර්මාණ ශිල්පීන්ගෙන් (වඞ්ඪකෙන) උපදෙස් ගෙන වියදම් පිරිමසා ආයාගයක් කරවා ලීමි. එම ආයාගය හේතු කොට ගෙන මම අගතියක ඉපදීමක් ගැන නො දනිමි. මේ වූ කලී එම ආයාගය පැලඳවීමේ ප‍්‍රතිඵලයයි’ එකී උදානය පහළ කරන ලද්දේ මේ මහා භද්‍ර කල්පයෙහි ආයාගයක් (කඤ්චුකයක්) දානය කිරීමෙන් රහත් ඵල ලැබීමට හේතු වාසනා ලද එක්තරා තෙරනමක විසිනි. ලංකාවේ පැරණි සෙල්ලිපිවල ‘අයක’ නමින් හැඳින්වුණ මෙම චෛත්‍ය සැරසිල්ල පැරණි ඉන්දියාවේ ඇතැම් ස්තූපයන්හි ද යොදා තිබුණේ යයි, පුරාවිද්‍යා සාක්ෂි පරීක්ෂා කිරීමෙන් පසුව මහාචාර්ය පරණවිතානයෝ පෙන්වා දුන්හ. ( උපුටාගන්නා ලදි.)

කප්රැක සහ කංචුකය යන වචනය පිලිබද නොයෙක් ගැටලු පැවතින බවද සිහිපත් කල යුතුය.

ඉතින් මේ පින්කම වෙනුවෙන් වෙහෙස මහන්සි වූ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි වන්ත වෙනව.  ඔබ සියලු දෙනාගේ දායකත්වයෙන් තමයි මේ පින්කම සාර්ථකව කරගන්නට පුලුවන් උනේ.

මේ පින්කම වෙනුවෙන් විශේෂයෙන්ම අමිල ප්‍රභාෂ්වර මහතා විසින් ඉහලම දායකත්වයක් ලබා දුන් අතර  ඒ නිසා අපිට එකවරම පින්කමට නොබියව ඉදිරිපත් වෙන්න ලැබුනා

පුලනි වෑවල ගේ මහත්මියත් සිය මිතුරු මිතුරියන් දෙදෙනෙක්ද සමගින්දුරු රටක සිට මේ වෙනුවෙන් දායකත්වය ලබාදී පින්කමටත් දායක උනා.

එසේම ක්‍රිශාන්ත මහතා විසින් ලබාදුන් මුදල් විශේෂයෙන්ම ක්‍රිශාන්ත ගමගේ,  චූලානි ශිවන්කා,  දෙහන්ස කිත්නිදි,  අමාදි දිනායා,  සිරිසේන කන්ඩම්බි, කුසුමාවතී ගමගේ,  ආර් සී නාලනී, කේ ලයනල් යන පින්වතුන් පින්වතියන් වෙනුවෙන් අටපිරිකර වෙනු‍වෙන් පූජා කලා.

රසික සම්පත් මහතා මෑතකාලීනව හදුනාගත් මිතුරෙක් උනත් ඉතාම ශ්‍රද්ධාවෙන් මේ පින්කම් වෙනුවෙන් අපිට දායකත්වය ලබා දුන්නා.

ඉෂාර අයිය ගැනනම් ඉතින් හැම පින්කමකම නම ති‍යෙනවනෙ. පවුලොදුවලයි අක්කයි එක්ක මේ පින්කමටත් සහභාගි උනා.

ඉන්දික දැකුම්පිටිය මහතා සෑම පින්කමක් වෙනුවෙන්ම අපිට ලොකු දායකත්වයක් ලබාදෙන්නේ පින්වත් මෑනියන් රීටා දැකුම්පිටිය මාතාවත් සමගින්.
රුවන් ජයසිංහ මහතාත් අඛණ්ඩව මේ පින්කම වෙනුවෙන් දායකත්වය රැගෙන එන ශ්‍රද්ධාවන්ත‍යෙක්.
හිරන්ත මල්ලිගොනමනම් නැති පින්කමක් නැති තරම්. මම හිතන්නොහිරන්ත මල්ලි තමයි වැඩිම පින්කම් ප්‍රමාණයකට දායකත්වය ලබා දීල තියෙන්නෙ.
දිනූෂා සොයුරියත් බොහෝ පින්කම් වෙනුවෙන් උනන්දුවෙන් අපිට හැකි සෑම විටම දායකත්වය ලබා දෙනව.
ලලින්ද්‍ර පෙ‍රේරා මහතාත් හැකි හැම විටම පින්කමකට දායක වෙන්න උත්සාහ කරන පින්වත් මහත්මයෙක්.

එසේම මේ පින්කමදෙුටුගැමුණු පූජාව සංවිධානය කල ඉතාලියේ සේවයේ නියුතු ජයන්ත අයියාද, පින්කම වෙනුවෙන් සහභාගි වූ ගනේමුල්ලේ ජයන්ත අයියාද, බිබිලේ සරත් අයියාද, රන්ග ගමගේ මල්ලි සහ එම නංගිද, මාගේ සහෝදරයන් බදු රන්දි සමරනායක නංගිද සම්බන්ධ උනා. ඒ සියලු දෙනාටත් පින්කම සාර්ථක කරන්නට දායක වූ සියල්ලන්ටත් පින් අනුමෝදන් කල යුතුයි.

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ඔබ සියලු දෙනාගේම පවුලේ  සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා. මේ පින්කම සිදුකල  සියලු දෙනාට මෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඒ අය ජීවත් වන්නේනම් නිදුක් නිරෝගී සුවබර, මෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට  සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවා. මිය පරලොව ගොස් ඇත්නම්  වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්, යහපත් තැනක ඉපදී ඇත්නම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.

ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. ධර්මයෙන් ඇති කරන්නේ ප්‍රඥාවයි. මෙපින් බලෙන් ප්‍රඥාව මෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රට, ජාතිය, ආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන් වන්නට මෙපින් හේතු වාසනා වේවා.

එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්‍රමාණයද අප්‍රමාණයි. නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්, වැටෙන  වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙන ඔබේ ඇසුර පවා මහා සතුටක්. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්‍රයට ලැබේවා. විශේෂයෙන් මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්‍යයක්..

එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්, විශේෂයෙන්ම ප්‍රවාහන වියදම් අඩුවෙන් ලබාගනිමින් ඒ සියලු කටයුතු සාර්ථකව සිදුකල රියදුරු මහතුන් ඇතුලු විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා, දායකකාරකාදීන්  ආදී සියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවා.

ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත් පහලවීම ම ඔබ ලද මහා භාග්‍යයක්. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිත නිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්.  සිදුකල සියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටවත් නොලැබේවා. කෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්‍රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිත නොවේවා.  ජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්, ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.

පින්වත් යාලුවනේ. පංච ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේ. ඒ ලෙසින්ම  දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා. ව්‍යාපාර, අධ්‍යාපන, කටයුතු සියල්ල සාර්ථක වේවා. වැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සතර දිගින් සතර මහා වස්තු පහල වේවා. සිව් දිගින් කප්රුක් පහලවේවා. අහසින් රුවන් වැසි වැටේවා. පොළවෙන් මුතු මැණික් මතුවේවා. සසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම ‍ වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා විසිනි.

වීඩියෝ නරඹන්න.

චායාරූප නරඹන්න

තුන්වන කප්රුක් පූජාව ...

තුන්වන කප්රුක් පූජාව හා දුටුගැමුණු උපහාරය …

කළණ මිතුරු දායකත්වයෙන් සිදුකල නවවන ත්‍රිපිටක පූජාව …

By Uncategorized

අප නවවන ත්‍රිපිටක පූජාව සිදුකලේ  අලව්ව නෙලුම් දෙනිය ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයටයි. මේ ‍වෙනුවෙන් අනුශාසකත්වය දැරුවේ පූජ්‍ය හදපානාගල ඥාණරතන හිමියන්‍ විසින්.

මේ සදහා පූර්ණ මැදිහත්වීම දැරුවේ ඉන්දික දැකුම්පිටිය මහතා වන අතර දායකත්වය දැරු‍වේ පහත පින්වත් මහත්ම මහත්මින් විසින්.

ඉන්දික දැකුම්පිටිය මහතා – $50/-
ප්‍රදීප් ගමගේ මහතා  – $50/-
ප්‍රසන්න කුලසේකර $100/-
ගාමිණී මහතා $100/-
රීටා දැකුම්පිටිය මාතාව $100/-
චන්දන සිංහබාහු මහතා- $50/-}
ප්‍රසන්න මහතා – $100/-
පුෂ්පකුමාර – $50/-
තිලක් මහතා –  $100/-
බන්දුල මහතා $25/-
———————–
මුලු එකතුව  $ 725

$725  X 116.15 =  රු  84,208.75

ඔබට කෙලින්ම ලන්කාවට ලැබුනු මුදල්
අතුල මංචනායක මහතා රු 2500.00
හිරන්ත මදුසංක මහතා රු 1000.00
චිත්රානි ඈපා මහත්මිය   රු  2500.00
———————————–
මුලු එකතුව  = Rs 6000

ත්‍රිපිටක පොත් වහන්සේ සඳහා මුළු එකතුව ( ලන්කාවෙන් සහ ඔස්ට්‍රේලියාවෙන් )

=  Rs 90,208. 75

මුලු වියදම්

‍පොත්වහන්‍සේ ‍වෙනු‍වෙන් රු 40,000.00
අල්මාරියට රු 12,000.00
ප්‍රවාහන වියදම රු 3300.00
—————————–
එකතුව රු 55300.00

( මුද්‍රණ යන්ත්‍රයක් පරිත්‍යාග කිල අතර එහි වියදම රු 11,900.00 කි.
http://wp.me/p4XCOM-vS  )

ඉතිරි මුදල 90208.75 – 67200.00 = රු 23008.75 රුවන් වැලි සෑ ‍හෙල විරු අභිවන්දනා වැඩ සටහ‍නේ ආ‍ලෝක පූජාවට ‍යොමු කලා.

මේ පින්කම සදහා විශේෂයෙන් පූජ්‍ය හදපානාගල ඥාණරතන හිමියන්‍ මැදහත් වූ අතර උන් වහන්සේත් විශේෂයෙන් සිහිපත් කල යුතුයි.

Read More