Skip to main content

සැරියුත් මුගලන් පිළිම වහන්සේලා දෙනමක් ගෞතම බුදු සසුනට පූජා කල වගයි …

ආයුබෝවන් පින්වත් යාලුවනේ ඊයෙ වගේම අදත් අපි හමුවෙන්නෙ තවත් පින්කමක් සිදුකල බව මතක් කරගෙන. ඔයාලට මතක ඇති මම දවසක් කිව්ව සැරියුත් මුගලන් පිළිම වහන්සේලා නිර්මාණයට මුදල් පරිත්‍යාග කරන්න පුලුවන් කෙනෙක් ඉදිරිපත් වෙන්න කියලආයුබෝවන් පින්වත් යාලුවනේ ඊයෙ වගේම අදත් අපි හමුවෙන්නෙ තවත් පින්කමක් සිදුකල බව මතක් කරගෙන. ඔයාලට මතක ඇති මම දවසක් කිව්ව සැරියුත් මුගලන් පිළිම වහන්සේලා නිර්මාණයට මුදල් පරිත්‍යාග කරන්න පුලුවන් කෙනෙක් ඉදිරිපත් වෙන්න කියල.
ඉතින් විදෙස්ගතවෙලා ඉන්න පින්වත් යාලුවෙක් මට හදිස්සියෙන්ම කථා කලා. එයා පොරොන්දු උනා ගෙදර අය එක්ක කථා කරල මේ මුදල පරිත්‍යාග කරන්න. අපි ඇස්තමේන්තු කල මුදල රුපියල් ලක්ෂයක්.
මේ පින්වත් යාලුව විදෙස්ගතව ඉන්න කෙනෙක්. මම වැඩි විස්තර දාන්නෙ නෑ එයා ගැන. හේතුව තමයි එයාගෙ අන්‍යතාවයට හොද මදි මෙන්ම එයාගෙන් ආධාර ඉල්ලල කරදර කරන එක වලක්වන්න. කොහොම නමුත් එයා කථා කල දා ඉදන්ම මා එක්ක අඛණ්ඩව සම්බන්ධතාව තියාගත්ත. හරිම උනන්දුවෙන් වැඩේ ගැන කථා කලා. අපි මේක කරන්න ඕනි එරන්ද කියල නිතරම මාව දිරිමත් කලා. එයා මට දින දුන්න අහවල් දවස වෙනකොට මුදල් කොහොම හරි එවනව කියල.

පින්වත් යාලුවනේ. ඔන්න ඒ දවස උදා උනා. අද එයාගෙ මල්ලි ඒ මුදල් අරන් ආව. රුපියල් ලක්ෂයක්. හොරකම් කරල, මිනී මරල නෙවෙයි. තමන්ගෙ දහදිය මහන්සියෙන් හොයපු මුදල්. තමන්ගෙ ඥාති හිතමිත්‍රාදීන්ගෙ උදව් ඇතිව එයා මේ පරිත්‍යාගය කලා.

ඒ මුදල් කන්දරාව ලබා දෙන්න මේ අය සහභාගි උනා.

රන්ජනී කලුආරච්චි
නිලූකා තුෂාරි
කල්පන අතුරුගිරිය
නන්දනී අතුරුගිරිය
ශ්‍රියාණි ධම්මිකා
රොෂානි සමරසිංහ
වීනාවි රුක්ෂිකා
නිලූකා මන්ත්‍රිවිතාන

කියන පින්වතුන් පින්වතියන් මේ මුදල් පරිත්‍යාගයට දායක උනා. විහාරස්ථානය මොකක්ද කියල කියන්න බැරි උනානෙ.
කුරුණෑගල, බෝයගනේ, නයිලිය ශ්‍රී නාගංගනාරාම විහාරස්ථානයට තමයි අපි මේ මුදල් පරිත්‍යාගය සිදුකලේ.
දැන් මොහොතක් බලමු මේ පින්කමේ ආනිසංශ මොනවද කියල. බුදුපිළිම නිර්මාණය කිරීමේ ආනිශංස මේ විදිහට දක්වනව. ඉතින් සැරියුත් මුගලන් කියන අගසව් දෙනම දෙවෙනි වෙන්නෙ බුදුහිමියන්ට පමණයිනෙ. ඒ නිසා මීට ආසන්නවම ආනිශංස ලැබෙනව. මේ තියෙන්නෙ බුදුපිලිම නෙලීමේ ආනිශංස

සෘද්ධි සම්පන්න පුද්ගලයන් විසින් සියලු සක්වල පුරා ඇතිවෙන උඳු, මුං, තල වගේ දේවල් තමන්ගේ සෘද්ධි බලයෙන් ගණන් කරලා මෙපමණයි කීවත් ඒ පුද්ගලයන්ට පවා බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,

මහානුභාව සම්පන්න සක්විත රජෙක් තිස් හත් ලක්ෂ දස දහස් තුන්සිය පනහක් යොදුන් උස සක්වල පර්වතය උසට සත් රුවන් සහ උඳු, මුං පුරවලා ගණන් කරලා මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,

මහානුභාව සම්පන්න දේවතාවක් මහා සාගරයේ ජලය නැලි සිය දහස් ගණනකින් මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,

මුඛ සීයකින්, දහසකින් වුවත් එක් බුදු පිළිමයක් කරවීමේ පින කීවත් කියා නිම කළ නොහැකි බවත් බුදුන් වහන්සේ දේශනා කරනවා.

ඒ සමඟම බුදුන් වහන්සේ පෙර භවයක තමන් වහන්සේ රජතුමෙක්ව සිටි බවත් බුදු පිළිමයක කැඩී තිබුණු ඇඟිල්ලක් දැකලා ඒ කැඩී තිබුණු ඇඟිල්ල නැවතත් බුදු පිළිමයට සම්බන්ධ කරපු පිනෙන් මහත් තේජවන්තභාවයට පැමිණි බවත් රජතුමා යුද්ධයට යද්දී ඇඟිල්ලක් උස් කිරීමෙන් හා නැමීමෙන් පවා සතුරන් පරාජය කළ බවත් වට්ටාංගුලි රජතුමා නමින් ඒ නිසා හැඳින්වූ බවත් දේශනා කරනවා.

ඉතින් බුදු පිළිම කරවීමේ විශාල පිංකමක් බවත් බුදු පිළිමවලට පුද පූජා පැවැත්වීමත් විශාල පිංකමක් බව පැහැදිලියිනේ. ඒක නිසාමයි අට මහා කුසල්වලින් එකක් ලෙස බුද්ධ ප්‍රතිමා කරවීම දක්වලා තියෙන්නේ.

හොදයි. ඉතින් මේ පරිත්‍යාගය සිදුතල පින්වත් යාලුවේ. ඔබත් මේ පරිත්‍යාගයට සම්බන්ධ උන සියලු දෙනාටමත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. ඔබ සියලු දෙනා නිවන් දකිනා තෙක්ම නිදුක් නිරෝගී සිරුරකට හිමිකම් කියත්වා. දුක් මහන්සියෙන් රැස්කල මුදල් පරිත්‍යාගයෙන් රැස්කල අප්‍රමාණ ආනිශංස ඇති මේ පින්කමේ බලයෙන් ඔබ කරන කියන සියලු වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

මේ භවයේ පටන් නිවන් දකිනා තෙක් උපදින හැම භවයකම
* පිරිපුන් සුන්දර මනුෂාත්මයක් ඉහල භවයන්ම ලැබේවා
*ඉසුරින් පිරි ඉහල කුලයකම උපදීවා
*පරමායුෂ විදීමට හැකිවේවා
*දුටුවන් පිනවන කාන්තිමත් සිරුරක් ලැබේවා
*අප්‍රමාණ පිරිස් සම්පත් ලැබේවා
* අප්‍රමාණ ප්‍රඥා සම්පත්තියක්ම ජනිත වේවා

එපමණක් නොව ඔබ හැදූ වැඩූ දයාබර දෙමාපියන්ටත්, ගුරුවරාදීන්ටත්, අනිකුත් සමීපතමයන්ටත් මේ පින් එකසේ අනුමොදන් වීමෙන් සියල්ලෝම සැපයෙන් සැපයටම පත්වේවා. කෙලවර ඔබ සියලු දෙනා පතන බෝධියෙන් නිවන් ලබාගැනීමටත් මේ සියලු පුණ්‍යස්කන්ධයෝ හේතුවාසනා වේවා.
අනන්ත බුදුගුණ බෙලෙන් තුන්ලොවම සැනසේවා … … …

සැරියුත් මුගලන් පිලිම පූජාව

සැරියුත් මුගලන් පිලිම පූජාවේ මතක සටහන්