2015 ජූලි මස 5 වැනිදා අපි තවත් මහ පින්කමක් සිදුකලා. හදිසි අනතුරකින් ඇස් පෙනීම අඩාල වූ මවකගේ ඇසකට කාච බද්ධය සිදුකලා. අනෙක් ඇස යථා තත්වයට ගැනීමට නොහැකි බව වෛද්‍යවරැන් පවසනවා.
මේ පින්කම සදහා පින්වත් අමල් ආර් මහගෙදර මහතා සහ මහත්මිය පූර්ණ දායනත්වය ලබාදීමට කටයුතු කලත් හදිසියේ මිල ඉහළයාම හේතුවෙන් ඉතිරි මුදල නම් සදහන් නොකල මිතුරන්ගේ ලැබීමකින් පියවා දැමුවා. ඒ අනුව අමල් මහතා සහ මහත්මිය රු 35,000.00ක මුදලක් ලබා දුන් අතර ඉතිරි රු 3100.00 වෙනත් පින්වතුන්ගේ මුදලින් පියවා ගත්තා.
පින්වත් අමල් මහතාණෙනි, මහත්මියණි, නම් සදහන් නොකර මුදල් ලබාදුන් මිතුරාණෙනි, ඔබ මේ සිදුකලේ මහා පින්කමක්. එහි කුසලය මෙපමණයැයි කිව නොහැකියි. විශේෂයෙන්ම දෑස් පෙනීම ලබාදෙනවා යනු මහා කුසල දායක පින්කමක්. Read More
2015.07.03 වන දින අපි නිකවැරටිය දිගන්නෑව සිරි දේවමිත්ත මහා විද්‍යාලයට පුස්ථකාල පොත් සහ වානේ අල්මාරියක් පරිත්‍යාග කලා. ඒ වෙනුවෙන් පහත පින්වතුන් දායකත්වය ලබාදුන්නා.
අරුණ විජේසිංහ මහතා රු 30,140.00
සේපාලිකා නංගී රු 25,000.00
විපුල් නයනානන්ද මහතා රු 10058.00
සුරෙන් දිසානායක මහතා රු 10058.00
සමීර මදුසංක මහතා රු 10,000.00
මොශාන්ත නිරන්ජන් මහතා රු 6,625.00
දිල්ශාන්ද සිල්වා මහතා රු 5029.00
ජනක සම්පත් මහතා රු 5,000.00
අරවින්ද රත්නසිංහ මහතා රු 5,000
හරේන්ද්‍ර දේශප්‍රිය මහතා රු 2500.00
සචිත් දිසානායක මහතා රු 2,000.00
හිරාන් මදුසංක මහතා රු 2,000.00
_________________________________
මුලු එකතුව රු 113,410.00
සම්පත් ශ්‍රී අනුරාධ මහතා සහ එතුමාගේ මිතුරන් රු 15,000.00 කට ආසන්න පොත් ලබාදුන්නා.
වියමදම්.
පොත් මිලට ගැනීම සදහා වියදම රු 40,000.00
වානේ අල්මාරිය සදහා වියදම රු 12,200.00
ප්‍රවාහන වියදම
- පොත් රැගෙන ඒමට රු 600.00
- වානේ අල්මාරිය රැගෙන ඒමේ වියදම රු 500.00
- සියල්ල කුරුණෑගල සිට දිගන්නෑවට ( නිකවැරටිය සිට කි.මී. 25ක් දුරින් ) ප්‍රවාහන වියදම රු 4000.00
මුලු වියදම රු 57,300.00
ඉතිරි මුදල රු රු 113,410.00 – රු 57300 = රු 56,110.00
ඉතිරි මුදල් තවත් මෙවන් පාසැලක් සදහා පුස්තකාලයක් ලබාදීමට වැය කරන අතර ඉත්මනින් තොරතුරු දන්වන්නම්.
අපි මේ පින්කම සිදුකලේ නිකවැරටිය දිගැන්නෑව ශ්‍රී දේවමිත්ත මහා විද්‍යාලයටයි. විද්‍යාලයේ තඅබූ අඩුපාඩුවක් මේ ලෙස සම්පූර්ණ කිරීමට අපට අතර මැදි දායකත්වය ලබා දුන්නේ සමීර මදුරංග මල්ලියා විසින්.
ඉතින් පින්වත් යහලුවනේ මේ සිදුකලේ බුද්ධ පූජාවක්. බුදුහාමුදුරුවො තමයි දානයේ ආනිසංශ අපිට කියල දුන්නෙ. ඉතින් ඒ බුද්ධ වචනයට ගරැකරමින් තමයි අපි මේ පූජාව සිදුකලේ. මේ පුස්ථකාගය නිසා අසරණ අහිංසක දරුවන් මොනතරම් සතුටු වෙයිද? මේ විදුහලේ සමහර සිසු දරු දැරියන් ජීවිතය පවා නැතිකරගන්න උත්සාහ කල අවස්ථා තියෙනව. ඒ ඉගෙනීමට නිසි අවශ්‍යතාවයන් නොලැබීම නිසායි. එවන් සිසු දරු දැරියන්ට මේ පුස්තකාලය මහගු පිටුවහලක් වේවිඉතින් මේ පින්කම සිදුකරන්නට මූල්‍ය දායකත්වය ලබාදුන් ඔබවන් පින්වත් දරුවන් බිහිකල ඒ උතුම් දෙමාපියන්ට මේ පින් ලැබී දීර්ඝායුස ලැබේවා. ඔවුන් මිය පරලොව ගිහින් ඇත්නම් මේ පින් බලෙන් සැපතින් සැපතටම පත්වේවා. අත්වැරදීමකින් වත් යම් කිසි අභව්‍ය ස්ථානයක සිටීනම් ඉන් මිදී සුගතාගාමි වේවා. ඔබේ දරුවන්ටද සොයුරු සොයුරියන්ටද ඥාතීන්ටත් ඉතා හොදින් අධපාන කටයුතු කරගෙන යාමට මේ පින් හේතුවාසනා වේවා. මේ පින්කමට දායක වූ ඔබටත් මතක ශක්තිය, ධාරණ ශක්තිය, වර්ධනය වී ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. උපන් හැම භවයකම ඉහලම බුද්ධි මට්ටම්වල වැජඹෙමින් සියලු ඉගෙනීම් කටයතු ඉහලින්ම සාර්ථක කරගන්නට හැකියාව ලැබේවා… සරස්වතී වරමින් ඉහල බුද්ධිමට්ටම් රැකියා කටයුතු ආදියෙන් ඉහලටම යන්නට මේ පින හේතුවාසනා වේවා. සම්බුද්ධ ශාසනයේ චතුරාර් සත්‍යය අවබෝධ කරගන්නට මහා හැකි ප්‍රඥාව පහල වේවා. කෙළවර මෙපින් බෙලෙන් චතරාර්ය සත්‍යය අවබෝධය තුලින් පතන බෝධියෙන් උතුම් නිවන් මග අවබෝධයට හේතුවාසනා වේවා …
මේ පින්කම සදහා ආධාර උපකාර කල බෞද්ධ නොවන පින්වත් අපේ මිතුරු මිතුරුියන්ටත් තම තමන්ගේ ආගම දහම අනුව බලාපොරොත්තු වන්නා වූ උතුම් පදවිය හිමිවේවා …
බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා …
යාලුවනේ අපි මහරගම පිළිකා රෝහලට තැඹිලි, රෝගීන් වෙනුවෙන් ත්‍යාග සහ අත්‍යාවශ්‍ය උපකරණ පරිත්‍යාගයක්
රූපසිංහ මිය 20758/-
රූපසිංහ අක්කා 20000/-
ජනක පී ලියනගේ මහතා 10000/-
රොෂාන් ප්‍රගීත් මහතා 10000/-
උදාරා ධර්මසේන මෙනෙවිය 7500/-
සේපාලිකා සොයුරිය 5000/-
අරවින්ද බණ්ඩාර මහතා 5000/-
එරංග සෙනෙවිරත්න මහතා 5000/- Read More
අද දින මාවනැල්ලේ, දෙවරගම්පල ශ්‍රී නීග්‍රෝධාරාමයේ ධර්මශාලාව ඇතුලු බහුකාර්ය දෙමහල් ගොඩනැගිල්ලේ වහලය සදහා අවශ්‍ය සෙවිලි තහඩු ( ඇස්බැස්ටොස් ශීට් ) ලබාගැනීමටත්, වහලය සදහා අවශ්‍ය ලී සදහා ආධාර පිණිසත් රු 126,000/- ක් ශාසනයට පූජා කලා. මෙහි විශේෂත්වය ධර්ම ශාලාව සමග එය ස්වාමීන් වහන්සේලාට ලැගුම් ගෙයක් ලෙසින් ද පරිහරණයට හැකි වීමයි.
ඒ අනුව මෙය ධර්මශාලාවක්, ලැගුම් ගෙයක් වගේම දහම් පාසැල් ගොඩ නැගිල්ලක් ලෙසත් භාවිත වෙනව.
මේ පින්කම සිකුකෙරුනේ මංජුලා මහත්මියගේ දැනුවත් කිරීමක් මත වන අතර
මේ සදහා
රොෂාන් ප්‍රගීත් මහතා රු 96,000.00
පුෂ්පකුමාර කරුණාසිංහ මහතා රු 30,000.00
_______________________________________
මුලු මුදල රු 126,000.00
පින්වත් යාලුවනේ මේක සුලු පින්කමක් නෙවෙයි. අටමහ කුසල්වලට අයත් පින්කමක්. මේ බලන්නකෝ.
කඨිනට්ඨ පරික්ඛාරං
වාසදානංච උත්තමං
බුද්ධ පමුඛ සංඝස්ස
දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානං ච බුද්ධස්ස
පටිමා කාරණං පිච
කරණං වච්චකුටියා
අට්ඨ පුඤ්ඤාති චුච්චරේ (කඨින විනිශ්චය)
ඉහත ගාථාවේ සඳහන් වන පරිදි අට මහ කුසල් වන්නේ, 1. කඨින දානය, 2. අටපිරිකර පූජාව, 3. ආවාස සාදා පූජා කිරීම, 4. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දීම, 5. ධර්මය ලිවීම, 6. කෙත්වතු පිදීම, 7. බුද්ධ ප්‍රතිමා කරවීම, 8. වැසිකිලි කැසිකිළි සෑදීම යන පූජාවන් ය.
පින්වත් යාලුවනේ අටමහා කුසල් කියන්නෙ ආනන්තරි පාපකර්ම හැර අනිත් සියලු අකුසල් යටපත් කරන්න පුලුවන් තරම් මහත්ඵල මහානිසංශ ලබාදෙන පින්කම්. ඒ අනුව මෙය බහුකාර්ය ගොඩනැගිල්ලක් නිසා කුටි ( ආවාස ගෙය) ලෙසද, ධර්මදානය සදහා පහසුකම් සැලසීම ත් ඛර්මදාන පින්කමටම හේතුවන නිසා එලෙසින්ද යන අට මහා කුසල් දෙකකට අයත්වෙනව.
වරක් බුදුහිමියන් වහන්සේ මෙහෙම දේශනා කලා
ආරාමරොපා වනරොපා – යෙ ජනා සෙතුකාරකා
පපංච උදපානං ච – යෙ දදන්ති උපස්සයං
තෙසං දිවා ච රත්තො ච – සදා පුඤ්ඤං පවඩ්ඪති
ධම්මට්ඨං සීලසම්පන්නා – තෙ ජනා සග්ගගාමිනො
– සංයුත්තනිකාය
යම් කෙනෙකු අන්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා මල් පල ආදියෙන් යුත් ආරාමයන් , උයන් වවත් ද, සෙවණ පිණිස ගස් වවත් ද, ඒ දඬු පාලම් කරවත් ද, ළිං පොකුණු ආවාස හා විශ්‍රාම ශාලා කරවත් ද, එබඳු සත්පුරුෂයනට හැමදා දිවා රෑ දෙකෙහි පින් වැඩේ, පින් පිරේයි බුදුරජාණන් වහන්සේ වදාළ හ.
දුකසේ වෙහෙස මහන්සි වී උපයා සපයා ගත් ධනය මහසඟරුවන විශයෙහි කැප කරමින්, “සියල්ල දුන්නාක් වැනි යැයි” බුදු රජුන් විසින් ම වදාළ සේනාසන පූජාව, මෙසේ නිවන් අරමුණු කරගනිමින් සිදු කරගන්නට හැකි වීම අතිශයින් විශ්මිත පුණ්‍ය කර්මයකි. සිල්වතුන් වහන්සේලා ගුණවතුන් වහන්සේලා මෙම කුටි පරිහරණය කරන වාරයක් පාසා, මේවාගේ වැඩ වෙසෙමින් ගුණදම් වඩන වාරයක් පාසා, මෙම කුටි තනවා පූජා කළ සැදැහැවත් පින්වතුනට දිවා රෑ පින් වැඩෙන්නේ ය..
යහලුවනේ අපදාන පාලියේ 499 වන අපදානයේ දසහන් වන පරිදි නළ කුටිදායක හිමි පෙර නාරද බුදුරජාණන් වහන්සේට බට දඩුවලින් කුටියක් කොට පූජා කල පිනෙන් තිස් හතර වතාවක් සක්විති රජ විය. අවසානයේ නිවන් සැපද ලැබුවාහුය.
ආපදාන පාලියේ 345වන අපදානයේ දසහන් වන පරිදි නළාගාරික හිමි නාරද බුදුහිමිට බටකිළියක් කොට ඒ මත තෘණ අතුරා පිදූ පිනෙන් කල්ප දාහතරක් දෙව්ලොව සැප වින්දා. හැත්තෑ හතර වතාවක් සක්විති රජ විය. අවසානයේ සිව් පිළිසිඹියාපත් සහිතව රහත් බවද ලැබුවාහුය.
ආපදාන පාලියේ 337වන අපදානයේ තුණකුයිදායක හිමි මීට කල් අනූ එකකට පෙර දාසයෙක්ව ඉපිද සිටියදී දිනක් කැලයට ගිය විටදී ලී ගෑලි හයක් ගෙන දෙක දෙක කතිර බැද ඒ මත තෘණ අතුරා කුටියක් කොට සංඝයාට පිදූ පිනෙන්
තව්තිසා දෙව්ලොව විමනක් පහළ විය
උපනූපන් තැන සිතේ හැටියට ප්‍රසාද පහළ විය
බිය, තැතිගැනීම්, ලොමු දැහැගැනිවීම් සිදු නොවීය
සිංහ, ව්‍යාඝ්‍ර, වළස් වෘක, කරබානා වළස් ආදී සත්න් තමා යනවිට මාර්ගයෙන් ඉවත් වීම
සර්ප, භූත, නාග, රකුස් ආදීන් තමන් යනවිට මගින් ඉවත්වීම