Skip to main content
All Posts By

Eranda

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් තවත් ආලෝක පූජාවක් සිදුකල වගයි …

By All Posts

2016 මාර්තු මස 31 වැනිදා අපි තවත් විදුලි ආලෝක පින්කමක් සිදු කලා.  ඒ ඇස් පෙනීම අහිමි වූ කාන්තාවක් වෙනුවෙන් විදුලි ආලෝකය ලබාදීමයි. ඇයට ඇස්පෙනීම අහිමි උවත් ඇගේ දියණියට හා දෙමාපියන් වෙනුවෙන් ඒ ව්‍යාපෘතිය සිදුකලේ. ඒ පින්වත් මිතුරෙක් වෙනුවෙන් පින් අනුමෝදන් කරවීමටයි. ඒ විස්තර පහත දැක්වෙනව.

මේ සදහා

හිරන්ත මදුසංක මහතා   රු   7600.00
යසිත බෝගමුව මහතා   රු   1000.00
පදනමේ අරමුදලින්        රු 13,400.00
————————————————–
මුලු වියදම                      රු  22,000.00

මුලු වියදම රු 20,650.00

ඇය නිවස වයරින් කරල තිබුනෙ. ඉතිරි මුදලින් අවශ්‍ය විදුලි බල්බ ආදිය ගන්න කියල ඉතිරි රු 1350.00 ඇයටම ලබාදුන්න.

විදුලි ආලෝක පූජාවත් වැටෙන්නේ ආලෝක පූජාවක් ලෙසටයි. පහන් පූජාවේ අනුසස් විදුලි ආලෝක පූජාවේ අනුසස් වලට සමානයි. මේ බලන්න පහන් ආලෝක පූජාවේ අනුසස් මොනවද කියල.

Read More

රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ප්‍රාථමික පාසැල් දෙකක දරුවන්ට අවශ්‍ය පාසැල් උපකරණ බෙදා දුන් වගයි …

By All Posts

රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් මුවපිටිය හා වැලිගම ප්‍රාාථමික විද්‍යාලයේ දූ දරුවන් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධාපන කටයුතු සිදුකරන බව අපිට දැනගන්නට ලැබුන. ඒ නිසා ඒ දරුවන් වෙනුවෙන් යම්කිසි පරිත්‍යාගයක් සිදු කරන්නට අපේ සිත්වල ඇති උන බලාපොරොත්තුවක් කමයි මේ අයුරින් මුදුන් පැමිනුනේ. පරිත්‍යාගයන් සිදුකගේ අසල විහාරස්ථානයේදියි.

මේ වෙනුවෙන් ලැබීම්

සම්පත් හේවගම මහතා රු. 15,000.00
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 15,000.00
සේපාලිකා නංගි රු 10,000.00
රොෂාන් අල්විස් මහතා රු 7500.00
සුමිත් සෙනෙවිරත්න මහතා රු 5000.00
චතුරි විසුම්පෙරුම සොයුරිය රු 2000.00
ශෙහානි බොතේජු මිය රු 2000.00
හිරන්ත මදුසංක මහතා රු. 1500.00
නුවන් කරැණාවර්ධන මහතා රු 1000.00
තිළිණ විජේවර්ධන මහතා රු 1000.00

එකතුව රු 60,000/-

Read More

පින්වත් මිතුරන්ගේ පූර්ණ දායකත්වයෙන් කෝඩුකාරයන් රැගෙන සිරිපා කරුණ‍ාකල වගයි …

By All Posts

පින්වත් යාලුවනේ අපි පසුගියදා මහා පින්කමකට දායක උනා. ඒ පසුගිය මාර්තු 10 වැනිදා කෝඩුකාරයන් සමග සිරිපා කරුණා කලා. කවදාවත්  සිරිපා කරුණා කරන්න අවස්ථාවක් නැතිව තිබූ අහිංසක දෙමාපියන් ඇතුලුව පුංචි දුවා දරුවන් සමගයි අපි කරාණා කරන්න ගියේ.

Nelosendi Sendi මහතා රු 16343.00
සමීර ධනුෂ්ක රු 5000.00
ක්‍රිෂාන්ත ගමගේ මහතා රු 5000.00
මදු සුදාරි නංගියා රු 2,000.00
දිනේශාන් උදාය කුමාර මහතා රු 1500.00
රුවන් ධනුෂ්ක මහතා රු 1,500.00
චතුරි විසුම්පෙරුම නංගියා රු 1000.00
නුවන් කරුණාවර්ධන මහතා රු 500.00
හිරන්ත මදුසංක මහතා රු 500.00
———————————————
මලු එකතුව  රු 33343.00

 

වියදම්

බස්රථය සදහා රු 20,000.00
සියලු මව්පියන් දරුවන් සදහා දින දෙකකට ආහාර වියදම රු 8,250.00
ආලේක පූජාවට හා සංවර්ධන අරමුදලට පරිත්‍යාග කිරීම් රු රු 2500.00
———————————————-
මුලු වියදම රු 30,750.00

Read More

අපමණ කම්ක‍ටොලු මැද මහ වනයක ‍සෙ‍නෙසුන් පූජාවක් සිදුකල වගයි …

By All Posts

හම්බන්තොට තණමල්විල ප්‍රදේශයේ උඩවලව රක්ෂිතයේ මහ ගණ කැලෑවේ අපි සේනාසන (කුටි) පූජාවක් සිදුකලේ පසුගිය ( 2016 ‍‍ෙපබ.) 19 ‍වෙනිදයි. මහ ගණ කැලෑවේ අලි තොටි වළසුන්, සතා සර්පයන්, වගේම මංමුලාවැල්, අන්දර වැනි ශාකයන් ගහනව තියෙනව. ඊට අමතරව ගංජා හේන් වවන්නන්ගේ තර්ජන, විශේෂ කාර්ය බලකායත් නිතර සැරිසරනව. වෙඩි පහරවල් බියකුත් නොතිබ්බ නො‍වෙයි. ඊට අමතරව ඉපැරණි රජවරු අටවපු ගල් උගුල්, වගේම වැසි සහිත කාළතුණය. පාරවල් මහ ගල් පතුරු උඩින් වැටිල තිබුන නිසා ට්‍රැක්ටරය දෙපාරක්ම අනතුරට ලක් උනා. ප්‍රධාන මාර්ගයේ ඉදන් කිලෝමීටර 2.5තක් විතර යන්න තියෙනව. කි‍ලෝ මීටරයක් විතර මහ ඝන කැලෑව.ට්‍රැක්ටරය ගියෙත් මගට. මීටර පන්සියයක් විතර කිලෝ විස්සක් විතර බර සිමෙන්ති ගල්, වතුර, වැලි, ශීට්, සිමෙන්ති කරෙන් අදින්න උනා. මේ වෙනුවෙන් ගමේ කිහිප දෙ‍නෙක්ම ‍වෙහෙසුනා. ප්‍රදේශයේ ඝන දෙවි කොවිලක් කරන වෛද්‍යතුමා ඇතුලු තරුණ පිරිස මහගු ‍සේවයක් ලබාදුන්නා. විශේෂයෙන්ම  සුපිරි රියදුරෙක් උන ට්‍රැක්ටරය ධාවනය කල මිත්‍රයා අපිට මහගු සහයක් ලබාදෙමින් මහ ඝන කැලෑවේ ටැක්ටරය රැගෙන ගිය නිසා අපිට කටයුතු කරගන්න වඩා පහසු උනා.

‍කොහොම නමුත් අ‍පේ නඩේ ඇත්තන්ටනම් අබමල් රේණුවක හානියක්වත් සිදු උනේ නැහැ

ස්වාමීන් වහන්‍සේට කුටියක් සමග නිදන ඇදන් ‍කොට්ට ‍මෙට්ටා අදියද, ජල ‍පෙරණයක් ( Water Filter ) වානේ කබඩ් එකක් වගේම,රු 10,000/- ක මුදල් පරිත්‍යාගයක්ද සිදු කලා.

‍මේ මහ පින්කමට පහත පින්වතුන් හා පින්වතියන් දායකත්වය ලබා දුන්න.

Read More

පින්වත් මෑණියකගේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් චෛත්‍යරාජයන් වහන්සේ නමකගේ පඩිපේලිය නිර්මාණයට රු 50,000/- ක් පරිත්‍යාග කල වගයි …

By All Posts

පින්වත් යාලුවනේ අපි පසුගියදා මහා පින්කමකට දායක උනා. හම්බන්තොට උඩමලල වෙහෙරගල අාරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදිකරන ලද සිලුමිණි සෑ මහා චෛත්‍යරාජයන් වහන්සේගේ පඩිපෙළ වෙනුවෙන් රු 50,000/- ක මුදලක් පරිත්‍යාග කලා. මේ වෙනුවෙන් සම්පූර්ණ මූල්‍ය දායකත්වය ලබාදුන්නේ ඉතාලියේ පදිංචි පින්වත් මාලනී පරණවිතාන මෑණියන් විසින්.

ඉතින් පින්වත් යහලුවනේ චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම කියා නිමකල කල නොහැකි කුසල කර්මයක්. මෙපමණයි කියල කියන්න බැහැ එහි ආනිසංශය. වැලිවලින් කුඩා චෛත්‍යයක් හදල දොඹමල් පූජ කරල අප්‍රමාන දිව්‍ය සම්පත් ලද කථාව ඔබ අහල ඇති.

සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ චෛත්‍යට එක් රැයක් එක් පහනක් පුදා පහත සදහන් ආනිසංශ ලැබූ බව ථේරී අපදානයේ දැක්වේ,

1.හැම තැනම ප්‍රදීප දැල්වේ.
2.දිවැස් ලැබේ,(දිව්‍යමය ඇස්)
3.තීක්ෂණ නුවණ ලැබේ.
4.යසසින් දිලිසෙත්
5.ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටත්
6.උසස් කුල සම්පත් ඇත්තෙකු වේ.

Read More