Skip to main content

පින්වත් මෑණියකගේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් චෛත්‍යරාජයන් වහන්සේ නමකගේ පඩිපේලිය නිර්මාණයට රු 50,000/- ක් පරිත්‍යාග කල වගයි …

By February 23, 2016April 11th, 2016All Posts

පින්වත් යාලුවනේ අපි පසුගියදා මහා පින්කමකට දායක උනා. හම්බන්තොට උඩමලල වෙහෙරගල අාරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදිකරන ලද සිලුමිණි සෑ මහා චෛත්‍යරාජයන් වහන්සේගේ පඩිපෙළ වෙනුවෙන් රු 50,000/- ක මුදලක් පරිත්‍යාග කලා. මේ වෙනුවෙන් සම්පූර්ණ මූල්‍ය දායකත්වය ලබාදුන්නේ ඉතාලියේ පදිංචි පින්වත් මාලනී පරණවිතාන මෑණියන් විසින්.

ඉතින් පින්වත් යහලුවනේ චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම කියා නිමකල කල නොහැකි කුසල කර්මයක්. මෙපමණයි කියල කියන්න බැහැ එහි ආනිසංශය. වැලිවලින් කුඩා චෛත්‍යයක් හදල දොඹමල් පූජ කරල අප්‍රමාන දිව්‍ය සම්පත් ලද කථාව ඔබ අහල ඇති.

සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ චෛත්‍යට එක් රැයක් එක් පහනක් පුදා පහත සදහන් ආනිසංශ ලැබූ බව ථේරී අපදානයේ දැක්වේ,

1.හැම තැනම ප්‍රදීප දැල්වේ.
2.දිවැස් ලැබේ,(දිව්‍යමය ඇස්)
3.තීක්ෂණ නුවණ ලැබේ.
4.යසසින් දිලිසෙත්
5.ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටත්
6.උසස් කුල සම්පත් ඇත්තෙකු වේ.

එසේම මේ ලංකා ද්වීපය පාලනය කල එක්තරා සත්පුරුෂ රජ කෙනෙක් හිටිය ඉස්සර.එතුමා තමයි භාතිකාභය රජතුමා.දුටු ගැමුණු මහා රජතුමාගේ මුනුපුරෙක් වන රජ කෙනෙක් තමයි මෙතුමා.දවසක් එක්තරා ශ්‍රාස්ත්‍රයක් දන්නා මනුෂ්‍යයෙක් මේ රජතුමාට මාරක අපලයක් තිබෙන බව දැන ගෙන එය රජතුමාට සැල කර සිටිනවා.වර්තමානයේ කේන්දර බැලීම ආදී දේ මිත්‍යාවක් යයි කට්ටිය ප්‍රතික්ෂේප කලත් එම ශ්‍රස්ත්ර්ය හරියට ඉගෙන මිනිසුන්ගේ ජිවිත සුරැකීමට නිසි අයුරින් භාවිතා කරනවා නම් එය ගොඩක් වටිනා දෙයක්.ඉතින් අර මනුෂ්‍යය අරවිදියට රජතුමාට කිව්වහම මේ රජතුමා එකල වැඩසිටිය රහතන් වහන්සේලා සම්මුඛ වෙලා උන්වහන්සේලාගෙන් අහනව ඒ අපලයෙන් මිදීමට පිලියමක්.මාරක අපලයක් පැමිණ අකාලයේ මියයාමට හේතුව කලින් භවයන් වල සිදු කල ප්‍රාණ ඝාත අකුසල කර්මය බවත් ඉන් මිදීමට නම් කලයුතු හොඳම දෙය නම් රටේ තිබෙන දිරාගිය අබලන්වී ගිය වෙහෙර විහාර චෛත්‍ය ආදී තුණුරුවනට අයත් දේ මුදල් ශ්‍රමය යොදවා පිළිසකර කර ඒවා ප්‍රතිසංස්කරණය කරදීමෙන් බවත් රහතන් වහන්සේලා රජතුමාට දන්වා සිටිනවා.එමගින් වෙහෙර විහාර පිළිසකර වනවා වගේම තමන්ගේ බොහෝ අකුසල කර්ම යටපත් වෙලා ආයුෂ ආදිය පිරිහී තිබෙනවා නම් විහාර පිළිසකර කලාවගේම තමන්ගේ ආයුෂත් පිලිසකරවෙලා මාරක අපල ආදිය දුරු වෙලා ආයුෂ වැඩි වෙනවා. මෙය දැනගත් රජතුමා එවකට ලංකා ද්වීපයේ තිබුණ සියලුම වෙහෙර විහාර ආදිය හොඳින් පිළිසකර කරනවා.අර මනුෂ්‍යයා සඳහන් කල මාරක අපල කාලය ගෙවිගියත් රජතුමාට කිසිඳු අන්තරාවක් නොවී රජතුමාගේ ජීවිතය බේරෙනවා.

මේ සියල්ල චෛත්‍යයන් සම්බන්ද ආනිසංශයි.

ඉතින් මේ පින්කමට සම්බන්ධ වූ  මාලනී පරණවිතාණ මහත්මිය ප්‍රධාන පවුලේ සියලු දෙනාටත්  ස්වාමි පුරුෂයාටත් දරු මුනුබුරන්ටත් දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා. මේ අප්‍රමාණ පූජාවේ ආනුභාවයෙන් ඒ දෙමාපියන්ට ස්වභාවිකව ඇතිවන පංචස්කන්ධ‍යේ දුර්වලකම් පවා අවම මට්ටමකට පත්වේවා. ඇස් පෙනීම අඩුවීමෙන් කණ් ඇසීම අඩුවීමෙන් ඇතිවන පීඩාවන් පවා අවම වේවා. ඒ පින්වත් දෙමාපියන් මියගොස් ඇත්නම් ඔවුන් දුක්ඛිත ස්ථානවල සිටීම සුවදායී ස්ථානයන්ට පැමිණේවා, සුවදායි ස්ථාන වල සිටීනම් තව තවත් ඒ සැප සම්පත් වර්ධනය වේවා.

මේ පින් බලයෙන් මාලනී මහත්මියට නිදුක් නිරෝගී සුවබර ජීවිතයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා. තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන් ඔබට ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වානිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාදස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

චායාරූප නරඹන්න

වෙහෙරගල චෙචත්‍යරාජයන් වහන්සේගේ පඩිපේලිය ...

වෙහෙරගල චෙචත්‍යරාජයන් වහන්සේගේ පඩිපේලිය නිර්මාණයට රු 50,000/- ක් ලබාදීම …

වීඩියෝව නරඹන්න