All Posts By

Eranda

අභිනවයෙන් ඉදිවන සතරමහා දේවාලයකටය රු. 75,000/= ක් පරිත්‍යාගකල වගයි.

By | All Posts | No Comments

මේ පරිත්‍යාගය සිදුකලේ කෝන්පොල සුමනාරාම විහාරස්ථානයටයි. විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකල දේවලාලයට අවශ්‍ය උලු ලබාදීම  සදහා මේ මුදල් පරිත්‍යාග කෙරුනා …

මේ පින්කම වෙනුවෙන්  දායකත්වය ලබාදුන්නේ

රුවන් එස්. ජයසිංහ මහතා   (රු. 10,000/=)
ශානිකා කල්පනී මහක්මිය  (රු. 25,000/=)
කණිෂ්ක දයාරත්න  මහතා (රු. 2300/=)
පේෂලීද සිල්වා මෙනෙවිය (රු. 1000/=)

මෙහි එකතුව රු. 38,300/-ක් වෙනවා.  ඉතිරි  රු. 36,700/-  නම සදහන් කිරීමට අකමැති වූ  පින්වත් සොයුරු සොයුරියන් විසින් ස්වාමීන් වහන්සේගේ ගිනුමට බැරකර තිබුන. සමහර පින්වතුන් මුදල් ඇණවුම් මගින්ද  මුදල් එවා තිබුන.

Read More

10,000/= ක් චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිකිරීමට පූජා කල වගයි …

By | All Posts | No Comments

මේ චෛත්‍යරාජයන් වහන්සේ ඉදිවන්නේ බුලුගොල්ල තියඩෝර්වත්ත විහාරස්ථානයේයි. ඉතික් චෛත්‍යරාජයන් වහන්සේ වෙනුවෙන් අපි රු 10,000/- ක මුදලක් පරිත්‍යාග කලා.

මේ පින්කම වෙනුවෙන්  දායකත්වය ලබාදුන්නේ

පද්මිණි දේවේනද්‍ර මහත්මිය  (රු. 5000/=)
අමල් ආර්. මහගෙදර මහතා (රු. 3000/=)
නිම්මි නදී මහත්මිය (රු. 2000/=)

යන පින්වත් සොයුරු සොයුරියන් විසින්.

චෛත්‍යරායන් වහන්සේ නමක් ඉදිකරන්නට දායක වෙන එක මහා පින්කමක්. ඒක අටමහ කුසල් වලින් එකක්. ආනන්තරිය පාපකර්ම හැර අන් සියලු අකුසල් යටපත් කරන්න පුලුවන් තරම් මහ පිනක්. ඒ විතරක් නෙවෙයි සදා පින්වැ‍ඩෙන පින්කමක්. අපි මියගියත් හැමදාම පින් ජනිතවෙනව. මොකද මේ චෛත්‍යයට හැමදාම මල් පූජ කෙරෙන නිසා. ඊලගට අනාගත වංශ දේශනාවෙ මෙන්න මෙහෙම සදහන් වෙනව. Read More

රු. 68,000/= ක් වටිනා පාවහන් පාසැල් දූ දරුවන්ට බෙදාදුන් වගයි.

By | All Posts | No Comments

පින්වත් යහලුවනේ අපි විහාරස්ථාන වලට වගේම ආර්ථික අපහසුකම් ඇති පාසැල් දරුවන්ටත් හැකි අයුරින් උදව් උපකාර කරනව. අද අපි එවන් මහ පින්කමක් කලා. කුරුණෑගල බෝයගනේ බෝගමුව මහා විද්‍යාලයේ ආර්ථික අපහසුකම් ඇති දුවා දරුවන්ට රු. 68,000/= ක් වටිනා පාවහන් ප්‍රදානය කලා.

මේ සදහා දායකත්වය ලබාදුන්නෙ මෙන්න මේ අපේ යහලුවන්.

Read More

පින්වත් මිතුරකු සිය උපන්දිනය වෙනුවෙන් ඉපැරණි බුදුගෙයක වහලයක් අලුත්වැඩියා කල වගයි …

By | All Posts | No Comments

අමල් ආර් මහගෙදර නම් අපේ  මුහුණුපොතේ පින්වත් යහලුව පෙබරවාරි 09 වැනි දිනට  ( අද දින ට)  යෙදෙන උපන්දිනය වෙනුවෙන් මේ ඉපැරණි විහාරස්ථානයේ වහලය අලුත්වැඩියා කරන්න තීරණය කලා. අමල් මහතා අපිට මේ පින්කම වෙනුවෙන් රු 26200/= ක මුදලක් එවා තිබුනා. පහත දැක්වෙන්නේ ඒ වියදම් පිලිබද විස්තරය.

ලද මුදල රු. 26200.00

උලු සදහා වැයවූ මුදල                       – රු. 18480.00

රීප්ප සදහා  ( අඩි 500)                   – රු. 4000/=

ඇණ සදහා සහ අනිකුත් සුලු ද්‍රව්‍ය        -රු. 380/=

ප්‍රවාහන වියදම්                                   – රු. 300/=
————————
එතතුව                                          – රු. 23,160.00

ඉතිරි මුදල රු. 3040/= වන අතර ඒ මුදලට තවත් මුදලක් එකතු කර  මේ සතිය තුල  අභිනවයෙන් ඉදිවන චෛත්‍යරාජයන් වහන්සේ  නමක් කපරාරු කිරීම වෙනුවෙන් පරිත්‍යාග කරනව.
Read More

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදන‍ම සංවිධානය කල සුමදුර ධර්ම දේශනය …

By | All Posts | No Comments

අප විසින් සංවිධානය කල පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් 2014/06/20  දින පැවැත් උනා. මේ සදහා  රු. 50,000/= කට ආසන්න මුදල් වැය උනා. මේ වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගය සිදුකලේ බහරේන් වල ඉන්න මංජු අක්ක. ඊට අමතරව නිශාන් සහ දර්ශන කියන අපේ සොහොයුරන්ගෙත් ඉහල දායකත්වයක් ලැබුන.

පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.

සබ්බ දානං ධම්ම දානං ජිනාති
ධර්ම දානය හා සමකල හැකි කිසිද දානයක් නෑ.
ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.

1. බොහෝ දෙනාට ප්‍රිය වීම (බහුනො ජනස්ස පියො හොති)
2. සත්පුරුෂ ආශ්රය ලැබීම (සප්පුරිසො භජන්ති)
3. කීර්තිය පැතිරීම (කල්යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)
4. ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)
5. දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)

ධර්ම දානය කරන ක්රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න. Read More