Skip to main content
Monthly Archives

July 2015

මුහුණුපොතේ පින්වත් කළණ මිතුරෙකුගේ දායකත්වයෙන් ඉදිකිරීම් ඇණහිටී තිබූ චෛත්‍යයක ඉදිකිරීම් ඇරඹීම සදහා රු 50,000.00ක මුදලක් ගෞතම බුදු සසුනට පූජාකල වගයි …

By All Posts

පින්වත් යාලුවනේ අපි පහුගියකාලෙ පින්කම් රාශියක් කලා බොහෝ දෙනෙක් දන්නව.මේ පින්කම වෙනුවෙන්  දායකත්වය ලබාදුන්නේ

ඩී. එල් පී ඉන්දික පීරිස් මහතා විසින. මේ වෙනුවෙන් බිරිද චන්දිමා පීරිස් මහත්මිය සහ පින්වත් පුතුන් දෙනොත් සම්බන්ධ උනා..

 චෛත්‍යරායන් වහන්සේ නමක් ඉදිකරන්නට දායක වෙන එක මහා පින්කමක්. ඒක අටමහ කුසල් වලින් එකක්. ආනන්තරිය පාපකර්ම හැර අන් සියලු අකුසල් යටපත් කරන්න පුලුවන් තරම් මහ පිනක්. මේ පින්කම සදා පින් වැඩෙන පින්කමක්. මොකද අපි මියගියත් තව අවුරුදු සියගණනක් මේ චෛත්‍යරාජයන් වහන්සේට මල් පහන් පිදේවි. පිදෙන පිදෙන හැම මලක්ම, පහනක්ම, සුවද දුමක්ම අපිට අකණ්ඩ පින් රැස් කරල දෙනව. අපි හිටියත් නැතත් අපි ඉන්නෙ සතර අපායක නෙවෙයිනම් අපිට අඛණ්ඩව පින් රැස්වෙනව. ඒනිසයි මෙවැනි පින්කම් සදා පින්වැ‍ඩෙන පින්කම් කියල හදුන්වන්නෙ. Read More

අනතුරකින් ඇසක පෙනීම අහිමි වූ මවකට මුහුණුපොතේ පින්වත් මිතුරන් දෙදෙනෙකුගේ දායකත්වයෙන් රු 38,100.00 ක වියදමින් කාච බද්ධය සිදුකල වගයි …

By All Posts

2015 ජූලි මස 5 වැනිදා අපි තවත් මහ පින්කමක් සිදුකලා. හදිසි අනතුරකින් ඇස් පෙනීම අඩාල වූ මවකගේ ඇසකට කාච බද්ධය සිදුකලා. අනෙක් ඇස යථා තත්වයට ගැනීමට නොහැකි බව වෛද්‍යවරැන් පවසනවා.

මේ පින්කම සදහා පින්වත් අමල් ආර් මහගෙදර මහතා සහ මහත්මිය පූර්ණ දායනත්වය ලබාදීමට කටයුතු කලත් හදිසියේ මිල ඉහළයාම හේතුවෙන් ඉතිරි මුදල නම් සදහන් නොකල මිතුරන්ගේ ලැබීමකින් පියවා දැමුවා. ඒ අනුව අමල් මහතා සහ මහත්මිය රු 35,000.00ක මුදලක් ලබා දුන් අතර ඉතිරි රු 3100.00 වෙනත් පින්වතුන්ගේ මුදලින් පියවා ගත්තා.

පින්වත් අමල් මහතාණෙනි, මහත්මියණි, නම් සදහන් නොකර මුදල් ලබාදුන් මිතුරාණෙනි, ඔබ මේ සිදුකලේ මහා පින්කමක්. එහි කුසලය මෙපමණයැයි කිව නොහැකියි. විශේෂයෙන්ම දෑස් පෙනීම ලබාදෙනවා යනු මහා කුසල දායක පින්කමක්. Read More

ආර්ථික අපහසුකම් ඇති පාසැලක් වෙනුවෙන් රු 58,000ක් වටිනා පුස්තකාල පොත් සහ වානේ අල්මාරියක් ලබාදුන් වගයි …

By All Posts

2015.07.03 වන දින අපි නිකවැරටිය දිගන්නෑව සිරි දේවමිත්ත මහා විද්‍යාලයට පුස්ථකාල පොත් සහ වානේ අල්මාරියක් පරිත්‍යාග කලා. ඒ වෙනුවෙන් පහත පින්වතුන් දායකත්වය ලබාදුන්නා.

අරුණ විජේසිංහ මහතා රු 30,140.00
සේපාලිකා නංගී රු 25,000.00
විපුල් නයනානන්ද මහතා රු 10058.00
සුරෙන් දිසානායක මහතා රු 10058.00
සමීර මදුසංක මහතා රු 10,000.00
මොශාන්ත නිරන්ජන් මහතා      රු 6,625.00
දිල්ශාන්ද සිල්වා මහතා රු 5029.00
ජනක සම්පත් මහතා රු 5,000.00
අරවින්ද රත්නසිංහ මහතා රු 5,000
හරේන්ද්‍ර දේශප්‍රිය මහතා රු 2500.00
සචිත් දිසානායක මහතා    රු 2,000.00
හිරාන් මදුසංක මහතා රු 2,000.00

_________________________________

මුලු එකතුව රු 113,410.00

 

සම්පත් ශ්‍රී අනුරාධ මහතා සහ එතුමාගේ මිතුරන් රු 15,000.00 කට ආසන්න පොත් ලබාදුන්නා.

වියමදම්.

පොත් මිලට ගැනීම සදහා වියදම රු 40,000.00

වානේ අල්මාරිය සදහා වියදම රු 12,200.00

ප්‍රවාහන වියදම

  • පොත් රැගෙන ඒමට රු 600.00
  • වානේ අල්මාරිය රැගෙන ඒමේ වියදම රු 500.00
  • සියල්ල කුරුණෑගල සිට දිගන්නෑවට ( නිකවැරටිය සිට කි.මී. 25ක් දුරින් ) ප්‍රවාහන වියදම රු 4000.00

මුලු වියදම රු 57,300.00

ඉතිරි මුදල   රු රු 113,410.00 – රු 57300 = රු 56,110.00

ඉතිරි මුදල් තවත් මෙවන් පාසැලක් සදහා පුස්තකාලයක් ලබාදීමට වැය කරන අතර ඉත්මනින් තොරතුරු දන්වන්නම්.

අපි මේ පින්කම සිදුකලේ නිකවැරටිය දිගැන්නෑව  ශ්‍රී දේවමිත්ත මහා විද්‍යාලයටයි. විද්‍යාලයේ තඅබූ අඩුපාඩුවක් මේ ලෙස සම්පූර්ණ කිරීමට අපට අතර මැදි දායකත්වය ලබා දුන්නේ සමීර මදුරංග මල්ලියා විසින්.

ඉතින් පින්වත් යහලුවනේ මේ සිදුකලේ බුද්ධ පූජාවක්. බුදුහාමුදුරුවො තමයි දානයේ ආනිසංශ අපිට කියල දුන්නෙ. ඉතින් ඒ බුද්ධ වචනයට ගරැකරමින් තමයි අපි මේ පූජාව සිදුකලේ. මේ පුස්ථකාගය නිසා අසරණ අහිංසක දරුවන් මොනතරම් සතුටු වෙයිද?  මේ විදුහලේ සමහර සිසු දරු දැරියන් ජීවිතය පවා නැතිකරගන්න උත්සාහ කල අවස්ථා තියෙනව. ඒ ඉගෙනීමට නිසි අවශ්‍යතාවයන් නොලැබීම නිසායි. එවන් සිසු දරු දැරියන්ට මේ  පුස්තකාලය මහගු පිටුවහලක් වේවිඉතින් මේ පින්කම සිදුකරන්නට මූල්‍ය දායකත්වය ලබාදුන් ඔබවන් පින්වත් දරුවන් බිහිකල ඒ උතුම් දෙමාපියන්ට මේ පින් ලැබී දීර්ඝායුස ලැබේවා. ඔවුන් මිය පරලොව ගිහින් ඇත්නම් මේ පින් බලෙන් සැපතින් සැපතටම පත්වේවා. අත්වැරදීමකින් වත් යම් කිසි අභව්‍ය ස්ථානයක සිටීනම් ඉන් මිදී සුගතාගාමි වේව‍ා. ඔබේ දරුවන්ටද සොයුරු සොයුරියන්ටද ඥාතීන්ටත් ඉතා හොදින් අධපාන කටයුතු කරගෙන යාමට මේ පින් හේතුවාසනා වේවා. මේ පින්කමට දායක වූ ඔබටත් මතක ශක්තිය, ධාරණ ශක්තිය, වර්ධනය වී ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. උපන් හැම භවයකම ඉහලම බුද්ධි මට්ටම්වල වැජඹෙමින් සියලු ඉගෙනීම් කටයතු ඉහලින්ම සාර්ථක කරගන්නට හැකියාව ලැබේවා…  සරස්වතී වරමින් ඉහල බුද්ධිමට්ටම්  රැකියා කටයුතු ආදියෙන් ඉහලටම යන්නට මේ පින හේතුවාසනා වේවා.  සම්බුද්ධ ශාසනයේ චතුරාර් සත්‍යය අවබෝධ කරගන්නට මහා හැකි ප්‍රඥාව පහල වේවා. කෙළවර මෙපින් බෙලෙන් චතරාර්ය සත්‍යය අවබෝධය තුලින් පතන බෝධියෙන් උතුම් නිවන් මග අවබෝධයට හේතුවාසනා වේවා …

මේ පින්කම සදහා ආධාර උපකාර කල බෞද්ධ නොවන පින්වත් අපේ මිතුරු මිතුරුියන්ටත් තම තමන්ගේ ආගම දහම අනුව බලාපොරොත්තු වන්නා වූ උතුම් පදවිය හිමිවේවා …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා …

 

වෛද්‍ය දහම් රත්වත්තේ ආශිර්වාද පූජාව ...

වෛද්‍ය දහම් රත්වත්තේ ආශිර්වාද පූජාව – කතරගම