Skip to main content

ආර්ථික දුෂ්කරතා ඇති විහාරස්ථාන නගාසිටුවීමට රු. 20,000/= මුදලක් ගලිගමුවේ ඥානදීප හිමියන් වෙත පූජා කල වගයි …

By June 24, 2014All Posts

2014 ජූනි විසිවෙනිදින පැවැත්වූ ගලිගමුවේඥානදීප හිමියන්ගේ ධර්ම දේශනය අවස්ථාවේදී රු. 20,000/= ක මුදලක් උන්වහන්සේ වෙත ප්‍රදානයකිරීම සිදු උනා. උන් වහන්සේ විසින් ක්‍රියාත්මක කරන ආර්ථික අපහසුකම් ඇතිවිහාරස්ථාන නගා සිටුවීමේ අරමුණින් දියත්කරන වැඩසටහනට ශක්තියක් වීමටයි මේ මුදල ප්‍රදානයසිදු උනේ.

ඉතින් මේ මුදල පූජා කිරීම සිදු උනේබහරේන්වල සේවයේ නියුතු මංජුලා මහත්මියගේ දායකත්වයෙන්. පින්වත් සොහොරුරිය විසින්සිදුකල මේ පින්කම ඉතාම පින්වත් විපාක ලැබෙ පිල්කමක්. විශේෂයෙන්ම විහාරස්ථානයක් ප්‍රතිසංස්කරනයටදායක වීම ඉතාම පින්වත් ක්‍රියාවක්. කල්ප ලක්ෂ ගණන් විපාක ලැබෙ පින්කමක්. අනිත්අතින් මේ සදා පින්වැඩෙන පින්කම්. ඒ කියන්නෙ අපි මිය ගිය දවසක පවා නිතර පින්රැස්වෙන පින්කම්. ඊලගට අට මහා කුසල් වලට පවා අයත් වන මහා බලගතු පින්කමක්. අපි සිදුකල ආනන්තරිය පාපකර්ම හැර අන් සියලු අකුසල් යටපත් කරන්න මේ පින්කමට පුලුවන්.

ඉතින් එවන් මහ පින්කමකට දායක වූ මංජුලාමහත්මියගේ මියගිය පින්වත් මවට මේ පින් ලැබි සුගතිගාමී ස්ථානයක සිටීනම් ඒ යස ඉසුරුතව තව වර්ධනය වේවා. අත්වැරදීමකින් හෝ දුක්ඛිත ස්ථානයක සිටීනම් ඒ දුක් දුරුවී යහපත්ස්ථානයකට යොමුවේවා. පින්වත් පියාට දීර්ඝායුෂ වේවා. ඒ දෙදෙනාටම කෙලවර අමා‍ මහ නිවන්ලබන්නට මේ පින් හේතුවාසනා වේවා.

පින්වත් පුතාටතත් මේ පින් ලැබී ඉගෙනීම් ආදීසියලු කටයුතු සාර්ථක වේවා. සියලු දුක් කරදර විනාශ වේව‍ෙ. යස ඉසුරු වර්ධනය වේවා.

පිනවත් ඔපේ සියලු අපල කරදර ආදිය දුරුවීසැපත සතුටම උදාවේවා. දිව්‍ය මනුෂ්‍ය ආදී සියලු සැප සම්පත් කෙලවර ඔබටත් පවුලේසැමටත් අමා මහ නිවන් ලබන්නට මෙ පින් හේතු වාසනා වේවා …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්කරපදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා …