Skip to main content

වැසිකිලියක් ඉදිකිරීමට රු. 20,000/- ක් පරිත්‍යාග කල වගයි …

By August 8, 2014All Posts

ඉතින් පින්වත් යාලුවනේ අටමහා කුසල් වලින් එකකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් මටත් ලැබුන. සම්පූර්න නම හෙලි කිරීමට අකමැති වූ සුමිත් කියල විතරක් හදුන්වන්න අවස්ථාව දීපු පින්වත් කලණ මිතුරෙක් තමයි මේ වෙනුවෙන් දායක උනේ. මීට කලින් අවස්ථාවකත් පින්කම් වලට දායක වූ මේ මිත්‍රය අද පිරිවෙන් විහාරස්ථානයක වැසිකිලියක් සාදවා පූජා කරන්න දායක උනා. ඉහත රෑපයෙන් දැක්වෙන්නේ රු. 20,000/- මුදල මා විසින් ස්වාමීන් වහන්සේට පූජා කරන අවස්ථාව. ‍ ඔබ මේ වෙනකොට දන්නව අපි පිරිවෙන් විහාරස්ථානයක ලිදක් කපමින් සිටින බව. ඒ විහාරස්ථානයේ අඩුපාඩු කම් ඇති වැසිකිලි පද්ධතිය වෙනුවෙන් දායක වන අවස්ථාවක් තමයි මේ.
හොදයි අපි බලමු වැසිකිලි කැසිකිලි පූජාව මොනතරම් ආනිසංස දායකද කියල.

කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමං බුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං ඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි ච කරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ” මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.
1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්රණය කරදීම බෙදා හැරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.
යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ.
වැසිකිළි කරවීම

අටමහා කුසල් අතර අටවන මහා කුසලය වශයෙන් සඳහන් වෙන්නේ වැසිකිළි සාදවා මහ සඟනට සඟසතු කොට පූජා කිරීම හෝ පොදු ජනතාවගේ ප්‍රයෝජනයට අවස්ථාව උදාකිරීම මෙම පිංකමට දායක විය හැකිය.

ශිෂ්ට සම්පන්න ජන සමාජයක් තුළ වැසිකිළි භාවිතා කිරීම අවශ්‍යම කාරණයකි. එවිට බාහිර පරිසරය දූෂණය නොවේ. ලෙඩරෝග බෝවීම වැළකේ. නීරෝගී ජන සමාජයක් බිහි කිරීමට මෙම කරුණුද විශේෂ හේතුවකි. බුද්ධ දේශනයේදී විශේෂ අවධානය යොමුවූ කාරණයකි වත් පිළිවෙත් අනුගමනය කිරීම. ඒ වෙනුවෙන් චුල්ලවග්ග හා මහා වග්ග පාලි යේ වත්තකඛන්ධකය යනුවෙන් වෙනම කොටසක් වෙන්කර ඇත. ඒ වත් අතර වැසිකිළිවත කෙසිකිළිවත එකකි.

එම වැසිකිළි කෙසිකිළි භාවිතා කරණ ආකාරය ද දහමේ වත් මගින් පැහැදිළිකර ඇත. විනය ග්‍රන්ථයේ මනා විවරණයක් ඒ සඳහා වේ. නිතරම වැඩිමහළු පිළිවෙළට හෙවත් වෘද්ධ පටිපාටිය අනුගමනය කරන සංඝ සමාජය මෙම වැසිකිළි වතෙහිදි ආගත පටිපාටිය හෙවත් වැසිකිළියට යන්න ආපිළිවෙළට යාමට අවස්ථාව විනයෙන් හිමිකර දී ඇත. එය පාවිච්චි කිරීමෙන් පසු සෝදා පිරිසිදු කරණ ආකාරය පවා මෙහි දක්වා ඇත.

ඉතින් මෙවන් මහා පින්කමක් සිදුකරගත් දයාබර සුමිත් යහලුවේ. මේ පින් ඔබවන් පින්වත් දරුවෙක් බිහිකල රත්තරන් දෙමාපියන්ට පින් පඩුරක් වශයෙන් පූජාවේවා. කිදුක් නිරෝගී සුවබර ජීවිතයක් හිමිවේවා. ඔවුන්ගේ සියලු දුක් කම්කටොලු දුරුවී සෞභාග්‍යමත් කාලයක් උදාවේවා.  වයෝවෘද්ධ බව කාටක් උරැම දෙයක් උනත් ඉන් ඇතිවන පීඩාවන් අවම වේවා.

ඔබටත් මේ පින්බලෙන් ජීවිතයේ සියලු දුක් කම්කටොලු දුරුවේවා. යහපත් අනාගතයක් උදාවේවා. සියලු කටයුතු අතිශයින් සාර්ථක වේවා. සියලු යහපත් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ට සිද්ද වේවා. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ආදි පංච බල ධර්මයෝ වඩා වර්ධනය වේවා.
අවසනදී ඔබටත් දයාබර දෙමාපියන්ටත්, ඔබේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් එකම සද්ධර්ම මණ්ඩපයකදී ලොව්තුරු දහම අවබෝධ කරගැනීමට හැකිවේවා. ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති පරම රමණීය වූ අජරාමර වූ අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා.
බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනම වෙනුවෙන් මම සත්වයාගේ හිතසුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා.