Skip to main content

මුහුණු පොතේ මිතුරු දයාබර මෑණියකගේ දායකත්වයෙන් එළිමහන් බුද්ධ ප්‍රතිමාවක් ඉදිවන වගයි …

මේ අප විසින් සිදුකල තවත් සුවිශේෂ පින්කමක්. එළිමහන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සසුනට පූජා කිරීම. මේ වෙනුවෙන් පූර්ණ මුදල් පරිත්‍යාගයන් සිදුකලේ කැළණියේ පෙරේරා මහත්මියයි. මා විසින් කලකට ඉහතදී මුහුණු පොතෙන් සිදුකල ඉල්ලීමක් අනුව පෙරේරා මහත්මිය ප්‍රතිචාර දැක්වූවා. එහි ප්‍රතිඵලයක් විදිහට ලක්ෂ 1 ½ කට ආසන්න මුදලක් වැයකරමින් එතුමිය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කලා. එහි සියලු අවස්ථා පහත චායාරූප වලින් දැකගන්න පුලුවන්.

බුදුපිලිම වහන්සේ නමක් නිර්මාණයේ ආනිසංස මෙපමණයි කියල කියන්න බැහැ. බුදුපිළිම නිර්මාණය ගැන සදහන් වෙන්නෙ කෝසල බිම්බ වර්ණනාවෙ. අපි මොහොතක් බලමු බුදුපිලිම නිර්මාණයේ ආනිසංස මොනවද කියල.

බුදුපිලිමනිර්මාණයේආනිසංසමෙන්න

පිළිමනිර්මාණයේ වටිනාකම මොහතෙක් මම ඔබටකියා දෙන්නම්.

බුදුන්වහන් වහන්සේ කෝසල දේශයේ සැවැත්නුවර පිහිටලා තිබුණු ජේතවනාරාමයේ වැඩවසනකාලයේදී  එක දවසක් බැහැර ප්‍රදේශයක ජනතාවට දහම්දෙසන්න වැඩමකරනවා. එදාම කෝසල දේශයේ අධිපතියා වුණු පසේනදී කෝසල රජතුමා මල්, සුවඳද්‍රව්‍ය ආදියත් අරගෙනතමන්ගේ පිරිස පිරිවරාගෙන බුදුන්වහන්සේ හමුවෙන්න පැමිණෙනවා.

ඒත් බුදුන්වහන්සේ විහාරයේ නැතිබව දැනගන්න රජතුමා බොහොම කම්පාවට පත්වෙලා තමන් අරගෙන ආපුපූජාද්‍රව්‍ය බුදුන්වහන්සේ වැඩවාසය කරන ගන්ධකුටියෙන් තැන්පත්කරලා ආපසුයන්න යනවා.

නැවතත් බුදුන්වහන්සේ ජේතවනාරාමයට වැඩම කළාම කොසොල් රජතුමා බුදුන්වහන්සේව හමුවෙලා උන්වහන්සේව පසුගියදවස්වල නොදැකපුනිසා තමන් ඇතුළු ජනතාව අතිශය දුකට පැමිණිබවත් බුදුන්වහන්සේ ජීවමානකාලයේ උන්වහන්සේ නොදැකීමෙන් ඒවිදිහට දුකක්දැනෙනවා නම් බුදුන්වහන් සේපිරිනිවන් පෑවාටපස්සේ ඒදුකදරාගන්නේ කොහොමද කියලා කියනවා.

ඒනිසා රජතුමා බුදුන්වහන්සේගෙන් අවසරඉල්ලනවා බුදුන්වහන්සේගේ ප්‍රතිමාවක් නිර්මාණය  කරන්න. බුදුන්වහන්සේත් ලෝකසත්වයාගේ හිතසුවපිණිස බුදුපිළිමයක් නිර්මාණයකරන්න අනුදැන වදාරනවා.

ඊටපස්සේ රජතුමාබුදුන්වහන්සේගෙන් අහනවා බුදුපිළිමය කුමනආකාරයෙන් කළොත්ද යහපත්කියලා.  බුදුන්වහන් සේවදාරනවාලීයෙන්,  තඹයෙන්, රිදීයෙන්, රන්වලින්, මැණික්වලින් ආදීදේ වල්වලින් වඩාත්උසත් නැතිවඩාත් සිහින් නොවන, වඩාත් මහත් නොවන බුද්ධප්‍රතිමා නිර්මාණයකළ යුතුයිකියලා.

ඒවගේමයි උන්වහන් සේදේශනාකරනවා බුදුපිළිම නිර්මාණයේ විපාක කියලා නිමකරන්නත් බැහැකියලා.  ඒකට උපමා කීපයකුත් භාවිතාවෙනවා.

සෘද්ධිසම්පන්න පුද්ගලයන් විසින් සියලු සක්වලපුරා ඇතිවෙන උඳු, මුං, තලවගේ දේවල් තමන්ගේ සෘද්ධිබලයෙන් ගණන්කරලා මෙපමණයි කීවත් ඒ පුද්ගලයන්ට පවා බුදුපිළිමකරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරිබවත්,

මහානුභාව සම්පන්න සක්විත රජෙක් තිස්හත් ලක්ෂ දසදහස් තුන්සියපනහක් යොදුන් උසසක්වල පර්වතය උසටසත් රුවන්සහඋඳු,  මුං පුරවලා ගණන් කරලා මෙපමණයි කියලා කීවත් බුදුපිළිම කරවීමේ ආනිශංසමෙපමණයි කියලා කියන්න බැරිබවත්,

මහානුභාවසම්පන්න දේවතාවක් මහාසාගරයේ ජලයනැලි සියදහස්ගණනකින් මෙපමණයි කියලා කීවත් බුදුපිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරිබවත්,

මුඛසීයකින්, දහසකින්වුවත් එක්බුදුපිළිමයක්කරවීමේ පින කීවත් කියානිමකළ නොහැකිබවත් බුදුන්වහන්සේ දේශනා කරනවා.

ඒ සමඟම බුදුන්වහන්සේ පෙරභවයක තමන්වහන්සේ රජතුමෙක්ව සිටිබවත් බුදුපිළිමයක කැඩීතිබුණුඇඟිල්ලක් දැකලා ඒකැඩීතිබුණු ඇඟිල්ල නැවතත් බුදුපිළිමයට සම්බන්ධකරපු පිනෙන් මහත් තේජවන්තභාවයට පැමිණිබවත් රජතුමා යුද්ධයට යද්දීඇඟිල්ලක් උස්කිරීමෙන් හා නැමීමෙන් පවාසතුරන් පරාජයකළ බවත් වට්ටාංගුලිරජතුමානමින් ඒනිසා හැඳින්වූ බවත් දේශනාකරනවා.

මේ දේශනාවන් සියල්ලම මැනවින් අහගෙන හිටපු කොසොල් රජතුමා අවසානයේ දීබුදුන් වහන්සේට නමස්කාර කරලා රජමාළිගයට ගිහින් රාජභාණ්ඩාගාරයේ තිබුණුසඳුන් දැවකොටයක් ගෙන්වලා සියලුම ලක්ෂණ සහිත බුදුරුවක් කරවලා ඒප්‍රතිමාවට සිවුරක්පෙරවලා ජීවමාන බුදුන්වහන්සේගේම ආකාරයට නිමකරනවා.

ඊටපස්සේ රජතුමා ජේතවනාරාමයට පිටත්වෙලා බුදුන්වහන්සේට ප්‍රතිමාව නිර්මාණයකරලා අවසන්බවත් ඒය නරඹන්න වැඩමකරවන්න කියලා ආරාධනා කරනවා.

පස්සේ රජතුමා රාජාංගණයේ සත්රුවන් මණ්ඩපයක් කරවලාරන්, රිදීවගේ වටිනාද්‍රව්‍යයන් ගෙන්වියන්බැඳලා, දැල්දමලා බිමසුවඳගන්වලා සත්රුවන් මණ්ඩපයේ වටිනා සිංහාසනයක් කරවලා ඒමත බුද්ධප්‍රතිමාව තැන්පත් කරවනවා.

පස්සේ ජේතවනාරාමයේ ඉදන් මහාපෙරහැරින් බුදුන්වහන්සේ ප්‍රමුඛ සංඝයාවහන්සේලාව රාජාංගණයට වැඩමකරවනවා.

බුදුන්වහන් සේරාජාංගණයේ තිබුණු සත්රුවන් මණ්ඩපයට වැඩමකරද්දී සිංහාසනය මත වඩාහිඳුවලා තිබුණු සඳුන් හරින් කරපු සිත් පිත් නැති බුද්ධප්‍රතිමාව” සජීවීබුදුන්වහන්සේ වැඩමකරවලා සිටගෙනසිටියදී අජීවමාන වූ මම උස්ආසනයක හිඳීම සුදුසු නොවේ” කියලා වගේ සිංහාසනයෙන් බසින්න වගේ යනවා.

ඒ මොහොතේදී බුදුන්වහන්සේ වදාරනවා”ඇවැත්නි,  ඔබ සිංහාසනයෙන් නොබැසම සිටින්න. මම ටිකදවසකින්ම පිරිනිවන් පාන්නෙමි.  මා නැතිපන්දහසක් අවුරුදු සාසනයෙහි වැඩපිණිස සිටින්න. ඔබ ආදර්ශයට ගෙන මගේ පරිනිර්වාණයෙන් පසුව සිව්වනක් පිරිස පිළිම නෙලනුලබති” කියලා.

ඊට පස්සේ තමන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ඉදිරියේ වසරපන්දහසක්ම දෙව්මිනිසුන්ගේ පූජාවට ලක්වෙන බුද්ධප්‍රතිමාවට තමන්වහන්සේ මුලින්ම ගරුකළයුතුයි කියලා බුදුන්වහන්සේ සිතලා දෑසමන් මල් අටමිටක් පිළිමයට පූජාකරනවා.

බුදුන්වහන්සේව අනුගමනය කරපු රහතන් වහන්සේලා පන්සීය නමත් සුවඳ මලින් බුදුපිළිමය පුදනවා. අනෙකුත් භික්ෂූන් වහන්සේලාත් රජතුමා ප්‍රමුඛ කෝසලවාසීනුත් විවිධාකාරයෙන් බුදුපිළිමයට පුදපූජා පවත්වනවා. මේ අවස්ථාවේ දීබුදුපිළිමයට පුදපූජාපවත්වන්න දෙව්බඹුන් පවා එකතුවෙනවා.

අවසානයේ දීබුදුන්වහන්සේ නැවත වරක් කොසොල් රජතුමාගේ ආරාධනයෙන් බුදුපිළිම කරවීමේ වගේම බුදුපිළිමයට ජීවමාන බුදුන්වහන්සේට කළ පුදපූජා පැවැත්වීමේ ආනිශංස දේශනාකරනවා.

ඉතින් බුදුපිළිමකරවීමේ විශාල පිංකමක්බවත් බුදුපිළිමවලට පුදපූජාපැවැත් වීමත් විශාලපිංකමක් බවපැහැදිලියිනේ. ඒක නිසාමයි අටමහාකුසල් වලින්එකක් ලෙසබුද්ධ ප්‍රතිමා කරවීමදක්වලා තියෙන්නේ.

ඉතින් මෙවන් මහපින්කමක් සිදුකලඅවස්ථාවක්ප හතදැක්වෙන්නේ. කුරුණෑගල නයිලිය ශ්‍රීනාගංගනාරාමයේ සිදුකල මහපින්කම ඔබත්නරඹන්න.

පිළිම වහන්සේගේ සම්පූර්ණ විස්තරය චායාරූප නරමන්න

එළිමහන් බුද්ධ ප්‍රතිමාවක් නිර්මානය කිරීම

එළිමහන් බුද්ධ ප්‍රතිමාවක් නිර්මානය කිරීම