Skip to main content

බෝධි සංවර්ධනය වෙනුවෙන් මුදල් ලබාදුන් පින්වතුන් හා පින්වන්තියන් මෙන්ම මෙතෙක් සිදුකල වියදම් ලැයිස්තුව …

By May 6, 2015April 12th, 2016All Posts

වසර 2000ක් ඉපැරණි බෝධීන් වහන්සේ ගේ සංවර්ධන කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතිනවා.

පහත පින්වතුන් මේ බෝධීන් වහන්සේ වෙනුවෙන් දායකත්වය ලබා දුන්නා

රොෂාන් ප්‍රගීත් මහතා රු 100,000.00

නුවන් මලින්ත මහතා (බුදුපිලිම වහන්සේ වෙනුවෙන්) රු 35000.00

චෛත්‍ය පින්තාරු කිරීමෙන් ඉතිරි උන මුදල රු 29122.00

කපිල විමලරත්න මහතා        රු 28971.00

ජනක පී.ලියනගේ මහතා        රු 25285.00

හිරැණා කරැණාසිංහ දුව (බෝධි ආධාරකය) රු 25150.00

රජිත් තෙන්නකෝන් මහතා (බුදුපිලිම වහන්සේගේ ආසනය වෙනුවෙන්) රු 25000.00

මංජුලා මහත්මිය රු 10 000.00

එරංග විතාරණ මහතා           රු 10,000.00

අසංකා ජයමාලි මහත්මිය      රු 10,000.00

නදීරා තේජානි සොයුරිය         රු 5000.00

සමීර මධුරංග මහතා රු 5000.00

සුදර්ශනී මහත්මිය      රු 3600.00

නෙවශිකා හේරත් මහත්මිය    රු 2500.00

දුලිප් දෙනවක මහතා  රු 2000.00

වියලි ආහාර ලබාදී ඉතිරි මුදල රු 1343.00

චාමර චමින්ද මහතා   රු 1000.00

තිළිණ විජේවර්ධන මහතා      රු 1000.00

සතින්ද්‍ර ගුණවර්ධන මහතා     රු 1000.00

දිලූ පෙරේරා මෙනෙවිය රු 1000.00

මාලක පී ආරියරත්න මහතා  රු 600.00

වෙනත් ලැබීම් රු 100.00

මුලු ලැබීම් රු 322671.00

 

 

 

දැරූ වියදම්

ශ්‍රම වියදම      රු 8900.00

අමුද්‍රව්‍ය, උපකරණ  හා විදුලි උපකරණ වියදම      රු 113830.00

කොඩි බැනර් හා සිවුරට රු12040.00

ප්‍රවාහන වියදම රු 9700.00

බෝධීන් වහන්සේ අසල සිසිල් පැන් දන්සැල සහ සංග්‍රහ වියදම් රු 3950.00

වැඩ කුලී          රු 32500.00

බුදුපිලිම වහනසේ සදහා රු 25000.00

පිරිත් සදහා සන්නවේදන උපකරන    රු 30250.00

විදුලිය ලබා ගැනීමට  රු 21500.00

මුලු වියදම රු 257670.00

ඉතිරි රු 322671 – 257670 = රු 65001.00

මෙහි වියදම් වල බිල්පත් මෙන්න මේ ලින්ක් එකෙන් ඩවුන් ලෝඩ් කරගන්න පුලුවන්
https://drive.google.com/file/d/0ByBZU_oOFPx-a2pwRzF0SEJpREE/view?usp=sharing

මේ මුදල් දෙවන අදියර සදහා වෙන් කලා. පලමු අදියරේදී බේධීන් වහන්සේ අවට ශුද්ධ පවිත්‍ර කිරීම, බුදුපිලිම වහන්සේ වැඩම වීම, කුටියට තහඩු සෙවිලි කිරීම, විදුලි ආලෝක පද්ධතිය සකස් කිරීම ආදිය සිදු කලා. අපි වෙසක් දන්සැලක්ද ලබාදුන්නා.

පින්වත් යාලුවනේ යෙහෙලියනේ ඔබ සිදුකල පින්කම් ප්‍රමාණය මෙතකැයි කියල කියන්න බැරි තරම් මහා පින්කම් සමුදායක්. ‍

 

බෝධි පූජාවේ ඉතිහාසය බෞද්ධයන් අතර ප්‍රචලිතය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව දෙවන සතියේ අනිමිස ලෝචන පූජාව පැවැත්වීම, ආනන්ද බෝධිරෝපණා දී සිද්ධි බුද්ධ කාලීන බෝධි පූජාමය කටයුතුවලට උදාහරණ ලෙස සුලභ ව කථා කෙරේ. පසු කලෙක අශෝක, දේවානම්පියතිස්සා දී රජවරුන්ගේ අනුග්‍රහය ඇති ව ද බෝධි පූජාව ජනපි‍්‍රයත්වයට පත්ව ඇත. විශේෂයෙන් ශශ්‍රී මහා බෝධීන්වහන්සේ ලක්දිවට වැඩම වීමත් සමඟ බෝධිපූජාව කේන්ද්‍ර කරගනිමින් සිංහල ජන විඥානය හා සාහිත්‍ය කලාව ආදියද නව පණක් ලබා ගෙන ඇත.

 

අද සිංහල භාෂාවේ ‘බෝධිය’ යන වචනය ගසක නමකි. බෝ ගස යනුවෙන් එය වැහැරේ. නමුත් පාලි භාෂාවේ ‘බෝධි’ යන වචනය අවබෝධය බුද්ධිය වැනි අරුත් දෙන පදයකි. බෞද්ධයන්ගේ වන්දනයට බුහුමනට පාත්‍රවෙන ‘බෝධිය’ වෘක්‍ෂයක් ලෙස ‘අස්සත්ථ, ඇසතු, ඇහැටු’ නමින් පෙර හඳුන්වා ඇත. මෙහිදී අවබෝධ කරගත යුතු ප්‍රධාන කාරණය නම් අප පූජාව පවත්වනුයේ ඇසතු ගසට හෝ එහි අරක්ගෙන සිටින දෙවිකෙනෙකුට නොව බෝධියට බවයි. එනම් එය හුදෙක් බෝධිපූජාව වෘක්‍ෂ වන්දනාවක් ද නොවන බවයි.

 

ඔබ කල පින්කමේ ආනිසංස බලන්න කලින් බෝධියට කරන පූජාවක ආනිසංස කොතරම්ද බලමු .හොදයි අපි දැන් බලමු බෝධිපූජාවේ එක් එක් පූජාවන්හි ආනිසංස.

 

මලුව ඇමදීමේ ආනිශංස

සකන්සම්මජ්ජක හිමි විපස්සි බුදු රජුන් බුදුවීමට පිටදුන් පලොල් බෝධි මළුව අමදීමේ පිනෙන් පහත සදහන් අනුසස් ලැබුවා හා.

* නිශ්චල වූ සමතිගත සිත් ඇත්තෙකු වේ.

* පිරිසිඳු පුද්ගලයෙක් වේ.

* වැරදි නැති නිර්මල පුද්ගලයෙක් වේ.

* ශෝක නො දැනේ.

* චිත්ත පීඩා දැවිලි නොවේ.

* කුෂ්ඨ රෝග නො සැදේ.

* ගෙඩි රෝග නො සැදේ.

* කැසිලි රෝග නො සදේ.

* මී මැස්මොර නොසැදේ.

* විතච්ජිකා නම් වූ සම ගැලවී යන කුෂ්ඨ රෝග නොසැදේ.

* දද රෝග නොසැදේ.

* කසා සැරව ගලන රෝග නොසැදේ.

* වැළපීම් නැත්තෙක් වේ.

* තැති නො ගනිත්.

* ඍජු සිත් ඇත්තෙක් වේ.

* පැහැදිලි සිත් ඇත්තෙක් වේ.

* කැමැති කැමැති සමාධින් ලැබීමේ ශක්තිය ලැබේ.

බෝධි සම්මජ්ජක හිමි ට පෙර ජීවිතයකදී බෝමළුවේ ගොඩ ගැසුණු බෝපත් දැක එය ගෙන බැහැරට දැමු පිනින් අනුසස් 20 ක් ලැබී ඇත. ඒ අනුව බැලු කල ශ්‍රද්ධාවෙන් තැන්පත් සිතින් නුවණ යොදා බෝමළුව ඇමද්දත් පහත සඳහන් විපාක ලැබේ.

* දුගතියට නොවැටී දෙවුමිනිස් සැප ලැබේ.

* උසස් කුලයකම ඉපදේ.

* මනා ඇඟ පසඟ ඇත්තෙක් වේ.

* ආරෝහ පරිනාහ දේහයක් ලැබේ.

* පිරිපුන් අවයව ඇත්තෙක් වේ.

* විශිෂ්ඨ රූප සම්පත් ලැබේ.

* රන්වන් පාට දේහයක් ලැබේ.

* මෘදු මොලොක් සිවියක් ඇත්තෙක් වේ.

* සිනිදු සියුමැලි ජීවිතයක් ලැබේ.

* සිරුරේ දැලි කුණු නොතැවරේ.

* අවු සුලන් වලින් පීඩා නොවේ.

* සිරුරින් දහදිය නො වැගිරේ.

* කායික මානසික රෝගාබාධ නැත්තෙක් වේ.

* සතුරන් නැත්තෙක් වේ.

* නො අඩු වූ භෝග සම්පත් ලැබේ.

* ගින්නෙන්, ජලයෙන්, රජුගෙන්, සොරුන් ගෙන් බියක් නොවේ.

* තමාගේ සිත නො රිදවන සේවා සේවිකාවන් ලැබේ.

* අකල් මරණයන්ට පත් නො වේ.

* සියල්ලෝ ම තමාට සැප කැමැත්තෝ ම වෙත්.

* මහා යසස් ඇත්තෙක් වේ.

 

බෝධියට පවන් සැලීමේ ආනිසංශ

 

සුමනවිජනිය ථෙරාපදානයෙන් මෙහෙම උදාහරණයක් දක්වන්නම්.

විපස්සී බුදුරජුන්ගේ උතුමි බෝධි වෘක්‍ෂය සමීපයෙහිදී සමන් මල් විජිනියක් ගෙන මම ඒ උතුමි බෝධියට පවන් සැලීමි. මින් එක් අනූවන කපෙහි උතුමි බෝධියට පවන් සැලූයෙමිද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. පවන් සැලීමෙහි විපාකය මෙයයි. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියඵ භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැදීම සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

 

(අපදාන පාළිය. ථෙරාපදානය. නළමාලිය වග්ග. සුමනවිජනිය ථෙරාපදානය.)

 

බෝධියට ශබිධ පූජා පැවැත්වීමේ ආනිසංශ

 

එක සංඛිය ථෙරාපදානයෙන් මෙහෙම උදාහරණයක් දක්වන්නම්.

විපස්සී බුදුරජුන්ගේ මහා බෝධි පූජාවක් විය. මහජනයා රැස්ව උතුමි බෝධියට පූජා කෙරෙත්. යමි ශාස්තෘවරයෙකගේ බෝධියද මෙබදු පූජනීය වස්තුවක් නමි, ඒ උතුමා ලාමක කෙනෙකැයි නොහගිමි. බුද්ධ ශේෂ්ඨයෙක් වන්නේය.

 

ඉක්බිති සකක් ගෙන බෝරුක වෙත එළඹියෙමි. මුඵ දවසෙහිම එය පිඹිමින් උතුම බෝධිය වැන්දෙමි. කරන ලද එම පුණ්‍ය කර්මය මරණාසන්න කල්හි මා දෙවි ලොවට පැමිණවීය. මාගේ සිරුර අප්‍රාණිකව වැටිනි. මම දෙව් ලොව සිත් අලවා වසමි. තටුවූ, පමුදිතවූ සැටදහසක් තූර්‍ය වාදකයෝ හැමකල්හි මට උවටැන් කෙරෙත්. බුධ පූජාවෙහි මෙ විපාකයයි. එක් සැත්තෑවන කපෙහි සිව මහ දිවයින් හා සිව සයුරු කෙළවරකොට ඇති පෘථිවියට අධිපතිවූ, සතුරු රජුන් ජයගන්නා සුඵවූ, විශේෂයෙන් ජමබුද්වීපයට අධිපතිවූ සුදස්සන නම් සක්විති රජෙක් වීමි.

 

යලි එහි සප්තාංගීක තූර්‍යයෝ හැම කල්හි මා පිරිවරත්. ස්වකීය කර්මය අනුභව කරමි. බෝධි උපස්ථානයාගේ මේ විපාකයයි. දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ යම යම් යෝනියක උපදිම් නම්, මව් කුස පිළිසිඳ ගත්තාවූද මට හැමකල්හි භෙරීහු වාදනය කෙරෙත්. සම්බුදුරජුන් වෙත එළඹ සමපත් අනුභවකොට, අතිශයින් ක්ෂේමවූ, ශිවවූ, අමෘතවූ අචල පදය වන නිවනට පැමිණියේ වෙමි. මින් එක් අනූවන කපෙහිවූ එකල්හි යම කර්මයක් කෙළෙම්ද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. බුධ පූජාවෙහි මේ විපාකයයි.

 

ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය.

(අපදාන පාළිය. ථෙරාපදානය. එක වීහාරීය වග්ග.)

 

බෝධියට මල් පිදීමේ අනුසස්

 

තිපුප්ඵිය ථෙරාපදානයෙන් මෙහෙම උදාහරණයක් දක්වන්නම්.

මම පෙර මහ වෙනෙහි වැද්දෙක්වීමි. විපස්සී බුදුරජුන්ගේ නිල්වන්වූ පළෝල් බෝධිය දැක එයට මල් තුනක් විසිරවීමි. පිදීමි යමි කර්මයක් කෙළෙමද ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. මම එකල්හි බෝකොළ සතක් අවුලා ගෙන පිටත දැමීමි. ඇතළත පිරිසිදුවූ පිටත ද පිරිසිදුවූ කෙළෙසුන්ගෙන් මැනවින් මිදුණු ආශ්‍රව රහිතවූ ලෝක නායකවූ විපස්සී බුදුරජුන් ඉදිරියෙහිදී මෙන් පළොල් බෝධිය වැඳ මම එහි කඵරිය කෙළෙමි.

මින් එක් අනූවන කපෙහි යම බෝධි පූජාවක් කෙළෙද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මෙ විපාකයයි.

 

මින් තෙතිස්වන කපෙහි මහත් බල ඇති සමන්ත පාසාදිකා නමි වූ සක්විති රජවරු තෙළෙස් දෙනෙක් වූහ. මේ සිව පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

(අපදාන පාළිය. ථෙරාපදානය. සුධාපිණ්ඩිය වග්ග.)

 

බෝධියට සුවඳ පැන් පිදීමේ අනුසස්

 

ගන්‍ධාදකිය ථෙරාපදානයෙන් මෙහෙම උදාහරණයක් දක්වන්නම්.

පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ මහාබෝධි නමි මහබෝ පූජාවක් විය. විසිතුරු කළයක් ගෙන මම එහි සුවඳ පැන් වත්කෙළෙමි.

බෝධිය නාවන කල්හි මහ වැසි වැස්සේය. හෙන පුපුරණ කල්හි මහත් ශබිදද විය.

එම අසනි වේගයෙන් (හෙන පහරින්) එහිම කඵරිය කෙළෙමි. මම එකෙණෙහි දෙව් ලොව උපන්නේ මෙම ගාථාවන් කීමි.

 

සර්වඥ තෙම ආශ්චර්‍යයකි. ධර්මය ආශ්චර්‍යයකි. අපගේ සාස්තෲ සමිපත්තිය ආශ්චර්‍යයකි. මාගේ සිරුර හෙන පහරින් ඇදවැටුනි. ඉන් චුතවූ මම දෙවලොව සිත් අලවා වසමි. පැන නැගනාවූ මාගේ සත්බුමු විමන උස්ව නැගනේය. හැම කල්හි සියක් දහසක් කන්‍යාවෝ මා පිරිවරත්. මට ආබාධයෝ නොවෙත්. මට ශෝකයත් නැත. පරිළාහයන් තැවීමක් නොදකිමි. පුණ්‍ය කර්මයාගේ මෙ විපාකයයි.

 

දෙදහස් අසූවන කපෙහි සත්රුවනින් යුක්තවූ මහත් බල ඇති සංවසිත නමි සක්විතිරජෙක් වීමි.

(අපදාන පාළිය. ථෙරාපදානය. වීජනි වග්ග.)

 

බොධියට ධජ පූජා කිරීමේ හා පිරිසිදු කිරීමේ අනුසස්.

 

ධජදායක ථෙරාපදානයෙන් මෙහෙම උදාහරණයක් දක්වන්නම්.

මම පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ උතුම බෝරුකෙහි සතටුවූයේ, සතටු සිතින්ම ධජයක් නැගීමි.

 

බෝධියෙන් වැටුණු කොළ ගෙන පිටතට බැහැර කරවීමි. ඇතළත පිරිසිදු පිටතද පිරිසිදු විශේෂයෙන් කෙළෙසුන්ගෙන් මිදිණු ආශව රහිතවූ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි මෙන් උතුම බෝධිය වැන්දෙමි. පූජාවන් පිළිගන්නාවූ නොහොත් ලෝවැස්සනගේ පූජාවන්ට ගෙයක් වැනිවූ ශාස්තෘවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද වැඩහිඳ මේ ගාථා වදාළ සේක. මෙම ධජ දානයෙන්ද බෝපත් බැහැර කිරීම වශයෙන් කළ උපස්ථානයෝද යන මෙ දෙකින් හෙතෙම කල්ප ලක්‍ෂයක් මුඵල්ලෙහි දුගතියට නොයයි.

 

දෙවියන් අතර බොහෝවූ දිව්‍ය සෞභාග්‍ය සමිපත් අනුභව කරන්නේය. නොයෙක් සිය ගණන් වාරයක්හි රටෙහි රජ වන්නේය. නමින් උග්ගත නමිවූ සක්විති රජෙක්ද වන්නේය.

 

කුශල මූලයන් මෙහෙයන ලදුයේ සම්පත් අනුභවකොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි සිත් අලවා වාසය කරන්නේය කියායි. උපශාන්තවූයේ, උපධි රහිතවූයේ වඩනා ලද වීර්‍ය ඇත්තේ වෙමි. සර්වඥ ශාසනයෙහි අන්තිම ශරීරය දරමි.

(අපදාන පාළිය. ථෙරාපදානය. )

 

බෝධි රෝපණයේ ආනිසංශ

අසනබෝධිය ථෙරාපදානයෙන් මෙහෙම උදාහරණයක් දක්වන්නම්.

උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම තිස්ස බුදුරජාණන් වහන්සේ දිටිමි. පහන් සිත් ඇත්තේ, සොමනස්වූ මම තථාගතයන් වහන්සේ වෙත එළඹුනෙමි.

ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගණ ඇති, තිස්ස බුදුරජාණන් වහන්සේට සතුටුවූයේ, සතටු සිතින් උන්වහන්සේගේ බෝ රුකින් ඵලයක් ගෙන උතුමි බෝධියක් රෝපනය කෙළෙමි. නමින් අසන (පියා) නමවූ බෝධි වෘක්‍ෂයයි. එම උතුම බෝරුක පස්වසක් පිරිවරණය කෙළෙමි පිදීමි. ආශ්චර්‍යවූ, ලොමු දැහැ ගන්වන්නාවූ, පිපිනු පියා බෝ රුක දැක ස්වකීය කර්මය ප්‍රකාශ කරන්නේ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹුනෙමි. එකල්හි සියල්ල තෙමෙ දැනගත්තාවූ, අග්‍ර පුද්ගලවූ, ඒ තිස්ස සර්වඥ තෙමෙ භික්‍ෂු සංඝයා මැද වැඩහිඳ මෙම ගාථාවන් වදාළ සේක. යමෙක් විසින් මෙම බෝධිය රෝපණය කරණ ලදද, බුද්ධ පූජාව මැනවින් කරණ ලදද, මම ඔහු කවරෙක්දැයි ප්‍රකාශ කරන්නෙමි. ප්‍රකාශ කරන්නාවූ මාගේ වචනය අසවි.

 

හෙතෙම තිස් කපක් දෙවියන් අතරෙහි දිව්‍ය රාජ්‍යය කරන්නේය. සූ සැට වරක් සක්විති රජ වන්නේය. කුශල මූලයෙන් මෙහෙයන ලද්දේ, තුෂිත දෙව් ලොවින් චුතව, දිව්‍ය මනුෂ්‍ය සමපත් දෙක අනුභව කොට මිනිසත් බැව්හි සිත් අලවා වසන්නේය. වීර්‍යයෙන් මෙහෙයන ලද සිත් ඇති, උපශාන්තවූ, උපධි රහිතවූ, හෙතෙම සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන දුරුකොට ආශව රහිතව පිරිනිවන් පාන්නේය කියායි.

 

විවෙකයෙහි යෙදුනේ, උපශාන්තවූ, උපධි රහිතවූ මම හස්ති රාජයෙකමෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

මින් දෙඅනූවන කපෙහි වූ, එකල්හි එම පියා බෝධිය රෝපණය කෙළෙමි. ඒ හේතවෙන් දුගතියක් නොදනිමි. බෝධි රෝපනයෙහි මෙ විපාකයයි.

(අපදාන පාළිය. ථෙරාපදානය.)

 

ඒ බෝධියට පූජා පැවැත්වීමේ ආනිසංස. එතකොට ඔබ කල පින්කමේ ආනිසංස කොතරම්ද කියල හිතාගන්න. වැනසී යන බොදු උරුමයක් ආරක්ෂා කරගැනීම, ශ්‍රී මහා බොධියේ ශාකාවක් ආරක්ෂා කරගැනීම, ඉපැරණි සිද්ධස්ථානයක් රැක ගැනීම, මලියදේව මහ රහතන් වහන්සේගේ පුද පූජා ලද බෝධීන් වහන්සේ නමක් ආරක්ෂා කරගැනීම යන මේවා කෙතරම් විශාල පින්කම්ද?

 

ඉතින් මේ වෙනුවෙන් නිර්ලෝභීව රු 100,000.00ක් පරිත්‍යාග කල රොෂාන් ප්‍රගීත් මහතාගේ තමයි මේ පින්කම වෙනුවෙන් මූලික අඩිතාලම දැම්මෙ. එතුමාගේ දැඩි ඉල්ලීමක් පරිදි අපි ඉපැරණි චෛත්‍ය රාජයන් වහන්සේ නමකගේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුරයි මේ පින්කමට සම්බන්ධ උනේ.

කොහොම නමුත් මේ පින්කම සිදුකල පින්වත් මතුරනේ මිතුරියනේ අපි මේ සිදුකලේ මහා පින්කමක පලවෙනි අදියරයි තව අදියර කිහිපයක් අපිට යන්න තියෙනව. පින්වත් මිතුරනේ ඔබ මා කෙරේ විශ්වාසය තබමින් රු ලක්ෂ තුනකට ආසන්න මුදලක් මාවෙත එවා තිබෙනව. ඔබ මාකෙරේ තැබූ විශ්වාසයට පලමුකොට අනේක වාරයක් පින්සිදු වේවා. මේ පින්වල ඉහලම කොටස ඔබත් මමත් ආරක්ෂා කරන්නා වූද සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් කැපවෙන්නා වූද අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍ය දෘෂ්ටික දෙවියන්ට හිමිවේවාත දෙවියෝ යස ඉසුරු වර්ධනය කරගනිමින් චිත්ත ප්‍රීතියෙන් ඔබත් මමත් ශාසනයත් ආරක්ෂා කරත්වා. ඔබවන් පින්වත් දරුවන් බිහිකල රත්තරන් දෙමාපියන්ටත් මේ පින් හිමිවේවා. ඒ දෙමාපියන් ජීවත්ව සිටීනම් ඔවුන්ට නිදුක් නිරෝගී ශතවර්ෂාධික කාලයක් ජීවත් වන්නට මේ පින් හේතුවාසනා වේවා. මියගොස් ඇත්නම් වැරදීමකිනව් හෝ නරක ඵවයක උපත ලබා ඇත්නම් වහාම ඉන් චුතවී දිව්‍ය සැප දිව්‍ය යස ඉසුරු ලැබේවා. ඉහල තලයක උත්පත්තිය ලබා ඇති අයට තව තවත් සැප සම්පත් වර්ධනය වේවා. ඔබේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. සියලු කඩඉම් ඉතා පහසුවෙන් පැනගැනීමට මේ පින් හේතුවාසනා වේවා. රටට ජාතියට ආගමට වැඩක් ඇති දරුවෙකු ලෙසින් ලෝකය හමුවේ සියලු අභියෝග ජයගෙන ඉදිරියට යන්නට මේ පින් හේතු වාසනා වේවා.

 

මෙවන් පින්කමක් කල පින්වත් මිතුරු මිතුරියනේ. මේ කාලයේ මනුසත්කම් ඇති අය දරුලභයි. ඒ දුර්ලභ දේවල් බොහොම වටිනව. සසුන විනාශ මුඛයේ පවතින අවස්ථාවක රැක ගැනීම වෙනුවෙන් ඔබ කල කැපකිරීම මිල කල නොහැකියි. සසුන වෙනුවෙන් දිවිදුන් මුතුන් මිත්තන් දිව්‍ය තලවල සිට ඔබේගුණ  ගී ගයාවි.

ඔබ කල මහා පින් බලෙන් නිවන් දක්නා ජාති දක්වාම දුක් කරදර භාදක දුරුවේවා. ලෙඩ රෝග දුරුවේවා. තබන තබන පියවරක් පාසා සාර්ථකත්වයේ හිනිපෙත්තටම යන්නට ලැබේවා. නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටවත් නොලැබේවා.

ඔබට සසර පුරාවටම සතරවරම් දෙවියන සතර වටින් ආරක්ෂා කරත්වා. යක්ෂ, ප්‍රේත, ඉරි,වැල් පැන්නුම්, දිෂ්ඨි ආදි නොයෙක් දුෂ්ට බලවේග ඔබ දුටුතැන පලායන තරම් මහා ආරක්ෂාවක් ඔබ වටා ජනිත වේවා. යන යන තැන කිරි ඉතිරේවා, සැමට ප්‍රිය ජනක වේවා. කිසිදින හිග නොවන මහා භාණ්ඩාගාර, ධාන්‍යාගාර පහල වේවා.  දිව්‍ය මාලිගා පහලවේවා. දිව්‍ය ඕජස් පහලවේවා.  තව තවත් මෙවන් මහ පින්කම් සිදුකරගන්නට අවශ්‍ය වටපිටාව සැලසේවා. බෝධි යනු ඥානයයි. බෝධින් වහන්සේ සංරක්ෂණය කල පිනෙන් ඔබටත් මේ මහා පින්කමේ බලයෙන් චතුරාර්ය සතයය තේරුම් ගන්නට මහා නුවන පහලවේවා.

මතු ප්‍රාර්තනීය බෝධියකින් නිවන් දකින්නට මේ පින් හේතුවාසනා වේවා …

 

 

අපේ ගිනුම් අංක.

ගිණුමේ නම – The international foundation for Buddhist communication.

( බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම )

ගිණුම අදාල බැංකුව – මහජන බැංකුව

ශාඛාව – කුරුණෑගල මලියදේව ශාකාව

ගිණුම් අංකය – 226 – 2 – 001 – 4 – 0048676

 

සමහර මුස්ලිම් රටවල් වලින් සමති, පදනම් හෝ විහාරස්ථාන සදහා මුදල් ලබාදීමට අවසර නොදේ. මුදල් ප්‍රේෂණය සදහා අවසර දෙනුයේ පුද්ගලික නම් සදහා සදහා පමණි. එසේ උවහොත් පමණක් පහත නමට ලැබෙන්නට සලස්වන්න.

මහජන බැන්කුව නම – චන්දන තිලකසිරි කුමාර

ගිණුම අදාල බැංකුව – මහජන බැංකුව

ශාඛාව – පොතුහැර

ගිණුම් අංකය – 280 – 2 – 001 – 7 – 0031930

 

සම්පත් බැංකුව –

එන්.ඒ. චන්දන තිලතසිරි කුමාර

බැංකුව – සම්පත් බැංකුව – කුරුණෑගල ශාකාව

ගිණුම් අංකය – 100654431918

 

මේ පින් බලෙන් අපගේද ප්‍රාර්තනීය බෝධියෙන් නිවන් දකින්නට මේ පින් හේතුවාසනා වේවා …

 

මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යාන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා ..

 

දැඹෑපොල ශ්‍රී පුෂ්පදේව බෝධි රාජයාණන් වහන්සේ ...

දැඹෑපොල ශ්‍රී පුෂ්පදේව බෝධි රාජයාණන් වහන්සේ …