Skip to main content

පින්වත් සොයුරියගේ ජන්ම දිනය දා දහම්පාසැල් යන අසරණ පාසැල් දරුවන් 08 දෙනෙක් වෙනුවෙන් ශිෂ්‍යාදාර ලබාදුන් වගයි …

By November 8, 2015April 11th, 2016All Posts

අද (2015/11/08) දින සෞඛ්‍ය අමාත්‍යන්ශයේ සේවයේ නියුතු එන්. හේරත් පින්වත් සොයුරියගේ උපන්දිනය දා ආර්ථික අපහසුකම් ඇති අසරණ දූ දරුවන් අට දෙනෙක් වෙනුවෙන් ශිෂාධාර ලබාදුන්නා.

 

ලද මුදල රු 25,000.00

වියදම්

පාවහන් සදහා වියදම රු 7955.28

පාසැල් පොත් සදහා වියදම රු10345.00

වතුර බෝතල් සදහා වියදම රැ 720.00

පාසැල් නිල ඇදුම් රෙදි සදහා රු 4111.25

පාර්සල් කිරීම සදහා රු 200.00

ප්‍රවාහන වියදම රු 650.00

———————————————-

මුලු වියදම රු 23981.53

ඉතිරි මුදල රු 1018.47

 

දඹදිව යාමට සූදානම්ව සිටි අසරණ මවකට සිවුරුදෙකක් ගැනීමට මුදලක් ලබාදෙන මෙන් ඉල්ලා සිටි බැවින් මින් රු 1000.00 සහ අප විසින් රු 1000.00 වියදමක් දරා රු 2000.00 මුදලක් ඇයට ලබා දන්නා.

1018.47  – 1000.00 = 18.47 වෙනත් පින්කමක් සදහා යෙදවීමට බැංකු ගිනුමේ ඉතිරි වෙනවා.

අද දින ත්‍යාග ලැබුවේ අසරණ දරුපැටව් හත් දෙනෙක්. එක් දරුවෙක් පැමිණියේ නැහැ. ඔහු හෙට පැමිණේවි. අක්කා කැමැත්ත පලකලේ දහම්පාසැල් යන දරුවන් 08 දෙනෙකුට ත්‍යාග ලබාදෙන්නයි. අ් අනුව විහාරාධිපති ස්වාමීන් වහන්සේලාගෙන් සහතික කල ලිපි ලබාගෙන අදාල දරුවන් සම්බන්ධ කරගත්තා. මේ දරුවන්ගෙන් සමහර දරුවන්ට පොතක් පතක් ගන්න වත්කමක් නැති උදවියයි. ඉතින් මෙවන් දරුවන්ට අත හිත ලබාදීම, මහා පින්කමක් වගේම රටට දැයට කරන මහා සේවයක්. ඒ දරුවන් ඉගෙනගෙන හොද පුරවැසියන් ලෙස රටට දැයට යම් සේවයක් සිදුකරාවි. එමෙ බැලුවොත් අපි කරල තියෙන්නෙ මහා සේවයක් වගේම රට දැය වෙනුවෙන් වටිනාම ආයෝජනයක්.

ඊට අමතරව අසරණ මවකට  සිවුරක් ලබාදෙමින් දඹදිව ශ්‍රී බුද්ධ ගයාවට පූජාකිරීමට අවස්ථාව ලබාදුන්නා. මේකත් මහා පිනක්. මේ පූජාව බුදුහිමියන්ට සිවුරක් ලබාදුන්නා සමානයි.

ඉතින් අක්කාගේ  උපන්දිනය අදට යෙදී තියෙන්නේ. මේ පින් බලයෙන් ඔබවන් දරුවන් බිහිකල රත්තරන් දෙමාපියන්ටත් මේ පින හිමිවේවා. ඒ අත්තන්ගෙ මෙලොව පරලොව ගමන් සුගතිගාමීවේව‍ා. ඔබේ නමින් වරිග ලරම්පරාවේ මියගිය සියලු දෙනාටම මේ පින හේතුවාසනා වී භව ගමන යහපත් වේවා.

අක්කාට නිදුක් නිරෝගී සුවබර නව වසරක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා. අක්කා තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වානිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාදස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා..

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම – සසුන රකින දැය සුරකින සම්මා වායාමය …

පාසැල් ශිශාධාර - හොදැල්ල විදාතා විද්‍යාලය දෙවන අදියර

පාසැල් ශිශාධාර – හොදැල්ල විදාතා විද්‍යාලය දෙවන අදියර – නෙව්ශිතා හේරත් මිය