Skip to main content

ඉපැරණි බෝධීන් වහන්සේ නමක් රැකගැනීමට දායක වූ වගයි …

පින්වත් යාලවො හැමෝම දන්නව අපි මේකාලය තුල විශාල පින්කම් රාශියක්ම කලා. මගෙ සහෝදර සහෝදරියො වගේ ඉන්න මේ යාලුවොසියලු දෙනා මා පිලිබද තැබූ විශ්වාසයට මම නයගැති වෙන්න ඕනි. ඔබ මාවෙත එවූ සියලු මමුදල් සතයක්වත් අඩුවක් නොවෙන්න මගෙ අතිනුත් වැයදම් කරල ඔබ එවූ සියලු පින්කම්සම්පූර්ණ කලා.

මෙතනින් සියල්ල බලන්න පුලුවන්
https://ourproject1.ifbcnet.org/

පින්වත් යාලුවනේ ඔන්න අපිට තවත් පින්කමක් කරගන්න ලැබුන.අපේ විහාරස්ථානයේ බෝධින් වහන්සේ අවුරුදු 200කට වඩා පරණයි කියල අපේ හාමුදුරුවො අදමා එක්ක කිව්ව. ඉතින් මේ බෝධින් වහන්සේ වටා ඇති පස් තට්ටුව වැස්සට දියවෙලා ගිහින්.දැන් මුල් විතරක් උඩට ඇවිත් තියෙනව. ඉතව කාලයක් ගියොත් බෝධින් වහන්සේට ලොකුහානියක් වෙන්න ගොඩක් ඉඩ තියෙනව. ඉතින් මේ බෝධීන් වහන්සේ රැකගන්න අපිට උදව් කරන්නකියල අපි ඉල්ලීමක් සිදු කලා. ඒ ඉල්ලීම කල පෝස්ට් එක මෙන්න තියෙනව. බලන්නකෝ.
copy

ඉතින් අපි බෝධීන්වහන්සේ රැකගන්න අපිටඋදව් කරන්න කියල කල ඉල්ලීම සාර්තක උනා. අපිට පින්වත් අක්ක කෙනෙකුයි මල්ලි කෙනෙකුයිඅපිට මේ සදහා දායක උනා. පින්වත් අක්කා විසින් රුපියල් 50,000/- ක මුදලකුත් පිනවත්ව්‍මල්ලිය විසින් රැපියල් 4200/-කට ආසන්න මුදලකුත් ලබාදුන්නත එකතු උන මුදල රු. 54200/-ක්. නමුත් මම මේ පින්වත් අත්තගෙයි මල්ලිගෙයි නම මෙතන දාන්නෙ නෑ. මොකද එයාලටපස්සෙ ගැටලු එන්න පුලුවන් එක් එක් අය මුදල් ඉල්ලල. ඒනිසා මම නම් දානේනෙ නෑ.

හොදයි යාලුවනේ මේ පින්කම මොනතරම්මහත්ඵල මහානිසංශ ලැබෙන පින්කමක්ද කියල බලමු.

පින්වත් මිතුරනේ බොධීන් වහන්සේ නමක්පිරිසිදු කිරීමේ අනුසස් ලෙස පහත අනුසස් ටික බලන්නකො. බෝධි මළුවක් පිරිසිදුකිරීමෙන් සම්මජ්ජක නම් රහත් මුනිඳුන් ලද විපාක විස්ස මෙසේ උන්වහන්සේගේ ථේරාපදානයේසඳහන්

1. දුගතියකට නොගොස් දෙවියන් මිනිසුන්අතර පමණක් ඉපදීම

2. සම්පත් ඇති උසස් කුල වල පමණක් ඉපදීම

3. අංගසම්පූර්ණ රූමත් සිරුරක් හිමිවීම

4. ශරීරය රන්වන් පැහැ ඇති වීම

5. ඉතා මෘදු සිනිදු සමක් ලැබීම

ශරීරයේ දූවිලි හා කුණු නොරැඳීම

7. දුගඳ හමන දහඩිය නොගැලීම

8. රෝග නොවැළඳීම

කුෂ්ඨ, දද, හොරි, ගඩු, පිළිකාආදිය නොවැලඳීම
චිත්ත පීඩා ඇති නොවීම
සතුරන් ඇති නොවීම
භෝගයන්ගේ ආහාරපාන, යානවාහන අඩුවක් නොවීම

13. සොර, ගිනි, ජල, සතුරු, රාජබියක් හෝ අනතුරක් නොවීම

14. දැසි දස්සෝද අනුචරයෝද කීකරු වීම

පරමායුශ විඳීමට ලැබීම
ගමේ රටේ සියළු දෙනාම තමන්ට කීකරු වීම

17. භෝග සම්පත්, යසස්, ශ්‍රියාඇතියෙකු වීම, ඥාතීන්ට ප්‍රිය වීම හා කිසි බියක් සැකක් නැතිව විසීමටහැකි වීම

18. දෙවියෝද, අසුරයෝද, ගාන්ධර්වයෝද, යක්ෂයෝදයන යන තැන ආරක්ෂා කිරීම

19. දෙවි මිනිසුන් අතර පමණක් හිඳනිවනට පැමිණීමට ලැබීම

20. මාර්ගඵල, අධිගම, ධ්‍යාණආදිය අධිකව දියුණු කර ගැනීමට ලැබීම

මේ තියෙන්නෙ බොධීන් වහන්සේ ඇමදීමේඅනුසස්. එසේනම් බෝධීන් වහන්සේ නමක් ආරක්ෂා කරගැනීමට සිදුකරන යමකට කොතරම් පිනක්රැස් වෙයි කියල ඔබ හිතනවද?

ඉතින් මේ පින්කමට සහය දැක්වූ දයාබරසොහොයුරියේ, සොහොයුර, ඔබ මෙපින් බලෙන් ඔබ හැදූ වැඩූ පින්වත් දෙමාපියන්ට මේ පින්හිමිවේවා. ඔවුන් ජීවත්ව සිටීනම් ඔවුන්ට නිදුක් නිරෝගී ජීවිතයක් ලැබේවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, කියන කාරනා අපි හැමෝටම මුහුණ දෙන්න සිදුඋනත් මෙපින් බලෙන් ඒ ඇත්තන්ටඅවමවශයෙන් ඒවන් දේවල් වලට මුහුණ දෙන්න ලැබේවා. කෙළවර අමා මහ නිවන් දකින්නට හේතුවාසනා වේවා. ඒ පින්වත් දෙමාපියන් මිය ගොස් ඇත්නම් ඔවුන් සිටින භවයන් ඉතාම සුවබරභවයන් බවට පත්වේවා. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥාවෙන් පිරි ජීවිත ලබේවා. ඔබේසමීපතමයන්ටත් මෙපින් බෙලෙන් යහපතක් උදාවේවා. මෙවන් උදාරතර පින්කමක් සිදුකල දයාබරඔබටත්, ඔබේ සිවාමි, භාර්යා දරුවන් ඇතුලු ඔබගේ පවුලටම අප්‍රමාණ කුසල් සම්පත්හිමිවේවා. ගෞතම බුදුසසුන තුල විරාජමාව පරම පවිත්‍ර බෝධීන්වහන්සේට නැවත ජීවය දුන්පින ඔබ සියලු දෙනාටම දීර්ඝායුෂ වේවා. සියලු දුක් කරදර පහවී යේයා. සියලු නරක ග්‍රහබලපෑම් මෙන්ම කර්ම බලපෑම් දුරුවී අනන්ත බුදුගුන බෙලෙන් එබට යහපතම උදාවේවා. ඔබේත්, දූ දරුවන්ගේත් සියලු යහපත් ප්‍රාර්ථනා සියල්ල සාර්තක වේවා. කෙළවර සියලු දෙනාමටමඅමා මහ නිවනින් සැනසෙන්නටම මේ පින් හේතු වාසනා වේවා.

මේ සම්බුදු සසුන රැකගන්න ඔබත් දායකවන්න. අනන්ත බුදුගුණ බෙලෙන් තුන් ලොවම සැනසේවා ….

මම සත්වයාගේ හිතසුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා … … …

 

බෝධි ආරක්ෂක බැම්ම නිර්මාණය

බෝධි ආරක්ෂක බැම්ම නිර්මාණයේ මතක සටහන් …