
2015-11-18 දින සම්බුද්ධ ශ්‍රී මුඛ පද්මයෙන් සුදේශිත අති පරම පූජණීය ස්වාසූ දහසක් ධර්මස්කන්ධය එහෙමත් නැතිනම් ත්‍රිපිටක පොත් වහන්සේ දුෂ්කර ප%දේශයක විහාරස්ථානයකට පූජා කලා. මහියංගණය හසලක මහගල ඉන්න ශ්‍රී පියදර්ශවාරාමයටයි මේ පරිත්‍යාගය සිදුකලේ.
මේ පරිත්‍යාගයට
ඕස්ට්‍රේලියාවේ සේවයේ නියුතු පින්වත් කල්‍යාණ මිත්‍ර දුලිප් දෙනවක මහතා, තාරක විතානගේ මහතා සහ පර්සි ජයතිලක මහතා රු 88010.00
ප්‍රියන්කා කුරුගල අක්කා රු 600.00
——————————————
එකතුව රු 88,610.00
ත්‍රිපිටක පොත් වහන්සේ රු 40,000.00
වීදුරු අල්මාරිය රු 30,000.00
ප්‍රවාහන වියදම රු 13,000.00
————————————-
මුලු වියදම රු 83,000.00
ඉතිරි මුදල් ඊලග පින්කමක් සදහා යෙදවීමට බැංකුගත කෙරෙුනා.
පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.
සබ්බ දානං ධම්ම දානං ජිනාති
ධර්ම දානය හා සමකල හැකි කිසිද්දු දානයක් නෑ.
ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.
බොහෝ දෙනාට ප්‍රිය වීම (බහුනො ජනස්ස පියො හොති)
සත්පුරුෂ ආශ්‍රය ලැබීම (සප්පුරිසො භජන්ති)
කීර්තිය පැතිරීම (කල්යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)
ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)
දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)
ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න. ර්ම දේශනා කිරීම
ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම
ධර්මය ඉගැන්වීම
පිරිස් වලට බණපොත් කියවීම
අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම
දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම
ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම
ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම
ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම
ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම,
ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම
ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම
ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම
පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම