Skip to main content

මහියංගණ, හසලක, මහගලඉන්න ශ්‍රී පියදර්ශනාරාම විහාරස්ථානයට ත්‍රිපිටක පොත්වහන්සේ පූජාකල වගයි …

By November 19, 2015April 11th, 2016All Posts

2015-11-18 දින  සම්බුද්ධ ශ්‍රී මුඛ පද්මයෙන් සුදේශිත අති පරම පූජණීය ස්වාසූ දහසක් ධර්මස්කන්ධය එහෙමත් නැතිනම් ත්‍රිපිටක පොත් වහන්සේ දුෂ්කර ප%දේශයක විහාරස්ථානයකට පූජා කලා. මහියංගණය හසලක මහගල ඉන්න ශ්‍රී පියදර්ශවාරාමයටයි මේ පරිත්‍යාගය සිදුකලේ.

මේ පරිත්‍යාගයට

ඕස්ට්‍රේලියාවේ සේවයේ නියුතු පින්වත් කල්‍යාණ මිත්‍ර දුලිප් ‍දෙනවක මහතා, තාරක විතානගේ මහතා සහ පර්සි ජයතිලක මහතා රු 88010.00
ප්‍රියන්කා කුරුගල අක්කා රු 600.00
——————————————
එකතුව රු 88,610.00

ත්‍රිපිටක පොත් වහන්සේ රු 40,000.00
වීදුරු අල්මාරිය රු 30,000.00
ප්‍රවාහන වියදම රු 13,000.00
————————————-
මුලු වියදම රු 83,000.00

ඉතිරි මුදල් ඊලග පින්කමක් සදහා යෙදවීමට බැංකුගත කෙරෙුනා.

 පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.

 සබ්බ දානං ධම්ම දානං ජිනාති

ධර්ම දානය හා සමකල හැකි කිසිද්‍දු දානයක් නෑ.

 ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.

  1. බොහෝ දෙනාට ප්‍රිය වීම (බහුනො ජනස්ස පියො හොති)

  1. සත්පුරුෂ ආශ්‍රය ලැබීම (සප්පුරිසො භජන්ති)

  1. කීර්තිය පැතිරීම (කල්‍යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)

  1. ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)

  1. දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)

ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න. ර්ම දේශනා කිරීම

  • ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම

  • දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම

  • ධර්මය ඉගැන්වීම

  • පිරිස් වලට බණපොත් කියවීම

  • අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම

  • දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම

  • ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම

  • ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම

  • ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම

  • ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම,

  • ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම

  • ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම

  • ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම

  • පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්‍ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීම ධර්ම දානමය කුසල් ලැබීමට හේතුවන බව සැලකිය යුතුයි. ධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේ අත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහර ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිති. ධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම ද වැඳීම ද සාදුකාර දීම ද කුසල් බව සිතට ගත යුතුය. සද්ධර්මාලංකාරයෙහි මෛත්‍රී බුදුන් දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. ‘බණ කියන ගෙයි පහන් දැල්වූවෝ ද මෛත්‍රි බුදුන් දකිති’

‘බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණ පැවැත්වූවෝ දකිති. විජිනිපත් දුන්නෝ ද දකිති. බණ පොත ලියවූවෝ දකිති. තමන් ලියවූ පොත අකුරු ගණනින් චක්‍රවර්තී සම්පත් ආදි වූ සැපත් ලදින් සුවපත් වූවෝ මෙතේ්බුදුන් දකින්නාහුමය. තවද ආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය.

පින්වත් යහලුවනේ ධර්ම දානය අට මහ කුසල්වලට අයිතියි. අට මහ කුසල් කියන්නෙ දැනට කරන්න පුලුවන් බලගතුම පින්කම් අටක්. මෙන්න ඒ අට.

1.කඨින සිවුරක් පූජා කිරීම

 2.අටපිරිකර පූජාකිරීම

 3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම

 4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.

 5.බුද්ධ ධර්ම දානය සිදුකිරීම.

 6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම

 7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම

 8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

 යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. මේ පින්කම් වල ආනිසංස කියල නිම කරන්න බැහැ. කල්ප කෝටි ගණන් විපාක දෙන පින්කම් මේව. ඒ විතරක් නෙවෙයි. පංච ආනන්තරයි පාපකර්ම හැර ( මව මැරීම, පියා මැරීම, රහතුන් මැරිම, බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම, සංඝභේදය )අනිත් සියලු පව් යටපත් කරන්න තරම් මේ පින්කම් බලවත්.

ඊට අමතරව මේ  විහාරස්ථානයට පැමිණ මේ පොත්වහන්සේලා කියවා ධර්මය ඉගෙන ගන්නට සෑම අයෙකුටම අවස්ථාව ලබාදේවි. ඉන් ජනිත වන්නේ අපමණ කුසලයක්. ස්වාමීන් වහන්සේටත් ධර්මය ඉගෙනගැනීමට මම පූජාව මහා රුකුලක් වේවා.

 ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ඔබ සියලු දෙනාගේම පවුලේ  සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා. මේ පින්කම සිදුකල  සියලු දෙනාට මෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඒ අය ජීවත් වන්නේනම් නිදුක් නිරෝගී සුවබර, මෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට  සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවා. මිය පරලොව ගොස් ඇත්නම්  වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්, යහපත් තැනක ඉපදී ඇත්නම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.

ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. ධර්මයෙන් ඇති කරන්නේ ප්‍රඥාවයි. මෙපින් බලෙන් ප්‍රඥාව මෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රට, ජාතිය, ආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන් වන්නට මෙපින් හේතු වාසනා වේවා.

 එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්‍රමාණයද අප්‍රමාණයි. නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්, වැටෙන  වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙන ඔබේ ඇසුර පවා මහා සතුටක්. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්‍රයට ලැබේවා. විශේෂයෙන් මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්‍යයක්..

එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්, විශේෂයෙන්ම ප්‍රවාහන වියදම් අඩුවෙන් ලබාගනිමින් ඒ සියලු කටයුතු සාර්ථකව සිදුකල රියදුරු මහතුන් ඇතුලු විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා, දායකකාරකාදීන්  ආදී සියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවා.

  ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත් පහලවීම ම ඔබ ලද මහා භාග්‍යයක්. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිත නිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්.  සිදුකල සියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටවත් නොලැබේවා. කෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්‍රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිත නොවේවා.  ජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්, ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.

පින්වත් යාලුවනේ. පංච ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේ. ඒ ලෙසින්ම  දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා. ව්‍යාපාර, අධ්‍යාපන, කටයුතු සියල්ල සාර්ථක වේවා. වැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ශාසනාරක්ෂක, ලෝකපාලක, දෙවියන් මෙන්ම සතර වරම් දෙවියන්ද මේ පින් අනුමොදන්ව ඔබට සතර වටින් ආරක්ෂාව සලසත්වා. උතුම් රත්නත්‍රයේ ආනුභාවයෙන්ද, ජයසිරි මහ බෝ හිමියන්ගේ අනුහසින්ද, වාම,දක්ෂිණ දන්තධාතූන් වහන්සේලාගේ බලයෙන්ද, ලලාට දාතුන් වහන්සේ, ග්‍රීවා ධාතූන් වහන්සේ ඇතුලු සිලුමින සෑයේ, නාගලොවේ වැඩ සිටින මෙන්ම තුන්ලෝකය පුරා වැඩ සිටින සර්වඥ ධාතුන්වහන්සේලාගේ බලයෙන්, අරහත් මහ ධාතූන් වහන්සේලාගේ බලයෙන්, තුන්ලෝකයේ වැඩ සිටින බුදුපිලිම වහන්සේලා, චෛත්‍යරාජයන් වහන්සේලා. ඇතුලු ශාරීරික, පාරිභෝගික, උදේදේසිය චෛත්‍ය ආනුභාවයෙන් සියලු ග්‍රහ දෝෂ, කර්ම දෝෂ, අමනුෂ්‍ය දෝෂ, භූමි දෝෂ ආදි සියලු දෝෂයන් හිරු දුටු අදුර මෙන්, දුරුවී යේවා. මරනින් මතු නිවන් දක්නා ජාති දක්වා සුගතිගාමී වීමෙන් කෙලවර බුදු පසේබුදු මහරහත් උතුමන් නිවී සැනසී වදාල ජාතියක්, ජන්මයක්, මරණයක්, දුකක්, සෝකයක් නැති ශාන්ති ලක්ෂණ පැතූ බෝධියෙන් අමා නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා..

 මෙවන් මහ පින්කමක් සිදුකරගන්නට මට භාග්‍ය ලබාදුන් සියලු දෙනාට පින් අනුමොදන් කරන අතර මගේ හෘදයාංගම ස්තුතියි ද පුදකරමි. මෙපින් බලෙන් මෙවන් මහ පින්කම් තව තවත් සිදුකරගන්නට මට ශක්තිය ලැබේවා. දිවා රෑ ප්‍රාර්ථනා කරන ඉලක්කය වෙත ලගාවී අසරණ සත්වගට පිහිටක් ලබාදෙන්නට හැකියාව ලැබේවා. කෙලවර මා පතන බෝධියෙන් නිවන් ලබන්නටත් සසර කතරේ අනේක දුක් විදින අසරණ සතුන් හ‍ට ජාතියක් ජරාවක් මරණයක් නැති අමා මහ නිවන් අවබෝධ කර දෙන්නටත් මෙපින් ගංගාවෝ හේතුවාසනා වේවා.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා.

 

ත්‍රිපිටක පූජාව - හසලක

ත්‍රිපිටක පූජාව – හසලක මහගල් ඉන්න ශ්‍රී පියදර්ශනාරාමය