
2016 මාර්තු මස 31 වැනිදා අපි තවත් විදුලි ආලෝක පින්කමක් සිදු කලා. ඒ ඇස් පෙනීම අහිමි වූ කාන්තාවක් වෙනුවෙන් විදුලි ආලෝකය ලබාදීමයි. ඇයට ඇස්පෙනීම අහිමි උවත් ඇගේ දියණියට හා දෙමාපියන් වෙනුවෙන් ඒ ව්‍යාපෘතිය සිදුකලේ. ඒ පින්වත් මිතුරෙක් වෙනුවෙන් පින් අනුමෝදන් කරවීමටයි. ඒ විස්තර පහත දැක්වෙනව.
මේ සදහා
හිරන්ත මදුසංක මහතා රු 7600.00
යසිත බෝගමුව මහතා රු 1000.00
පදනමේ අරමුදලින් රු 13,400.00
————————————————–
මුලු වියදම රු 22,000.00
මුලු වියදම රු 20,650.00
ඇය නිවස වයරින් කරල තිබුනෙ. ඉතිරි මුදලින් අවශ්‍ය විදුලි බල්බ ආදිය ගන්න කියල ඉතිරි රු 1350.00 ඇයටම ලබාදුන්න.
විදුලි ආලෝක පූජාවත් වැටෙන්නේ ආලෝක පූජාවක් ලෙසටයි. පහන් පූජාවේ අනුසස් විදුලි ආලෝක පූජාවේ අනුසස් වලට සමානයි. මේ බලන්න පහන් ආලෝක පූජාවේ අනුසස් මොනවද කියල.