Skip to main content

කඨින පූජාවක් ලෙස අටපිරිකර විසි දෙකක් ගෞතම බුදු සසුනට පූජාකල වගයි …

By January 7, 2015All Posts

 කුරුණෑගල බොයගනේ නයිලිය ශ්‍රී නාගංගනාරාම විහාරස්තානයේ 2014 වසරේ කඨින පූජා පින්කමේදී  අප අටපිරිකර 22 පූජා කිරිම සිදු කලා.

තත්වයෙන් උසස්  අට පිරිකරක වෙළද වටිනාකම රු 3500/-ක් උනා. නමුත් අපි එකවර තොගයක් ගත් නිසා රු 2600/- ට ලබාගන්න පුලුවන් උනා. මේ වෙනුවෙන් දායකත්වයන් ලබාදුන් අයුරු පහතින් දැක්වෙනව.
රුවන් එස්. ජයසිංහ මහතා – රු. 6000/-
එතුමා විසින් සුවිශේෂයෙන් සකස්කල අට පිරිකරක් පූජා කල නිසා එයට රු. 5500/-ක් උනා. ඉතිරි මුදල 500/-
ඉෂාර ප්‍රනාන්දු මහතා – රු. 6000/-
එතුමා විසින් අටපිරිකර 02ක් පූජා කලා. 2600 X 2 = 5200.00. ඉතිරි මුදල රු. 800/-
ප්‍රභාත් සමින්ද්‍ර මහතා – රු. 6000/-
එතුමා විසින් අටපිරිකර 02ක් පූජා කලා. 2600 X 2 = 5200.00. ඉතිරි මුදල රු. 800/-
ලයනල් ගුණතිලක මහතා – රු. 3500/-
එතුමා විසින් අටපිරිකර 01ක් පූජා කලා. 2600 X 1 = 2600.00. ඉතිරි මුදල රු. 900/-
රංජිත් විජේසිංහ  මහතා – රු. 20, 000/-
එතුමා විසින් අටපිරිකර 07ක් පූජා කලා. 2600 X 7 = 18200.00. ඉතිරි මුදල රු. 1800/-
ඉහළම දායකත්වය ලබාදුන්නේ ලක්ෂාන් රණසිංහ මහතායි.
ලක්ෂාන් රණසිංහ මහතා – රු. 37343.20/-
අපට ඉතිරිය අවශ්‍ය  අටපිරිකර 08ක් පමණයි.. 2600 X 8 = 20,800.00. ඉතිරි මුදල රු. 16,543/-
ඊට අමතරව චක්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් අටපිරිකරක් රැගෙන ඇවිත් පූජා කලා.
මේ අනුව රු 21343.00 ක පමණ මුදලක් මා අත ඉතිරි උනා. මුදල් වටිනාකම් ආරෝහණ ආකාරයට ගත්තේ හැමදෙනාටම එක් අටපිරිකරක් හෝ පූජා කිරීමට අවස්තාව ලබාදෙන්නයි. ඉතිරි මුදල් සියල්ල  නව වන වතාවට අසරන දරුවන්ට පාවහන් ලබාදීමේ  සත්කාර්යයට යොමු වෙන අතර ලබන සතිය ඇතුලත එය සිදුවෙනව.

කඨින පිංකම අවස්තාවේ පූජාකරන සියලු පිරිකර කටිනානිසංසයට යටත්. ඒ කියන්නෙ කඨින සිව්ර පූජාවෙන් ලැබෙන ආනිසංසම ලැබෙනව. පළමුව කඨින ආනිසංස මොනවද කියල බලමු.
පඨවිරිවත ජාතු කම්පතෙ – න ච ලති මේරු රිවාති වායුනා
වජිර මිව න භිජ්ජතෙ ඝනං – තමෙද මතො කඨනංති වුච්චතී
කඨින චීවර දානමය කුසල කර්මය මහා පොළොව මෙන් කිසි දිනක කම්පානොවේ. මහමෙර මෙන් අධික සුළඟින් නොසැලේ. දියමන්ති පර්වතයක්මෙන් නොබිඳෙන හෙයින් මේ ස්ථාවර කුසලයට “ කඨින’’ යැයි කියනු ලැබේ.
‘කඨින’ දානමය කුසලය අට මහා කුසල් අතර ප්‍රධාන වන්නේය. ආර්යපුද්ගල මහා සංඝ රත්නය වෙනුවෙන් මහ මෙර උසට සියලු ආමිසදානයන් අභිබවා කඨින පූජාව අගතැන් ගනී.
“කඨින වන්තං නාම බුද්ධප්පසන්නං “ යනුවෙන් සමන්ත පාසාදිකා විනයඅටුවාගත පාඨයෙන් දැක්වෙන පරිදි කඨින චීවරය සියලු බුදුවරයන්වහන්සේ විසින්ද පසස්නා ලද්දකි. ඒ මඟින් සියලු ලෝකවාසීන්ටත්විශේෂයෙන්ම බෞද්ධයන්ටත් වටිනා ආදර්ශයක් දුන්හ. එසේම විනයනීතිරීති සමූහයකින් සම්පූර්ණ වූ මහා අනර්ඝ පරිස්කාරයකි.
යම් පුද්ගලයෙක් ආනන්තරිය පාපකරර්ම සිදුකර නොමැතිනම්, නියත මිත්‍යාදෘෂ්ඨිකයෙක් නොවේනම් ඔහුගේ ඊලග උපත සිදුකිරිමට මුල්වන්නේ කඨින පුණ්‍ය කරම්ය බව කියැවේ.
තඨින ආනිසංස ගැන කියවෙන්නේ නාගිත ථේරාපදානයේයි.  අනවතප්ප විල අසලදී බුදුහිමියන් විසින් ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් නාගිත හිමියන් තමන්වහන්සේ සිදුකල කඨින පූජාවක ආනිසංස මෙසේ විස්තර කල සේක.

ගුණයෙන් උතුම් වූ මහා සංඝයා විෂයෙහි කඨින චීවර දානයක් පූජා කර මහා කල්ප තිහක් දුගතියක නොඉපදුණෙමි. මේ කඨින දානයෙහි අනුසස යි.

චීවරයට ගැසූ එක් ඉදිකටු පහරක් පාසා තිස් හතර වතාව බැගින්්සක්විති රජබව ලැබුවෙමි.

අටළොස් කල්පයක් දෙව් සැප වින්දෙමි. තිස් හතර වාරයක් සක් දෙව් රජව ඉපිද වාසය කළෙමි. මේ කඨින පූජාවේ අනුසසයි.

දෙව් මිනිස් දෙගතිය හැර අන්‍ය ගතියක නූපන්නෙමි. මේ කඨින දානයේ ඵලවිපාකය යි.

බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයේ නෛර්ය්‍යානික බව දක්ෂිණාර්හබවආදී ගුණ විශේෂ නිසා මා දුන් කඨින දානයෙන් මේ සා මහත් සම්පත් ලදිමි.

එම කඨින චීවර දාන සිතිවිල්ල හේතු කොටගෙන මම දෙව්ලොව දෙවියන්ට දමිනිස් ලොව මිනිසුන්ටද ප්‍රිය මනාප පුද්ගලයකු වූයෙමි. එම කුසලක්‍රියාවේ අනුසස් නිසා උතුම් නිවනට ද පැමිණියෙමි.

ඉතින් මේ ආනිසංස ඔබට ඒ අයුරින්ම හිමිවෙනව.

හොදයි දැන් අටපිරිකරක් පූජා කිරීමේ ආනිසංස බලමු.

අටපිරිකර යනු මහණ උපසදම්පදාව ලැබීමට අත්‍යවශ්‍ය පිරිකර අටක එකතුවකි. අදනය, පටිය, තනිපට සිවුර, දෙපට සිවුර, පාත්‍රය, දැලිපිහිය, කරකැත්ත, පෙරහන,ඉදිකටු, නූල්බෝල වශයෙන් ශ්‍රමණ පරිසකර අට දැක්වේ. කැප සරුප් ලෙස පිළියෙළ කරන ලද අටපිරිකර පූජාවේ ආනිශංස අති මහත්ය. අරහත් භාවය ලබා ගැනීමට පවා මෙම පූජාව උපනිශ්‍රය වන බව සූත්‍ර පිටකයේ සඳහන් වේ. සියලු සැපතින් සිපිරු දෙව් මිනිස් භවයන්හි භාග්‍යමත් උපතක් ලැබීමට පවා ලෞකික වශයෙන් හේතුවන අතර, නෛර්යාණික බුදුසසුනක උතුම් පැවිද්ද ලබා අරහත් භාවයට පත්වීමටද මෙය වෙන වෙනම හේතුවන බව පිළින්දවචඡ ථෙරපදානයෙහි දැක්වේ.

අටපිරිකර පූජා කිරීමේ ආනිශංස මහත්ඵලය . මේ අසිරිමත් වු ආනිශංස ඒකාන්ත වූ සැදැහැ සිතින් දරා පූජාවන් සිදු කරන්නේය ද එය මහත්ඵල මහානිශංස වන්නේය.

අටපරිකරෙහි චීවර වර්ග තුනකි. තුන් සිවුර යනුවෙන් අපි එය හඳුන්වන්නෙමු. තනිපට සිවුර, දෙපට සිවුර අදනය මෙයට අයත්ය. මෙම තුන් සිවුරු පුජා කිරීම නිසා,

1.රන්වන් සිරුරක් ලැබීම 2. ශරීරයේ දූවිලි නොවැසීම 3. රැස් ෂහිදෙන වර්ණවත් ශරීරයක් ලැබීම

4.මහත්වූ ප්‍රතාප බවක් දිස්වීම 5.සිනිඳු ශරීරයකට හිමිකම ලැබීම 6. සසර ගමනෙහි සෑම භවයකදීම සුදු වස්ත්‍ර ලක්‍ෂ ගණනින් දැරීම 7. සසර ගමනේ සෑම භවයකදීම කහ වස්ත්‍ර ලක්‍ෂ ගණනික් දැරීම 8. සසර ගමනේ සෑම භවයකදීම රතු වස්ත්‍ර ලක්‍ෂ ගණනින් දැරීම සිදුවේ.

අට පිරිකරට පාත්‍රය අනිවාර්ය වේ.

පාත්‍ර පිදීම නිසාද ආනිශංස දහයක් ලැබෙන බව අපදාන ග්‍රන්ථයේ දැක්වේ. එනම්, 1.රන්, රිදී, මැණික් තලි පරිභෝජනය කිරීමට ලැබේ. 2. කිසිදා උපද්‍රව සිදු නොවේ. 3.අනතුරු වලින් වලකියි. 4. සෑම තැන්හි ගරු පුද ලබයි 5. ආහාර පාන වස්ත්‍ර සයනාසන නොඅඩුව ලැබේ. 6. භව බෝග නොනැසේ. 7. ස්ථීර වූ සිත් ඇතිවේ. 8.සෑම කල්හි ධර්මය රුචි කෙරේ 9. මද කෙලෙස් සහිත වේ. 10. කාම භව දිට්ඨි ආශ්‍රව රහිතව ජීවත් වේ.

දැලි පිහියා පිදීමේ අනුසස් 6 කි. ඒවා නම් 1. සෑම කල්හිම සූරයෙක් වේ.2.නොවිසිරුන සිත් ඇත්තෙක් වේ. 3.විශාරදත්වයෙහි යුතු වේ. 4. ධෛර්ය ඇතිව වෙසේ. 5. වීර්ය ඇතිව වෙසේ. 6. ඍජු සිත් ඇත්තෙක් වේ 7. කෙලෙස් සිදී සූක්‍ෂම ශ්‍රද්ධාග්‍රණය ලබයි.

පෙරහන් කඩ පිදීමේ ආනිසංස 5 කි.

1.සෑම දෙනා ඉක්මවා දීර්ඝායුෂ විදීමට 2. කිසිදාක හොරුන්ගෙන් හිංසා නොවීම 3.සතුරු විපත් නැතිවීම 4. ආයුධ වස විෂ වලින් අනතුරු නොවීම 5.අතුරු මරණ නොමැතිව පරමායුෂ වැළදීමට ලැබීම

පටි පිදීමද මහානිශංස සහිතයි

1.සමාධීන් හි අකම්පිත වීමත් 2. සමාධින් හිදි වශී භාවයට පැමිණීමත්, 3.නොබිදෙන පිරිස් ඇතිවීම 4. සැම විට තම වදන් අනුන් පිළිගැනීම 5. සිහියෙන් සිටීම 6. කිසිදු භවයකදී බියක් හෝ තැති ගැනීමක් ඇති වීමක් නොවේ.

මීට අමතරව තවත් අනුසස් රාශියකි.

ඒ අනුසස් අතර සසර උපදනා ආත්ම භාවයන්හිදී විෂ ඝෝර සර්පයන් ගෙන් ද මැසි මදුරු ආදී සත්වයන් ගෙන් ද හානි සිදු නොවන බවත් එසේම හොරි දද වණ කුෂ්ට කඩුවේගන් පිළිකා සමාජය පිළිකුල් කරණ දරුණු රෝගී තත්ත්වයන්ගෙන් වන දුක් කරදර සිදු නොවන බවත් කණු කටු උල් ආදිය ඇණීම නිසා වන හානි වැළකෙනබවත් පණ්ඩක නපුංසක ආදී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු නොවන බවත් දැක්වේ. දෙව් මිනිස් දෙගතියෙහි උපත ලබා සැප විඳීන්න අවස්ථාව උදාවෙන බවද දැක්වේ.

එසේම මෙම පිරිකර පූජාවේ අනුසස් වශයෙන් පිරිමි අයෙකුට නම් අන්තිම ආත්ම භාවයෙහි දී ඒහි භික්ෂූ භාවයෙන් මහණ උපසම්පදාව ලැබ සසර නිමා කිරීමට ලැබෙන බවත් කාන්තා පක්ෂයේ අයහට නම් විශාඛා මහා උපාසිකාවන්ට ලැබුණ වූ මහලිය පළඳනාව වැනි වටිනා ආභරණ ලබා ගැනීමට අවස්ථාව උදාවන බවත් ඒවාද ශාසනය වෙනුවෙන් වියදම් කොට උතුම් වූ නිවනට පත් වීමට භාග්‍ය උදාවන බවද සඳහන් වේ.

එසේම අෂ්ට පරිස්කාරයක් හෝ චීවරයක් පූජා නොකළ උදවියට සසර ඉහත සැප සම්පත් ලබා ගැනීමට අවස්ථාව නොලැබෙන බවත් සඳහන් වේ.

අප ශාසනයෙහි ඛිප්පා හභිඥාලාභීන් අතර අගතනතුර ලැබූ බාහීය දාරුචීරිය කතා පුවත එම කරුණු සනාථකිරීමට හොඳ උදාහරණයෙකි. එහිමි මෙයට පෙර ආත්ම භාවයක අවුරුදු විසි දහසක් හොඳින් මහණ දම් සපුරා ඇති බව සඳහන් වේ. ඒකාලය තුළ කිසිදිනෙක සිවුරක් හෝ අටපිරිකරක් කිසිවෙකුට පූජාකර හෝ පරිත්‍යාග කර නොමැතිබව දැක්වේ.

ඒ හේතුවෙන් එදා ගෞතම බුදුන් හමුවේද ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලබාගත නොහැකි වීමට හේතු වශයෙන් දැක්වේ. අවසානයේ ගවදෙනෙකගේ දරුණු ඇණීමකට ගොදුරුවී පිරිනිවී බව සඳහන් වේ. පෙර සසරේ අට පිරිකරක් හෝචීවරයක් පූජාකර තිබුණේනම් එවැන්නක් එදා සිදු නොවන බව බුදුන්වහන්සේ දේශනා කළහ.

මේ ආදී හේතු නිසා අටපිරිකර පූජාවද අටමහා කුසල් අතර දෙවන තැන හිමිවී ඇතිබව සඳහන් වේ.

ඉතින් ඉතාම නොමසුරුව විශාල මුදලක් ලබාදුන් ලක්ෂාන් රණසිංහ මහතා , රංජිත් විජේසිංහ මහතා අතුලු පභාත් සමින්ද්‍ර, රුවන් එස් ජයසිංහ. ඉෂාර ප්‍රනාන්දු, ලයනල් ගුණතිලක යන මහත්වරුන්ට මගේ ප්‍රණාමය හිමිවෙනව.

ලක්ෂාන් රණසිංහ මහතා කිහිප අවස්තාවකදීම මේ අයුරින් නොමසුරුව මුදල් පරිත්‍යාග කලා. විදෙස් රටක සිටියද තමන්ගේ ආගම දහම වෙනුවෙන් තම නොමසුරුව ධනය පරිත්‍යාග  කලා. ඉතින් ඔබතුමා සිදුකරගත් මේ මහා පින්කමේ බලයෙන්  දයාබර දෙමාපියන්ටත්. සමිපතම ඥාතීන්ටත්, ඔබතුමාටත් සසර වසනා තුරුම නිදුක් නිරෝගි නුවබර දිර්ඝායුස ජීවිතයක් හිමිවේවා. ඉක්මන් භවයකදීම නිවන් අවබෝධයෙන් සැනසීම ලැබේවා.

රංජිත් විජේසිංහ මහතාමට විශේෂයෙන් කථා කරල කිව්ව මගෙ රත්තරං අම්ම සතුටු කරන්නයි මට ඕනි කියල. ඔබවන් පිංවත් පුතෙක් බිහිකල දයාබර මවක් අමුතුවෙන් සතුටුකරන්න දෙයක් නැහැ. කොහොම උනත් ඔබ සිදුකලේ උත්තම මාතෘ පූජාවක්. ඔබ‍ගේ සුජීවත්ව වාසය කරන දයාබර මව අශෝකා රංජනි මාතාවටත් පියාටත්ටත් මෙපින් බලෙන් නිදුක් නිරෝගි සුවබර ජිවිතයක් සසර පුරාවට උදාවේවා.  සමිපතම ඥාතීන්ටත්, ඔබතුමාටත් සසර වසනා තුරුම නිදුක් නිරෝගි නුවබර දිර්ඝායුස ජීවිතයක් හිමිවේවා. ඉක්මන් භවයකදීම නිවන් අවබෝධයෙන් සැනසීම ලැබේවා.

ප්‍රභාත් සමින්ද්‍ර මහතා මට මැතකදි දැනගන්න ලැබුන හොද කළණ මිතුරෙක්. එතුමා  කලින් සිදුකල පින්කම් පිලිබදවත් අන්ත්ජාලයේ ඡායාරූප පලකරල තිබුන. බොහොම උනන්දුවෙන් මේ පින්කමටත් දායක උනා. ඉතින් මේ මහා පින් කන්දරාව ඔබතුමාගේ දයාබර දෙමාපියන්ටත්. සමිපතම ඥාතීන්ටත්, ඔබතුමාටත් සසර වසනා තුරුම නිදුක් නිරෝගි නුවබර දිර්ඝායුස ජීවිතයක් හිමිවේවා. ඉක්මන් භවයකදීම නිවන් අවබෝධයෙන් සැනසීම ලැබේවා.

ඉෂාර ෆනෑන්ඩෝ අයියනම් මට බොහොම හුරු පුරුදු චරිතයක්. නිතර මට කතා කරල පින්කම් සදහා සම්බන්ද වෙනව. අපි පින්කම් පටන් ගත්ත කාලෙ ඉදන්ම අපිට නිතර සම්බන්ද වෙනමින් දායකත්වය ලබාදෙන කෙනෙක්.  සමහර අවස්ථාවලදී අපට ගමන් වියදම් පවා වෙන් කරන්න තරම් කාරුණික හදවතක් තියෙන කෙනෙක්. ඉතින් අයිය පහුගිය ව‍සරෙ වගේම අට පිරිකර දෙකක් පූජා කලා. අයියගෙ පුංචි දූ කුමරිගෙ උපන්දිනය යෙදෙන්නෙ 10/ 31 දිනට. ඒවගේම අයියගෙ උපන්දිනේ 10/04 දිනට යෙදුන. ඉතින් අද මේ සිදුකල මහ පින් බලන් පුංචි දූගේ අනාගතය විතරක් නෙවෙයි මුලු සංසාර ගමනම යහපත් වෙනව. දූට නිදුක් නිරෝගී සුවබර දීර්ඝායුස ලැබෙන අනාගතයක් පමණක් නෙවෙයි. සංසාර ගමනක්ම ගොඩනැගේවා. ඉතා ඉක්මන් බවයකදී මේ දුක්ඛිත ලෝකයෙන් මිදිල නිර්වාණ සුවය හිමිවේවා. ඒවගේම අයියටත් නිදුක් නිරෝගි වාසනාවන්ත දිර්ඝායුස ස ලැබේවා. සසර ගමන යහපත් වේවා. ඉක්මන් භවයකදී නිර්වාණ සුවය ලැබේවා.

රුවන් අයිය ගැනනම් කියන්න ගියොත් මේ ලිපිය ඉවර කරන්න ලැබෙන්නෙ නැහැ. අයිය ගන්න පඩියක් ඉතුරු වෙනවද දන්නෙ නැහැ කරන පිංකම්වලට. නිතර මට කතා කරල සම්බන්ධ වෙන අයිය අපි කරන පිංකම්වලින් සම්බන්ධ නොවෙන ගනන ඉතාම අඩුයි. හැම පින්කමකම අයියගෙ නම නැතිවෙන්නෙම නැති තරමි.

අපේ වැඩ වලට නිතර සහය දෙන අයියගේ පවුලේ සියලු දෙනාටත්, පින්වත් දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවබර සංසාර ගමනක්ම වේවා. ඉක්මන් බවයකදීම නිර්වාන සුව ලැබේවා.

ලයනල් අයිය කතාකරලමයි හැම පින්කමකටම දායක වෙන්නෙ. මම හිතන්නෙ අයිය නිතරම ‍අපි කරන පින්කම් දිහා බලන් ඉන්නව වගේ. හිටිගමන්ම කතා කරල මුදල් යොමු කරනව. අයියත් ගොඩක් කල් ඉදලම අපට උදව් පදව් කරන කළණ මිතුරෙක්. මේ දවස්වලනම් අයිය ලංකාවෙ ඉන්නෙ නේද? හැබැයි විදෙස් රටක හිටිය කියල ගුනධර්ම වලනම් කිසිදු අඩුවක් නැතිව පවත්වාගෙන යන එක අපිට සුටට කරුණක්. කොහොම නමුත් ඉතාම ශ්‍රද්ධාවෙන් අයිය මේ සිදුකල පින්කමේ බලයෙන් අයියටත් පවුලේ සැමටත් , පින්වත් දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවබර සංසාර ගමනක්ම වේවා. ඉක්මන් බවයකදීම නිර්වාන සුව ලැබේවා.

ඒ වගේම අප කල පින්කම් දැකල  චන්ද්‍රා ජයසූරිය මහත්මියත්, දුලීකා නංගියත් විහාරස්ථානයට ඇවිත් අට පිරිතකරක් සහ සුලු පිරිකරක් පූජා කලා. දැඩි වැසිබර කාලගුනය නොසලකා බොහොම දුරකතර සිට බස්රථ කිහිපයකම ඇවිත් මේ පින්කමට දායක උන ඔබට විසාල පිනක් හිමිවෙනව. ඉතින් මෙපින් බලෙන් ඔබටත් පවුලේ සැමටත් , පින්වත් දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවබර සංසාර ගමනක්ම වේවා. ඉක්මන් බවයකදීම නිර්වාන සුව ලැබේවා

මේ පින්කමට ඍජුව හෝ වක්‍රව දායක වු සැමට මේ පින් ඒකාකාරව ලැබී දෙලොවම යහපත් වේවා. කෙලවර අමාමහ නිවනින් සැනසීම ලැබේවා.

සත්වයා කෙරේ අපමණ මෙත් සිතින් එරන්ද ලක්මාල් වන මා විසින්ගෞතම බුදු සසුන තුල මෙය පලකල වගයි …

පන්සලට ඇදන් ලබාදීම

පන්සලට ඇදන් ලබාදීම