වැසිකිලියක් ඉදිකිරීමට රු. 20,000/- ක් පරිත්‍යාග කල වගයි …

ඉතින් පින්වත් යාලුවනේ අටමහා කුසල් වලින් එකකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් මටත් ලැබුන. සම්පූර්න නම හෙලි කිරීමට අකමැති වූ සුමිත් කියල විතරක් හදුන්වන්න අවස්ථාව දීපු පින්වත් කලණ මිතුරෙක් තමයි මේ වෙනුවෙන් දායක උනේ. මීට කලින් අවස්ථාවකත් පින්කම් වලට දායක වූ මේ මිත්‍රය අද පිරිවෙන් විහාරස්ථානයක වැසිකිලියක් සාදවා පූජා කරන්න දායක උනා. ඉහත රෑපයෙන් දැක්වෙන්නේ රු. 20,000/- මුදල මා විසින් ස්වාමීන් වහන්සේට පූජා කරන අවස්ථාව. ‍ ඔබ මේ වෙනකොට දන්නව අපි පිරිවෙන් විහාරස්ථානයක ලිදක් කපමින් සිටින බව. ඒ විහාරස්ථානයේ අඩුපාඩු කම් ඇති වැසිකිලි පද්ධතිය වෙනුවෙන් දායක වන අවස්ථාවක් තමයි මේ. හොදයි අපි බලමු වැසිකිලි කැසිකිලි පූජාව මොනතරම් ආනිසංස දායකද කියල. කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමං බුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං ඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි ච කරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ” මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය. 1.කඨින සිවුරක් පූජා කිරීම 2.අටපිරිකර පූජාකිරීම 3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම 4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම. 5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්රණය කරදීම බෙදා හැරීම. 6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම 7.බුදු පිළිම සෑදවීම, චෛත්ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම 8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම. යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ. වැසිකිළි කරවීම

Read More >> 

රු. 10,500/= ක් වටිනා පිත්තල පාත්‍ර තුනක් ගෞතම බුදුසසුනට පූජාකල වගයි …

අපි තවත් ලොකු පින්කමක් සිදුකර ගත්ත. ඒ තමයි පිත්තලෙක් නිර්මානය කල පාත්‍රා තුනක් ගෞතම බුදුසසුනට පූජාකිරීම. පින්වත් සොයුරියක් ගූගල් වෙබ් අඩවිය තුල මෙහෙණි ආරාම පිලිබද පිලිබද සොයමින් සිටියදී මා විසින් සිදුකල පින්කමක් නරඹා මට කථා කලා. ඒ අනුව එතුමිය යම් පින්කමකට සම්බන්ද වෙන්න අවශය බව පැවසුව. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ පාත්‍ර තුන පූජා කිරීම සිදු උනේ. මේ පාත්‍ර තුන පූජා කලේ කුරුණෑගල බොයගනේ නයිලිය ශ්‍රී නාගංගනාරාම පුරාණ විහාරස්ථානයටයි. ඉතින් අපි පාත්‍ර පිදීමේ අනුසස් පොඩ්ඩක් හොයල බලමු. ආහාර පාත්ර – භාජන පිදීමේ අනුසස් දහය පත්තේ සුගතේ දත්වා සංඝේ ගණවරුත්තමේ දසානිසංසේ අනුභෝමි කම්මානුච්ඡවිකේ මම බුදුරජාණන් වහන්සේට ද මහා සංඝයා වහන්සේට ද පාත්ර සහ ආහාර ගැනීමේදී උවමනා කරන අනෙකුත් භාජන උපකරණ පූජා කිරීම නිසා ඊට අනුකූල වූ ආනිශංස දහයක් සසර උපදින උපදින ආත්මභාවයක් පාසා ම ලබයි.

Read More >>

පින්කම්වලින් ඉතිරි වන සුලු මුදල් වලින් පුන් පෝය දා දුන් බලු කපුටු දානය

යාලුවනේ අපි පහුගිය කාලෙ කල පින්කම් වලින් පුංචි පුංචි මුදල් ඉතිරි උනා. සමරහරි විට රැපියල දෙක, දහය පහලොව ඉතිරි උන මුදල් එහෙමම තැන්පත් කරල තිබ්බ. ඉතින් ඒවයින් වැඩක් ගන්න ඕනි නිසා මම අද ඒකට පුංචි මුදලක් එකතු කරල බලු කපුටු දානයක් දුන්න. අසරන අහිංසක බලු පැංචියො පැංකො වගේම පැටව් ගහන්න ඉන්න බලු අම්මල මේ දානෙන් බඩ පුරව ගත්ත. අයිතිකාරයෙක් නැති අයාලෙ හැදෙන දවසෙ වැඩි කොටසක් බඩගින්න ෙඉන්න බලු රංචුව අද බඩ පුරවගත්ත. බුදු බලේ සදහන්වෙන්නෙ තිරිසනෙකුට දෙන දානය ආත්ම සියයක් විපාක දෙන බවයි. ඉතින් ඔබ අප සියලු දෙනාම අද කරගත්තෙ මහගු පින්කමක්. ඒ පින අනුමොදන් වෙන්න. අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවම සැනසේවා.

Read More >>

චෛත්‍යරාජයන් වහන්සේ නමක් උදෙසා සදකඩ පහන්, මුරගල් හා කොරවක්ගල් නිර්මාණය වූ වගයි …

චෛත්‍යරාජයන් වහන්සේ නමක් උදෙසා සදකඩ පහන් කොරවග්ගල් නිර්මාණය කරන්න අපිට හැකි අනා. කුරුණෑගල නයිලියි ශ්‍රී නාගංගනාරාම විහාරස්ථානයටයි මේ පරිත්‍යාගය සිදු උනේ. මේ පින්කමට දායක උනේ දිල්ශාන් ප්‍රබෝධ මහතා සම්පත් ජයසුන්දර මහතා මංජුල සිල්වා මහතා ඉතින් පින්වත් යහලුවනේ චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම ‍ප්‍රමාණය කල නොහැකි කුසල කර්මයක්. මෙපමණයි කියල කියන්න බැහැ එහි ආනිසංශය. වැලිවලින් කුඩා චෛත්‍යයක් හදල දොඹමල් පූජ කරල අප්‍රමාන දිව්‍ය සම්පත් ලද කථාව ඔබ අහල ඇති. සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ චෛත්‍යට එක් රැයක් එක් පහනක් පුදා පහත සදහන් ආනිසංශ ලැබූ බව ථේරී අපදානයේ දැක්වේ.

Read More >>

ආර්ථික අපහසුතා ඇති විහාරස්ථානයකට රු. 15,000/= ක් වටිනා විදුලිය ලබාගැනීමට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කල වගයි.

මේ පින්කමට දායක උනේ මීට කලින් සිදුකල ආර්ථික අපහසුතා ඇති දරුවන්ට අවශ්‍ය උපකරණ ලබාදුන් අයමයි. මොකද ඒ වැඩ සටහනේ ඉතිරි මුදල් මේ වෙනුවෙන් යෙදෙව්ව. අජිත් මහතා සුමිත් මහතා නිම්මි නදී අක්කා ජනක සම්පත් මහතා මදුෂ රණතුංග මහතා මෙහි ඉතිරි මුදල වන රු. 17,550/- ආර්ථික අපහසුකම් ඇති විහාරස්ථානයකට විදුලි උපකරණ පරිත්‍යාග කරන්න යොමු කලා. යාලුවනේ විදුලි ආලෝක පූජාව පහන් පූජාවේ ආනිසංස වලට බොහෝ දුරට සමාන වෙනව. ඒ නිසා පහන් පූජාවේ ආනිසංස බලමු.

Read More >>