Skip to main content

රු. 10,500/= ක් වටිනා පිත්තල පාත්‍ර තුනක් ගෞතම බුදුසසුනට පූජාකල වගයි …

By All Posts

අපි තවත් ලොකු පින්කමක් සිදුකර ගත්ත. ඒ තමයි පිත්තලෙක් නිර්මානය කල පාත්‍රා තුනක් ගෞතම බුදුසසුනට පූජාකිරීම. පින්වත් සොයුරියක් ගූගල් වෙබ් අඩවිය තුල මෙහෙණි ආරාම පිලිබද  පිලිබද සොයමින් සිටියදී මා විසින් සිදුකල පින්කමක් නරඹා මට කථා කලා. ඒ අනුව එතුමිය යම් පින්කමකට සම්බන්ද වෙන්න අවශය බව පැවසුව. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ පාත්‍ර තුන පූජා කිරීම සිදු උනේ.

මේ පාත්‍ර තුන පූජා කලේ කුරුණෑගල බොයගනේ නයිලිය ශ්‍රී නාගංගනාරාම පුරාණ විහාරස්ථානයටයි. ඉතින් අපි පාත්‍ර පිදීමේ අනුසස් පොඩ්ඩක් හොයල බලමු.

ආහාර පාත්ර – භාජන පිදීමේ අනුසස් දහය

පත්තේ සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
දසානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම

බුදුරජාණන් වහන්සේට ද මහා සංඝයා වහන්සේට ද පාත්ර සහ ආහාර ගැනීමේදී උවමනා කරන අනෙකුත් භාජන උපකරණ පූජා කිරීම නිසා ඊට අනුකූල වූ ආනිශංස දහයක් සසර උපදින උපදින ආත්මභාවයක් පාසා ම ලබයි.
Read More

පින්කම්වලින් ඉතිරි වන සුලු මුදල් වලින් පුන් පෝය දා දුන් බලු කපුටු දානය

By All Posts

යාලුවනේ අපි පහුගිය කාලෙ කල පින්කම් වලින් පුංචි පුංචි මුදල් ඉතිරි උනා. සමරහරි විට රැපියල දෙක, දහය පහලොව ඉතිරි උන මුදල් එහෙමම තැන්පත් කරල තිබ්බ.  ඉතින් ඒවයින් වැඩක් ගන්න ඕනි නිසා මම අද ඒකට පුංචි මුදලක් එකතු කරල බලු කපුටු දානයක් දුන්න. අසරන අහිංසක බලු පැංචියො  පැංකො වගේම පැටව් ගහන්න ඉන්න බලු අම්මල මේ දානෙන් බඩ පුරව ගත්ත. අයිතිකාරයෙක් නැති අයාලෙ හැදෙන දවසෙ වැඩි කොටසක් බඩගින්න ෙඉන්න බලු රංචුව අද බඩ පුරවගත්ත. බුදු බලේ සදහන්වෙන්නෙ තිරිසනෙකුට දෙන දානය ආත්ම සියයක් විපාක දෙන බවයි. ඉතින් ඔබ අප සියලු දෙනාම අද කරගත්තෙ මහගු පින්කමක්. ඒ පින අනුමොදන් වෙන්න.

අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවම සැනසේවා.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල් …

චෛත්‍යරාජයන් වහන්සේ නමක් උදෙසා සදකඩ පහන්, මුරගල් හා කොරවක්ගල් නිර්මාණය වූ වගයි …

By All Posts

චෛත්‍යරාජයන් වහන්සේ නමක් උදෙසා සදකඩ පහන් කොරවග්ගල් නිර්මාණය කරන්න අපිට හැකි අනා. කුරුණෑගල නයිලියි ශ්‍රී නාගංගනාරාම විහාරස්ථානයටයි මේ පරිත්‍යාගය සිදු උනේ.

මේ පින්කමට දායක උනේ

දිල්ශාන් ප්‍රබෝධ මහතා
සම්පත් ජයසුන්දර මහතා
මංජුල සිල්වා මහතා

ඉතින් පින්වත් යහලුවනේ චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම ‍ප්‍රමාණය කල නොහැකි කුසල කර්මයක්. මෙපමණයි කියල කියන්න බැහැ එහි ආනිසංශය. වැලිවලින් කුඩා චෛත්‍යයක් හදල දොඹමල් පූජ කරල අප්‍රමාන දිව්‍ය සම්පත් ලද කථාව ඔබ අහල ඇති.

සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ චෛත්‍යට එක් රැයක් එක් පහනක් පුදා පහත සදහන් ආනිසංශ ලැබූ බව ථේරී අපදානයේ දැක්වේ,
Read More

ආර්ථික අපහසුතා ඇති විහාරස්ථානයකට රු. 15,000/= ක් වටිනා විදුලිය ලබාගැනීමට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කල වගයි.

By All Posts

මේ පින්කමට දායක උනේ මීට කලින් සිදුකල ආර්ථික අපහසුතා ඇති දරුවන්ට අවශ්‍ය උපකරණ ලබාදුන් අයමයි. මොකද ඒ වැඩ සටහනේ ඉතිරි මුදල් මේ වෙනුවෙන් යෙදෙව්ව.

අජිත් මහතා
සුමිත් මහතා
නිම්මි නදී අක්කා
ජනක සම්පත් මහතා
මදුෂ රණතුංග මහතා

මෙහි ඉතිරි මුදල වන රු. 17,550/- ආර්ථික අපහසුකම් ඇති විහාරස්ථානයකට විදුලි උපකරණ පරිත්‍යාග කරන්න යොමු කලා.
යාලුවනේ විදුලි ආලෝක පූජාව පහන් පූජාවේ ආනිසංස වලට බොහෝ දුරට සමාන වෙනව. ඒ නිසා පහන් පූජාවේ ආනිසංස බලමු.
Read More

ආර්ථික දුෂ්කරතා ඇති විහාරස්ථාන නගාසිටුවීමට රු. 20,000/= මුදලක් ගලිගමුවේ ඥානදීප හිමියන් වෙත පූජා කල වගයි …

By All Posts

2014 ජූනි විසිවෙනිදින පැවැත්වූ ගලිගමුවේඥානදීප හිමියන්ගේ ධර්ම දේශනය අවස්ථාවේදී රු. 20,000/= ක මුදලක් උන්වහන්සේ වෙත ප්‍රදානයකිරීම සිදු උනා. උන් වහන්සේ විසින් ක්‍රියාත්මක කරන ආර්ථික අපහසුකම් ඇතිවිහාරස්ථාන නගා සිටුවීමේ අරමුණින් දියත්කරන වැඩසටහනට ශක්තියක් වීමටයි මේ මුදල ප්‍රදානයසිදු උනේ.

ඉතින් මේ මුදල පූජා කිරීම සිදු උනේබහරේන්වල සේවයේ නියුතු මංජුලා මහත්මියගේ දායකත්වයෙන්. පින්වත් සොහොරුරිය විසින්සිදුකල මේ පින්කම ඉතාම පින්වත් විපාක ලැබෙ පිල්කමක්. විශේෂයෙන්ම විහාරස්ථානයක් ප්‍රතිසංස්කරනයටදායක වීම ඉතාම පින්වත් ක්‍රියාවක්. කල්ප ලක්ෂ ගණන් විපාක ලැබෙ පින්කමක්. අනිත්අතින් මේ සදා පින්වැඩෙන පින්කම්. ඒ කියන්නෙ අපි මිය ගිය දවසක පවා නිතර පින්රැස්වෙන පින්කම්. ඊලගට අට මහා කුසල් වලට පවා අයත් වන මහා බලගතු පින්කමක්. අපි සිදුකල ආනන්තරිය පාපකර්ම හැර අන් සියලු අකුසල් යටපත් කරන්න මේ පින්කමට පුලුවන්.
Read More