Skip to main content

රු. 55,200/= ක් වටිනා පාවහන් පාසැල් දූ දරුවන්ට බෙදාදුන් වගයි.

By All Posts

පින්වත් යහලුවනේ අපි විහාරස්ථාන වලට වගේම ආර්ථික අපහසුකම් ඇති පාසැල් දරුවන්ටත් හැකි අයුරින් උදව් උපකාර කරනව. අද අපි එවන් මහ පින්කමක් කලා. කුරුණෑගල පොතුහැර ගම්මන ප්‍රාථමික විද්‍යාලයේ ආර්ථික අපහසුකම් ඇති දුවා දරුවන්ට රු. 55,200/= ක් වටිනා පාවහන් ප්‍රදානය කලා.

 මේ සදහා කොළඹ ප්‍රදේශයේ පින්වත් මහත්මයෙකු රු 55200/- ක් පරිත්‍යාග කලා .

ඉතින් පින්වත් යහලුවනේ මේ සිදුකලේ බුද්ධ පූජාවක්. බුදුහාමුදුරුවො තමයි දානයේ ආනිසංශ අපිට කියල දුන්නෙ. ඉතින් ඒ බුද්ධ වචනයට ගරුකරමින් තමයි අපි මේ පූජාව සිදුකලේ. ඉතින් මේ පින්කම සිදුකරන්නට මූල්‍ය දායකත්වය ලබාදුන් ඔබවන් පින්වත් දරුවන් බිහිකල ඒ උතුම් දෙමාපියන්ට මේ පින් ලැබී දීර්ඝායුස ලැබේවා. ඔවුන් මිය පරලොව ගිහින් ඇත්නම් මේ පින් බලෙන් සැපතින් සැපතටම පත්වේවා. අත්වැරදීමකින් වත් යම් කිසි අභව්‍ය ස්ථානයක සිටීනම් ඉන් මිදී සුගතාගාමි වේව‍ා. ඔබේ දරුවන්ටද සොයුරු සොයුරියන්ටද ඥාතීන්ටත් ඉතා හොදින් අධපාන කටයුතු කරගෙන යාමට මේ පින් හේතුවාසනා වේවා. මේ පින්කමට දායක වූ ඔබටත් මතක ශක්තිය, ධාරණ ශක්තිය, වර්ධනය වී ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. උපන් හැම භවයකම ඉහලම බුද්ධි මට්ටම්වල වැජඹෙමින් සියලු ඉගෙනීම් කටයතු ඉහලින්ම සාර්ථක කරගන්නට හැකියාව ලැබේවා. කෙළවර මෙපින් බෙලෙන් චතරාර්ය සත්‍යය අවබෝධය තුලින් පතන බෝධියෙන් උතුම් නිවන් මග අවබෝධයට හේතුවාසනා වේවා …

 

රු. 55,200/= ක් වටිනා පාවහන් ලබාදීම

රු. 55,200/= ක් වටිනා පාවහන් ලබාදීම

පින්වත් මිතුරන් දෙදෙනෙකුගේ ධන පරිත්‍යාගයෙන් ආර්ථික අපහසුකම් ඇති පාසැලක දරුවන්ට නිල ඇදුම් සහ පාසැල් උපකරණ ලබාදුන් වගයි. …

By All Posts

කුරුණෑගල පොතුහැර ගම්මන ප්‍රාාථමික විද්‍යාලයේ දූ දරුවන් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධාපන කටයුතු සිදුකරන බව අපිට දැනගන්නට ලැබුන. ඒ නිසා ඒ දරුවන් වෙනුවෙන් යම්කිසි පරිත්‍යාගයක් සිදු කරන්නට අපේ සිත්වල ඇති උක බලාපොරොත්තුවක් කමයි මේ අයුරින් මුදුක් පැමිනුනේ.

මේ වෙනුවෙන් ධන පරිත්‍යාගයන් සිදුකලේ ඩුබායි වල සේවයේ නියුතු සදත් නාකන්දල අයියාත් ප්‍රංශයේ සේවයේ නියුතු ඉෂාර ප්‍රනාන්දු පින්වත් අය්යාත් යන දෙදෙනායි. විශේෂයෙන්ම අපේ සදත් අයියගෙ උපන්දිනය මේ මාසෙ ( සැප්තැම්බර්) 30 දිකට යෙදීම නිසා අයියට දීර්ඝායුෂ පතා අයිය මේ පින්කමට දායක උනේ.

මේ වෙනුවෙන්

සදත් නාකල්දල අයිය රු. 30,000.00
ඉෂාර ප්‍රනාන්දු අයිය රු. 8500.00

පින්කමට අදල සියලු ඡායාරූප පහලින් දක්වල තියෙනව.

ඉතින් මේ වෙනුවෙන් දායක වූ සදත් අයියාටත්, ඉෂාර අයියාටත් මේ වෙනුවෙන් අප්‍රමාණවත් පින් අනුමෝදන් වෙනව.   උදව් කල ඔබ සියලු දෙනාටම මේ පින්කමේ අප්‍රමාන ආනිසංශ බලයෙන් යහපතම උදාවේවා…
ඔබ වන් පින්වත් දූ පුතුන් සැදු පින්වත් දෙමාපියන්ට දීර්ගායුෂ වේවා. ඔවුන් මියගොස් ඇත්නම් ඒ ඇත්තන්ට මේ පිංකමේ බලෙන් අනන්තවත් දිව්‍ය සලු, දිව්‍ය ආභරණ, දිව්‍ය ආහාර ලැබේවා … ඔබේද   දූ දරුවන්ගේද සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා … සියලු විභාග කඩඉම් ජයගන්නට මේ කුසලය හේතු වාසනා වේවා …
‍ඔබටත් නිවන් දක්නා ජාති දක්වාම මූලක අවශයතාවයන් වලවත් අඩුපාඩු නොවේවා … සියලු සැප සම්පත් පහල වේවා … ඔබ කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථක වේවා. වි‍ෙශ්ෂයෙන්ම මේ මස 2014 සැප්තුම්බර් 30 වැනි දින උපන්දිනය සමරන සදත් නාකන්දල අයියාට දීර්ඝායුස ‍ලැබේවා. තවත් වැඩි වැඩියෙන් මෙවන් පින්කම් සිදුකරන්නට ශක්තිය ධර්යය ලැබේවා. දයාබර ඊෂාර අයියාටත් ඒ අයුරින්ම දීර්ඝායුෂම ලැබේවා.

බුදුන් වදාල මගයමින් අප්‍රමාන පින්කම් කරන ඔබ සියලු දෙනාටම පතන බෝධියෙන් අජරාමර සංඛ්‍යාත අමා මහ නිර්වාණ සුවයම ලැබේවා …

පාසැලක දරුවන්ට නිල ඇදුම් ලබාදීම

පාසැලක දරුවන්ට නිල ඇදුම් ලබාදීම – ගම්මන

පින්වත් කළණ මිතුරෙකුගේ දායකත්වයෙන් ගෞතම බුදුසසුන තුල ආලෝක පූජාවක් සිදුකල වගයි.

By All Posts

2014 සැප්තැම්බර් 08 බිනර පුන් පෝ දින අපි තවත් පින්කමක් සිදුකර ගත්ත. ඒ විදුලි පහන් ආලෝක කණුවක් සම්බුදු සසුන වෙත පූජා කිරීමයි මේ වෙනුවෙන් අපිට පූර්ණ දායකත්වය ලබාදුන්නේ උදමින ජයතිලක නම් පින්වත් අපේ මිතුරෙක්. මේ වෙනුවෙන් රු 23,000/= කට ආසන්න මුදලක් වැය උනා. ස්ථානය හරියටම කියනවනම් මීවලතැන්නේ සෝමාලංකාර පිරිවෙක් විහාරස්ථානය, බෝගමුව, බෝයගනේ, කුරුණෑගල. ඉතින් පින්වත් උදමින සහෝදරය විසින් ඉතාම ශ්‍රද්ධාවෙන් මේ කටයුත්තට දායක උනා. මේ පින්කම හදුන්වන්නේ ආලෝක පූජාවක් විදිහටයි. ඒනිසා පහන් ආලෝක පූජාව උනත්, විදුලි ආලෝක පූජාව උනත් මහත්ඵල මහානිසංස ‍ලබාදෙන පූජාවක්.

මේ සදහා ගිය වියදම් හා මීට අදාල බිල්පත් ඇතුලු සියලු ඡායාරූප පහත දක්වල තියෙනව.

පහන් පූජාවේ අනුසස්,
“දීපදෝ හෝති චක්ඛුදෝ” යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින් කමකි. සෑම පිනකින්ම දෙවිමිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම් වලින් විශේෂයෙන් ලැබෙන අනුසස්ද

ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමකි.

පහන් ( ආලෝක) පූජාවේ අනුසස් –
ප්‍රඥාව ලැබීමට හේතු වීම
හො‍ද ඇස් ලැබීමට හේතු වීම
දිවැස් ලැබීමට හේතු වීම
පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම
ඍධිමය හැකියා පහළ වීම
ධ්‍යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම
ඇස් රෝග නොවැලදීම
දිබ්බ චක්කු,දිබ්බ සෝත,පරචිත්ත විජානන,පුබ්බේ නිවාසානුස්සති ඥානයන් ලැබීමට හේතු වීම

ශිල්ප ශාස්ත්‍ර වහා අවබෝධ වීම අප බුදු සස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන්පත් වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේ දී ධනවත් මනුෂයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහාසංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍රද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහාසංඝයා වහන්සේ වෙත එළඹ දිවැස් ලැබීමට කළයුත්තේ කිමදැයි ඇසීය. “උපාසකය! එය සදහා ප්‍රදීපදානය දෙන්නට වටනේය”යි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැයි ගිවිස පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ධතු පිහිටවා කළ සත්යොදුන් ස්වර්ණ චෛතයය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන්ගස් දහසක් කරවීය. ඒවා ළගට කුඩා වූ ද ඒවා ළගට තවත් කුඩා වූද දහස් ගනන් පහන්ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කෙලේය.

ඉන් කල්ප ලක්ෂයකට පසු නැවතද හෙතෙමේ කාශයප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපිද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින්ද තබා දල්වා හිසමත තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශයප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛතයය වටා තබා විශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛතය වටා සර්වරාත්‍රීයෙහිම ඇවිදිමින් මහා පහන් පූජාවක් කලේය.
එම පින්කම් වල ප්‍රතිඵලය ලෙස අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ අප බුදු සස්නෙහි දිවැස් ලාභීන් අතර අගතැන්පත් තනතුර ලදහ.

(උපුටාගැනීම :- පුණෙයෝපදේශය පුස්තකය / රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන් වහන්සෙගේ)

ඉතින් ඒ හා සමාන මහ පින්කමක් අද ජනක මහත්මයා විසින් සිදු කරගත්තෙ. ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව එතුමා විසින් මේ කටයුත්තට දායක උනේ. මේ පින්කමේ බලය මෙතකැයි කියන්න බැරි තරම්. බොහෝමයක් පින්කම්වල පලවිපාත ලැබෙන්නෙ පහුවෙලා. ඒක හරියටම කියනවනම් දෙවූ මී පැණි මිදෙන්න වෙලාව ගතවෙනව වගේ පසුව පල විපාක ලැබෙන පින්කම්. උදාමරණයක් කිව්වොත් අපි චෛත්‍යයක් හුණු ආලේප කලොත් ඒ චෛත්‍යය දිහා බලල බොහේ අය සිත පහදගන්නව. ඒ අයට සිත පහදවා ගැනීමේ පිනට ප්‍රතිවිපාක ලැබෙන්නෙ පසුව.හැබැයි උදමිණ අපේ පිංවත් සොහොයුරා අද සිදුකලේ එවලෙම විපාක ලැබෙන පින්කමක්. මොකද මේ විහාරස්ථානය පිහිටල තියෙන්නෙ කැලයක් අසල. ඒ ප්‍රදේශය ගොඩක් අදුරු වෙලයි තිබුනෙ. ඉතින් පහන් කණුව සවිකල නිසා දැන් ඒ ප්‍රදේශයම ඉතාම ආලෝකමත් වෙලා. බලන්න ලස්සනයි. හරියටම කියනවනම් පුන්සද පෑව්ව වගේ.

ඉතින් පින්වත් යාලුවේ, ඔබ සිදුකල මේ මහානර්ඝ පින්කමේ බලයෙන් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවා. එබ සිදුකලේ පුංචි පින්කමක් නෙවෙයි. අතීත, වර්තමාන, අනාගත සංඝයා විෂයෙහි සිදුකල මහා බලසම්පන්න ආලෝක පූජාවක්. පහනකින් ආලෝකය ලැබෙන්නෙ කුඩා පුදේශයකට. ඔබ කල පරිත්‍යාගයෙන් විහාරස්ථාන භූමියේ අතිවිශාල වපසරියක් ආලෝකමත් වෙලා. හරිම ප්‍රිය ජනක ආලෝකයක්. ඉතින් එක් පහනකින් කල්ප සිය ගණනක් ආනිසංස ලැබෙනවනම් මෙවන් මහ පින්කමක ආනිසංස නොපමණ වේවිද? කෙසේනමුත් මෙවන් පින්කමක් සිදුකල ඔබවන් පුතෙකු බිහිකල රත්තරන් දෙමාපියන්ට මේ පින් හිමිවේවා. ඔවුන්ගේ ජීවිත සැපවත් වේවා. නිදුක් නිරෝගී ජීවිත හිමිවේවා. ජරා, ව්‍යාදි, මරණ යන දේවල් කාටත් පොදු උවත් ඉන් ලැබෙන අපහසුව දුරුවී සුවදායක ජීවිතයක් උදාවේවා. …
ඔබේ සමීපතමයන්ටද මේ පින් හිමිවී දිවිගමන යහපත් වේවා …
දෙවි බඹුන් පවා සාදුනාද දෙන මෙවන් මහ පින්කම් සිදුකල ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. සියලු රැකියා කටයුතු අතිශයින් සාර්ථක වේවා. සියලු අනතුරු, කරදර, දුක් කම්කටොලු අරුණ දුටු ගනදුර මෙන්, හිරු දුටු පිණිමෙන් විද්වංසනය වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් මල් මෙන් සුපිපේවා. නිවන් දක්නා ජාති දක්වා අසවල් දේ අඩුයැයි කිව නොහැකි තරමින් ඔබේ ජීවිතය පරිපූර්ණ වේවා. චෛත්‍යරාජයාණන් වහන්සේ ආරක්ෂා කනිරීමේ පිනෙන් සතරවරම් දෙවියන්ගේ ආරක්ෂාව නිවන්දක්නා ජාති දක්වාම ඔබට හිමිවේවා. සිදුකල ආලෝක පූජාවේ බලයෙන් උපන් උපක් ආත්මභායන්හිදී හිරුමෙන් මහා රශ්මියක් විහිදුවන අභිමානවත් බව ලැබේවා. තරු අඅතරට වන් සූර්ය රාජයෙක් සේ ඔබ අන් අය අතර බැබලේවා. ඒ විතරක් නෙවෙයි. ඔබ ලබාදුන් ආලෝකයෙන් අන් අයට අදුරෙහිදී ඇති බාධා දුරු උනා වගේ ඔබගේද සියලු බාධාවෝ දුරු වේවා. සර්ප ආදී සතුන්ගෙන් අන් අයට ලබාදුන් ආරක්ෂාව තුලින් ඔබටත් සතරවරම් දෙවි රැකවරණය නිවන් දක්නා ජාති දක්වාම ලැබේවා. අවසනදී පතන බෝධියෙන් අජරාමර සංඛ්‍යාත අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතු වාසනා වේවා …

‍අනන්ත බුදුගුණ බෙලෙන් තුන් ලොවම සැනසේවා …

ආලෝක පූජාව

ආලෝක පූජාව

 

බිනර පුන් පෝදා චෛත්‍යරාජයන් වහන්සේ නමක් වෙත රු. 40,000/- වියදමින සුදුයකඩ ආරක්ෂිත ගේට්ටු දෙකක් ගෞතම බුදු සසුන වෙනුවෙන් පූජාකල වගයි …

By All Posts

මේ චෛත්‍යරා‍යන් වහන්සේට පිවිසුම් දොරටු දෙකයි තියෙන්නෙ. මේ මලුව සුනක ආදී සතුන් නිසා නිතර අපවිත්‍ර වෙනව. ඒ නිසා මේ දොරටයු දෙකට සුදුයකඩෙන් ගේට්ටු දෙකක් දාන්න අවශ්‍යය වෙලා තිබුන. දොරටු දෙකටම අවහ්‍ය ගේටු පලු හතර සදහා වියදම රු. 40,000/= ට ආසන්න වනබව අපිට පෙනී ගියා. ඉතින් මේ වෙනුවෙන් දායකත්වය ලබාදෙන්න පින්වත් යාලුවෙක් ඉදිරිපත් උනා. ඒ පනාගොඩ ජනක මහතායි. එතුමා විසින් ඉමහත් ශ්‍රද්ධා සිතින් යුතුව මේ ගේට්ටු දෙක නිර්මාණය කරන්න බාරගත්ත. අද බිනර පුන් පෝදා මේ ගේට්ටු දෙ ගෞතම බුදු සසුනට පූජා කෙරුන.

මේ සදහා ගිය සියලු වියදම් වාර්ථාව ථ බිල් හා අනිකුත් ඡායාරූප පහත දක්වා තියෙනව.

චෛත්‍යරාජයන් වහන්සේ නමක් ප්‍රතිසංස්කරණයට දායක වීම මහා පුණ්‍යකර්මයක්.
සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ චෛත්‍යට එක් රැයක් එක් පහනක් පුදා පහත සදහන් ආනිසංශ ලැබූ බව ථේරී අපදානයේ දැක්වෙනව., Read More

වැසිකිලියක් ඉදිකිරීමට රු. 20,000/- ක් පරිත්‍යාග කල වගයි …

By All Posts

ඉතින් පින්වත් යාලුවනේ අටමහා කුසල් වලින් එකකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් මටත් ලැබුන. සම්පූර්න නම හෙලි කිරීමට අකමැති වූ සුමිත් කියල විතරක් හදුන්වන්න අවස්ථාව දීපු පින්වත් කලණ මිතුරෙක් තමයි මේ වෙනුවෙන් දායක උනේ. මීට කලින් අවස්ථාවකත් පින්කම් වලට දායක වූ මේ මිත්‍රය අද පිරිවෙන් විහාරස්ථානයක වැසිකිලියක් සාදවා පූජා කරන්න දායක උනා. ඉහත රෑපයෙන් දැක්වෙන්නේ රු. 20,000/- මුදල මා විසින් ස්වාමීන් වහන්සේට පූජා කරන අවස්ථාව. ‍ ඔබ මේ වෙනකොට දන්නව අපි පිරිවෙන් විහාරස්ථානයක ලිදක් කපමින් සිටින බව. ඒ විහාරස්ථානයේ අඩුපාඩු කම් ඇති වැසිකිලි පද්ධතිය වෙනුවෙන් දායක වන අවස්ථාවක් තමයි මේ.
හොදයි අපි බලමු වැසිකිලි කැසිකිලි පූජාව මොනතරම් ආනිසංස දායකද කියල.

කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමං බුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං ඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි ච කරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ” මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.
1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්රණය කරදීම බෙදා හැරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.
යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ.
වැසිකිළි කරවීම
Read More