Skip to main content
Category

Uncategorized

ගව අභය දානමය පින්කම අංක 01

By Uncategorized

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පින්වත් චානක ශ්‍රී නුවන් සහ පින්වත් පුමුදු පෙරේරා යන මහත්වරුන්ගේ මූල්‍ය පරිත්‍යාගයෙන් නිදහස් කරගත් කිරි අම්මා සහ කෙලි පැංචී බාරකරුවන්ට ලබාදෙන්නට පසුගිය ඇසළ පොහොය දින පරිත්‍යාග කලා.

චානක ශ්‍රී නුවන් මහතා රු 10,000.00
පුමුදු පෙරේරා මහතා     රු  2000.00
————————————
එකතුව                        රු 12,000.00

වැස්සිය කලින් මරණයෙන් නිදහස් කර ඇති නිසා ඇයි නොමිලේම මා හට ලැබුන අතර පැංචියට රු 10,000/-ක් ලබාදී බේරා ගනු ලැබුවා.

ගවයන් සදහා රු 10,000.00
ප්‍රවාහනය කිරීම රු 1,500.00
—————————–
මුලු වියදම රු 11,500.00

ඉතිරි මුදල් වන රු 500/- දෙවන පින්කමට යොමු කලා …

මේ පින්කම සිදුකල  පින්වත් චානක ශ්‍රී නුවන් සහ පින්වත් පුමුදු පෙරේරා යන මහත්වරුන්ටත් මේ වෙනුවෙන් දායක වූ සියලු දෙනාටම මේ පින් හිමි වේවා.
මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්මකායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්ය දෙයක් උවත් ඒ සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

ජයශ්රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්යරාජයෙක් වේද මෛත්රී නම් වූ ඒ දිව්යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා. පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

සියලු චායාරූප නරඹන්න …

ගව අභය දානමය පින්කම අංක 01

ගව අභය දානමය පින්කම හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරද්ථානය …

වීඩියෝව නරඹන්න

 

 

දෙවන වරටත් පැවැත් වූ ස්වර්ණමාලී මහා කප්රුක් පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පින්වත් යාලුවනේ දෙවන වරටත් අපි ස්වර්ණමාලී මහසෑ කප්රුක් පූජාව පවත්වනු ලැබුවා. මේ පින්කමට පූර්ණ දායකත්වය ලබාදුනනෙ පහත සදහන් පින්වත් මිතුරු මිතුරියන් විසින්.

ජනක නුවන් තුෂාර මහතා රු 24,000.00
ධනුෂ්ක ජයසේකර මහතා රු 20,000.00
ශිරන්ත ඉලංගරත්න මහතා රු 15,000.00
කසන් අබේදීර මහතා රු 10,790.00
අරුණා කෝන්ගහේ මහත්මිය රු 10,000.00
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 10,000.00
සේපාලිකා සොයුරිය රු 10,000.00
නම් සදහන් නොකල රු 10,000
පුබුදුනි සොයුරිය රු 8,000.00
කපිල විමලරත්න මහතා රු 7431.00
ප්‍රියදර්ශිනී ප්‍රනාන්දු සොයුරිය රු7168.04
දීප්තිකා ධර්මපාල සොයුරිය රු 6,000.00
රුවන් එස්. ජයසිංහ මහතා රු 6000.00
රීටා දැකුම්පිටිය මාතාව රු 5223.82
ගයාන් ගුණතිලක මහතා රු 5000.00
ක්‍රිශාන්ත සමරවීර මහතා රු 5000.00
සුමත් නන්දන මහතා රු 5000.00
ශෙහානි බොතේජු ‍සොයුරිය රු 4000.00
රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා රු 3000.00
එච්. පත්මන්ත මහතා රු 3000.00
ශාමීන් බණ්ඩාර මහතා රු 3000.00
ඉසුරු කරුණාරත්න මහතා රු 3000.00
ලයනල් ගුණතිලක මහතා රු 2,500.00
පුමුදු පෙරේරා මහතා රු 2500.00
පුලනි වෑවලගේ සොයුරිය රු 2000.00
රුවන් ධනුෂ්ක මහතා රු 2000.00
හිරන්ත මදුසංක මහතා රු 2000.00
යසිත බෝගමුව මහතා රු 2000.00
නදීශා රණවක සොයුරිය රු 2,000.00
හිරන්ත මදුසංක මහතා රු 1600.00
තරිදු සේනාධීර මහතා රු 1000.00
දිනේශාන් උදය කුමාර මහතා රු 1000.00
චතුරි විසුම්පෙරුම සොයුරිය රු 1000.00
ඉෂාන් උදය මහතා රු 1000.00
තිළින විජේවර්ධන මහතා රු 1000.00
දිනූෂා බණ්ඩාර සොයුරිය රු 1000.00
ප්‍රියන්කා සොයුරිය රු 775.00
හර්ෂිනි ප්‍රනාන්දු මෙනෙවිය රු 600.00
චන්දන මදුරංග මහතා රු 500.00
විජිතා වීරසිංහ මාතාව රු 500.00
—————————————–
මුලු එකතුව රු 205497.86

වියදම්

කප්රුක් 05ක් සදහා වියදම රු 53,400.00
බස් දෙකක් පොතුහැර සිට අනුරාධපුරය දක්වා වියදම රු 34,000.00
කප්රුක් සහ 10 වැනි දින සවිකල සූර්ය බල උපකරණ ආදී සියල්ල ප්‍රවාහනය වියදම රු 5360.00
අටපිරිකර 15 සදහා වියදම රු 30,000.00
අනුශාසනා කල ස්වාමීන් වහන්සේට පිරිකර රු 2000.00
බැනරය සදහා රු 720.00
පැමිණි සෑම දෙනාටම උදෑසන ආහාර සහ තේ වියදම් රු 11217.50

——————————————–
මුලු එකතුව රු 136697.50

ඉතිරි මුදල රු 205497.86 – රු 136697.50 = රු 68,800.37

ඒ සියලු වියදම් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ හිමියන් අබියස පැවැත්වෙන පූජාවක් වෙනුවෙන් යොමු කරන අතර පසුගිය පින්කම් පිලිබද විගණන කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතී. ඒ සියලු වාර්තා ඉක්මනින් එවන්නම්.

හොදයි. මේ පින්කමේ අනුසස් මොනවාද ?

සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඉදිකර ඇති චෛත්‍යයන් වන්දනා කිරීමේ දී, සැදැහැවත් බෞද්ධ ජනකාය අතීත යුගයේ සිට ම නොයෙක් පුද පූජා පිළිවෙත් අනුගමනය කරමින් බුදුරජාණන් වහන්සේට තම අපමණ සැදැහැ බැති පෙම පළ කළ අයුරු වර්තමානයේ සිදුකරනු ලබන පුද පූජාවලින් ද වටහාගත හැකි ය. සෑ මළුවේ සිවු කොණේ පිහිටුවා ඇති වාහල්කඩ හා බුදු කුටිවල ද පුදසුන් මත ද මල් පහන් හා සුවඳ දුමින් පුද පූජා පවත්වන අයුරු දිනපතා දැක්ක හැකි ය. සෑ මළුවේ සිදුකරනු ලබන මෙම පුද පූජාවලට අමතරව ස්තූපයේ පේසාවළලූ වටා මෙන් ම ස්තූප ගර්භය වටා ද, විවිධ පුෂ්පමාලා දාම, විදුලි බුබුළු, සැරසිලි මෙන් ම කාෂාය වස්ත‍්‍ර හා ෂඞ්වර්ණ රෙදි පිළි (බෞද්ධ කොඩි) පලඳවා, වන්දනාමාන කිරීම වර්තමානයේ බෙහෙවින් දක්නට ලැබේ. චෛත්‍යයේ ගර්භය වටා කාෂාය සිවුරක් හෝ ෂඞ් වර්ණ කොඩි ඇතුළත් පලඳනාවක් හෝ යොදා වන්දනාමාන කිරීම නූතන යුගයේ ඇතැම් දෙනා හඳුන්වන්නේ ‘කප්රුක් පූජාව’ වශයෙනි. අනුරාධපුරයේ මහා ථූපය කරවූ ගැමුණු රජතුමාට තම ජීවිතයේ අවසාන කාලය ළංවන විට එය නිම කළ හැකිවූයේ සතරැස් කොටුව දක්වා පමණි. මිය යෑමට පළමු මහා සෑය නිමවා සම්පූර්ණ වූ විට පෙනෙන ආකාරය දැක ගැනීමේ බලවත් ආශාවක් රජතුමා තුළ ඇති විය. රජුගේ මල් සද්ධාතිස්ස කුමරු රජුගේ අභිලාෂය මුදුන්පත් කරනු සඳහා කටයුතු යෙදූ අයුරු මහාවංශය සඳහන් කරන්නේ මෙසේ ය; ‘මෙකුමරු සන්නාලින් ලවා සුදු පිළියෙන් සැට්ටයක් (කඤ්චුකයක්) කරවා එයින් සෑය වැස්වී ය. සිත්තරුන් ලවා ඊ මත වේදිකාවක් (ගරාදිවැට) ද පුන්කලස් පන්තීන් හා පංචාංගුලික පන්තීන් ද සිත්තම් කරවී ය. වඩුවන් ලවා හුණු දඬුමුවා ඡත‍්‍රය ද මුද්ධ වේදිකාවෙහි කරපත්මුවා හිර සඳ ද කරවී ය. මෙසේ කළ සෑය ලාකඩින් හා කංකුට්ඨක නම් දැයින් සිත්තම් කරවා සෑයෙහි කටයුතු කිස නිමියේ ය යි රජුට දැන්වී ය.’ (ශ්‍රී ලංකාවේ ස්තූපය, පරණවිතාන – 26 පිටුව) එය වූ කලී චෛත්‍යයක් වටා කඤ්චුකයක් ( නොහොත් කප්රුකක්) යෙදූ පළමුවැනි අවස්ථාව වෙයි. පසු කලෙක භාතිය රජු විසින් ද මහා ථූපය වටා කඤ්චුකයක් පලඳවා පුද පූජා පෙරහැර පැවැත්වූ බවට වංශ කතා ඇතුළු බෞද්ධ සාහිත්‍ය ග‍්‍රන්ථ සාක්ෂි දරයි. කණ්ඨක සෑයේ පේසා වළලූ වටා ගඩොලින් කඤ්චුකයක් ඉදි කොට ස්තූපය ශක්තිමත් කළ බවත්, අනතුරුව තවත් රජෙකු විසින් ශෛලමය කඤ්චුකයක් යොදා එය විශාල කොට තහවුරු කළ ආකාරය ද පුරාවිද්‍යා ගවේෂණයන්ගෙන් හෙළි කරගෙන ඇත. මහා දාඨික මහානාග රජතුමා මහා ථූපයේ වෘත්තාකාර මාලකය වටා ශෛලමය පුෂ්ප දානයක් කළ බව වංසත්තප්පකාසිනියෙහි දැක්වෙයි. එය පද්මයක් විකසිත වන්නාක් මෙන් නිර්මිත වූ බව ‘පදුම විකසිත කිඤ්චික්ඛ පාසාණෙ’ යන යෙදුමෙන් හෙළි වෙයි. අතීත යුගයේ සිට ම රාජකීය ප‍්‍රභූන් ඇතැම් සැදැහැවත් ජනතාව විසින් මහ පෙරහැර පවත්වා චෛත්‍යයන් පැදකුණු කොට දාගැබ වටා පලඳවන ලද කඤ්චුකයන්, දේවතා රූප, පද්ම – හංස – හස්ති හා මල්කම් මෝස්තරවලින් යුතුව පැවති බව ඒ පිළිබඳව දැක්වෙන වර්ණනාවලින් හෙළි වෙයි. ස්තූපයේ පේසාවළලූ දිගේ ද ගර්භය වටා ද පුණ්‍ය සංකේත ඇතුළත් කඤ්චුකයන් පැලඳවීමේ සිරිත නූතන යුගය දක්වා ම විකාශනය වෙමින් පවතී. චෛත්‍ය වන්දනාව සඳහා යොදා ගනු ලැබූ එකී පලඳනාව විවිධ නම්වලින් කලින් කල හඳුන්වා තිබිණ. ‘ආයාග පට’ නම් කඤ්චුක පලඳනාවක් කළ චෛත්‍ය පූජාවක් ගැන අපදානපාළි ධර්ම ග‍්‍රන්ථ පාඨයකින් අනාවරණය වෙයි. ‘භට්ඨො භට්ඨෙන චිත්තෙන අවන්දිං ථූපමුත්තමං වඞ්ඪකෙහි කථා පෙත්වා මූලං දන්වාන’හං තදා භට්ඨො භට්ඨෙන චිත්තෙන ආයාගං කාරපෙය්යහං දුග්ගතිං නාභි ජානාමි ආයාගස්සං ඉදං ඵලං’ ‘තුටු පහටු සිතින් යුතුව බුදුරජාණන් වහන්සේගේ උත්තම ස්තූපය වන්දනා කළෙමි. නිර්මාණ ශිල්පීන්ගෙන් (වඞ්ඪකෙන) උපදෙස් ගෙන වියදම් පිරිමසා ආයාගයක් කරවා ලීමි. එම ආයාගය හේතු කොට ගෙන මම අගතියක ඉපදීමක් ගැන නො දනිමි. මේ වූ කලී එම ආයාගය පැලඳවීමේ ප‍්‍රතිඵලයයි’ එකී උදානය පහළ කරන ලද්දේ මේ මහා භද්‍ර කල්පයෙහි ආයාගයක් (කඤ්චුකයක්) දානය කිරීමෙන් රහත් ඵල ලැබීමට හේතු වාසනා ලද එක්තරා තෙරනමක විසිනි. ලංකාවේ පැරණි සෙල්ලිපිවල ‘අයක’ නමින් හැඳින්වුණ මෙම චෛත්‍ය සැරසිල්ල පැරණි ඉන්දියාවේ ඇතැම් ස්තූපයන්හි ද යොදා තිබුණේ යයි, පුරාවිද්‍යා සාක්ෂි පරීක්ෂා කිරීමෙන් පසුව මහාචාර්ය පරණවිතානයෝ පෙන්වා දුන්හ. ( උපුටාගන්නා ලදි.)

කප්රැක සහ කංචුකය යන වචනය පිලිබද නොයෙක් ගැටලු පැවතින බවද සිහිපත් ක යුතුය.

ඉතින් මේ පින්කම වෙනුවෙන් වෙහෙස මහන්සි වූ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි වන්ත වෙනව.

මේ පින්කමේදි පින් අනුමෝදනය කිරීමට පෙර විශේෂ කාරණා දෙකක් සිහිපත් කරන්න තියෙනව.

ඒ තමයි  ජනක නුවන් තුෂාර මහතා මේ පින්කමට දායකත්වය ලබාදුන්නෙ විශේෂ අරමුණක් ඇතිව. ඒ පිලිකා රෝගයෙන් පීඩා විදින දයාබර මවට ඉක්මන් සුවය පතාගෙන. ඒත් දයාබර අම්ම අපිට වඩා ඉක්මන් උනා.  දයාබර අම්මට මේ පින නිදුක් නිරෝගී වේවා කියලයි අපි පතන්න හිටියෙ. ඒත් අද පතන්න වෙන්නෙ දයාබර අම්මට කිසිදු කලේක මෙවන් අකල් මරණයක‍ට ගොදුරු නොවී නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලයි.

ඒ වගේම දීප්තිකා ධර්මපාල සොයුරියගේ දයාබර පියා හදිස්සියේම වියෝ උනා. දයාබර තාත්තටත් නිවන් සුව පිණිසම මේ පින හේතුවාසනා වේවා කියල විශේෂයෙන් සිහිපත් කරන්න ඕනි.

ඉතින් පින්වත් යාලුවනේ. මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා. පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

මම එරන්ද ලක්මාල්ද සිල්වා …

සියලු චායාරූප නරඹන්න

ස්වර්ණමාලී මහා කප්රුක් පූජාව ...

දෙවන වරටත් පැවැත් වූ ස්වර්ණමාලී මහා කප්රුක් පූජාව …

වීඩියෝව නරඹන්න

සිව්වන සූර්ය බල ආලෝක පූජාව කැබිතිගොල්ලෑව මහ වනයකදී සිදුකල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

මේ සදහන් කරන්නේ ස්ථාන වශයෙන් ගත්විට තුන්වන  පූජාවයි. පැනල් පූජාවලින් ගත්විට හතරවන පැනල පූජාවයි. ඒ එක ස්ථානයකට අවස්ථා දෙකකදී පැනල දෙදක් පූජා කිරීම නිසයි. ඒ අකුනු සැර වැදීම නිසා. ඇත්තටම අපිට මේ ස්වාමීන් වහන්සේ මුණ ගැසුනේ කැබිතිගොල්ලෑවට ආසන්න ප්‍රදේශයකදී. මහ ඝන වනයක් තුලදීයි.. කොහොම  නමුත් ඉතා දුෂ්කර වන ලැහැබක වැඩ වෙසෙනා ස්වාමීන් වහන්සේ නමක් වෙනුවෙනුයි අපි මේ පූජාවත් සිදුකලේ

Read More

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් දෙවන වරටත් මහා ආලෝක පූජාවක් සිදුකල වගයි … (තුන්වන පූජාව)

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදුකල කලින් පද්ධතිය සමගමයි මේ පද්ධතියත් මිලට ගත්තෙ.

Read More

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් මහා ආලෝක පූජාවක් සිදුකල වගයි … (පලමු පූජාව)

By Uncategorized

තණමල්විල මහ කැලයක් මැද අලි කොටි වලසුන් ඇසුරේ තනිව බවුන් වඩනා පින්වත් යතිවරයන් වහන්සේ නමකට අපි මෙයට කලින් සූර්ය පැනලයක් හා කුටියක් පූජා කලා. නමුත් ඒ සූර්ය පැනලය අකුණක් වැදී විනාශ වී ගියා. ඒ නිසා අපි ඉතාමත් සතුටින් නැවතත් සූර්ය පැනලයක් පූජා කලා. මේ දැක්වෙන්නේ ඒ වෙනුවෙන් සූර්ය පැනල දෙකක් වෙනුවෙන් දායක වූ පින්වත් මිතුරු මිතුරියන්ගේ නාම ලේකනය. අනිත් සූර්ය පැනලය පූජා කල ආකාරය ඊලග ලිපියෙන් දක්වන්නම්.

පුබුදුනී අක්කා රු 13000/-
සේපාලිකා නංගි රු 10,000/-
රීටා දැකුම්පිටිය මහත්මිය රු 10,000/-
නලින් අමරසිංහ මහතා රු 10,000/-
ශමිල විජේසිංහ මහතා රු 5000/-
චානක සිරිනුවන් මහතා රු 5000/-
ඉසුරු කරුණාරත්න මහතා රු 5000.00
සුමිත් නන්දන මහතා රු 5000.00
චමික සදරුවන් මහතා රු 4000/-
ඉෂාර ප්‍රනාන්දු මහතා රු 3000/-
ක්‍රිෂාන්ත ගමගේ මහතා රු 3000/-
අමිල විදාන ගමගේ මහතා රු 3000/-
රන්නජය මදුසංක මහතා රු 2000/-
රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා රු 2000/-
තරිදු චමල් මහතා රු 2000/-
ශමීන් බණ්ඩාර මහතා රු 2000/-
ඉෂාන් උදය මහතා රු 2,000/-
හිරන්ත මදුසංක මහතා රු 1500/-
විජිතා වීරසිංහ මහත්මිය රු 1000/-
ගයාන් ගුනතිලක මහතා රු 1000/-
නුවන් කරුණාවර්ධන මහතා රු 500/-
චන්දන මදුරංග මහතා රු 500/-
චතුරි විසුම්පෙරුම සොයුරිය රු 200/-
———————————————
මුලු එකතුව රු 90,700/-

Read More