Skip to main content
Category

Uncategorized

අටවන පැන් පූජාව අවිස්සාවේල්ලේදී සිදුකල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසු ගිය දිනක අපි අවිස්සාවේල්ල දුන්කල හේන විහාරස්ථානයේ පැන් පූාවක් සිදුකලා. මේ අපේ අටවන පැන් පූජාවයි.ඒ වෙනුවෙන් පහත පින්වත් පිරිස අපිට මුදල් ආධාර ලබාදුන්නා.

 

අකිල මල්ලි ——————-රු 35000.00
පෙරේරා මහත්මිය ———–රු 20,000.00
ප්‍රසාද් කුලරත්න මහතා —–රු 15,000.00
ලියනගේ මහතා ————-රු 10,000.00
නිශාන් සුරංග මහතා ——–රු 10,000.00
අනුර සම්පත් මහතා ———රු 10,000.00
ලලින්ද්‍ර පෙරේරා මහතා —-රු 10,000.00
නිරන්ජන් විතානාරච්චි ——රු 3,000.00
හිරන්ත මල්ලී —————–රු 1500.00
———————————————–

මුලු ලැබීම් —————– රු 114,500.00

Read More

අටවන රෝද පුටු පූජාවද සිදුකල වගයි …

By Uncategorized

වේයන්ගොඩ කීනවල ප්‍රදේශයේ මොලයට විෂ බීජයක් යාමෙන් රෝගී වී සිටින මේ සොහොයුරිය වෙනුවෙන් රෝද පුටුවක් අවැසි බව පුණ්‍ය සිරි කුමාර මහතාගේ දැනුම් දීම අනුවයි අපි මේ පරිත්‍යාගය කලේ. මේ වෙනුවේන පූර්ණ අනුග්‍රහය ලබා දුන්නේ චානක සිරිනුවන් මහතා විසින්. ඒ වෙනුවෙන් එතුමා රු 14,100.00  ක් ලබා දුන් අතර රන්දිමා ධර්මසේන නංගිත් රු 1300/-ක් ලබා දුන්නා. මුලු මුදල රු 15,400.00ක්.

රෝද පුටුව සදහා රු 11172.00
ප්‍රවාහන වියදම     රු 3600.00
————————————–
වියදම රු 14,772.00

ඉතිරි මුදල රු 628.00

එම මුදල පදනම් අරමුදලට බැර කලා.

පින්වත් චානක මහතාත්, රන්දිමා නංගිත් සිදුකලේ පුදුම පිනක්. මේ බලන්න

සැරයටි, කිහිලිකරු, රෝද පුටු පූජා කිරීමේ අනුසස් හයක් බුදු දහමේ සදහන් වෙනව

Read More

සිවුරු ආදිය සේදීම පිනිස පිරිවෙන් විහාරස්ථානයක් වෙනුවෙන් රෙදි සෝදන යන්ත්‍රයක් ලබාදුන් වගයි …

By Uncategorized

පසුගිය දිනයක අපි ලොකු පින්කමක් සිදුකලා. මේ වෙනුවෙන් රු 30,000/- කට ආසන්න වියදමක් දැරූ අතර ඒ වියදම දරන ලද්දේ චානක සිරිනුවන් මහතා විසිනි. අදාල රෙදි සෝදන යන්ත්‍රය පූජා කලේ වේයන්ගොඩ, කීනවල බොරුක්ගමුව විහාරස්ථානයට වන අතර එහි සිටි කවුඩුමුල්ල පිරිවෙන් විහාරස්ථානයට එය රැගෙන යනු ඇති.

මේ පිරිවෙන් විහාරස්ථානයේ තිස් නමකට අධික සාමනේර භික්ෂූන් වහන්සේලා අධ්‍යාපනය හදාරන අතර කුඩා ස්වාමීන් වහන්සේලාගේ සිවුරු අදන ආදිය සෝදා දෙන්නේ විහාරස්ථානයේ වයෝවෘද්ධ ලොකු ස්වාමීන් වහන්සේ විසින්. උන් වහන්සේ සිය අපහසුතාව අපට පලකල නිසා ඒ ‍සදහා කල දැනුම් දීමක් අනුව චානක සිරිනුවන් මහතා අදාල රෙදි සෝදන යන්ත්‍රය අපිට ලබා දුන්නා …

Read More

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් අපි දෙවැනි වරටත් 2018 නව වසර වෙනුවෙන් අසරණ පවුල් වලට වියලි ආහාර ද්‍රව්‍ය ලබාදුන් වගයි …

By Uncategorized

පින්වත් දුලිප් දෙනවක මහතාගේ දායකත්වයෙන් සිදුකල අලුත් අවුරුදු වියලි ආහාර ද්‍රව්‍ය ලබාදීම  සිදු කලා.

ලද මුදල රු 8500.00ක්.
වියදම් වූ මුදල රු 8500.00
——————————-
හිග මුදල රු 1500.00 පදනම් අරමුදලින් පියෙව්වා

හොදයි. දානයේ ආනිසංස මොනවාද ?

අංගුත්තර නිකායේ නවක නිපාකයේ එන වේලාම සූත්‍රය දේශනා කරන කාලයේදී තථාගතයන් වහන්සේ වැඩි සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ යි. එක් දවසක් උන්වහන්සේගේ අග්‍ර දායකයා වූ අනේපිඬු සිටුතුමා තථාගතයන් වහන්සේ බැහැ දැකීමට ආ විටක උන්වහන්සේ සිටුතුමාගෙන් සුවදුක් විචාරලා ඔහු පෙර සේම දැනුත් දන් දෙනවැදයි විමසුවා. එවිට සිටුතුමා කියනවා පෙරසේම දැන් දන් දිය නො හැකි බවත් කටුක කැඳක් වැනි ආහාරයක් පමණක් දැන් දන් දෙන බවත් සිටුතුමා බොහෝම ශෝකයෙන් තථාගතයන් වහන්සේට පැවසුවා.

Read More

සිව්වන වරටත් සිදුකල අලුත් අවුරුදු වියලි සහනාධාර ප්‍රදානය 2018

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

මෙවරත් අපි සිව්වන වතාවට අලුත් අවුරුදු නෑගම් ගියා. මෙවර අප ගියේ ලුණුගම් වෙහෙර ප්‍රදේශයටයි.  මෙවර වැඩ සටහන සදහා අපිට වැඩිම ශක්තිය ලබාදුන්නේ සෙත් සදන මෙත් මග සංවිධානය විසින්.

මෙවර දායකත්වය …

සෙත්සදන මෙත්මග සමාජ සත්කාර පදනම– රු 170,500.00
ජනක මහතා —————————————රු 81,000.00
ගනේෂ් මහතා————————————–රු 37,500.00
අසංක ඉන්ද්‍රජිත් මහතා ————————-රු 30,363.00
ගයාෂි අභයවීර නංගි  —————————–රු30 000.00
චන්දිමා පීරිස් මහත්මිය—————————රු 25000.00
චාමර සියඹලා පිටිය මහතා——————— රු 21 000.00
සන්ජය  ආරච්චි මහතා ————————– රු 20,000.00
සුනේත්‍රා මල්කාන්ති මහත්මිය————— රු 15,336.61
ක්‍රිශාන්ත ගමගේ මහතා———————— රු 15,000.00
ඉන්දික දැකුම්පිටිය මහතා———————– රු 12,970.00
පුබුදුනි අක්කා ————————————–රු 12,000.00
සුභාෂිනී ගුනසේකර අක්ක  ———————-රු 11,000.00
හිතාෂි අක්කා —————————————රු 10,000.00
සේපාලිකා නංගි ————————————රු 10,000.00
රවින්ද්‍ර පුෂ්පකුමාර මහතා ———————-රු    9,000.00
රසික සම්පත් මහතා——————————- රු   7,500.00
ඉෂාර ප්‍රනාන්දු මහතා —————————-රු  7,000.00
විජිතා වීරසිංහ මාතාව  —————————–රු  5,500.00
ඉෂාන් යූ වික්‍රම මහතා —————————රු  5,000.00
ලලින්ද්‍ර පෙරේරා මහතා————————–රු  5,000.00
අතුල උදයකුමාර මහතා —————————රු  4,000.00
ශෙහානි බොතේජු නංගි —————————රු  3,500.00
ගයාන් ගුණතිලක මහතා ————————–රු  3,500.00
කමනි ගුනසේකර අක්කා ————————-රු  3,500.00
දිලංගනී දිසානායක නංගි ————————–රු  3,500.00
කෝෂිලා ඉශාන්ගනී සොයුරිය——————–රු  3,500.00
විපුලී නෝමන් මහත්මිය ————————–රු  3,500.00
අශාන් චාරුන මහතා ——————————-රු  2,000.00
බුද්ධික ෆනෑන්ඩු මහතා —————————-රු 1,000.00
ද සිල්වා යොහානි මහත්මිය  ———————-රු 1,000.00
චතුරි විසුම්පෙරුම මහත්මිය ———————–රු 1,000.00
තිලින මල්ලි ————————————– —රු 1,000.00
සේනුක ගෝවින්ද මහතා —————————රු 1,000.00
හිරන්ත මල්ලි ————————————– –රු    500.00
—————————————————————————
මුලු ලැබීම් ——————————————රු 572,669.61

ඉසුරු කොන්ඩසිංහ මල්ලි බිරිදගේ උපන්දිනය වෙනුවෙන් සීනි කිලෝ 30 ලබාදුන්නා.

පින්වත් මිතුරෙක් විසින් සෝයා පැකට් 300 ලබාදුන්නා.

වියදම්

ද්‍රව්‍යය —————-ඒකක මිල—ප්‍රමාණය——-මුදල

සහල් ——————-රු 65.00 X  1500 = රු 97,500.00
අල ———————-රු 80.00 X  300  = රු 24,000.00
නෙස්ටමෝල්ට් ——රු 285.10 X  300 = රු 85,530.00
පරිප්පු——————-රු 112.00 X  300 = රු 33,600.00
සීනි ———————රු 100.00 X  270 = රු 27,000.00
මුං ඇට——————රු 210.00 X  300 = රු 63,000.00
ලූණු ——————–රු   50.00 X  300 = රු 15,000.00
සැමන් ——————රු 158.00 X  300 = රු 47,400.00
තේ කොළ ————-රු   65.00 X  300 = රු 19,500.00
මිරිස් ——————-රු  135.00 X  300 = රු 40,500.00
සබන් ——————රු   54.00 X  300 =  රු 16,200.00
ලුනු ——————–රු   24 .00X  300 =  රු   7,200.00
සමපෝෂ ————–රු   55.00  X  300 = රු 16,500.00
———————————————————————–
වියලි ආහාර සදහා මුලු වියදම —————රු 492,930.00

බුදු පිලිම සදහා දැරූ වියදම රු 42,000.00

ප්‍රවාහන වැය
ලොරි රථය සදහා –රු 27090.00
.ත්‍රිරෝද රථ ———-රු 400.00
————————————

එකතුව රු ——–රු 27,490.00

 

වෙනත් වියදම්
ගෝනි ආදිය සදහා රු 9,600.00
සුලු වියදම්———-රු 2,500.00
—————————————-
එකතුව රු ———-රු 12,100.00

 

මුලු වියදම් වල එකතුව 492,930.00 + 27490.00 + 12,100.00 + 42,000.00  = රු 574,520.00

හිග මුදල  = රු 572,669.61 – 574,520.00 =  හිග මුදල රු 1850.39

හිග මුදල් පදනමින් පියෙව්වා

මේ වැඩ සටහන සදහා වියලි ආහාර ද්‍රව්‍ය වගේම බුදුපිලිම වහන්සේලා තුන්සිය නමක්ද, ධර්ම පුස්තක තුන්සියයක්ද බෙදා දුන්නා. බුදුපිලිම වහන්සේ ලබාදීම ජනක මහතා විසින් සිදුකල අතර

අදාල ධර්ම පුස්ථක සදහා සමන්ත ලිනගේ මහතා සහ ඉන්දික දැකුම්පිටිය මහතාගේ දාවකත්වයෙන් ලබා දුන් අතර ඒ සදහා එම දෙපල රු 54,600.00 ක් ඒ වෙනුවෙන් දරා තිබුනා. දමිතා නයෝමි නංගි විසින් එහි ප්‍රවාහන වියදම් දැරුවා.

මේ වැඩසටහන වෙනුවෙන් තිරය පිටුපස සිට දායකත්වය ලබාදුන් බොහෝ පිරිසක් සිටිනවා. විශේෂයෙන්ම සෙත් සදන මෙත්මග සමාජ සත්කාර පදනම වගේම රජිත් තෙන්නකෝක් මහතාද මේ වෙනුවෙන් ඉහල දායකත්වයක් ලබාදුන්නා. එසේම ඉන්දික දැකුම් පිටිය මහතාද, මේ වෙනුවෙන් විශේෂයෙන් සිහිපත් කල යුතුයි. ලුනුගම් වෙහෙරදී මේ ව්‍යාපෘ.ිය මනාව සංවිධානය කල ගින්නලියේ ආයුපාල  හිමියන්ටත් සංචාරක දුම්රිය ස්ථානාධිපති කුමාර මහතාටත් ඇතුලුව මේ වෙනුවෙන් වෙහස මහන්සි වූ සියලු දෙනාටත් මෙහිදී ස්තුතිය පුදකල යුතුයි.

හොදයි. දානයේ ආනිසංස මොනවාද ?

අංගුත්තර නිකායේ නවක නිපාකයේ එන වේලාම සූත්‍රය දේශනා කරන කාලයේදී තථාගතයන් වහන්සේ වැඩි සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ යි. එක් දවසක් උන්වහන්සේගේ අග්‍ර දායකයා වූ අනේපිඬු සිටුතුමා තථාගතයන් වහන්සේ බැහැ දැකීමට ආ විටක උන්වහන්සේ සිටුතුමාගෙන් සුවදුක් විචාරලා ඔහු පෙර සේම දැනුත් දන් දෙනවැදයි විමසුවා. එවිට සිටුතුමා කියනවා පෙරසේම දැන් දන් දිය නො හැකි බවත් කටුක කැඳක් වැනි ආහාරයක් පමණක් දැන් දන් දෙන බවත් සිටුතුමා බොහෝම ශෝකයෙන් තථාගතයන් වහන්සේට පැවසුවා.

එය ඇසූ තථාගතයන් වහන්සේ ‘සිටුතුමනි දෙන ආහාරය කටුක වුවත් පුංචි සරල දෙයක් වුවත් ඒ දානය ක්‍රමානුකූලව සියතින්ම සාදා ශ්‍රද්ධාව පෙරටු කරගෙන, කර්මඵල විශ්වාසයෙන් දෙනවා නම් ඒ දානයේ ආනිසංස මහත්ඵල මහානිසංස වේ’ යැයි සිටුතුමාට වදාළා.

එයින් අපට තේරෙන්නේ දානයක වටිනාකම තියෙන්නේ දෙන දෙයෙහි නොව දෙන ක්‍රමයෙහි බවයි. ඒ වගේම දෙන දෙය සකස් කර දෙනවා වගේම දෙන දෙය ආදරයෙන් ගෞරවයෙන් දෙන්න ඕන. ඒ වගේම සියතින් පූජා කරන්න ඕන. දෙන දෙය තුළ විපාක තිබෙනවා කියලා සිතාගෙන ඕනෑම දෙයක් පූජා කරන්න ඕන. ඔබ දකින්න ඇති අපි මේවා ලබාදුන්නේ ‍මොන තරම් ගෞරවයෙන්ද යන වග.

ඔබ දන්නවා දාන වර්ග දෙකක් තිබෙනවා. සත්පුරුෂ දානය සහ අසත්පුරුෂ දානය. ඒ නිසා දෙන දානය හොඳ අවබෝධයෙන් දීම ඉතාම වටිනවා.

දාන කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න මා මුලින් කී ලෙස සියතින් දානය නොදී අන් අය ලවා දන් දිමයි. ඒ වගේම දානය හොඳින් සකස් කර ක්‍රමානුකූලව දන් නොදීමයි ඊළග කාරණය අනාදරයෙන් දානය දීමයි. ඊළඟට නරක් වූ දෙයක් ඉවත දමන දෙයක් ලෙස දානය දීමයි. ඒ වගේම ශ්‍රද්ධාවෙන් තොරව දන්දීමත් අසත්පුරුෂ දානයට අයත්.

තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේදී සිටුතුමාට වදාළා තමන් කලින් ආත්ම භාවයක දී දන් දුන් ආකාරය පිළිබඳව. උන්වහන්සේ වේලාම බ්‍රහ්මණයා ලෙස ඉපදී බොහෝ සේ දන් දුන්නා. රන්පාත්‍ර අසූහාර දාහක රිදී පුරවාද, රිදී පාත්‍ර අසූහාර දාහක රන්පුරවා ද, ලෝහ පාත්‍ර අසූහාර දාහක අමු රන් පුරවාද ඔහු දන් දුන්නා. රන් ආභරණවලින් සරසන ලද රත්රන් මිශ්‍ර රෙදිවලින් සැරසූ ඇතුන් අසූහාර දාහක් ද සිංහ හම කොටි හම් ආදී හම්වලින් නිපදවූ ඇතිරිලිකන් සරසන ලද විවිධ ස්වර්ණාභරණයෙන් යුත් රථ අසූහාර දාහක් දන් දුන්නා. අසූ දහසක් රූමත් තරුණ ගැහැනු ළමයින්ව දෑවැදි සහිතව සුදුසු අයට පවරා දුන්නා. නන් වැදෑරුම් ආභරණ ඇඳුම් පැළඳුම් ආදිය දන් දුන්නා. අප්‍රමාණව දන් දුන්නා. මේක අසදෘශ දානයක්. ඉතින් තථාගතයන් වහන්සේ වදාළා නමුත් මේ වේලාම බ්‍රාහ්මණයාගේ් මේ දානය ආර්ථවත් කරන්න මහත්ඵල මහානිසංස කරන්න සුදුස්සෙක් ඒ කාලයේ ඉදළා නැහැ කියලා.

දානයක් මහත්ඵල මානිසංස වෙන්න කාරණා තුනක් අවශ්‍ය වෙනවා. පළමු එක පූජා බුද්ධියෙන් දීම. පූජා කරන්නේ තථාගතයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලාට, වැඩිහිටියන් ආදිය. දෙවැන්න අනුග්‍රහය බුද්ධියෙන් දීම. සමිති සමාගම්වලට වෙනත් වෙනත් ස්ථානවලට කරන පරිත්‍යාග, තුන්වැන්න අනුකම්පා බුද්ධියෙන් දීම, ඒ දුගි මගී යාචකයන්ට දෙන දානය.

ඉතින් මේ දේශනාවේදී තථාගතයන් වහන්සේ වදාළා සෝවාන් පුද්ගලයෙකුට පෞද්ගලිකව දෙන දානයට වඩා සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානය උතුම්. ඒ වගේම සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා එක් සකෘදාගාමි අයෙකුට දෙන දානය උතුම්. එවැනි සකෘදාගාමි එක් අයෙකුට දෙන දානයට වඩා සකෘදාගාමි පුද්ගලයන් සියයකට දෙන දානය උතුම්. එවන් සකෘදාගාමි පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා අනාගාමි එක් අයෙකුට දෙන දානය උතුම්. අනාගාමි පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා එක් රහතන් වහන්සේ නමකට දෙන දානය උතුම්. එක් රහතන් වහන්සේ නමකට දෙන දානයට වඩා රහතන් වහන්සේලා සියයකට දෙන දානය උතුම්. රහතන් වහන්සේලා සියයකට දෙන දානයට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානය උතුම්. පසේබුදුරජාණන් වහන්සේලා සියයකට දෙන දානයට වඩා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන දානය උතුම්. ඒ සම්මා සම්බුදුජාණන් වහන්සේට පූජා කරන දානයට වඩා සිව් දෙසින් වඩින බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය පරිහරණය සඳහා විහාරයක් කරවීම උතුම්. එනමුත් එවැනි විහාරයක් කරවා පූජා කරනවාටත් වඩා යම් පුද්ගලයෙක් සැදැහැයෙන් තෙරුවන් සරණ යන එක උතුම් බව තථාගතයන් වහන්සේ වදාළා.

ඒ වගේම යම් කෙනෙක් යමක ගඳ සුවඳ බලන මොහොතක් ලෝක සත්වයන් උදෙසා මෛත්‍රී භාවනාව වඩනවා නම් අර පන්සිල් රකින්නාට වඩා උතුම්. ඒ වගේම අසුරු සැණක් ගහන මොහොතක් හෝ අවබෝධයෙන් යුතුව අනිත්‍ය සඤ්ඤාව වඩනවා නම් අසුභ සඤ්ඤාව වඩනවා එය අන් සියල්ලටම වඩා උතුම් බව වදාළා. මෙහිදී සඳහන් කරන්නේ විදර්ශනා භාවනාව ගැනයි.

මෙයින් පැහැදිලි වන්නේ ආමිස දානයට වඩා ප්‍රතිපත්ති දානයට මුල් තැන දිය යුතු බවයි. නමුත් ආමිස දානය දියුණු නොකර ප්‍රතිපත්ති දානය දියුණු කළ නො හැකියි. ඒ දෙකම පුරුදු කරන්න ඕන. සමහර අය ලෝභයි. නමුත් හැම තිස්සේම සියලු දේ අනිත්‍ය යැයි කියමින් අනිත්‍ය මෙනෙහි කරනවා. එය සාර්ථක නැහැ. දානය නැත්නම් අතහැරීම ලෝභය දුරු කරන්නට ලේසිම මාර්ගය වෙනවා. තවත් අය දන් දෙනවා අන් අයට උදව් උපකාරත් කරනවා. නමුත් ඉන් එහාට සීලය තුළින් දියුණුවීමක් නැහැ.

දානයක් මහත්ඵල මහානිශංස වීමට දානය දෙන තැනැත්තා සීලවන්ත. පිරිසුදු කෙනෙක් වියයුතු වාගේම දානය පිළිගන්නා තැනැත්තා ද එලෙසම සීලවන්ත කෙනෙක් විය යුතුයි. ඒ වගේම දහඩිය මහන්සියෙන් සාධාරණව උපයා සපයා ගත් දේ සියතින් සූදානම් කර ශ්‍රද්ධාවෙන් දෙන දානය උතුම්.

සාන්දෘෂ්ටික (මෙලොවම තමා විසින් දැක ගත හැකි) දානානිසංස සතරක් පෙන්වා ඇත,

▶ දායක තෙමේ බොහෝ දෙනාට පි‍්‍රයමනාප කෙනෙක් වේ.

▶ දායකතුමා පිළිබඳව යහපත් කීර්ති රාවයක් පැතිරේ.

▶ ඕනෑම පිරිසක් කරා විශාරදව එළඹීමේ ශක්තියක් ලැබේ. මකුවීමකට තෙද රහිත වීමකට පත් නො වේ.

▶ යහපත් කල්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රය ලැබේ.

 

එසේම දානානිසංස සූත‍්‍රයට අනුව,

▶ ගිහි ධර්මයන්ගෙන් නො පිරිහුන කෙනෙක් වන බව දක්වා ඇත. අඛණ්ඩව සිල් ආදී ගුණ, පන්සිල් ආදී ගුණ රකින්නෙකු යන අර්ථය යි.

▶ තව ද මරණින් මතු සුගති ලෝකයක ඉපදීමට ද මෙම දානමය පිංකම හේතුවන බව පෙන්වා දී ඇත.

පින්වතුනි, තව ද සත්පුරුෂ දාන පහක් ඇති අතර එහි විශේෂ විපාක සප්පුරිස දාන සූත‍්‍රයට අනුව මෙසේ ය. සත්පුරුෂ දාන ආනිසංස පහ

▶ ශ‍්‍රද්ධාවෙන් දන්දීම හේතුවෙන් විශිෂ්ඨ රූප සම්පත් ලැබේ. එබැවින් ශ‍්‍රද්ධාවෙන් ම දන් දෙත්වා !

▶ සකස්කොට දන්දීම හේතුවෙන් කීකරු දූ පුතුන් අඹුදරුවන් ස්වාමිපුත‍්‍රයන් දැසි දස්සන් ලැබේ. (එබැවින් දෙන දෑ සකස් කොට දීමට පුරුදු වන්න)

▶ ආගන්තුක දාන, ගමික දාන, දුර්භීක්ෂ දාන ආදී සුදුසු කල්හි දන් දීම හේතුවෙන් තරුණ වයසේ දී බොහෝ සැප සම්පත් ලැබේ.

▶ ලෝභයකින් තොරව දන්දීම හේතුවෙන් හොඳ ආහාරපාන, යානවාහන, ගේදොර ආදිය පරිභෝජනය කිරිමට සිත් නැමෙනු ඇත. ලැබෙන දෑ පරිභෝග කිරීමට සිත නැමෙනුයේ ලෝභයෙන් තොරව දන් දීම හේතුවෙනි.

▶ තමා ද අන් අය ද වෙහෙසට පත් නො කොට ධාර්මික වස්තුවෙන් දන්දීම හේතුවෙන් මතු ලැබෙන සම්පත් ගින්නෙන්, ජලයෙන්, සොර සතුරන්ගෙන්, අකීකරු දූ දරුවන්ගෙන් විනාශ වී තමාට අහිමි නො වේ. ලැබෙන සම්පත් සුරක්ෂිත වේ කියා ය.

සත්පුරුෂ පින්වතුනි ! තවත් දාන හතරක ආනිසංස ධර්මයෙහි සදහන් වේ.

▶ තමා ගේ ධනයෙන් දන්දෙන අතර අන්‍යයන් ඊට සහභාගී කර නො ගනී. ඒ හේතුවෙන් ඒ අයට මතු භෝග සම්පත් ලැබෙන අතර පරිවාර සම්පත් නො ලැබී යයි.

▶ තම ධනය වියදම් නො කොට බොහෝ පිරිස් එකතු කොට ඒ අයගේ ධනයෙන් දන්දීම හේතුවෙන් මතු ධන සම්පත් නො ලැබෙන අතර පිරිවර සම්පත් ලැබෙනු ඇත.

▶ තමා ද දන් නො දෙන අතර දෙන දානයකට ද සහභාගී නො වීම හේතුවෙන් මතු ධන සම්පත් ද පිරිවර සම්පත් ද යන දෙක ම නො ලැබේ.

▶ තම ධනය ද යොදා අන් අය ද ඊට සහභාගි කරගෙන දෙන දානය හේතුවෙන් මතු ධන සම්පත් ද පිරිවර සම්පත් ද යන දෙකම ලැබෙනු ඇත.

ශ‍්‍රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්තව එකඟ වූ නො විසිරුන සිතින් දෙන පුංචි දෙයක් වුව ද මහත් ඵල වන බව පෙන්වීමට අපදාන පාලියට අනුව පෙන්වා දිය හැකිය.

බොහෝ දෙනෙක් කථා කරනුයේ ජාතියේ නැගිටීම හා පිබිදීම පිලිබදවයි.  එහෙත් අසරණ අපේ ම මිනිසුන් වෙනුවෙන් පුංචි හෝ පරිත්‍යාගයක් කරන්නේ කීයෙන් කී දෙනාද? අපේ මුහුණුපොතේ මිතුරන් සියලු දෙනා එක්වී අද සිදු කර ඇත්තේ මහා පරිත්‍යාගයක්. ඔබ උපයන ධනයෙන් කොටසක් අපේම හිතවතුන් අතු බෙදා දීමට කටයුතු කල ඔබට ම‍ාගේ ප්‍රණාමය.

පින්වත් ඔබ සිදුකලේ මහගු පින්කමක්. මා කෙරේ විශ්වාසයෙන් මට ලබාදුන් සියලු මුදල් කිසිදු සතයක් අපතේ නොයන අයුරින් සංවිධානය කලා. මේ එකුදු සතයක් කිසිදු අපයෝජනයක් සිදු නොකල බවට මම සහතික වෙනව. ඒ වගේම ඉතාම සුදුසු අහිංසක දුප්පත් අය තෝරලයි මේ උපකාරය සිදු කලේ. ඔබ දකින්න ඇති අපි සියලු දේවල් ලබාදුන්නේ අයදුම් පත්‍රයක් පුරවාගෙනයි. වගකිව හැකි පුද්ගලයන් එහි අත්සන යොදා තිබෙනව.

පින්වත් සොයුරනි, සොයුරියනි. ඔබ මේ සිදුකල දානමය පුණ්‍ය ක්‍රියාව නිසා අද අසරණ පවුල් කීයක්නම් සතුටින්  කුස පිරෙන්න ආහාර ගන්නව ඇතිද? විශේෂයෙන්ම මේ සිංහල අලුතු අවුරුදු කාලයේ අසරණ දෙමාපියන් හැඩූ කදුලින් පින්වත් ඔබට ආශිර්වාද කලා. ඒ සියල්ල වීඩියෝ පටයේ දක්වල තියෙනව.

මෙපින් බලෙන් ඔබ හැදූ වැඩූ පින්වත් දෙමා පියන්ට යහපතක්ම වේවා. ඔවුන් ජීවත්ව සිටීනම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සියලු රෝග පීඩා දුරුවේවා. රෝග, ජරා, මරණ මේ කුණු කයට උරුම දේ උනත් ඉන් දැනෙන පීඩාව අවම වේවා. ඒ අය පරලෝසැපත් වී ඇතිනම් වැරදීමකින් හෝ දුගතියක ඉපිද ඇතිනම් ඉන් මිදී සුගතිගාමී වේවා. සුගතිගාමීව සිටීනම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වේවා. ඔබේ බිරිද / ස්වාමි පුරුෂයා පවා මේ පින් අනුමෝදන්වී යහපතම උදාවේවා. ඔබේ පුංචි දුවා දරැවන්ට මේ පින් ලැබී අද්‍යාපන කටයුතු ආදිය සියල්ල සාර්ථක වේවා. පවුලේ අනෙක් සියල්ලන්ටද මේ පින් ඒකාකාරවම හිමිවේවා. මියගිය ඤාතීන් පින් බලාපොරොත්තු වේනම් ඒ අයත් මේ පින් ලබා සැපවත් ජීවිත ගත කරත්වා.එතුලින් බුදුදමහ මනාව අවබෝධ කර ගන්නටත්, එනිසාම ජාතියත්, ජරාවත්, මරණයත් නැති පරම ශාන්ත නිවන් සුවයෙන්ම සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා …

මේ මාසයේ 39 වැනි උපන් දිනය සමරන ඉන්දික පීරිස් මහතාටත් ඒ වෙනුවෙන් විශේෂ දායකත්වයක් දැරූ චන්දිමා පීරිස් මහත්මියටත් 2018/04/15 දින උපන්දිනය සමරන සේපාලිකා නංගියාටත් අප නොදැක උපන්දිනය සමරන අනිකුත් දයාපර පින්වත් මිතුරු මිතුරියන්ටත් ඇතුලු සියලුම දෙනාට මේ පින් හිමිවේවා. නිදුක් නිරෝගී සුවබර නව වසරක් උදාවේවා.

නිවන් දක්නා ජාති දක්වාම ඔබට කුසගින්න යනු කුමක්දැයිවත් නොදැනේවා. සසර පුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අසන්නට වත් නොලැබේවා.  ආහාර අවශ්‍ය වන විට දිව්‍ය බොජුන් පහලවේවා. දිව්‍ය ඕජස් ලැබේවා. ඔබ සිටින ගම රට පවා අතිශය සශ්‍රික වේවා. ගොවිතැන් බත්, හරකා බාන, වතුපිටි ආදිය දින දින දියුනු වේවා.  කිසිදු කලක ඔබේ භෝග, වතුපිටි, හරකබාන, වස්තුව, ගින්නෙන්, ජලයෙන්,සුලගින් වැනි ස්වාභාවික උපද්‍රවයන්ගෙන් පමණක් නොව සොර සතුරන්ගෙන් පවා ආරක්ෂා වේවා.

තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ඔබ පය තබන තැනක් පාසා කිරියෙන් පැණියෙන් ඉතිරේවා. කරන කියන හිතන පතන සෑම යහපත් දෙයක්ම ඒ අයුරින්ම ඉටුවේවා. පෘතග් ජන පුද්ගලයන් වශයෙන් ඔබේ සිතේ ඇතිවන නරක නපුරු අයහපතක් සිදුවන ඔබේ සියලු සිතිවිලි වලට බාධා ඇතිවී ඔබේ සසර ගමන යහපත් කරගැනීමට හැකිවේවා. සතර වරම්දෙවියන් සතර වයින් ඔබ ආරක්ෂා කරත්වා. නිවන් දකිනා ජාති දක්වා නැහැ බැහැ කියන වචනයවත් අසන්නටවත් නොලැබේවා.

ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. ප්‍රඥාව වර්ධනය වේවා. තාර්කික බුද්ධිය ඇතිවේවා.

මෙපින් බලෙන් ඔබට ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වානිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. දාව වස්තූන් ලබාගන්නට මහා පින්වත් පුරුෂයන් ඔබට ලැබීමෙන් දාන චේතනා මස්ථකප්‍රාප්ත වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාදස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා. පින්කම සිදුකල දයාබර පියාටත් මවටත් මෙපින් බලෙන් ඒ අයුරින්ම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් දෙවියන්ගේ ආකරෂණයත්ලැබේවා. කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා. පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

 

වීඩියෝව ඉක්මනින් පලකරන්නම්

 

චායාරෑප නරඹන්න

සිව්වන වරටත් සිදුකල අලුත් අවුරුදු වියලි සහනාධාර ප්‍රදානය 2018

සිව්වන වරටත් සිදුකල අලුත් අවුරුදු වියලි සහනාධාර ප්‍රදානය 2018 – ලුණුගම්වෙහෙර …