Skip to main content
Category

Uncategorized

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල පස්වන ධර්මාසන පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යහලුවනේ අපි පහුගිය දවසක තවත් ධර්මාසන පූජාවක් සිදුකලා. ඒ කපිල විමලරත්න අයියාගේ දායකත්වයෙන් දඹදෙණිය කැළණියමුල්ල ඉසිපතන ආරාමයට ලබාදුන් අපගේ පස්වන ධර්මාසන පූජාවය.

පින්කම සදහා වැයවූ මුදල රු 35,000.00

“සබ්බ දානං ධම්ම දානං ජිනාති” කියල අපි අහල තියෙනව. ධර්මදානය සියලු දානයන් අභිබවයි කියල. එතකොට ධර්ම දානය කියන්නෙ ධර්මය කියවීමම පමණක් නෙවෙයි.

Read More

මංගලාරාමයට වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

මඩකලපුව මංගලාරාමයට පින්වත් ඔබේ මුදලින් රු 15,445.00 ක මුදලක්  වැය කරමින් වියලි ආහාර ද්‍රව්‍ය ලබා දුන් අතර ඒ වෙනුවෙන් සෙවිලි තහඩු වල ඉතිරි මුදල යොදාගත්තා.

සෙවිලි තහඩු වලට මුදල් ලබාදුන් පින්වත් පිරිස මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.

Read More

මඩකලපුව කෙවිලියාමඩුවට ජෙනරේටරයක් පරිත්‍යාග කල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

මඩකලපුව මංගලාරාමයේ විදුලිය විසන්ධිවන අවස්ථාවලදී ඇතිවන අර්බුදකාරී තත්වය නිසා ජෙනරේටරයක අවශ්‍යතාවය තදින් දැනී තිබුනා. විශේෂයෙන්ම මඩකලපුවේ පවතින අනාරක්ෂිත තත්වයත්,  විහාරස්ථානයේ කටයුතු අඩපන වීමත් යන සියලු කරනු මුල් කරගෙන අපි මඩකලපු මංගලාරාමයට ජෙනරේටරයක් පරිත්‍යාග කලා. ඒ වෙනුවෙන් පින්වත් දායකත්වය මෙසේ සිදු උනා.

පූජ්‍ය  පාගොඩ ජන්තවංශ හිමි රු 5,000.00
ලහිරු මල්ලිකාරච්චි මහතා රු 40955.00
ප්‍රියංගනී සෞමිකා නංගි රු 28,785.00
සන්ජීව මල්ලි රු 26,460.00
සුරේශා ගමාරච්චි මහත්මිය රු 15,000.00
ගිහාන් සුරවීර අයියා රු 10,000.00
කමනී පතිරන මහත්මයි රු 10,000.00
චානකද සිල්වා මහතා රු 10,000.00
තාරක මදුශාන් මහතා රු 6000.00
රුවන්මලී විකුමරත්න මහත්මිය රු 5000.00
ඉශාන් වික්‍රම මල්ලි රු 5000.00
ගයාශාන් කුලතුංග මල්ලි රු 5000.00
රජිත් ගමගේ මහතා රු 3000.00
වසන්තා ගමාච්චිගේ රු 2000.00
හිරන්ත මල්ලි රු 500.00
—————————————————
මුලු ලැබීම රු 172700.00

Read More

මඩකලපුව කෙවිලියාමඩුවට සෙවිලි තහඩු පරිත්‍යාග කල වගයි …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

මඩකලපුව කෙවිලියාමඩුව අපේ  සිංහල ජනතාවට අපි සෙවිලි තහඩු 1100ක් පරිත්‍යාග කලා. මඩකලපුව මංගලාරාමාධාප.ි පූජ්‍ය අම්පිටියේ සුමන රතන හිමියන්ගේ  ඉල්ලීමකට අනුවයි අපි මේ ව්‍යාපෘතිය සූදානම් කලේ.

මේ වෙනුවෙන් දායක වූ පින්වත් පිරිස …

පූජ්‍ය  පූජාපිටියේ සන්තුසිත හිමි රු 5250.00
පූජ්‍ය  පාගොඩ ජන්තවංශ හිමි 5200.00
පූජ්‍ය  දියසෙන්පුර සිරිසුමන හිමි රු 1000.00
ලහිරු මල්ලිකාරච්චි මහතා රු 104,000.00
දුලිප් දෙනවක මහතා රු 50,000.00
නෙව්ශිකා අක්ක රු 20 000.00
ජීවනී පූර්ණිමා මහත්මිය රු 17821.00 Read More

කුරුණෑගල රෝහලේ පිලිකා රෝගීන්ට සිදුකල තැඹිලි පැන් දානය සහ රෝද පුටු පරිත්‍යාගය …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

පසුගිය දිනක අපි කුරුණෑගල මහ ‍රෝහල වෙනුවෙන් තැඹිලි දානමය පින්කමක් සිදුකලා. ඒ සමග රෝද පුටු අටක්ද පරිත්‍යාග කරන්න අපිට පුලුවන් උනා. මේ වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයන් කල පින්වත් පිරිස පහත දැක්වෙනවා.

තැඹිලි සදහා
චානක සිරිනුවන් මහතා රු 20,000.00

වියදම
තැඹිලි කැපීමට සහ ප්‍රවාහවයට   රු 1700.00
කුඩා ප්ලාස්ටික් කෝප්ප රු 1000.00
————————————————-
ඉතිරි  මුදල රු 17,300.00

රෝදපුටු සදහා

ලහිරු මල්ලිකාරච්චි මහතා රු 25,500.00
තරිදු විජේතුංග මහතා——-රු 13,000.00
යමුනා බටුවංගල මහත්මිය රු 12,600.00
දුෂාන්ති හේරත් නංගි ——-රු 12,550.00
ප්‍රශාන්ත මහතා ————-රු 12,000.00
ජානු ප්‍රසාද් මහතා ——–රු  12, 000.00
කේෂරා නංගි —————රු 12,000.00
ලලින්ද්‍ර පෙරේරා මහතා —–රු 5000.00
ක්‍රිශාන්ත ගමගේ මහතා —–රු 5000.00
කෝෂිලා ඉෂාන්ගි නංගි —–රු 4000.00
දුමිදු කොඩිතුවක්කු මහතා –රු  2000.00
හිරන්ත මදුසංක මහතා——– රු 500.00
ශෂී ජයසිංහ නංගි ————–රු 500.00
තිලිණ විජේවර්ධන මල්ලි —–රු 500.00
———————————————-
එකතුව රු 117,150.00

රෝදපුටු 08ක් සදහා වියදම

රු 11,850.00 X 08 = රු 94,800.00

ඉතිරි මුදල රු  22,350.00

ව්‍යාපෘති දෙකින්ම ඉතිරි මුදල රු 17,300.00 + 22,350.00  = රු 39,650.00

එම මුදල සිංහල අලුත් අවුරුද්දට වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දෙන්නට යොමු කලා …

.කුරුනූගල පිලිකා රෝහලේ බාහිර රෝගී අංශයත් එක්කම ගත්තම ලෙඩ්ඩු 500ක් විතර ඉන්නව. ඉතින් රෝහලේ ‍නොයෙක් තැන් වලට ඒ අය අරන් යන්න ඕනි. උදාමරනයක් විදිහට ඔපරේෂන් වාට්ටුව වෙනයි. එක්ස් රේ කොටස වෙනයි, ආදී වශයෙන් දුර තැන්වල තමයි තියෙන්නෙ. ඉතින් ලෙඩ්ඩු ගෙනියන්න රෝද පුටු සෑහෙන ප්‍රමාණයක් ඕනි කරනව.  ඒ නිසා මේ රෝද පුටු අට සෑහෙන්න ප්‍රයෝජනවත්  වෙනවලු.

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ඔබ සියලු දෙනාගේම පවුලේ  සියලු දෙනාගේ නමින් මිය පරලොවගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනකඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා. මේ පින්කම සිදුකල  සියලු දෙනාටමෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඒ අය ජීවත් වන්නේනම් නිදුක්නිරෝගී සුවබර, මෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට  සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවා. මියපරලොව ගොස් ඇත්නම්  වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්,යහපත් තැනක ඉපදී ඇත්නම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.

ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. ධර්මයෙන් ඇති කරන්නේ ප්‍රඥාවයි. මෙපින් බලෙන් ප්‍රඥාවමෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රට, ජාතිය, ආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන්වන්නට මෙපින් හේතු වාසනා වේවා.

එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්‍රමාණයද අප්‍රමාණයි.නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්, වැටෙන  වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙනඔබේ ඇසුර පවා මහා සතුටක්. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්‍රයට ලැබේවා. විශේෂයෙන්මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්‍යයක්..

එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්, විශේෂයෙන්ම මෙම කරඩුව නිර්මාණය කල ශාන්තඅයියාටත් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා, දායකකාරකාදීන්  ආදී සියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවා.

ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත්පහලවීම ම ඔබ ලද මහා භාග්‍යයක්. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිතනිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්.  සිදුකලසියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත්අසන්නටවත් නොලැබේවා. කෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්‍රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිතනොවේවා.  ජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්, ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.

පින්වත් යාලුවනේ. පංච ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේ. ඒලෙසින්ම  දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා. ව්‍යාපාර, අධ්‍යාපන,කටයුතු සියල්ල සාර්ථක වේවා. වැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ පින්බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරවසැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නානුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකටඑල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පිනහේතුවාසනා වේවා. සතර දිගින් සතර මහා වස්තු පහල වේවා. සිව් දිගින් කප්රුක් පහලවේවා. අහසින් රුවන් වැසිවැටේවා. පොළවෙන් මුතු මැණික් මතුවේවා. සසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා.නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවා. මෙපින් බලෙන් ගැඹුරුධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකමඋපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා.නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත්නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණසෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන්වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන්වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ,සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු,මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත,සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස,ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේබුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතුඅනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම්දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘදිව්‍යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයටඅපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්සමහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදීසතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූගණදෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ,ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලුදෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන්මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නටමේ පින් හේතුවාසනා වේවා.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම ‍ වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා විසිනි.

චායාරූප නරඹන්න

ku/gala cancer hospital

ku/gala cancer hospital – king coconut and wl chair