
මේ විහාරසථානය පිහිටලා තියෙන්නෙ පොල්ගහවෙල පනලිය ප්‍රදේශයේ. විහාරස්ථානයේ නම රන්සිරි විජයාරාමය.
ඔබට මතක ඇති අපි චෛත්‍යරාජයන් වහන්සේ නමක් ප්‍රතිසංස්කරණය කරන්න මුදල් ඉල්ලා හිටිය. මෙන්න මේ ලින්ක් එකෙන් පෙනෙන්නෙ ඒ පින්කමට ආධාර ඉල්ලල මම දැම්ම පොස්ට් එක.
මේ ප්‍රදේශයේ පන්සල් දෙකක් තියෙනව. ඉතින් මේ රන්සිරි විජයාරාමයට අයිති ගොදුරු ගම්මානය ඉතා කුඩා කොටසක්. අනිත් එක මේ ප්‍රදේශයේ ඉන්නෙ සාමාන්‍ය ජනතාව. ඔය කුලියක් මලියක් හරි කරල කීයක් හරි හොයන් ජීවත් වෙන අයයි වැඩිපුර ඉන්නෙ. ඉතින් මේ චෛත්‍යරාජයාණන් වහන්සේ වෙනුවෙන් මුදල් වියදම් කරන්න ඒ අයට ලොකු හයියක් නෑ. අනිත් කාරණේ කාලෙකට කලින් බෝධීන් වහන්සේ වටා අටවිසි බුදුවරු වැඩඉන්න කුටි 28 හැදුව. ඉතින් නැවත වරක් මුදල් වියදම් කරන එක ලොකු ප්‍රශ්නයක් උනා. මම කිහිප වතාවක්ම මේ චෛත්‍යරාජයන් වහන්සේගේ හුණු ආලේපණය කිරීම සිදු කලා. මේ චෛත්‍යරාජයන් වහන්සේගේ ගර්භය පුපුරල තියෙන්නෙ. ඔයාලට පින්තූරෙ පේනව ඇති ඒ පිපිරුන ලකුණු. සිමෙන්ති තට්ටුව දිරල ගිහින්. වැහි වතුර නිතර ඇතුලට කාන්දු වෙනව ඇති. තව කාලයක් ගියානම් චෛත්‍යරාජයන් වහන්සේට බරපතල හානි වෙන්න ඉඩ තිබුණ. ඉතින් අන්න ඒ නිසයි මේ චෙචත්යයේ ප්‍රතිසංස්කරනයට ඔබෙන් ආධාර පැතුවෙ. ස්වාමීන් වහන්සේ කිව්වෙ අඩු තරමින් රුපියල් ලක්ෂයක් වත් ලැබුනොත් ඉතිරි ටික කොහොම හරි හොයාගන්නම් කියලයි.