Skip to main content
Category

All Posts

All Posts

අඩු ආදායම් පවුල්වල දූ දරුවන්ට පාසැල් නිල ඇදුම් ලබාදුන් වගයි …

By All Posts, අඩු ආදායම් පවුල්වල දූ දරුවන්ට පාසැල් නිල ඇදුම් ලබාදුන් වගයි

ඉතින් අපි 2013.09.25 දින ධර්ම දේශනයක් පැවැත්තුව කියල මීට පෙර පෝස්ට් එකේ තිබ්බ.  එදාම අපි අහිංසක දූ දරුවන් ඉන්න පාසැලක දිලිදු දරුවන්ට පාසැල් නිල ඇදුම් ලබා දුන්න.
විශේෂයෙන්ම කියන්න ඕනි මම ඉල්ලුවෙ එක නිල ඇදුමකට පමණක් සල්ලි. ඒනිසයි ගොඩදෙනෙක් පොඩි මුදල් දීල තියෙන්නෙ. ඒක මම හිතපු විදිහ. නමුත් ‍මගෙ පින්වත් යහලුවො මම හිතුවටත් වඩා විශාල මුදලක් මට රැස් කරල දුන්න. එක් නිල ඇදුමකට මුදල් දුන්න අය දුක් වෙන්න එපා. මොකද ඒ මම ඉල්ලුපු විදිහනෙ. ඉතින් මේ නිල ඇදුම් පාසැලේ ගුරුවරයෙක් විසින් බොරැල්ලේ කොවිද හිමිපාණන් අතින් බාරගත් අයුරු ඔය රූපයේ තියෙන්නෙ. ඉතාම ඉක්මනින් විදුහල්පතිතුමා ලබාදෙන ස්තුති කිරීමේ ලිපිය ලැබෙන්න සලස්සන්නම්.
Read More

මුහුණුපොතේ මිතුරු මිතුරියන් සමග පැවැත්වූ සුමධුර ධර්ම දේශනය …

By All Posts, මුහුණුපොතේ මිතුරු මිතුරියන් සමග පැවැත්වූ සුමධුර ධර්ම දේශනය

පින්වත් යහලුවනේ අපි (2013/09/25) සුමධුර ධර්ම දේශනාවක් පැවැත්තුව. ඒකට පූර්ණ දායකත්වය දුන්නෙ බහරේන් වල රැකියාවේ නියුතු මුහුණුපොතේ මන්ජු අක්කයි. ඒත් එක්ක ධර්මාසනයක් පූජ කල. එයත් මුහුණුපොතේ මගෙ අයිය කෙනෙක්. එයාගෙ නම සරත් කුමාර අයිය. ඊලගට අපි දිලිදු දරුවො හතලිහකට පමණ පාසැල් ඇදුම් අරන් දුන්න. ඒ සදහා
1.ලයනල් ගුනතිගක මහතා
2. දිනුෂ විජේතුන්ග මහතා
3.රුවන් එස්. ජයසිංහ මහතා
4.නෙව්ශිකා හේරත් මිය
5.චාමර මහතා
6.මගෙ මංජු අක්ක වගේම එයාගෙ යාලුවො ටික.
රුවන් හෙට්ටිආරච්චි හා මනෝරි දමයන්ති හෙට්ටිආරච්චි යුවල නදුන් සිල්වා හා නෙහාරා සදමාලි සිල්වා
රන්ජිත් මුණසිංහ , රේණුකා හේරත් රත්න මැද්දෙගොඩ හා චමිලා මැද්දෙගොඩ කියන මේ අය මුදල් ලබා දුන්න. මේ පිලිබද වෙනම පොස්ට් මීලගට පලවෙනව. ඒ නිසා මෙතන මුදල් ප්රමාණයන් දාන්නෙ නැහැ.

Read More

බිනර පෝදා අපේ පුංචි කොත්තමල්ලි දන්සැල …

By All Posts, බිනර පෝදා අපේ පුංචි කොත්තමල්ලි දන්සැල

බිනර පෝදා ලද නිවාඩුවකින් අපි ප්‍රයෝජන ගත්ත. අද පාන්දරම කල්පනා උනා දන්සැලක් දෙන්න. හිත මිතුරු අයිය කෙනෙකුට කථා කලාම එයාගෙ තාත්ත නැතිවෙලා අදට මාස අටක්. ඉතින් තව යාලුවො දෙන්නෙකුත් එකතු කරන් හදිසියේම දන්සැල දෙන්න ලැහැත්ති කලේ. ඔය ඉහත ඡායාරූපයෙ ඉන්නෙ ඒ අයිය. මේවගේ පින්කම් දමන්නෙ කාගෙන්වත් ලකුණු දාගන්නනම් නෙවෙයි. ඔයාලට විශේෂයෙන්ම අපේ විදෙස්ගතව ඉන්න අපේ සොයුරු සොයුරියන්ට පින් අනුමොදන් වෙන්නයි. සාදු කියල මේ පින ඔබත් අනුමොදන් වන්න.

වැඩිය ඡායාරූප ගන්න ගියෙත් නැහැ. ඉතින් ඒක එච්චර හොද වැඩකුත් නෙවෙයිනෙ මේ වෙලාවෙ. ඡායාරූප දෙකක් ගත්ත. මෙන්න මෙතනින් බලන්නකො ගත්ත ඡායාරූප ටික.

අනන්ත බුදුගුණ බෙලෙන් තුන්ලොවම සැනසේවා … …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා.

 

බෝධීන් වහන්සේනමක් අසල පහන් ගෙයක් ඉදිකිරීමට කළණ මිතුරන්ගේ දායකත්වයෙන් මුදල් පරිත්‍යාග කලෙමි

By All Posts, බෝධීන් වහන්සේනමක් අසල පහන් ගෙයක් ඉදිකිරීමට කළණ මිතුරන්ගේ දායකත්වයෙන් මුදල් පරිත්‍යාග කලෙමි

බෝධීන් වහන්සේනමක් අසල පහන් ගෙයක් ඉදිකිරීමට කළණ මිතුරන්ගේ දායකත්වයෙන් මුදල් පරිත්‍යාග කලෙමි
පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාමයට පහන් ගෙයක් ඉදිකරන්නට මුදල් පරිත්‍යාග කලා.
බෝධීන් වහන්සේ අවට පහන් තැබීම නිසා පොල් තෙල් වලට බෝධීන් වහන්සේගේ පැවැත්මට බාධාවක් උනා. ඔය කාරනේ නිසයි පහන් ගෙයක් ඉතිකරන්න තීරණය කලේ. මේ සදහා මගෙ යාලුවො තුන් දෙනෙක් මුදල් පරිත්‍යාග කලා.

දිනුෂ විජේතුනංග                                  –           10,000/-
ශිරන්ත ඉලංගරත්න මහත්මයා             –             5,000/-
කල්පන අතුරුගිරිය                              –             5,000/-

විශේෂයෙන්ම දිනුෂ මහත්මයගෙ 29 වැනි උපන්දිනය වෙනුවෙන් මේ මුදල් දස දහසක මුදලක් පරිත්‍යාග කලේ.

Read More

ඉපැරණි බෝධීන් වහන්සේ නමක් රැකගැනීමට දායක වූ වගයි …

By All Posts, ඉපැරණි බෝධීන් වහන්සේ නමක් රැකගැනීමට දායක වූ වගයි

පින්වත් යාලවො හැමෝම දන්නව අපි මේකාලය තුල විශාල පින්කම් රාශියක්ම කලා. මගෙ සහෝදර සහෝදරියො වගේ ඉන්න මේ යාලුවොසියලු දෙනා මා පිලිබද තැබූ විශ්වාසයට මම නයගැති වෙන්න ඕනි. ඔබ මාවෙත එවූ සියලු මමුදල් සතයක්වත් අඩුවක් නොවෙන්න මගෙ අතිනුත් වැයදම් කරල ඔබ එවූ සියලු පින්කම්සම්පූර්ණ කලා.

Read More