Skip to main content
Category

All Posts

All Posts

කළණ මිතුරෙකුගේ උදව්වෙන් දොළොස්මහේ පහණක් පූජා කලෙමි.

By All Posts, කළණ මිතුරෙකුගේ උදව්වෙන් දොළොස්මහේ පහණක් පූජා කලෙමි.

 

මේ පින්කම දොළොස් මහේ පහන් පූජාවක්.
ඔයාලට මතක ඇති කාලෙකට ඉස්සර පින්කම් ගොඩක් සිදුකලා. මෙන්න මෙතනින් බලන්න පුලුවන් ඒ පින්කම් පිලිබදව.

ඉතින් ඒ පින්වත් අයිය තමයි මේ පහන පරිත්‍යාග කලේ. ඒ පන්සල තමයි පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරය. පන්සලේ දොලොස් මහේ පහණක් තිබුන. ඒක හොරු අරන් ගියා. හොරා අල්ලන් බැරි උනා. ඉතින් පහන් ගේ විතරක් තිබුන. මේ පිලිබදව දැනුම් දුන්නම මේ පින්වත් අයිය ඒ පහණත් පරිත්‍යාග කරන්න භාර ගත්ත. අපිට පසුගිය පොසොන් පොහොය දවසෙ ඒ පහණ පරිත්‍යාග කරන්න පුලුවන් උනා. ඔයාලට පින්තූ‍ෙරන් පෙන්වන්නෙ ඒ පහණ තමයි. මේකෙ වටිනාකම රුපියල් 40,000ක්. නමුත් මේ පහණ හදපු කෙනා පන්සලේ දායකයෙක්. ඒ නිසා එයාගෙ මහන්සිය අඩුකරල පහණ රුපියල් 30,000කට ලබාදෙන්න එයා කාරුණික උනා. ඒ මුදල ලබාදුන්නෙ මම කියපු අයිය.

Read More

කළණමිතුරෙකුගේ පූර්ණ ධන පරිත්‍යාගය මත ඝණ්ඨාර පූජාවක් සිදු කලෙමි.

By All Posts, කළණමිතුරෙකුගේ පූර්ණ ධන පරිත්‍යාගය මත ඝණ්ඨාර පූජාවක් සිදු කලෙමි.

කුරැණෑගල බෝයගනේ නයිලිය විහාරස්ථානයට ඝණ්ඨාරයක ලොකු අවශ්‍යතාවයක් තිබුන.  ඉතාම කුඩා ගණ්ඨාරයක් තිබීම නිසා හරි හමන් ශබ්දයක් පිට වුනේ නෑ. ඉතින් ඒ පන්සලේ අවශ්‍යතාවය මට දැන්වුව. ඒ අනුව මම ඩුබායි වල සේවය කරන පින්වත් සොහොයුරෙකුට මේ පිලිබදව සැල කලා. එහි ප්‍රතිඵලයක් වශයෙන් රැපියල් 50,000ක් වටිනා ගණ්ඨාරයක් ඒ විහාරස්ථානයට පූජා කරන්න හැකි උනා. ඒ ගණ්ඨාරයේ ඡායාරූප තමයි මෙහි දක්වල තියෙන්නෙ.

Read More

පාරමිතා පදනමේ අනුග්‍රහයෙන් බිම් උලු පරිත්‍යාගයක් සිදුකලෙමු … …

By All Posts, පාරමිතා පදනමේ අනුග්‍රහයෙන් බිම් උලු පරිත්‍යාගයක් සිදු කලෙමු.

යහලුවනේ පාරමිතා පදනමේ ඉන්නෙ විදේශ රටවල ඉන්නඅපේ සහොදර සහෝදරියො එකතු වෙලා හදාගත්ත එකක්. ඇත්තටම පාරමිතා පසනම කියන්නෙ විදෙස්ගතව සිටින අපේ සහෝදර සිංහල බෞද්ධයන් එක්වෙලා පිහිටුවගෙන සිටින සංවිධානයක්. එයාල දහදිය මහන්සියෙන් හොයන මුදල්වලින් කොටසක් සිංහල බෞද්ධයා මෙන්ම විහාරස්ථාන ගොඩනැගීම පිණිස වෙන්කරනව.

Read More

රු. 130,000/ ආසන්න වියදමක් දරා ආරාමයක සිවිලිමක් නිමවූ වගයි …

By All Posts, රු. 130,000/ ආසන්න වියදමක් දරා ආරාමයක සිවිලිමක් නිමවූ වගයි

පින්වත් යහලුවනේ අපි පහුගිය කාලෙ පින්කම් රාශියක් සිදුකලා. මේ පින්කම් වලින් මුලින්ම කල පින්කම තමයි මේ සටහන් වෙන්නෙ. සියලු පින්කම් අපේ වෙබ් අඩවියෙන් නරඹන්න පුලුවන්. http://ifbcnet.org/our-projects/ බුදුදහම ප්‍රචාරය කිරීම පිණිස අපි සංවිධානයක් පිහිටුවා ගත්ත. ඒ සංවිධානෙ නම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම. එහි නිළ පිටුව මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්. https://www.facebook.com/buddhist.foundation අපි පටනගත්ත පමු පින්කමට ලොකු බාධා එන්න පටන්ගත්ත. නොයෙක් චෝදනා එන්න පටන්ගත්ත ඒත් දයාබර සොහොයුරියක් මගෙ කථාව විශ්වාස කලා. ඇය මට උදව් කරන්න පොරොන්දු උනා. ඇයගේ අකමැතිකම නිසා ඇයගේ නම හෙලිදරව් කරන්න විදිහක්නම් නෑ. මේ ආරාමයේ කුටිය හදල තිබුනෙ. වැඩ නිමකරන්න වෙන්කල මුදල මදිවෙලා තිබුනෙ. ඒ නිසා සිවිලිම නැතිව තිබූ අවස්ථාවකයි අපි මේ වැඩේ බාරගත්තෙ.

Read More