
රු. 130,000/ ආසන්න වියදමක් දරා ආරාමයක සිවිලිමක් නිමවූ වගයි …
Posted by Eranda | All Posts, රු. 130,000/ ආසන්න වියදමක් දරා ආරාමයක සිවිලිමක් නිමවූ වගයි | No Commentsපින්වත් යහලුවනේ අපි පහුගිය කාලෙ පින්කම් රාශියක් සිදුකලා. මේ පින්කම් වලින් මුලින්ම කල පින්කම තමයි මේ සටහන් වෙන්නෙ. සියලු පින්කම් අපේ වෙබ් අඩවියෙන් නරඹන්න පුලුවන්. http://ifbcnet.org/our-projects/ බුදුදහම ප්‍රචාරය කිරීම පිණිස අපි සංවිධානයක් පිහිටුවා ගත්ත. ඒ සංවිධානෙ නම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම. එහි නිළ පිටුව මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්. https://www.facebook.com/buddhist.foundation අපි පටනගත්ත පමු පින්කමට ලොකු බාධා එන්න පටන්ගත්ත. නොයෙක් චෝදනා එන්න පටන්ගත්ත ඒත් දයාබර සොහොයුරියක් මගෙ කථාව විශ්වාස කලා. ඇය මට උදව් කරන්න පොරොන්දු උනා. ඇයගේ අකමැතිකම නිසා ඇයගේ නම හෙලිදරව් කරන්න විදිහක්නම් නෑ. මේ ආරාමයේ කුටිය හදල තිබුනෙ. වැඩ නිමකරන්න වෙන්කල මුදල මදිවෙලා තිබුනෙ. ඒ නිසා සිවිලිම නැතිව තිබූ අවස්ථාවකයි අපි මේ වැඩේ බාරගත්තෙ.