
බිනර පෝදා ලද නිවාඩුවකින් අපි ප්‍රයෝජන ගත්ත. අද පාන්දරම කල්පනා උනා දන්සැලක් දෙන්න. හිත මිතුරු අයිය කෙනෙකුට කථා කලාම එයාගෙ තාත්ත නැතිවෙලා අදට මාස අටක්. ඉතින් තව යාලුවො දෙන්නෙකුත් එකතු කරන් හදිසියේම දන්සැල දෙන්න ලැහැත්ති කලේ. ඔය ඉහත ඡායාරූපයෙ ඉන්නෙ ඒ අයිය. මේවගේ පින්කම් දමන්නෙ කාගෙන්වත් ලකුණු දාගන්නනම් නෙවෙයි. ඔයාලට විශේෂයෙන්ම අපේ විදෙස්ගතව ඉන්න අපේ සොයුරු සොයුරියන්ට පින් අනුමොදන් වෙන්නයි. සාදු කියල මේ පින ඔබත් අනුමොදන් වන්න.
වැඩිය ඡායාරූප ගන්න ගියෙත් නැහැ. ඉතින් ඒක එච්චර හොද වැඩකුත් නෙවෙයිනෙ මේ වෙලාවෙ. ඡායාරූප දෙකක් ගත්ත. මෙන්න මෙතනින් බලන්නකො ගත්ත ඡායාරූප ටික.
අනන්ත බුදුගුණ බෙලෙන් තුන්ලොවම සැනසේවා … …
බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා.