
ඊශ්‍රාඉල් වල සේවය කරන පින්වත් නංගියෙක් ගේ දන පරිත්‍යාගය මත 2013 ඔක්තෝබර් 18 වැනි දින මේ පින්කම බෝයගනේ නයිලිය ශ්‍රී නාගංගනාරාමයේදී සිදු කෙරුනා.
මේ පින්වත් නංගිය සිදුකල පින්කමට මම උදාහරණයක් දෙන්නම්. මේ කථාව උපුටාගත්තෙ පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ ‘ඉතා පැරැණි සිංහල බණ කතා’ පොතෙන්.
සුමන බාලිකාවගේ කථාව
********************
තාම්රපර්ණි දිවයින වනාහි තුන්සියයක් යොදුන් දිගැත්තේ ය. හැම පැත්තෙන් සාගර ජලයෙන් වටවිය. සඳමඬලේ හැඩහුරුකම් ඇතිවිය. ඒ ද්වීපයෙහි වූ අනුරාධපුර නමැති නගරය ශක්‍ර දේවේන්ද්රයාගේ පුරය මෙන් බබළයි. ඒ නගරයෙහි තිස්ස නම් උපාසකයෙක් ඔහුගේ දූ වූ සුමනා නම් බාලිකාවක් සමග වෙසේ’ ඕ තොමෝ එක් දිනක් පියා සමග දබරකොට කෝපයෙන් යුතුව ගෙයින් පිටවී කඩරොද නම් තැනට පැමිණ වනයට වැද සත්දිනක් ආහාරපාන නැතිව සාපිපාසාවෙන් මැඩී ගසක් මුල හුණි. පියා පසුව ගොස් වනයෙහි ඇය සොයා නොදැක ශෝකයෙන් මඩනාලදුව හැරී ගියේ ය. අන්කිසි මිනිසෙක් බත්මුලක් අතේ ඇතිව ගමනක් යන්නේ එහි හුන් ඇය දැක කරුණාභරිත වූයේ ධීතෘසෙනෙහය උපදවාගෙන මෙසේ කීය:
Read More