
ඉතින් අපි 2013.09.25 දින ධර්ම දේශනයක් පැවැත්තුව කියල මීට පෙර පෝස්ට් එකේ තිබ්බ. එදාම අපි අහිංසක දූ දරුවන් ඉන්න පාසැලක දිලිදු දරුවන්ට පාසැල් නිල ඇදුම් ලබා දුන්න.
විශේෂයෙන්ම කියන්න ඕනි මම ඉල්ලුවෙ එක නිල ඇදුමකට පමණක් සල්ලි. ඒනිසයි ගොඩදෙනෙක් පොඩි මුදල් දීල තියෙන්නෙ. ඒක මම හිතපු විදිහ. නමුත් මගෙ පින්වත් යහලුවො මම හිතුවටත් වඩා විශාල මුදලක් මට රැස් කරල දුන්න. එක් නිල ඇදුමකට මුදල් දුන්න අය දුක් වෙන්න එපා. මොකද ඒ මම ඉල්ලුපු විදිහනෙ. ඉතින් මේ නිල ඇදුම් පාසැලේ ගුරුවරයෙක් විසින් බොරැල්ලේ කොවිද හිමිපාණන් අතින් බාරගත් අයුරු ඔය රූපයේ තියෙන්නෙ. ඉතාම ඉක්මනින් විදුහල්පතිතුමා ලබාදෙන ස්තුති කිරීමේ ලිපිය ලැබෙන්න සලස්සන්නම්.
Read More