Skip to main content
All Posts By

Eranda

උතුම් නවම් පෝදා කදුකර ආරණ්‍යයකට විදුලි පහන් කණු 06ක් පූජාකල වගයි ..

By All Posts

2015/02/03 නවම් පුන් පෝ දින අපි පින්කමක් සිදුකර ගත්ත. ඒ විදුලි පහන් ආලෝක කණු හයක් සම්බුදු සසුන වෙත පූජා කිරීමයි මේ වෙනුවෙන් අපිට පූර්ණ දායකත්වය ලබාදුන්නේ මුහුණුපොතේ පින්වත් මිතුරන්. මේ වෙනුවෙන් රු 24,518/= ක මුදලක් වැය උනා. ස්ථානය හරියටම කියනවනම් කුරුණෑගල, මල්පිටිය, නැළව විවේක ආරාමය. මුහුණුපොතේ මිතුරන් විසින් ඉතාම ශ්‍රද්ධාවෙන් මේ කටයුත්තට දායක උනා. මේ පින්කම හදුන්වන්නේ ආලෝක පූජාවක් විදිහටයි. ඒනිසා පහන් ආලෝක පූජාව උනත්, විදුලි ආලෝක පූජාව උනත් මහත්ඵල  මහානිසංස ‍ලබාදෙන පූජාවක්.
අපිට මේ වෙනුවෙන් පහත පින්වත් මිතුරු මිතුරියන් ආධාර ලබා දුන්න.

පුබුදුනී නංගියා 10,000/-
චන්දන ලියනගේ මහතා 5000/-
ශානි මාරසිංහ සොහොයුරිය 5,000/-
එරංග සෙනෙවිරත්න මහතා 5000-/
ධම්මික අබේසේකර මහතා 500/-
තිළිණ විජේසිංහ මල්ලි සහ ඔහුගේ යෙහෙලිය 1500/-
නම සදහන් නොකර එවූ මුදල් රු- 2500/-

____________________________________________

මුලු මුදල = රු 31,500.00
වියදම් වූ ආකාරය මෙහෛමයි.

Read More

මුහුණුපොතේ මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් එක් දරුවෙකුට ශිෂ්‍යත්වයක්ද සමග ආර්ථික අපහසුකම් ඇති දරුවන් දෙදෙනෙකුට පාවහන්, නිල ඇදුම් ඇතුලුව අවශ්‍ය සම්පූර්ණ උපකරණ ලබාදුන් වගයි.

By All Posts

ආර්ථික අපහසුකම් ඇති දරුවන් දෙදෙනෙකු වෙනුවෙන් අද දින අප පාසැල් උපකරණ පරිත්‍යාගයක් සිදුකලා. මින් එක් දරැවෙකු වෙනුවෙන් මාස්පතා පිරිනැමෙන ශිෂ්‍යත්වයක් ද ලබාදුන්නා.

මේ පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන්නේ

සේපාලිකා  නංගියාත්, එරන්ග විතාරණ මහතාත්, උදාරි නංගියාත්, තව නම සදහන් නොකල පින්වත් සොයුරියක් යන මේ පිරිසයි.

නිල ඇදුම් සදහා –  රු 976.00

ලිපිද්‍රව්‍ය – රු 2040.00

උපකාරක පොත් රු 640.00

පාවහන් සදහා රු 2680.00 ( මේ වෙනුවන් රු 1000.00 වටිනා වවුච් දෙකක් ලද බැවින් අමතරව ගෙවන ලද්දේ 680.00 පමණි.)

ආවරණය සදහා කවර වෙනුවෙන් රු 15.00

_____________

මුලු මුදල. රු. 6351.00

_____________

වවුචර් හැර අතින් දුන් මුදල රු 4351.00

ඔවුන් වෙනුවෙන් පාවහන්,  නිල ඇදුම්, හා අනිකුත් පාසැල් උපකරණ මෙහිදී පිරිනැමුන. ඒ පිලිබද සියලු බිල්පත් පහතින් දක්වා තියෙනව. Read More

උතුම් දුරුතු පෝදා පින්වත් මුහුණුපොතේ මිතුරන් දෙදෙනෙකුගේ දායකත්වයෙන් රු 58,000/-ක් වටිනා කොට්ට,මෙට්ට, ඇද ඇතිරිලි සහිත අංග සම්පූර්ණ ඇදන් තුනක් ගෞතම බුදුසසුනේ සැරියුත් මුගලන්පරපුරේ මහ සග පරපුර වෙනුවෙන් පූජා කල වගයි …

By All Posts

2015/01/04  දින උතුම් දුරුතුපෝය වෙනුවෙන් ගෞතම බුදුසසුනේ සැරියුත් මුගලන් මහ සග පරපුර වෙනුවෙන් ශ්‍රෙෂ්ඨ පූජාවක් සිදු කලා. ඒ කොට්ට,මෙට්ට, ඇද ඇතිරිලි සහිත අංග සම්පූර්ණ ඇදන් තුනක් පූජා කිරීමයි. මින් ඒක ඇදක් ඩබල් ඇදක් නිසා මේ ඇදන් තුනෙහි ස්වාමීන් වහන්සේලා හතර නමකට මෙහි සැතපෙන්න පුලුවන්. මේ විහාරස්ථානය පිහිටා ඇත්තේ කුරුණෑගල නගරයට ආසන්නවයි.

මේ වෙනුවෙන් දායක වුනේ

ජනක ලියනගේ මහතා – රු 50,000.00

නන්දන මහතා රු 8500.00
___________

මුලු මුදල රු 58,500.00

ඩබල් පටි  ඇද සදහා –                       රු 13,000.00

මෙට්ටය සදහා –                                    රු 5200.00

සින්ගල් හැඩ ඇදන් දෙකට 13,500 X  2 = 27,000

මෙට්ට දෙ සදහා                  4500.00 X 2 = 9000

කොට්ට 03 X 350.00 =  1050.00

ඇද ඇතිරිලි (බෙඩ් ශීට්)

බඩල් ශීට් එක – රු 400.00

සින්ගල් ශීට් 02 X 350 = රු 700.00 Read More

නව වසරට අසිරි පතමින්, ධර්ම ශාලාවක් ප්‍රතිසංස්කරණ මහ පින්කමකට දායක වෙමින්, අටවිසි බෝධි පූජාවකට සහභාගි වෙමින් 2014 වසරේ අවසන් දින රු 96,400/- මුදලක් ගෞතම බුදුසසුනට පූජා කල වගයි …

By All Posts

අපි තවත් ලොකු පින්කමක් කලා. ඒ ගරා වැටී ඇති ධර්මශාලාවක් ප්‍රතිසංස්කරණය සදහා රු 96,400/- ක මුදලක් ගෞතම බුදු සසුනට පූජා කලා. ඒ වගේම ඒ සදහා මුදල් ලබාදුන් සියලු සෙනා නමින් අටවිසි පූජාවේදී අෂ්ඨ පරිෂ්කාර පූජා කලා. මේ පින්කම වෙනුවෙන් බොහෝ දෙනෙක් සහභාගි වූ අතර සමහර අයගේ නම් ගම් හරිහැටි සොයාගන්න බැරි උනා. ඒ අයගේ නම් ඉදිරියෙන් හිස්තැනක් තියල ඇති. සමහරැ කථාකල දුරකථන වැඩ කරන්නෙ නැහැ පස්සෙ. ඉතින් දුරකථන අංකයේ භාගයක් සටහන් කරල තියෙනව. බොහො දෙනෙක් තමන්ගෙ නම් ඉදිරිපත් කරනවට අකමැති නිසා නම් වල කොටස් පමණක් දාල තියෙනව.

1          කතරගම ගෞතම හිමි      රු 500.00

2          සේපාලිකා ගමගේ මෙනෙවිය   රු50000.00

3          නදීරා තේජානි මිය       රු15000.00

4          වත්සලා කරුණානායක මෙනෙවිය.      රු1000.00

5          නන්දන මහතා රු6000.00

6          රුවන් එස්. ජයසිංහ මහතා        රු1700.00 Read More

හදිසි අනතුරකින් ජීවිතාවදානමක සිටින පුංචි දියණියකගේ ඉල්ලීම පරිදි මුහුණුපොතේ පින්වත් කළණ මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සාංඝික දානයක් පූජාකල වගයි …

By All Posts

අද දින අපි තවත් පින්කමක් සිදුකලා. ඒ තමයි හදිසි අනතුරකින් ජීවිත අවධානමක සිටින අහිංසක දියණියකගේ ඉල්ලීම පරිදි සාමණේර භික්ෂූන්වහන්සේලා විෂයයෙහි සාංඝික දානයක් පැවැත් උනා.

රූපයේ සිටින දියණියගේ සිරුර මතට බිත්තියක් කඩා වැටීම හේතු‍වෙන් දුවගේ ස්වාසනාලය ආශිතව දැඩි හානියක් සිදු උනා. ඉතින් පුංචි දුවගේ ජීවිතය අපහසුවෙන් ගොඩගත්තත් දියණියගේ වැඩීමත් සමග ඇගේ ජීවිතය අවදානම් තත්වයකට පත්වෙලා

ඉතින් දුව නිතරම පිනට දහමට ලැදි නිසා දුවගේ ඉල්ලීමක් තිබුනා සාංඝික දානයක් දෙන්න. ඒ නිසා පින්වත් කළණ මතුරන් දෙදෙනෙකුගේ හා මිතුරියකගේ දායකත්වයෙන් ඒ සිගිත්තියගේ ඉල්ලීම ඉටු කරන්න.

මේ වෙනුවෙන් දායකත්වය ලබාදුන්නේ

සේපාලිකා ගමගේ නංගියා  රු 8500/-

ඉෂාර ප්‍රනාන්දු මහතා රු 2000/-

සුනෙත් ජයන්ත මහතා රු 3256/-

වෙනත් රු 200/-
—————————————-

ලද මුලු මුදල -13956/-

පිරිකර සදහා වැය වූ මුදල – රු 5692.00

අට පිරිකර විහාරස්ථානයෙන් ලබාගත්තා රු. 1,500.00

දානය සහ අවුල්පත් සදහා වියදම  රු 6909.00

—————————————————-

මුලු වියදම  – 13291.00

ඉතිරි මුදල  – 665.00

Read More