Skip to main content
All Posts By

Eranda

මුහුණුපොතේ පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් දෙනෙතේ සුද මතු වූ පුංචි පුතෙකුට 2014 නොවැම්බර් මාසයේ වම් ඇසට කාචයක් බද්ද කල අතර ඒ මිතුරාගේම දායකත්වයෙන් රු 28,000/- ක වියදමින් ‍2015 අප්‍රේල් 23 ( හෙට ) දකුණු අැසටද කාචය බද්ද කරන වගයි …

By All Posts

කුරුණෑගල බෝයගනේ නයිලිය ප්‍රදේශයේ ජීවත්වන පුංචි පුතෙකුගේ ඇස්වල සුද මතුවීම නිසා ඔහුව ශෛල්‍යකර්මයකට භාජනය කිරිමට සිදුවි තිබෙනවා. වම් ඇසේ සුද මතුවීම නිසා 2014 නොවැම්බර් 28 දින කාචයක් බද්ද කල අතර දකුණු ඇසට කාචයක් බද්ද කරන්න උනේ මාස තුනකින්. ඒ අනුව හෙට දින (2015/04/23)දකුණු ඇසට කාචයක් බද්ද කෙරෙනව. මේ කාච යුගලය සදහාම  පූර්ණ ධන පරිත්‍යාගය සිදුකලේ මා හිතාදර දුලිප් දෙනවක මහතාත්, ඔහුගේ බිරිද වන තනුජා නයෝමි නිස්සංක මහත්මියත් විසින්.

 පින්වත් මිතුරාට කාරණය දන්වා පැය කිහිපයක් ඉක්ම යන්නටත් කලින් ඔහු රු 30,000ක් ලබා දුන්නා.

 කාචය සහ අවශ්‍ය උපකරණ සදහා වියදම රු 26076.00 ක්වූ අතර රු 1924.00ක් ඔවුන්ට ගමන් බිමන් ආදිය සදහා පරිත්‍යාග කලා. ඉතිරි රු 2000.00 ක මුදල ශ්‍රී පුෂ්පදේව බෝධි සංවර්ධන අරමුදලට වෙන්කලා.

 වම් ඇසට මුදල් පරිත්‍යාගය කල විස්තරය මෙන්න මේ ලින්ක් වලින් බලන්න පුලුවන්

Read More

නව වසරේ අසරණ සීයා කෙනෙකු වෙනුවෙන් මහ පින්කමක් සිදු කලෙමු …

By All Posts

යාලුවනේ අපි නව වසරේ තවත් පින්කමක් සිදුකලා. ගසක් කඩා වැටීම නිසා පැල්පත විනාශ වූ සීය කෙනෙකුට ඔහුගෙ නිවස නැවත ගොඩනගාගන්න අවස්ථාව ලබා දුන්න. මේ සීය ඉන්නෙ කුරුණෑගල මල්පිටියෙ.  තනියම ජීවත්වෙන සීයට උපකාර කරන්න ජනක පී. ලියනගේ මහාත් තිලිණ විජේවර්ධන මහතාත් දායකත්වය ලබාදුන්න.

 

ජනක ලියනගේ මහතා රු 10,000.00

තිළිණ විජේවර්ධන මහතා රු 500.00
————————————–

එකතුව                   රු 10,500.00

 

වියදම්

තහඩු සහ තොප්පි ඇණ වෙනුවෙන් වියදම් වූ මුදල රු 945.00

කම්කරු කුලී දින 3ක් වෙනුවෙන් රු 3000.00

සාමාන්‍ය ඇණ වියදම 130.00

වියලි ආහාර සහ මුලුතැන් ගෙයට අවශ්‍ය උපකරණ රු 1140.00

——————————-

මුලු වියදම රු 5215.00

 

මේ පින්කම සිදුකල ජනක මහතාටත් තිළිණ මහතාටත් ඉතාම පින්සිදුවෙනව. මේ අසරණ සීයට සලකන්න අඹු දරුවන් නැහැ. ඥාතීන් හිටියත් සලකන්නේ නැහැ. තනියම කුලියක් කරල මෙයා ජීවත් වෙන්නෙ. ඉතින් මේ සීයට හිසට නිවහනක් හදාගන්න පුලුවන් උනේ පින්වත් මිතුරන් නිසා. ඔහුට තනියම නිවස හදාගන්න හැකියාවක් තිබුනෙ නැහැ. ඒ නිසා දින තුනක් එයාට උදව් කරන්න කෙනෙක් කුලියට යෙදෙව්ව. ඊට අමතරව සීයට අවශ්‍ය වලං මුට්ටි මෙන්ම හාල්, සහ අනිකුත් වියලි ආහාර ද්‍රව්‍ය ලබාදුන්න.

ඉතින් මේ මහා පින්කමේ බලයෙන් ජනක මහතාටත් තිළිණ මල්ලිටත් අප්‍රමාණ කුසල් හිමියෙනව. යමෙකුට හිසට වහලක් හදනව කියන්නෙ අප්‍රමාණ කුසලයක්.

පින්වත් ජනක මහතාණෙනි, තිළිණ මහතාණෙනි. මුහුණුපොතේ ලිපියක් පලකල පමණින් ඔබ මාකෙරේ අපමණ විශ්වාසයකින් මෙවන් මහ පින්කමක් සිදුකලේ. මෙපින් බලෙන් ඔබ කරන සියලු දේ අතිෂයින් සාරථක වේවා. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන මේ සියල්ල ඔබට හිරුරැස් මෙන් ගලා ඒවා. ඔබට ඇති සියලු බාධාවෝ දුරුවේවා. සසර කතර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නට නොලැබේවා. ඔබට සසර පුරාවටම සතරවරම් දෙවියන සතර වටින් ආරක්ෂා කරත්වා. යක්ෂ, ප්‍රේත, ඉරි,වැල් පැන්නුම්, දිෂ්ඨි ආදි නොයෙක් දුෂ්ට බලවේග ඔබ දුටුතැන පලායන තරම් මහා ආරක්ෂාවක් ඔබ වටා ජනික වේවා. යන යන තැන කිරි ඉතිරේවා, සැමට ප්‍රිය ජනක වේවයා. කිසිදින හිග නොවන මහා භාණ්ඩාගාර, ධාන්‍යාගාර පහල වේවා.  හිසට සෙවන ලබාදුන් පිනෙන් දිව්‍ය මාලිගා පහලවේවා. ආහාර ආදිය ලබාදුන් පිනෙන් දිව්‍ය ඕජස් පහලවේවා.  තව තවත් මෙවන් මහ පින්කම් සිදුකරගන්නට අවශ්‍ය වටපිටාව සැලසේවා. මතු ප්‍රාර්තනීය බෝධියකින් නිවන් දකින්නට මේ පින් හේතුවාසනා වේවා …

අප හටද පතන බෝධියෙන් නිවන් දකින්නටත් සසර කතරේ මුලාවූ අසරණ මිනිසුන්ට පිළි සරණක් වන්නටත් මෙපින් හේතුවාසනා වේවා …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා …

අසරණයෙකු වෙනුවෙන් ඉදි වූ නිවසක් ...

අසරණයෙකු වෙනුවෙන් ඉදි වූ නිවසක් …

දුගියන්ගේ කුසගිණි නිවමින් නව වසරට සූදානම් වීමු …

By All Posts

පින්වත් යාලුවනේ අපි අප්‍රේල් 11 වෙනිද ලොකු පින්කමක් කලා ආර්ථික අපහසු කම් ඇති පවුල් 25කට රු. 2,000.00 කට ආසන්න වියලි සහනාධාර මල්ලක් ලබා දුන්න.

මේ සදහා පහත සදහන් පින්වතුන් පින්වතියන් දායක උනා …

 

නමක් සදහන් නොකල අයෙක් මුදල් එවා තිබුනා රු 15,000.00

රොෂාන් ප්‍රගීත් මහතා රු 6500.00

තක්ෂිලා චන්ද්‍රණි සොයුරිය රු 5152.00

ඒ කොටුපිටිය රැ 5000.00

මේනක විතාරණගේ මහතා රු 2500.00

තිළිණ විජේවර්ධන මල්ලියා රු 1000.00

අමිල රුවන් මහතා රු 2500.00

හිරාන් මධු සංඛ මහතා රු 500.00

සේපාලිකා නංගියා රු 5000.00

ඩබ්.සී. දිල්ෂාන් මහතා රු 5000.00

රජිත් තෙන්නකෝන්,මහතා,

සුලන්ති ද කොස්තා මහත්මිය(බිරිඳ)

සහ දීප්ත ප්‍රේමසිංහ මහතා                     රු 2000.00

අමිල එරංග                                           රු 2500.00

————-

එකතුව       52652.00

 

වියදම්

ප්‍රවාහන ගාස්තු 1900.00

බඩු මලු 24ක් සදහා 1914 X 24 = 45936.00

ප්‍රමාදවී ලද මුදල් වෙනුවෙන් තවත් මල්ලක් සකස් කලා = 1990

ඉටි උර වෙනුවෙන් වියදම 750

වෙනත් වියදම් ( ලණු ආදිය) 70

මහව සිට පැමිණි සියලු දෙනා හට ආපසු යාටට ගමන් වියදම් ලබා දුන්නා  652.50

51298.50

 

ඉතිරි මුදල 1343.50

 

ඉතිරි මුදල් සියල්ල ශ්‍රී පුෂ්පදේව බෝධිරාජයන් වහන්සේ (දමුණුගොඩ රන් බෝධිය ) ප්‍රතිසංස්කරණය වෙනුවෙන් වෙන් කලා.

 

දානයේ ආනිසංස මොනවාද ?

 

අංගුත්තර නිකායේ නවක නිපාකයේ එන වේලාම සූත්‍රය දේශනා කරන කාලයේදී තථාගතයන් වහන්සේ වැඩි සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ යි. එක් දවසක් උන්වහන්සේගේ අග්‍ර දායකයා වූ අනේපිඬු සිටුතුමා තථාගතයන් වහන්සේ බැහැ දැකීමට ආ විටක උන්වහන්සේ සිටුතුමාගෙන් සුවදුක් විචාරලා ඔහු පෙර සේම දැනුත් දන් දෙනවැදයි විමසුවා. එවිට සිටුතුමා කියනවා පෙරසේම දැන් දන් දිය නො හැකි බවත් කටුක කැඳක් වැනි ආහාරයක් පමණක් දැන් දන් දෙන බවත් සිටුතුමා බොහෝම ශෝකයෙන් තථාගතයන් වහන්සේට පැවසුවා.

 

එය ඇසූ තථාගතයන් වහන්සේ ‘සිටුතුමනි දෙන ආහාරය කටුක වුවත් පුංචි සරල දෙයක් වුවත් ඒ දානය ක්‍රමානුකූලව සියතින්ම සාදා ශ්‍රද්ධාව පෙරටු කරගෙන, කර්මඵල විශ්වාසයෙන් දෙනවා නම් ඒ දානයේ ආනිසංස මහත්ඵල මහානිසංස වේ’ යැයි සිටුතුමාට වදාළා.

 

එයින් අපට තේරෙන්නේ දානයක වටිනාකම තියෙන්නේ දෙන දෙයෙහි නොව දෙන ක්‍රමයෙහි බවයි. ඒ වගේම දෙන දෙය සකස් කර දෙනවා වගේම දෙන දෙය ආදරයෙන් ගෞරවයෙන් දෙන්න ඕන. ඒ වගේම සියතින් පූජා කරන්න ඕන. දෙන දෙය තුළ විපාක තිබෙනවා කියලා සිතාගෙන ඕනෑම දෙයක් පූජා කරන්න ඕන.

 

ඔබ දන්නවා දාන වර්ග දෙකක් තිබෙනවා. සත්පුරුෂ දානය සහ අසත්පුරුෂ දානය. ඒ නිසා දෙන දානය හොඳ අවබෝධයෙන් දීම ඉතාම වටිනවා. දාන කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න මා මුලින් කී ලෙස සියතින් දානය නොදී අන් අය ලවා දන් දිමයි. ඒ වගේම දානය හොඳින් සකස් කර ක්‍රමානුකූ®ලව දන් නොදීමයි ඊළග කාරණය අනාදරයෙන් දානය දීමයි. ඊළඟට නරක් වූ දෙයක් ඉවත දමන දෙයක් ලෙස දානය දීමයි. ඒ වගේම ශ්‍රද්ධාවෙන් තොරව දන්දීමත් අසත්පුරුෂ දානයට අයත්.

 

තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේදී සිටුතුමාට වදාළා තමන් කලින් ආත්ම භාවයක දී දන් දුන් ආකාරය පිළිබඳව. උන්වහන්සේ වේලාව බ්‍රහ්මණයා ලෙස ඉපදී බොහෝ සේ දන් දුන්නා. රන්පාත්‍ර අසූහාර දාහක රිදී පුරවාද, රිදී පාත්‍ර අසූහාර දාහක රන්පුරවා ද, ලෝහ පාත්‍ර අසූහාර දාහක අමු රන් පුරවාද ඔහු දන් දුන්නා. රන් ආභරණවලින් සරසන ලද රත්රන් මිශ්‍ර රෙදිවලින් සැරසූ ඇතුන් අසූහාර දාහක් ද සිංහ හම කොටි හම් ආදී හම්වලින් නිපදවූ ඇතිරිලිකන් සරසන ලද විවිධ ස්වර්ණාභරණයෙන් යුත් රථ අසූහාර දාහක් දන් දුන්නා. සූ අසූ දහසක් රූමත් තරුණ ගැහැනු ළමයින්ව දෑවැදි සහිතව සුදුසු අයට පවරා දුන්නා. නන් වැදෑරුම් ආභරණ ඇඳුම් පැළඳුම් ආදිය දන් දුන්නා. අප්‍රමාණව දන් දුන්නා. මේක අසදෘශ දානයක්. ඉතින් තථාගතයන් වහන්සේ වදාළා නමුත් මේ වේලාම බ්‍රාහ්මණයාගේ් මේ දානය ආර්ථවත් කරන්න මහත්ඵල මහානිසංස කරන්න සුදුස්සෙක් ඒ කාලයේ ඉදළා නැහැ කියලා.

 

දානයක් මහත්ඵල මානිසංස වෙන්න කාරණා තුනක් අවශ්‍ය වෙනවා. පළමු එක පූජා බුද්ධියෙන් දීම. පූජා කරන්නේ තථාගතයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලාට, වැඩිහිටියන් ආදිය. දෙවැන්න අනුග්‍රහය බුද්ධියෙන් දීම. සමිති සමාගම්වලට වෙනත් වෙනත් ස්ථානවලට කරන පරිත්‍යාග, තුන්වැන්න අනුකම්පා බුද්ධියෙන් දීම, ඒ දුගි මගී යාචකයන්ට දෙන දානය.

 

ඉතින් මේ දේශනාවේදී තථාගතයන් වහන්සේ වදාළා සෝවාන් පුද්ගලයෙකුට පෞද්ගලිකව දෙන දානයට වඩා සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානය උතුම්. ඒ වගේම සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා එක් සකෘදාගාමි අයෙකුට දෙන දානය උතුම්. එවැනි සකෘදාගාමි එක් අයෙකුට දෙන දානයට වඩා සකෘදාගාමි පුද්ගලයන් සියයකට දෙන දානය උතුම්. එවන් සකෘදාගාමි පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා අනාගාමි එක් අයෙකුට දෙන දානය උතුම්. අනාගාමි පුද්ගලයන් සියයකට දෙන දානයට වඩා එක් රහතන් වහන්සේ නමකට දෙන දානය උතුම්. එක් රහතන් වහන්සේ නමකට දෙන දානයට වඩා රහතන් වහන්සේලා සියයකට දෙන දානය උතුම්. රහතන් වහන්සේලා සියයකට දෙන දානයට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානය උතුම්. පසේබුදුරජාණන් වහන්සේලා සියයකට දෙන දානයට වඩා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන දානය උතුම්. ඒ සම්මා සම්බුදුජාණන් වහන්සේට පූජා කරන දානයට වඩා සිව් දෙසින් වඩින බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය පරිහරණය සඳහා විහාරයක් කරවීම උතුම්. එනමුත් එවැනි විහාරයක් කරවා පූජා කරනවාටත් වඩා යම් පුද්ගලයෙක් සැදැහැයෙන් තෙරුවන් සරණ යන එක උතුම් බව තථාගතයන් වහන්සේ වදාළා.

 

ඒ වගේම යම් කෙනෙක් යමක ගඳ සුවඳ බලන මොහොතක් ලෝක සත්වයන් උදෙසා මෛත්‍රී භාවනාව වඩනවා නම් අර පන්සිල් රකින්නාට වඩා උතුම්. ඒ වගේම අසුරු සැණක් ගහන මොහොතක් හෝ අවබෝධයෙන් යුතුව අනිත්‍ය සඤ්ඤාව වඩනවා නම් අසුභ සඤ්ඤාව වඩනවා එය අන් සියල්ලටම වඩා උතුම් බව වදාළා. මෙහිදී සඳහන් කරන්නේ විදර්ශනා භාවනාව ගැනයි.

 

මෙයින් පැහැදිලි වන්නේ ආමිස දානයට වඩා ප්‍රතිපත්ති දානයට මුල් තැන දිය යුතු බවයි. නමුත් ආමිස දානය දියුණු නොකර ප්‍රතිපත්ති දානය දියුණු කළ නො හැකියි. ඒ දෙකම පුරුදු කරන්න ඕන. සමහර අය ලෝභයි. නමුත් හැම තිස්සේම සියලු දේ අනිත්‍ය යැයි කියමින් අනිත්‍ය මෙනෙහි කරනවා. එය සාර්ථක නැහැ. දානය නැත්නම් අතහැරීම ලෝභය දුරු කරන්නට ලේසිම මාර්ගය වෙනවා. තවත් අය දන් දෙනවා අන් අයට උදව් උපකාරත් කරනවා. නමුත් ඉන් එහාට සීලය තුළින් දියුණුවීමක් නැහැ.

 

දානයක් මහත්ඵල මහානිශංස වීමට දානය දෙන තැනැත්තා සීලවන්ත. පිරිසුදු කෙනෙක් වියයුතු වාගේම දානය පිළිගන්නා තැනැත්තා ද එලෙසම සීලවන්ත කෙනෙක් විය යුතුයි. ඒ වගේම දහඩිය මහන්සියෙන් සාධාරණව උපයා සපයා ගත් දේ සියතින් සූදානම් කර ශ්‍රද්ධාවෙන් දෙන දානය උතුම්.

 

සාන්දෘෂ්ටික (මෙලොවම තමා විසින් දැක ගත හැකි) දානානිසංස සතරක් පෙන්වා ඇත,

▶ දායක තෙමේ බොහෝ දෙනාට පි‍්‍රයමනාප කෙනෙක් වේ.
▶ දායකතුමා පිළිබඳව යහපත් කීර්ති රාවයක් පැතිරේ.
▶ ඕනෑම පිරිසක් කරා විශාරදව එළඹීමේ ශක්තියක් ලැබේ. මකුවීමකට තෙද රහිත වීමකට පත් නො වේ.
▶ යහපත් කල්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රය ලැබේ.

එසේම දානානිසංස සූත‍්‍රයට අනුව,

▶ ගිහි ධර්මයන්ගෙන් නො පිරිහුන කෙනෙක් වන බව දක්වා ඇත. අඛණ්ඩව සිල් ආදී ගුණ, පන්සිල් ආදී ගුණ රකින්නෙකු යන අර්ථය යි.
▶ තව ද මරණින් මතු සුගති ලෝකයක ඉපදීමට ද මෙම දානමය පිංකම හේතුවන බව පෙන්වා දී ඇත.

පින්වතුනි, තව ද සත්පුරුෂ දාන පහක් ඇති අතර එහි විශේෂ විපාක සප්පුරිස දාන සූත‍්‍රයට අනුව මෙසේ ය. සත්පුරුෂ දාන ආනිසංස පහ

▶ ශ‍්‍රද්ධාවෙන් දන්දීම හේතුවෙන් විශිෂ්ඨ රූප සම්පත් ලැබේ. එබැවින් ශ‍්‍රද්ධාවෙන් ම දන් දෙත්වා !
▶ සකස්කොට දන්දීම හේතුවෙන් කීකරු දූ පුතුන් අඹුදරුවන් ස්වාමිපුත‍්‍රයන් දැසි දස්සන් ලැබේ. (එබැවින් දෙන දෑ සකස් කොට දීමට පුරුදු වන්න)
▶ ආගන්තුක දාන, ගමික දාන, දුර්භීක්ෂ දාන ආදී සුදුසු කල්හි දන් දීම හේතුවෙන් තරුණ වයසේ දී බොහෝ සැප සම්පත් ලැබේ.
▶ ලෝභයකින් තොරව දන්දීම හේතුවෙන් හොඳ ආහාරපාන, යානවාහන, ගේදොර ආදිය පරිභෝජනය කිරිමට සිත් නැමෙනු ඇත. ලැබෙන දෑ පරිභෝග කිරීමට සිත නැමෙනුයේ ලෝභයෙන් තොරව දන් දීම හේතුවෙනි.
▶ තමා ද අන් අය ද වෙහෙසට පත් නො කොට ධාර්මික වස්තුවෙන් දන්දීම හේතුවෙන් මතු ලැබෙන සම්පත් ගින්නෙන්, ජලයෙන්, සොර සතුරන්ගෙන්, අකීකරු දූ දරුවන්ගෙන් විනාශ වී තමාට අහිමි නො වේ. ලැබෙන සම්පත් සුරක්ෂිත වේ කියා ය.

සත්පුරුෂ පින්වතුනි ! තවත් දාන හතරක ආනිසංස ධර්මයෙහි සදහන් වේ.

▶ තමා ගේ ධනයෙන් දන්දෙන අතර අන්‍යයන් ඊට සහභාගී කර නො ගනී. ඒ හේතුවෙන් ඒ අයට මතු භෝග සම්පත් ලැබෙන අතර පරිවාර සම්පත් නො ලැබී යයි.
▶ තම ධනය වියදම් නො කොට බොහෝ පිරිස් එකතු කොට ඒ අයගේ ධනයෙන් දන්දීම හේතුවෙන් මතු ධන සම්පත් නො ලැබෙන අතර පිරිවර සම්පත් ලැබෙනු ඇත.
▶ තමා ද දන් නො දෙන අතර දෙන දානයකට ද සහභාගී නො වීම හේතුවෙන් මතු ධන සම්පත් ද පිරිවර සම්පත් ද යන දෙක ම නො ලැබේ.
▶ තම ධනය ද යොදා අන් අය ද ඊට සහභාගි කරගෙන දෙන දානය හේතුවෙන් මතු ධන සම්පත් ද පිරිවර සම්පත් ද යන දෙකම ලැබෙනු ඇත.
ශ‍්‍රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්තව එකඟ වූ නො විසිරුන සිතින් දෙන පුංචි දෙයක් වුව ද මහත් ඵල වන බව පෙන්වීමට අපදාන පාලියට අනුව පෙන්වා දිය හැකිය.
බොහෝ දෙනෙක් කථා කරනුයේ ජාතියේ නැගිටීම හා පිබිදීම පිලිබදවයි.  එහෙත් අසරණ අපේ ම මිනිසුන් වෙනුවෙන් පුංචි හෝ පරිත්‍යාගයක් කරන්නේ කීයෙන් කී දෙනාද? අපේ මුහුණුපොතේ මිතුරන් සියලු දෙනා එක්වී අද සිදු කර ඇත්තේ මහා පරිත්‍යාගයක්. ඔබ උපයන ධනයෙන් කොටසක් අපේම හිතවතුන් අතු බෙදා දීමට කටයුතු කල ඔබට ම‍ාගේ ප්‍රණාමය.

පින්වත් ඔබ සිදුකලේ මහගු පින්කමක්. මා කෙරේ විශ්වාසයෙන් මට ලබාදුන් සියලු මුදල් කිසිදු සතයක් අපතේ නොයන අයුරින් සංවිධානය කලා. මේ එකුදු සතයක් කිසිදු අපයෝජනයක් සිදු නොකල බවට මම සහතික වෙනව. ඒ වගේම ඉතාම සුදුසු අහිංසක දුප්පත් අය තෝරලයි මේ උපකාරය සිදු කලේ.

පින්වත් සොයුරනි, සොයුරියනි. ඔබ මේ සිදුකල දානමය පුණ්‍ය ක්‍රියාව නිසා අද අසරණ පවුල් කීයක්නම් සතුටින් අවුරුද්දට මුහුණ දෙනව ඇතිද? කුස පිරෙන්න ආහාර ගන්නව ඇතිද?

මෙපින් බලෙන් ඔබ හැදූ වැඩූ පින්වත් දෙමා පියන්ට යහපතක්ම වේවා. ඔවුන් ජීවත්ව සිටීනම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සියලු රෝග පීඩා දුරුවේවා. රෝග, ජරා, මරණ මේ කුණු කයට උරුම දේ උනත් ඉන් දැනෙන පීඩාව අවම වේවා. ඒ අය පරලෝසැපත් වී ඇතිනම් වැරදීමකින් හෝ දුගතියක ඉපිද ඇතිනම් ඉන් මිදී සුගතිගාමී වේවා. සුගතිගාමීව සිටීනම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වේවා. ඔබේ බිරිද / ස්වාමි පුරුෂයා පවා මේ පින් අනුමෝදන්වී යහපතම උදාවේවා. ඔබේ පුංචි දුවා දරැවන්ට මේ පින් ලැබී අද්‍යාපන කටයුතු ආදිය සියල්ල සාර්ථක වේවා. පවුලේ අනෙක් සියල්ලන්ටද මේ පින් ඒකාකාරවම හිමිවේවා. මියගිය ඤාතීන් පින් බලාපොරොත්තු වේනම් ඒ අයත් මේ පින් ලබා සැපවත් ජීවිත ගත කරත්වා.

නිවන් දක්නා ජාති දක්වාම ඔබට කුසගින්න යනු කුමක්දැයිවත් නොදැනේවා. ආහාර අවශ්‍ය වන විට දිව්‍ය බොජුන් පහලවේවා. දිව්‍ය ඕජස් ලැබේවා. ඔබ සිටින ගම රට පවා අතිශය සශ්‍රික වේවා. ගොවිතැන් බත්, හකා බාන, වතුපිටි ආදිය දින දින දියුනු වේවා.  කිසිදු කලක ඔබේ භෝග, වතුපිටි, හරකබාන, වස්තුව, ගින්නෙන්, ජලයෙන්,සුලගින් වැනි ස්වාභාවික උපද්‍රවයන්ගෙන් පමණක් නොව සොර සතුරන්ගෙන් පවා ආරක්ෂා වේවා. ඔබ පය තබන තැනක් පාසා කිරියෙන් පැණියෙන් ඉතිරේවා. කරන කියන හිතන පතන සෑම යහපත් දෙයක්ම ඒ අයුරින්ම ඉටුවේවා. ඔබට අයහපතක් සිදුවන ඔබේ සියලු ප්‍රාර්ථනාවන්ට බාධා ඇතිවී ඔබේ සසර ගමන යහපත් කරගැනීමට හැකිවේවා. සතර වරම්දෙවියන් සතර වයින් ඔබ ආරක්ෂා කරත්වා. නිවන් දකිනා ජාති දක්වා නැහැ බැහැ කියන වචනයවත් අසන්නටවත් නොලැබේවා. ප්‍රඥාව වර්ධනය වේවා. තාර්කික බුද්ධිය ඇතිවේවා. එතුලින් බුදුදමහ මනාව අවබෝධ කර ගන්නටත්, එනිසාම ජාතියත්, ජරාවත්, මරණයත් නැති පරම ශාන්ත නිවන් සුවයෙන්ම සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා …

මෙපින් බලෙන් සසර කතරේ දුක්විදින අනන්ත සත්වයන් නිවන් මගට ගෙන යාම සදහා මා පතන බෝධියෙන් නිවන් සුවයම ලැබේවා …

නව වසර වෙනුවෙන් වියලි ආහාර ප්‍රදානය

නව වසර වෙනුවෙන් වියලි ආහාර ප්‍රදානය

පින්වත් මිතුරන් දෙදෙනෙකුගේ දායකත්වයෙන් හාස්කම් පිරි වසර දහස් ගණනක් ඉපැරණි බෝධියක් කල එළිවූ වගයි …

By All Posts

අද දින ( 2015/04/07 )  ඉතාම වටිනා පින්කමක් සිදු කලා. කැලෑ වැහිල තිබුනු හාස්කම් පිරි වසර දහස් ගණනක් ඉපැරණි බෝධීන් වහන්සේ නමක් ශුද්ධ පවිත්‍ර කරල සුදු වැලි අතුරන්න අපිට පුලුවන් උනා. වංශ කථා වල මෙන්ම ඓතිහාසික මූලාශ්‍ර අනුව දුටුගැමුණු රජුගේ නැගනියකගේ ( ඥාති නැගනියක් විය හැකිය) පුතෙකු වන පුෂ්ප දේව කුමාරයා විසින් මේ ප්‍රදේශය පාලනය කල බව කියවෙනවා. ඔයු විසින් චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක්, මහ රහතුන් වෙනුවෙන් ගල්ලෙන්, වැවක් සාදා එමෙන්ම මේ බෝධීන් වහන්සේ රෝපණය කර තිබෙනවා. පුෂ්ප දේව කුමාරයා පසුව මලියදේව නමනින් පැවිදිව මහ රහතු‍ භාවයට පත්වෙනවා.  ලංකාවේ අවසන් මහ රහතන් වහන්සේ ලෙසින් ප්‍රසිද්ධ වන්නේ මේ මලියදේව මහ රහතන් වහන්සේයි. මෙහි යම් පරස්පර තැන් ඇතත් දැනට අපිට ලැබී ඇත්තේ මේ තොරතුරුයි. ඉතින් මේ බෝධීන් වහන්සේ දුටුගැමුණු රාජ පරම්පරාවේ සිට පැවත‍ගෙන එන්නක්. මහ රහතුන් වහන්සේලාගේ මෙන්ම අප්‍රමාණ බැතිමතුන්ගේද වැදුම් පිදුම් වලට ලක් වූ ‍බෝධියක්. කාලයක් තිස්සේ කිසිවෙකුගේ අවධානයට ලක්නොවී පිලිල හැදී විනාශ වන තත්වයට ඇවිත් තියෙන අතරේයි මට මේ පණිවිඩය ලැබුනේ. ඒ අනුව අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව අපිට මේ බෝධීන් වහන්සේ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ඉදිරිපත් වන්නට පුලුවන් උනා. වැල් වලින් පිරී, මුල ප්‍රදේශය තණකොලවලින් වැසී තිබූ බෝධීන් වහන්සේ අද වනවිට සුදුවැලි වලින් වටවූ නිදහස් බිමක විරාජමානව වැඩ සිටිනව.

 

මේ සදහා මුදල් පරිත්‍යාගයන් සිදුකලේ

රොෂාන් ප්‍රගීත් මහතා  – රු 15,000.00

මාලක එම්. ආරියරත්න මහතා රු 600.00
===========================

එකතුව රු 15,600.00

වියදම්

වැලි ටිපර් එක සදහා රු 8,000.00

දෙදෙනෙකු සදහා ශ්‍රමය සදහා රු 2000.00

——————————————–

එකතුව 10,000.00

ඉතිරිය 15,600 – 10,000 = රු 5600.00

මීට අමතරව එම ස්ථාවයට යාම සදහා ත්‍රි රෝද රථ භාවිතා කල අතර ඒ සදහා ඔවුන් ඉතාම සුලු මුදලක් ගෙන අපිට පූර්ණ සහයෝගයක් ලබා දුන්නා.

බෝධීන් වහන්සේ අසල පොල් අතු වසා ඇති නිවසට තහඩු සෙවිලි කිරීමටත්, වයරින් කිරීම් හා විදුලිය ලබා ගැනීමටත්, විදුලි පහන් කණු සිටවීම සදහාත් බෝධි ආරක්ෂක බැම්ම ඉදිකිරීම සදහාත් ඔබටත් දායක වන්න පුලුවන්.

ඉතින් රොෂාන් සහ මාලක යන මහත්වරුන් සිදුකරගත්තේ අපමණ කුසලයක්.

බෝධීන් වහන්සේ නමක් පිරිසිදු කිරීමේ අනුසස් ලෙස පහත අනුසස් ටික බලන්නකො. බෝධි මළුවක් පිරිසිදු කිරීමෙන් සම්මජ්ජක නම් රහත් මුනිඳුන් ලද විපාක විස්ස මෙසේ උන්වහන්සේගේ ථේරාපදානයේ සඳහන්
1 දුගතියකට නොගොස් දෙවියන් මිනිසුන් අතර පමණක් ඉපදීම
2. සම්පත් ඇති උසස් කුල වල පමණක් ඉපදීම
3. අංගසම්පූර්ණ රූමත් සිරුරක් හිමි වීම
4  ශරීරය රන්වන් පැහැ ඇති වීම
5  ඉතා මෘදු සිනිදු සමක් ලැබීම
6 .ශරීරයේ දූවිලි හා කුණු නොරැඳීම
7  දුගඳ හමන දහඩිය නොගැලීම
8  රෝග නොවැළඳීම
9. කුෂ්ඨ, දද, හොරි, ගඩු, පිළිකා ආදිය නොවැලඳීම
10 .චිත්ත පීඩා ඇති නොවීම
11. සතුරන් ඇති නොවීම
12. භෝගයන්ගේ ආහාරපාන, යාන වාහන අඩුවක් නොවීම
13  සොර, ගිනි, ජල, සතුරු, රාජ බියක් හෝ අනතුරක් නොවීම
14  දැසි දස්සෝද අනුචරයෝද කීකරු වීම
15 .පරමායුශ විඳීමට ලැබීම
16. ගමේ රටේ සියළු දෙනාම තමන්ට කීකරු වීම
17  භෝග සම්පත්, යසස්, ශ්‍රියා ඇතියෙකු වීම, ඥාතීන්ට ප්‍රිය වීම හා කිසි බියක් සැකක් නැතිව විසීමට හැකි වීම
18  දෙවියෝද, අසුරයෝද, ගාන්ධර්වයෝද, යක්ෂයෝද යන යන තැන ආරක්ෂා කිරීම
19  දෙවි මිනිසුන් අතර පමණක් හිඳ නිවනට පැමිණීමට ලැබීම
20  මාර්ගඵල, අධිගම, ධ්‍යාණ ආදිය අධිකව දියුණු කර ගැනීමට ලැබීම

මේ තියෙන්නෙ බොධීන් වහන්සේ ඇමදීමේ අනුසස්. එසේනම් බෝධීන් වහන්සේ නමක් ආරක්ෂා කරගැනීමට සිදුකරන යමකට කොතරම් පිනක් රැස් වෙයි කියල ඔබ හිතනවද?

මේ පින්කම සිදුකල  මාලක මහතාගේත් රොෂාන් මහතාට සහ එතුමාගේ සුදර්ශනී සොහොයුරියට මෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් එසේම  දයාබර බිරිද  සුමේදා. මහත්මියට  මෙලොව උත්පත්තිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඒ අය ජීවත් වන්නේනම් නිදුක් නිරෝගී සුවබර, මෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට  සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, කියන කාරනා අපි හැමෝටම මුහුණ දෙන්න සිදුඋනත් මෙපින් බලෙන් ඒ ඇත්තන්ට අවම පීඩා ඇතිව  ඒවන් දේවල් වලට මුහුණ දෙන්න ලැබේවා.  මිය පරලොව ගොස් ඇත්නම්  වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්, යහපත් තැනක ඉපදී ඇත්නම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.

තෙනුක පුංචි පුතා ඇතුලු පවුලේ සියලු දූ පුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. මෙපින් බලෙන් ප්‍රඥාව මෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රට, ජාතිය, ආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන් වන්නට මෙපින් හේතු වාසනා වේවා.

පින්වත් මාලක මහතාණෙනි, රොෂාන් මහතාණෙනි. මුහුණුපොතේ ලිපියක් පලකල පමණින් ඔබ මාකෙරේ අපමණ විශ්වාසයකින් මෙවන් මහ පින්කමක් සිදුකලේ සැබැවින්ම සසුන කෙරෙහි ඇති අපමණ භක්තිය නිසාමයි. ඔබ සිදුකගේ බෝධියක් ආරක්ෂා කිරීම පමණක් නෙවෙයි. වසර දෙදහස් ගණනක් ඉපැරණි ඉතිහාසයක් යලි මතුකරමින්, දැයට දායාදයක් වූ මහානර්ඝ වස්තුවක් ආරක්ෂා කරගැනීමට කල මහගු සේවයක් මේ. මෙපින් බලෙන් ඔබ කරන සියලු දේ අතිෂයින් සාරථක වේවා. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන මේ සියල්ල ඔබට හිරුරැස් මෙන් ගලා ඒවා. ඔබට ඇති සියලු බාධාවෝ දුරුවේවා. සසර කතර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නට නොලැබේවා. ඔබ මේ බෝධීන් වහන්සේ ආරක්ෂාවට දායක උනා සේම ඔබවත් සසර පුරාවටම සතරවරම් දෙවියන සතර වටින් ආරක්ෂා කරත්වා. යක්ෂ, ප්‍රේත, ඉරි,වැල් පැන්නුම්, දිෂ්ඨි ආදි නොයෙක් දුෂ්ට බලවේග ඔබ දුටුතැන පලායන තරම් මහා ආරක්ෂාවක් ඔබ වටා ජනික වේවා. යන යන තැන කිරි ඉතිරේවා, සැමට ප්‍රිය ජනක වේවයා. කිසිදින හිග නොවන මහා භාණ්ඩාගාර, ධාන්‍යාගාර පහල වේවා. ඒවා අපමණ දන් දෙන්නටම සිත් පහල වේවා. සසර පරාවට අපමණ පින් කරමින් ඔබ පතන බෝධියෙන් නිවන් පුර යන්නට මේ පින හේතුවාසනා වේවා.

මෙවන් පින්කම් සිදුකරමින් සසර සැරිසරන මටත් මෙපින් අනුහසින්  අපමණ සතුන් දුකින් මුදවමින්, අපමණ සතුන්ට නිසි මග පෙන්වා දෙමින්,  සසර කතරින් එතෙර කරවීමට  මා පතන අති උත්තම බෝධියෙන්න් නිවන් දකින්නට හේතුවාසනා වේවා.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා.

පුෂ්පදේව බෝධිය ...

පුෂ්පදේව බෝධිය සංරක්ෂණය …

පින්වත් කළණ මිතුරෙකුගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් බක් පොහොය දින ලොව උතුම්ම දානය සිදුකල වගයි …

By All Posts

( 2015/04/03) දිනය බක් පොහොය දිනයයි. බක් පොහොය  දින අපි ලෝකයේ උතම්ම දානය පූජා කලා. සම්බුද්ධ ශ්‍රී මුඛ පද්මයෙන් සුදේශිත අති පරම පූජණීය ස්වාසූ දහසක් ධර්මස්කන්ධය අද  පොල්ගහවෙල පූජාපිටිය මූලික පිරිවෙන් විහාරස්ථානයට සිදුකලා.  මේ පරිත්‍යාගයට පූර්ණ අනුග්‍රහය ලබාදුන්නේ රොෂාන් ප්‍රගීත් ද අල්විස් මහතා  සහ ඒ පවුලේ සාමාජික සමාජිකාවන් විසින්. මේ සදහා වියදම් වූ මුලු මුදල රු 47,000/- ක්. පොත් වහන්සේලා සදහා රු 40,000/- ක නාමික වටිනාකමක්ද ප්‍රවාහන ගාස්තු ලෙස රු 7,000/- ක් ද වියදම් උනා.

පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.

සබ්බ දානං ධම්ම දානං ජිනාති

ධර්ම දානය හා සමකල හැකි කිසිද්‍දු දානයක් නෑ.

ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.

1 බොහෝ දෙනාට ප්‍රිය වීම (බහුනො ජනස්ස පියො හොති)

  1. සත්පුරුෂ ආශ්‍රය ලැබීම (සප්පුරිසො භජන්ති)
  1. කීර්තිය පැතිරීම (කල්‍යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)
  1. ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)
  1. දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)

Read More